ආඩම්බරී....

ආඩම්බරී....

neha_dd
ප්‍රේමියේ, නුඹ නමින්...

පෙර කොටස


(දහතුන්වන කොටස)


මං කතා කරන්න හදනකොටම කාර් එක ඉස්සරහ හරස් කරේ ජිප් එකක්.........එතැන් සිට........

යන්තම් බ්‍රෙක් ගහගත්ත නිසා කිසි ප්‍රශ්නයක් වුනේ නෑ........

මං බැලුවෙ කෙල්ල දිහා....

"මැඩම් හොදින් නේද........ප්‍රශ්නයක් නෑ නේ......"

"නෑ නෑ සෙනිල්..........මොන පිස්සෙක්ද ඒ......."

පුදුම කේන්තියකින් කාර් එකෙන් බහින්න හැදුවත්.....ඊළඟ තප්පරේ ජිප් එකෙන් බැස්සෙ කොල්ලෙක්..............වේගෙන් අඩිය තිබ්බෙ අපෙ කාර් එක පැත්තට........සාරා ගෙ පැත්තෙ දොර ඇරියෙ වේගෙන්.........

"චූටි බැහැපන් එළියට........"

"දේශ් අයියේ.........ඔයා........."

"ඔව් දේශ් අයියා තමා......."

"අනේ......අතාරින්න........ආව්.........."

කෙල්ලව අතින් ඇදන් එක්ක ගියේ මට හිතන්නවත් නොදී.......

මොකද්ද මේ වෙන්නෙ කියල තේරුම් ගන්න බැරිව මං තාමත් කාර් එක ඇතුලේ.......

ඊළඟ තප්පරේ සාරා ගෙ කම්මුලට පාරක් වැදුනේ අඩි දෙක තුනක් පිටි පස්සට එන්න.......

මට දැණුනේ ඒ පාර මට වැදුනා වගේ........

ඊළඟ මොහොතෙ මම එත හිටියේ සාරා ගෙ අතින් අල්ලගෙන.......

"ඕයි පැත්තකට වෙනවා........කවුද තමුසෙ........ඩ්‍රයිවර් නේ........."

"නෑ මිස්ටර්.........මේ ගමනෙදි සාරා ගෙ භාරකාරයා......."

කෙල්ල මගෙ ටී ශර්ට් එකෙන් අල්ලගෙන මගෙ පිටිපස්සෙ හැංගිලා, පොඩි එකෙක් වගේ........

"තමුසෙ දන්නවද මං කවුද කියල........"

"කවුරු උනත් මට මොකද......මැඩම් කාර් එකට යන්න......"

"චූටි අඩියක්වත් තියන්නෙ නෑ.......නැගපන් ජිප් එකට....."

මැණික.......

උබත් අසරණ වෙලා බලන් ඉන්නවා.....

ඇස් වලින් කදුලු ඔහේ වැටෙනවා....

වෙනද තිබ්බ රතු රෝස තොල් අද වේලිලා භයට, ගැහෙනවා.........තාමත් මගෙ පිටිපස්සෙ හැංගිලා ඉන්නවා.........

"මැඩම් යන්න කාර් එකට............"

උබ තාමත් එක තැන මොකක් කරන්නද කියල හිතා ගන්න බැරුව........

"සාරා මං කිව්වෙ කාර් එකට යන්න කියලා......"

හයියෙන් කියපු පාර උබ ගැස්සිලා ගියා.........හිමින් හිමින් අඩිය තිබ්බෙ කාර් එකට.......

"තමුසෙ දන්නෙ නෑ මං කවුද කියල.........හැප්පෙන්නේ වැරදි කෙනත් එක්ක......."

මම ටී ශර්ට් එකෙන් අල්ලන් හේත්තු කරේ ජිප් එකට.......

"උබ සක්කරගෙ පුතා වුනත් මට කමක් නෑ......ඔය කොයිකවුරුත් එකයි මට............"

අතඇරලා කාර් එකට ඇවිත් නැග්ගෙ පුදුම තරහකින්........

කිසිම කතාවක් සාරා එක්ක කරේ නෑ.....

මට ආවෙ උබ ගැන තරහක්........මට බනින උබ ඇයි ඌ ඉස්සරහ ගල් වුනේ කියල.........

ඇයි උබ භය වුනේ.......

කවුද ඌ..........අහ්හ්...........

ප්‍රශ්න වැලක් මගෙ ඔලුවෙ එහාට මෙහාට.......

ඇස් කොනින් බැලුවෙ උබ දිහා........

ග්ලාස් එකෙන් එළිය බලන් කල්පනා කරනවා.

රෝස කම්මුල් දිගේ කදුලු කැට බේරෙනවා.

මගෙ පපුව පිච්චිලා ගියා වගේ.

ඒ කදුලු පිහ දාන්න පුලුවන්ද නම්,

තාමත් මට අයිතියක් නෑ ඒ කදුලු පිහ දාන්න.

උබේ දුක බෙදා ගන්න.

අයිතියක් නැතන් මං දැන් උබ එක්ක බැදිලා ඉවරයි

හැම හීනයකම ඉන්නෙ උබ.......

ඇස් පියා ගත්තහම මැවෙන්නෙ උබව

ඒත්..........

අපි අහසයි පොලොවයි වගෙ......

කවදාවත් එක්වෙන්නෙ නැති පද වැලක්.......

හැමදේම අමතක වෙන්න මම දැම්මෙ රේඩියෝ එක......

මගෙ සීන හීන තරු කැකුලී මා ළගින් ඉදන්

තරු නීල ආකහෙන් එබී පේවෙලා බලන්

ඔය නීල නෙතූ පියන් වසා කෝල වූ මුවින්

මේ ඒ නිමේෂයේ ආදරේ කියන්.......

දගකාර යෞවනි නෙතු කෝල නංවමි

මතුදාක ලංවෙමි ලංවෙමි ලංවෙමි

රතු රෝස කම්බුලින් හසරැල් ගගුල් සැලි

නොනිදා සිතුම් හිදී ඒ ඈ.....

මට දෙන්න ඒ හැගුම් නොකරන්න හද රිදිම්

කිසිදාක වෙන්නොවී වෙන්නොවී වෙන්නොවී

සොදුරුයි ඒ වදන් නුහුරුයි ඒ සිතුම්

මිහිරි හැගුම් විදී ඒ ඈ.....



*********








"ඒ බන් අර ඉන්න එකා කවුද....."

"කවුද කෙහෙද........."

"ටිවි එකේ හු#........ඇමතිගෙ එහා පැත්තෙ ඉන්න එකා."

"අහ්හ්.........ඌ ද..........ඒ ඇමතිගෙ එකම පුතණ්ඩියා නේ........."

"අඩෝ නවෝ එදා නුවරඑළිය ගිහින් එන ගමනේ මං කිව්වෙ උබට........පිස්සෙක් ඇවිත් පාරෙ මැද පාට් එක දැම්මා කියල.........ඒ මූ බන්......."

"අඩෝ උබ මේ සිරා ද කියන්නෙ........මරු උබත් දාන් තියෙන්නෙ නියම බාල්දියක්......."

"මන් ඒ එකක් දන්නෙ නෑ නේ........"

"හරි හරි උබ ගැහුවෙ නෑ නේ........ගැහුවෙ නෑ නේ........අඩෝ සෙනිල් කියපන් හු# තෝ ගැහුවෙ නෑ නේ......"

"නෑ යකෝ ගැහුවෙ නෑ........."

"හ්ම්ම්....."

"පොඩ්ඩක් ටී ශර්ට් එකෙන් ඇල්ලුවා විතරයි......"

"මොකද්ද යකෝ........ඌ ඇමතිගෙ පුතා, ඌ එක්ක උබට හැරෙන්නවත් බෑ.........ඔය දාන් තියෙන්නෙ ඉදල ඉදල බාල්දියක්........."

"කෑගහන්න එපා නවෝ........උබ කියන්නෙ අර අසරණී ඇදන් යනකන් බලන් ඉන්න කියල ද......."

"ඒකි ඇදන් ගියත් වඩන් ගියත් උබට ඇති රුදාව මොකද්ද..........ඒ එකි බදින්න ඉන්න එකා වෙන්න ඇති.........උබ මොකද මේ අනුන්ගෙ පව්ල් වලට අත දාන්නේ........"

"දාන්නෙ ද.........ඒකිට ආදරේ නිසා......."

"ඔහොම හිටපන්......සෙනිල්........"

තවත් කිසිදෙයක් නොකිය කාමරේට ඇවිත් දොර වහගත්තා.......

ඇත්තටම උබ මට අයිති නැද්ද........

ඇත්තටම උබ වෙන කෙනෙක්ගෙද.......

මම පරක්කු ද.........

ඔය හිතේ මට ඉඩක් ඇත්තෙම නැද්ද.......


~මතුසම්බන්ධයි~


✍️නේහා.

🚫 කතෘ අයිතිය සුරකින්න🚫


අන්තිම කොටස් ටික යන්නෙ ළමයි.

කියවන හැමෝම පුලුවන්නම් කමෙන්ට් කරන්න, ලෝභ නැතුව........☺️🌼<3


Report Page