ආඩම්බරී....

ආඩම්බරී....

Neha D.
ප්‍රේමියේ, නුඹ නමින්...

පෙර කොටස


(දොළොස්වන කොටස)



දැක්ක දේ නිසා මගෙ හදවත වේගෙන් ගැහුන....

දෙයියනේ.......

කෙල්ල ලගට ගිහින් උස්ස ගන්න අතරෙ මං කතා කරේ පියදාසට.

"පියදාස.........පියදාස........කොහෙද මනුස්සයෝ."

"ඇයි මහත්තයා.........දෙයියනේ බේබී........අනේ බේබි........"

ම‍ං වගේම ඒ වයසක මනුස්සයත් බය වුනා හොදට.

"ක්ලාන්තක් පියදාස........වතුර එකක් ගේන්න ඉක්මනට......."

මගෙ පපුවට හේත්තු කරගෙන මූණුට වතුර ඉස්සෙ හරි පරිස්සමට.......

ටික වෙලාවකින් සිහිය ආවා.

දැනුයි මගෙ ඇගටත් ලේ ටිකක් ඉනුවේ.....

"මැඩම් දැන් කොහොමද......"

කතා කරන්නවත් පනක් තිබ්බෙ නෑ.....

යමු මැඩම් බෙහෙත් ටිකක් ගන්න.....

"නෑ........"

ඒ ටිකත් කිව්වෙ බොහොම අමාරුවෙන්.

"මැඩම්ට හරියට කතා කරන්නවත් පනක් නෑ.......පියදාස මගෙ කාමරේ කාර් එකේ යතුර තියේ ගේන්න........."

වෙලව රෑ 10.50

බොහොම අමාරුවෙන් කෙල්ලව කාර් එකට දා ගත්තෙ පියදාසගෙත් උදව් අරගෙන.......

ළගම තිබ්බෙ ප්‍රයිවට් හොස්පිටල් එකට කෙල්ලව එක්ක ආවේ.....

*****

"ඒක පොඩි පෙයින් එකක්.........ඩෝන්ට් වොරි මිස්ටර්...........සමහර විට ක්ලයිමේට් එක නිසා වෙන්න ඇති......සේලයින් එක ඉවර වුනාම යන්න පුලුවන්........"

"හරි ඩොක්ටර්....."

"මේ බෙහෙත් ටික ෆාමසි යෙන් ගන්න......සතියක් දෙන්න......."

"හරි.......තැන්කියු ඩොක්ටර්........"

පුටුවෙන් නැගිටින ගමන් කිව්වෙ රිසිට් එක අතට අරගන ගමන්.

****

හොස්පිටල් එකෙන් ඉස්සරහ ෆාමසියෙන් බෙහෙත් ටිකත් අරන් ආවෙ කෙල්ල ඉන්න රූම් එකට.

මං එනකොටත් හොදටම නිදි.

ඇද ළග පුටුවෙන් වාඩි වෙලා බලන් හිටියෙ ඇහැරෙනකන්........

නිදන් ඉන්න කොට කොච්චර අහිංසකද.....??

නැගිට්ට ගමන් දැන් මට බනීවි ඇයි එක්ක ආවෙ කියලා....

පුටුවෙන් නැගිටලා ලං වුනේ උබ ලගට.......

ඒ ආඩම්බර ඇස් වල මොකද්දෝ ලස්සන කතාවක්.......

හැගීම් අවුස්සන පුලුවන් දගකාර බැල්මක්......

කොච්චර නපුරු වුනත් අහිංසකකමක්.......

ඇත්තටම භාවනාවක් වගේ......

ඉස්සර වෙලා හිතුවෙ මේ හැගීම් නිකන් කියලා

ඒත් දැන්.......හ්ම්ම්.......දැන් උබ ගැන ආදරයක් ඇති වෙලා මට හොරාටම......

ඒත්.......

පුලුවන් වෙයිද අයිති කරගන්න......

පසුතැවිමක් විතරක් අන්තිමට ඉතුරු වුනොත්.....

ඒ ගැන හිතෙනකොටත් උබට ලං වෙන්න භයක් එන්නෙ මට.....

ටික වෙලාවකින් මටත් නොදැනීම නින්ද ගියේ මහන්සිය නිසා .......

*******************

ගැස්සිලා ඇහැරුනෙ කවුරු හරි මූණ දිහා බලන් ඉන්නවා වගේ දැණුන නිසා.

ඔව් මං හරි ආඩම්බරී........😏

මගෙ මූණට එබිලා බලන් ඉන්නවා.

මං ඇහැරුන පාර කෙල්ල ඉක්මනට මූණ අහකට ගත්තා.

මං හිට ගත්තේ කතා කරන ගමන්....

"මැඩම් දැන් කොහොමද......."

"කවුද කිව්වෙ මාව හොස්ටල් එක්ක එන්න කියල"

"සොරි මැඩම්, ඊයෙ මැඩම් ට කතා කරන්න වත් පනක් තිබ්බෙ නෑ ඉතින් බය වුනා මැඩම්......."

කතාව නතර වුනේ රූම් එකේ දොර ඇරුන නිසා.

මාත් හැරුනේ ඒ පැත්තට.........

"දැන් කොහොමද ඔයාට."

"දැන් හොදයි මිසි."

"ඉන්න මං සේලයින් එක ගලවන්න.............අහ්හ් හරි..........යන්න පුලුවන් ඔයාලට..........

සර් ඔයා ගිහින් බිල් එක පේ කරන්න........"

මගෙ ළග සල්ලි වලින් මං ගෙවලා ඇරුනේ රූම් එකට යන්න.

කෙල්ල බොහොම අමාරුවෙන් බිත්තිය අල්ලගෙන එනවා මං ඉන්න පැත්තට.......

හිනාවක් ආවෙ මට......

පව් කියලත් හිතුනා......

මං යන්තම් හිනාවෙනවා දැකලද කොහෙද........

එරෙව්වා එරවිල්ලක්......

කොච්වර වුනත් උබෙ ආඩම්බරකම අඩුවෙන්න නෑ.......

මාත් ආදරේ ඒ ආහංකාරකමට.........

ම‍ං ඉක්මනට ගිහින් හිට ගත්තෙ කෙල්ල ලගින්...

මොකෝ අතින් අල්ලන් එක්ක යන්නද........😏😌

බෑ නේ.........කෑගහාවි හොස්පිටල් එකම දෙදෙරන්න.......😨

ඒත්........

හිතන්නවත් බැරි වේගෙන්......

කෙල්ල අත තිබ්බෙ මගෙ උරහිසින්.......

මං ගල් වුනේ, මොකද්ද වුනේ කියල හිතා ගන්න බැරුව........

ටික වෙලාවක් බලන් හිටියෙ ඒ ඇස් දිහා.....

ගානක් වත් නැතුව ඉස්සරහට අඩිය තියනවා......

මාත් හිමින් හිමින් නැමිලා අඩිය තිව්වෙ උබ අත ගනී කියල බයට.......

*****

හොස්පිටල් එකෙන් පිටත් වුනේ බංලාවට එන්න...

ඒත් යන්න වුනේ ටික දුරයි......

කෙල්ල මහ හයියෙන් කෑ ගැහුව පාර එතනම බ්‍රේක් කරා.

"මට බඩගිනියි...........තේ එක්ක උරුදු වඩේ ඕන......"

පොඩි එකෙක් වගේ ඇස් බෝල කරකව කරකව අත දික් කරේ ඈත කඩයකට.....

මටත් ආවෙ පුංචි හිනාවක්....

ඊයෙ හිටපු නපුරු කෙල්ලමද කියල......

"ඉන්න මැඩම් මං අරන් එන්නම්......"


"ඇයි මගෙ කකුල් වැඩ තාම.......මාත් එන්නම්"

කට.........ඒක අඩු වෙලා නෑ.......☺️

බංකුව උඩ වාඩි වුනේ තේ දෙකත් අරගෙන.......

ඇගේ හිරිගඩු පිපෙන මහ ප්‍රපාතයක් යට........

මොනවා උනත් ලස්සන පැත්තක්......

තේ එක කෙල්ල අරගත්තේ හරියට අවුරුද්ද ගානකින් කාලා නෑ වගේ......

මගෙ තේ එක ගැන සිහියක් නොකර මං බලන් හිටියෙ කෙල්ල බොන දිහා......

"බොන්නෙ නැද්ද........" කෙල්ල අහපු පාර ගැස්සිලා ගියා.

තේ එකත් අදුමෙ හැලුනෙ රත් වෙන්න......

උබ අත වහන් හිනා වෙනවා.......කොච්චර දවසක් බලන් හිටියද ඔය හිනාව දකින්න.....


ටික වෙලාවක් අපි අතර පැතිරුණේ නිහැඩියාවක්....

සෙනිල් අහපන්.......

නෑ නෑ කලබල වෙන්න එපා......

ආදරේ කියන්න දැම්ම වේලාසන වැඩී ප්‍රෙන්ස්.....😌

එච්චර ඉක්මන් නෑ මම.....😏

මට ඕන වුනේ කෙල්ල හිටිය ප්‍රශ්නෙ දැන ගන්න....

පුලුවන් නම් හිත හදන්න.

පුරුශ ශක්තිය අරන් අහන්න හැදුවේ මොනවා උනත් මොකද කියල හිතලා.......

"මැඩම් ඉන්නෙ මොකක් හරි ප්‍රශ්නයකද......

නෑ මැඩම් අකමැති නම් කියන්න එපා.......ඒත් හිතේ තියන ප්‍රශ්නෙ කාට හරි කිව්වහම හිත නිදහස් වෙනවා....."

කියල දාලා මන් බලා ගත්තෙ බිම......

ඇස් කොනකින් බැලුවෙ උබ දිහා.......බලන් ඉන්නවා මගෙ දිහා හරි ලස්සනට........

දිග හුස්මක් අරන් කියන්න පටන් ගත්තා.

"මං පොඩිකාලෙමයි මගෙ අම්මා නැති වුනේ, ...... මට අවුරුදු 13 දී, අම්මගෙ ආදරේ ඕනම කාලෙදි......තාත්තා හැමවෙලාවෙම උත්සහ කරා අම්මා ගෙ අඩුව පුරවන්න.......ඒත් තාත්තගෙ බිස්නස් එක්ක එයාට මට වෙන් කරන්න කාලයක් තිබ්බෙ නෑ.......ඉතින් නැන්දා මාව ලන්ඩන් වලට ගත්තා හදාගන්න........අමාරුවෙන් උනත් මං ඒ පරිසරයට හැඩගැහුනා......තාත්තා මට හැමතිස්සෙම කෝල් කරා හොයල බැලුවා.......

අවුරුදු 5 කට පස්සෙ මං ලංකාවට එනකොට හැමදේම වෙනස් වෙලා.....මටවත් නොකිය තාත්තා මැරි කරලා සෙනිල්........මට ඒක දරා ගන්න බැරි වුනා....තාමත් මට විශ්වාස කරන්න බෑ ඒක........මං හිතුවෙ තාත්තා ගෙ හිතේ තවමත් ඉන්නෙ මගෙ අම්මට විතරයි කියල.....ඒත්......."

ඇස් වලින් කදුලු ඔහේ වැටෙනවා.

උබ අඩනකොට මගෙ පපුව පිච්චෙනවා බන්.

උබේ කදුලු පිහදාන්න තවමත් මට අයිතියක් නෑ.

ඒත් මගෙ අත නොදැනුවත්වම ගියේ උබෙ ඔලුවට.

"තාත්තලා තමන්ගෙ ළමයිට හැමදාමත් ආදරේ මැඩම්.......ඒත් ඒ ආදරේ තේරුම් ගන්න ටික කාලයක් යනවා.......තාත්තා එක්ක කතා කරන්න, දුව විදිහට නෙවෙයි......යාලුවෙක් විදිහට........සමහරවිට එයාටත් ඇති ඔයාට කියන්න කතාවක්....."

ඇස් වල කදුලු පිගදාගෙන මගෙ හිදා බලනවා.

"ඔව්.......මං කතා කරන්න ඕන.....

ඔයා හරි සෙනිල් පුදුම නිදහසක් දැන් දැනෙන්නේ"

"ඒකනෙ මැඩම් මම කිව්වෙ"

"තැන්කියු මේ පිස්සිගෙ කතාව අහන් හිටියට."

"අයියෝ ඕකට මොකටද මැඩම් ස්තූති කරන්නෙ."

"මට සාරා කියන්න.........ඇත්තටම මගෙ නම සාරන්‍යා.....ඒත් යාලුවෝ ගෙදෙර අය කියන්නෙ සාරා කියල......"

"ඒකට නම් ටික කාලයක් යයි පුරුදු වෙන්න...."

"කමක් නෑ මම බලන් ඉන්නම්.........කුමාරිකාව ඒකෙ තේරුම........."

ඇස් දෙක ලොකු කරන් ආඩම්බරෙන් කියනවා.

ඇත්තටම ඒ නම උබටමයි ගැලපෙන්නේ........

අපි හුගක් වෙලා කතා කරා.

ජිවිතේ ගැන, අපි ගැන.......

ඒ හැම වචනයක් ගානෙ තිබ්බෙ ආගන්තුකකමක් නෙවෙයි, හුරුබවක්........බැදීමක්........

මීදුම මුලු පළාතම වහගෙන, හරියට මේ ලස්සන හංගන්න උත්සහ කරනවා වගේ.....

මීදුම අතරින් මං හෙව්වෙ ඒ ඇස්......

ඕන වුනේ තවත් උබට ළං වෙන්න....

ඇස් බෝල කරකව කරකව කියන ඔය කතා අහන්න......

ඒ හවස පුදුම හිදිහට අපෙ හිත් වලට කතා කරා.

එතනින් එන්නත් ආවෙ ලෝභ කමක්....

**********

කාලය ගෙවිලා ගියේ හරි ලස්සනට.....

නොදැනුවත්වම අපිව ළං කරමින්......

අන්තිමට ආවෙ කොළඹ යන දවස.....

නුවරඑළිය දලා යන්න නම් ආවෙ ලෝභකමක්.....

ඒ තරමට මේ පරිසරෙත් එක්ක බැදිලා......අපි.......

*******

නුවරඑළියට සමුදීලා එන්න පිටත් වුනත්, කෙල්ලගෙයි මගෙයි අතර කිසි කතාවක් තිබ්බෙ නෑ......

මං කතා කරන්න හදනකොටම කාර් එක ඉස්සරහ හරස් කරේ ජිප් එකක්.........


~මතුසම්බන්ධයි~

✍️නේහා.

🚫 කතෘ අයිතිය සුරකින්න🚫


අන්තිම කොටස් ටික යන්නෙ ළමයි.

කියවන හැමෝම පුලුවන්නම් කමෙන්ට් කරන්න, ලෝභ නැතුව........☺️🌼<3

Report Page