....අහම්බයකි නුඹ නම්....

....අහම්බයකි නුඹ නම්....

Senadhi ♥️

★ 1 Episode 👇

https://telegra.ph/%E0%B6%85%E0%B7%84%E0%B6%B8%E0%B6%B6%E0%B6%BA%E0%B6%9A-%E0%B6%B1%E0%B6%B9-%E0%B6%B1%E0%B6%B8-11-07


..හරි අහම්බෙන් වගේ හමුවුණේ දඟ කරනා ඇස් දෙක මට ඔබේ හිත වසඟ කළා පෙම් හීනයේ හැඩකාරියේ..


★ 2 Episode



"හෙලෝ...තිදස්"



"හා...මහියෝ කියපන්"



"උඹ....වැඩකද ඉන්නේ"



"ම්ම්ම්....නෑ බන් ඇයි"



"නෑ....පොඩ්ඩක් කැම්පස් එකට වරෙන්නකෝ..."



"කොහේ...."



"යකෝ කැම්පස්...law college එකට....උඹලැයි නංගිලයි එකට"



"හහ්....හරි මචෝ එන්නම්"



"වරෙන්...අමතක නොකර කැම් එක අරන් වරෙන්..."



"ශූට් එකක් වත් තියද බන්"



"උඹ වරෙන්කෝ....ආව ම කියන්නම්"




--------------------------------------------------------------------




"ඒ...මේ මොකද බන් මේ"



"ඔය මොකෙක්ගෙන් හරි අහපන් බන්.....ඇයි කියලා....කවුද දන්නේ අපේ ලෙක්චරයගේ හොර මොකක් හරි අහු වෙලාද කියලා"



"මේ...තුහී මොනාද බන් උඹ ඔය කියවන්නේ.....කාටවහන් ඉදහන්කෝ මන් හොයාගන්න කන්"



"කතාව ඇත්ත ඉතිම්....මේ දවස් වල අසම්මත පෙම් හුටපට වැඩී නෙහ්"



"හරි ඉතිම් ඒව කැම්පස් එකට අදාළ නෑ නේ"



"මේකේ කෙල්ලෙක් වුණොත්"



"උඹට පිස්සුද බන්.....අර වගේ නාකි රිලවෙක් එක්ක යාළු වෙන්න"



"හූම්...හූම් ඒකත් ඇත්තනේ...."



"ඒ........මේ"



"ඒ....ඇත්තට බන්....මොකද බන් මේ කැමරාත් උස්සන්....සිහී මන් මේ නිකන් අහන්නේ"



"මොකක්ද"



"උඹ......ඊයේ රෑ ලයිව් ශෝ එකක්වත් පෙන්නුවද"



"මොකක්"



"ලයිව් ශෝ එකක්"



"බොට පිස්සුද ගෑනියේ......උඹ උදේ පාන්දර අමුවෙන් හාල් කෑවද"



"කියන්න බෑ ඉතිම් මගේ මේස් දෙක තරම් වත් මට උඹව ශුවර් නෑ.....

ආ....උඹ ඇහුව නේ අමුවෙන් හාල් කෑවද කියලා.....අමුවෙන් තියා ඉදිලා කන්නත් මට කන්න දුන්නද...පරක්කුයි කියලා මාව ඇදන් ආවා මිසක්....දැන් බලහන් ඇති ලෙක්චරුත් නෑ.....මට කන්නත් නෑ"



"හරි හරි....හාපෝ....කන බනේ මයි උඹේ....ඉදපන් කන්න දෙන්නම්....



"ඒ තුහී......."



"ඒ......පාර මොකෝ"



"උඹලයි අයියා අද කැම්පස් එකට එනවා කිව්වද"



"හැහ්.....අපේ අයියා"



"නැතුව මගේ ය"



"උඹේ නම් තමයි කොහොමත්....හිහ්...නෑණන්ඩි නෙහ්"



තුහී ඒක කිව්වේ නෑ හිතුවා විතරයි.....



ඔව්...ඔව් අපේ තුහීගේ අයියා ඉන්නේ තිදස්....ආන් එයා මේ මේ පොඩ්ඩක් සිහීට ටිලිං ටිලිං නෙහ්.....ඒකයි....ඔය උදේ පාන්දර මහී කතා කරා ම පැනගෙන ආවේ ඕක නිසා තමයි....



"හා මචන්....අපේ අයියා නම් තමයි...මහී අයියත් ඉන්නවා......ඒ බන් උඹලයි අම්මලත් ඉන්නවා නේ"



"ඒ....එකනේ බන්....මට හැබැයි කිව්වෙත් නෑ"



"මොකක්ද"



"අද එයාලා කැම්පස් එකට එනවා කියලා"



"හහ්...ඒ බන්.....මන් මේ සිරා අහන්නේ.....උඹ ඊයේ රෑ ගෙදර හිටියේ නැද්ද"



"ඒ....මොකද බන්.....ඒ වගේ හතර බීරි කතාවක් ඇහුවේ.."



"නෑ.....උඹ දන්නවද....ඉස්කෝලේ යනකොට ඔහොම අම්මලා තාත්තලා ඉස්කෝලේ ට එන්නේ ඔය ලව් සීන් හරි නැත්නම් වෙන වැරද්දකට හරි වුණා ම නේ"



"ඉතින් ඒකෙයි....මේකෙයි ඇති සමබන්ධය මොකක්ද අනිත් එක මේක ඉස්කෝලයක් යැ"



"සම්බන්ධෙ ද....නෑ....බන් මේ අපේ අයියත් ඊයේ රෑ ගෙදර හිටියේ නෑ....

ඒකයි ඇහුවේ.....ඉස්කෝලයක් වුණත් කැම්පස් වුණත් මොකෝ"



"තුහී....මේ මට කියලා කන පලවගන්න එපා උඹ.....උඹේ අයියා ගෙදර හිටියේ.....නැති එකට මන් මොනවා කරන්නද......අනික මන් ඊයේ ගෙදර හිටියේ එන්න එපා මෙතන අරවා මේවා කියන් එන්න එපා හරිද..."



"හරි.....හරි හපෝ..."



"මන් හිතන්නේ මේ මොකක් හරි ෆිල්ම් එකක වැඩක්.....ඊයේ රෑ අම්මා කියනවත් ඇහුණා..."



"මොකක්ද"



"හරියට ම දන්නේ නෑ.....කිව්වේ නම් අලුත් එකක් ගැන......සමරවිට එක්කෝ ශූට් එකකට නැත්නම් කැරැක්ටර් කෙනෙක් සිලෙක්ට් කරන්න වෙන්න ඇති"



"හාම්.....අපි ගිහින් බලමු"




--------------------------------------------------------------------




"කෝච් සර්......"



"ආ....ශිහාන් කියන්න"



හෝව්....ශිහාන් කියන්නේ අපේ Cricket Team එකේ Captain....මේක මගේ Team එකක් නෙහ්...ඉතිම් කට්ටිය වෙනස් හොඳේ......



"නෑ...සර්...අපි දැනටමත් රෙඩි....ඉතිම් අද කට්ටිය කලින් යවමුද කියලා බැලුවේ...."



"ආදි මොකද කියන්නේ"



"එයාට තමයි වැඩියත් ම ඕන"



"බලමු කෝ"




--------------------------------------------------------------------




"අන්කල්....අපි ඉස්සෙල්ලම කැරැක්ටර්ස්ලට ගැළපෙයි කියලා හිතෙන අයව මුලින් ම ඉන්ටර්විව් ගමු...."



"අහ්...ඒක හොඳයි තිදස් පුතා...අන්න නංගිලත් මේ පැත්තට එනවා"



"අපි එනවා කියලා දන්නවද....සිහීලා එහෙම"



"නෑ....පුතා මන් කියන්න ගියේ නෑ"




--------------------------------------------------------------------




"මිගාර බදාදට ඉන්දීය ටීම් එකත් එක්ක අපේ එවුන්ගේ මැච් එකක් තියෙනවා"



"ඕ...එහෙමද.....ශික්...මන් ඕක කලින් දන්නේ නෑ...."



"මන් දන්නේ නෑ උඹේ අතට ගාණක් ආවොත් මට බාගයක් ඕන"



"හ්ම්...බලමු...අර ආදි කාරයා එක්ක තමයි මේව බැරි"



"ඌව ක්ලෝස් කරන්න බලපන්...හහ්...ඔච්චර බලතල තියෙන එකේ ඕක බැරි ද"




--------------------------------------------------------------------




"තාත්තේ.....ඔයාලා අද මට එනවා කියලවත් කිව්වේ නෑ නේ...."



"අහ්....ඔව් නේ නංගියා...ඔයාට කියන්න අමතක වෙලා"



"ඒ....මේ.....මේ දැන් ඔයාද සිහීගේ තාත්තා නැත්නම් මේ අන්කල් ද"



"හරි....බන්...හපෝ...මන් කිව්ව ම මොකො...ඉතින්...චූටි කට වහන් ඉන්නෝ..."



"හාම්....හාම්"



"හරි.....මේ ඔය අයියා නගාලා ගේ වලිය ඉවර නම් අපි ආපු වැඩේ කරමුද"



"ඒක තමයි මහී පුතේ මාත් මේ කියන්න හැදුවේ....කොහෙද ඉතින් කෙහෙවලු පටලව ගන්නවා නේ"



"දැන් ඔයාලා මොකක්ද කරන්න හදන්නේ"



"මෙහෙමයි දූ....අපේ අලුත් ෆිල්ම් එකේ මේන් කැරැක්ටර්ලා දෙන්නව තෝරගන්න ඕන....ඒකට හරි යන්නේ මේ ඉන්ඩ්‍රස්ටි එකට නිව් ඉමේජ් එකක්...ඒකයි අපි කැම්පස් එකේ බැලුවේ....."



"එහෙමද....එතකොට ඉන්ටර්විව් එකක් මේ"



"ඔව් නංගි අපි හොඳ ම දෙන්නව සිලෙක්ට් කර ගන්නවා"



"හුම්...එහෙනම් ඔයාලා වැඩේ කරගන්නකෝ...උදෙට කෑවෙත් නෑ...අපි එහෙනම් කාලා එන්නම්"



"හරි දූ"




--------------------------------------------------------------------




"කෝච් සර්.....කට්ටිය අවුලක් නෑ....හැමෝම රෙඩි"



"ගුඩ්...ශිහාන්.....සමහර විට මේ මැච් එකෙන් පස්සේ මාසයක් විතර යනකන් මැච් නැති වෙයි....ඒ නිසා මේක මිනිස්සුන්ට හොඳට මතක හිටින්න ප්ලේ කරන්න ඕන"



"හරි.....කෝච් සර්....මේ.....දැන් ඉන්දිය ටීම් ලීඩර් මහේද්‍රන් නේද...."



"ඔව්....කලින් හිටිය කෙනාගේ පොඩි අවුලක් ගිහින් තමයි එයාව දාලා තියෙන්නේ"



"හ්ම්....සර් අද අපි කට්ටිය ලන්ච් එකෙන් පස්සේ ගෙදර ම යන්නම්"



"ඔව්....දැන් ආයේ කරන්න කියලා දේකුත් නෑ....ඒක නිසා කමක් නෑ....



ඒක නෙවෙයි මන් කියන්න කියලා හිටියේ....."



"මොකක්ද.....කෝච් සර්"



"මේ....අර ඇමති කාරයා මොන වගේ ගේමක් අදියි ද දන්නේ නෑ....මතකයිනේ කලින්වතා වලදිත්"



"බලමු...සර්...මට සීයට දෙසියක් ශුවර්...අපි මේ මැච් එක වින් කරනවා"



"ඌට පුළුවන් ඉතිම් සල්ලි දීලා මාටිය ගහන්න නේ..."



"ඒක තමයි පුතලා මටත් බය.....මැච් එක බලන අයගෙන් බහුතරයක් ම ඕවා දන්නේ නෑ නේ...අන්තිමට නරක නාම අහගන්න ඕනෙත් අපි"



"බලමු.....කොහොමත් ඔය මිගාර කාරයට වැඩි දවසක් නටන්න දෙන්නත් බෑ"



"පුතා ඕව කරන්න ගිහින් නිකන් රිස්ක් එකක් ගන්න එපා....."



"බලමු කෝ සර්....මතකයි නේ අපිව සිලෙක්ට් කරන දවසේ වුණ එක.....අර මිනූද් එක්ක ගිය වලිය"



"හහ්....අපිට මතකයි බන්.....මේ ඒක නෙවෙයි යමු කන්න...."



"සර්...අපි එහෙනම් යන්නම්"



"හරි පුතාලා....කට්ටය බදාදට මීට් වෙමු"




--------------------------------------------------------------------




"ඒ.....මේහ් සිහී....."



"ඕ...කියහන්"



"දවල්ටත් එක්ක ම කමුද"



"මොකැ"



"හයියෝ....තව රයිස් එකක් ගෙනින්"



"ඔය බඩේ තව කවුරු හරි ජීවත් වෙනවයැ"



"හැව්.....ඉන්නවා....ළමයෙක්...අහපන් දැන් තාත්තා කවුද කියලා...අනේ....වැස්සියේ...ගෙදර ගියා කියලා කන්න වෙන්නේ 3ට විතර තාම අම්මලා ආවෙත් නැහ් නේ....ඒ නිසා කමු...බලහන් දැන් වෙලාවත් 12යි"



"හාපෝ හරි කමු...කෝමත් අද චිලිපේස්ට් එක රසයි....ම්ම්ම්ම්"



"හුම්...ඒකනේ සුද්දී...මන් කියන්නේ"




--------------------------------------------------------------------




"ඩැඩී...මන් යනවා......"



"හා....ශෙරී මන් රෑ වෙලා එන්නම්"



"ඕකේ....ඩැඩී බායි"




--------------------------------------------------------------------




"මිස්ටර් උපුල් චන්ද්‍රසේන.....මොකද කියන්නේ මේකට"



"අනීෂා...පීල්ස් මේ වගේ යෝජනා අරන් එන්න එපා..මට ඔයා කියන ගණන් වලට ඩ්‍රෙස් දෙන්න බෑ....අනික ඔයාගේ අර නල්ල මලේ දුවට"



"හහ්.....එහෙමද එහෙනම්.....හරි බලමු.....තමුන් දන්නේ නෑ මේ අනිෂා කවුද කියලා"



(ඔයලා දන්නෝ නේ අනීෂා කියන්නේ කවුද කියලා.....හ්ම් හ්ම්....ශෙරීගෙ මමී)



"තමුසෙගේ ලැජ්ජ නැති දේවල් වලට මට සප්ලයි කරන්න බෑ.....ප්ලීස් ගෝ අවුට්"



අනිෂා , උපුල් නම් ලංකාවේ දැවැන්න විදේශිය නිමි ඇඳුම් ආනයන කරුවා ඉදිරියේ සිදු වූ අපහසුතාවට පත් වු ඇය කාර්යාලයෙන් පිට වූයේ මහත් කෝපයකිනි.




--------------------------------------------------------------------




"ආන්.....කස්ටිය එනවා....වරෙන්....සිහි අපි යමු"



"හා....යන්"



"කොහොමද තාත්තා කර වැඩේ"



"වැඩක් නෑ නංගි.....අපේ ඩිරෙක්ටර් සර්ටයි මිස්ටයි ෆිට් වෙන කිසි කෙනෙක්...ම්හු.....නෑ"



"එහෙමද"



"ඔව්...දූ....."



"නෑ.....රන්දි ඉන්නවා"



රන්දි කියන්නේ සිහීගේ අම්මා...රන්දි සෙනරත්. එතකොට සිහීගේ තාත්තා තුෂාර සෙනරත්.



"කවුද...තුෂාර"



"තිදස් පුතා....මන් හිතන්නේ මේන් ගර්ල්ගේ කැරැක්ටර් එකට අපි තුහී ව ගමුද"



"මො.....මොකක්"



"මොකක්ද තමුන්....ඒ කළේ...චුටි"



හිකිස්.....සිහීගේ තාත්තා ඒක කියන වෙලාවේ තුහීගේ අතේ තිබුණ වතුර එක තිදස් ගේ ඇඟේ හැලුනා.



"හරි......සොරි...කොහොමත් ඉතිම් නානවයි කියලයි ඔහොමවත් වතුර වැටෙන එකට සතුටු වෙනවා"



"අනේ මේ තමුසෙගේ කට...."



"හී......"



"හරි මේ අහන්නකෝ....ළමයි....

තුහීගේ ඉමේජ් එකත් හොඳයි...නියමට ගැළපෙනවා...හරියන බෝයි කෙනෙක් තමයි අපිට ඊට පස්සේ හොයාගන්න ඕන"



"මන් දන්නේ නෑ.....අන්කල්...මට ඉතිම් ඕන දෙයක්....අපේ අර ගෙදර ඉන්න දෙන්නගෙන් ඇහුවොත් තමා හොඳ"



"හරි මන් අහන්නම් කෝ දූ....කොහොමත් හුඟ කාලෙකින් වික්‍රමසිංහ ව හම්බෙන්නත් බැරිවුණා...."



"එහෙනම් අපි යමුද....කොහොමත් අද ලෙක්චර්ස්ලත් නෑ නේ"



"හා යමු....ගිහින් කතා කරමු කෝ..."




*******************************************




දෙවනි කොටසත් දුන්නා...☺️


බලමු නේද ඉස්සරහට මොනවා වෙයිද කියලා.....


හා මේ හෙට බදාදා නේද....මැච් එක බලන්න ලෑස්ති වෙලා ඉන්න හොඳ ද.....🤗



පරිස්සමෙන් ඉන්න හැමෝම ❤️



මන් ,

Senadhi❤


Report Page