....අහම්බයකි නුඹ නම්....

....අහම්බයකි නුඹ නම්....

Senadhi❤


★ පෙරවදන 👇

https://telegra.ph/%E0%B6%85%E0%B7%84%E0%B6%B8%E0%B6%B6%E0%B6%BA%E0%B6%9A-%E0%B6%B1%E0%B6%B9-%E0%B6%B1%E0%B6%B8-11-06-2


..හරි අහම්බෙන් වගේ හමුවුණේ දඟ කරනා ඇස් දෙක මට ඔබේ හිත වසඟ කළා පෙම් හීනයේ හැඩකාරියේ..


★ 1 Episode




"චූටි නැගිටිනවා ළමයෝ.....දැන් 7ත් වෙලා.....මන් ඔතෙන්ට එන්න කළින් නැගිටිනවා....තව ටිකකින් අර ළමයත් එයි"



"හයියෝ....කඩවලේ....ඇයි අප්පා ඉර දෙයියෝ මෙච්චර කලින් ඩියුටි එන්නේ...අපේ අම්මගේ ගිය ආත්මේ හස්බන්ඩ් ද කොහෙද...ශික්..මගෙ හීනේ කෑවා....



දැන් ඉතිම් අර වට්ටක්ක සයිස් ඇඟත් උස්සන් එනකොට වෙලාව යයි...ඔය ටිකේ මට නිදාගත්ත කියලා මක් වෙනවයි..."



"චටාස්...."



"ඌයි අම්මාහ්....අනේ ඒක රිදුනා....හුම්හ්..."



"රිදුනා....රිදෙන්න තමයි ගහන්නේ....ඔහොම දවල් වෙනකන් නිදාගන්න එක ගෑණු ළමයෙක් ට ගැළපෙනවද....හරි ශෝක් හැදෙන් හැටි"



"ඉතිම් අනේ....ඕකට ගහන්න ඕනිද?....හහ්....අනිත් එක මට ඕනවට හැදුවා වගේ...අර කොහෙද හනි...."



"තුහී...කට වහගන්නවා...මොනවා නැතත් කට නම් තියෙනවා"



"මොක්කද ඔය උදේ පාන්දර අම්මලා දූලා ඝාන්ඨාර පූජ කරන්නේ...අහල පහළ මිනිස්සුත් බලයි මොකද කියලා"



"ඒකනේ තාත්තා....අම්මා තමයි පටන් ගත්තේ"



"තුහී...මගෙන් ආයේ ගුටි නොකා ලෑස්ති වෙලා එනවා කැම්පස් යන්න"



"හී හා"




තුහී ,

තුහිනි ආරාධ්‍යා වික්‍රමසිංහ. බොලට දක්වා දිග කොණ්ඩයක් තියෙන ටකරමක් වගේ කටක් තියෙන (දැක්කනේ උදේ පාන්දර අම්මත් එක්ක ගිය වලිය) දඟකාර ලස්සන කෙල්ලෙක්. කොළඹ කැම්පස් එකේ නීති විද්‍යාලයේ තමයි ඉගෙන ගන්නේ.හැබැයි ඊට අමතරව CID පුහුණුවක් ලබපු කෙනෙක්...ගෙදර අය අකැමැති නිසා තමයි බැඳුනේ නැත්තේ.මුළු රට ම දන්න T&A Clothes Collection එකේ අයිතිකාරයා තමයි තමයි තුගීගේ තාත්තා සුනෙත් වික්‍රමසිංහ. ඇගේ අම්මා නම් ගෘහණියක් එයා කාව්‍යා ජයලත්.තුහීට ඉන්නවා අයියෙක්. එයා තිදස් ආකිෂ් වික්‍රමසිංහ.

මේ ඉන්නේ එයා

තිදස් Business Management කරලා තියෙන නිසා තාත්තගේ බිස්නස් වැඩත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ වගේ ම විනෝදාංශයක් විදියට Photographer කෙනෙක්.





උදේ පාන්දර අම්මට කියලා ගුටියකුත් කාපු තුහී වැනි වැනි බාත්‍ රූම් එකට ගියේ....



අපරාදේ කියන්න බෑ....වතුර පෑගිලා ලිස්ස්ලා ගිහින් දොර ළඟ ඇදන් හැලුනා...ආයි නිදිමත ගියා නිකන් වාෂ්ප වෙලා වගේ...



ඕනවට එපාවට වොශ් එකකුත් දාන් කැම්පස් යන්න ලෑස්ති වෙලා ආවා පහළ ට.....ඒ එද්දී තුහීගේ අජාත පජාත අපාය සහයක මිතුරිය ඇවිත් බුම්මන් ඉන්නවා...



ඔව් ඔව් ඉතින් තුහී පරක්කුයි නෙහ්...ඒකයි ඔය....අටට ලෙක්චර් දැනුත් 7.30 යි....



"සිහී.....ගුඩ් මෝනින්"



"ගොඩ් මෝනින්...දැන් ද තෝ එන්නේ.....කීයද බලපන් වෙලාව...මන් කීයේ ඉඳන් ද මෙතන"



"හරි ඉතිම්...සුට්ටක් පරක්කූ වුණා....අනික ගුඩ් මෝනින් කිව්වා ම මෝනින් කියලවත් කියනවකෝ...උදේ ම ඔය බෙලෙක්කේ අරින්නේ නැතුව"



"හැව්....හැව්....මට කියලා අහගන්න එපා උඹ...දැන් තවත් ඉන්නේ වර යන්න"



"ඉදහන්...මන් ටාං ගාලා කාලා සුං ගාලා එන්නම්"



"කන්න...අනේ උඹේ ටාං සූං කැවිල්ල..කැන්ටිමෙන් කමු..මන් කාලත් නෑ...



ආන්ටි අපි යනවා....තුහියි මායි කැන්ටිමෙන් කන්නම්"



"ආහ්..හා හරි දුව...දෙන්න ම පරිස්සමෙන්"



"අනේ සිහීයෝ"






සිහී ,

සිහෙලි ප්‍රාර්ථනා සෙනරත්. තුහී ප්‍රාණ අසමසම මිතුරිය. එයත් ගෙදර අකැමැත්තෙන් CID කෝස් එක කරලා දැන් නීති විද්‍යාලයේ තමයි ඉගෙනගන්නේ. තුහීගේ තරම් කොණ්ඩේ දිහ නැති වුණත් ලස්සන කෙල්ලෙක්. (තූහිට නොදෙවෙනි කටත් නම් තියේ) සිහී ගේ දෙමව්පියෝ දෙන්නම Film Directors ලා.





"අනේ සිහි....බලපන්...හහ්...උඹ නිසා මගේ සුදු කිරි එක නැති වුණා...තව මගේ අල බැඳුම...අනේ"



"හොඳ වැඩේ උඹට...අනිත් දවසේ නැගිටපන් උදෙන්"



"හාම්"



කොහොම හරි තුහියි සිහියි දෙන්න ම 8වෙද්දී කැම්පස් එකට ආවා.



"ඒ මොකෝ බන් මේ....නිකන් ඉන්ටර්විවි එකකට වගේ මේ කට්ටිය ඉන්නේ"



"අනේ මන්දා"




--------------------------------------------------------------------




"අඩෝ ආදි උඹ කොහෙද ඉන්නේ"



"අහ්...බන් මන් මේ කෝච් එක්ක පොඩි කතාවක්....හිටහන් මන් ටිකකින් ගන්නම්"



"ආ....හරි මචෝ"





ආදි ,

චිරාන් කේෂ් ආදිත්‍ය ප්‍රනාන්දු. හැමෝම දන්න Sri Lanka Cricket Team එකේ Vice Captain. දුඹුරු පාට ඇස් , ගානට කපපු කොණ්ඩේ කොල්ලට හැන්ඩ්සම් කමකුත් එක්ක දඩබ්බර කමකුත් එක් කළා. (ඔව් කොල්ලා කෝමත් නපුරෙක්) මෙයාගේ අම්මා නම් ගෘහණියක්. ඇය සිතාරා ගම්ලත්.තාත්තා නම් Music Director කෙනෙක්. ඔහු බිමල් ප්‍රනාන්දු. ආදි ට නංගි කෙනෙක් ඉන්නවා. ඇය චේති කේෂලා ආදිත්‍යා ප්‍රනාන්දු.


මේ ඉන්නේ එයා

ඇය සෞන්දර්ය විශ්වවිද්‍යලයේ සංගීතය හදාරනවා.





"ඒ මහී..."



"කියපන්..මොකෝ"






මහී ,

දුලාන් මහීෂ රණවීර. ආදිගේ හොඳ ම යාළුවා.ආදි වගේ නපුරු නැති වුණත් හැන්ඩ්සම් කොල්ලෙක්.මෙයා Photographer කෙනෙක්. Ranaweera Production එකේ අයිතිකාරයා තමයි මහී ගේ තාත්තා. ඔහු අසේල රණවීර. අම්මා නම් ගෘහණියක්. ඇය ශ්‍රිමාලි යාපා.




"ඇයි උඹ කලින් කතා කළේ..."



"නෑ උඹට වැඩක් නැත්නම් හවසට සෙට් වෙමුද අහන්න කතා කළේ...."



"අඩෝ...සොරි බන්...මට අද ප්‍රැක්ටිස්....රෑ වෙයි ඉවර වෙද්දී...අනිද්දට Competition එකක් බන්..."



"හා...හරි බන් අවුලක් නෑ"



"සොරි බන් වෙන දවසක් සෙට් වෙමු"




--------------------------------------------------------------------




"මිනුවෝ මේ අහපන්...උඹ Team එකට select වුණේ නැත්තේ උඹේ Imege එක නිසා නේ....



අනික උඹට ඌට වඩා දේවල් ලැබිලා තියෙනවා බන්"



"ශික්...ඔය බ##..."



"ඌ හොඳ චරිතයක් තියන් ඉන්නේ...බන් අපිට පේන්න නේ...අපි ඒකත් පොඩ්ඩක් සෙල්ලම් කරමු"



"අඩෝහ්...ගුඩ් අයිඩියා එකක් බන් ඒක"



"හහ්..දන්නෝ නේ කොල්ල ඉතිම් මන් ගැන"






මිනූ ,

මිනූද් පැහැසර රූපසිංහ. ආදිට ඉන්න එක ම ප්‍රතිවාදියා. වටේම කෙල්ලෝ තියන් හිටිය නිකරුණේ මුදල් නාස්ති කරපු නාහෙට අහන්නේ නැති කෙනෙක්.Minu Clothes Collection එකේ අයිතිකාරයා මිනූගේ තාත්තා. ඔහු ක්‍රිෂාන් රූපසිංහ.ඔහුත් පුතාට ම හරියන කෙනෙක්. එතකොට මිනූගේ අම්මා නිළියක්. ඇය මොරින් පෙරේරා.






"මචන්...උඹට මතකද...මේ ළඟ දී ආදිට ප්‍රොපෝසල් එකක් ගෙනාවා"



"ඔව්...ඉතින්"



"කොහොමද ඒ කෙල්ලගෙන් වැඩක් ගත්තොත්..."



"ඒකිව හොයාගන්න ඕන බන්"



"හොයපන්...ඌට ඉන්න තැනත් නැති කරන්න ඕන මට..."



අත මිට මොළවවමින් මිනූ එසේ කියා සිටියා.




--------------------------------------------------------------------




"ඩැඩී...."



"මයි...ශෙරී...කියන්න"



"ඩැඩි...ඔයාගෙ නිව් ෆිල්ම් එකේ මේන් කැරැක්ටර් එක මට නේද"



"අපි තාම ඉන්ටර්විවි කරනවා...කෙනෙක් හම්බනූනොත් ඔයා තමයි"



"ගුඩ්.....ඩැඩි...ආ ඒක නෙවෙයි කෝ මමී"






ශෙරී ,

ශෙරී යුනෙත්මා පීරිස්.අහංකාර ගති පැවතුම් වලින් යුතු ලද දෙයින් කිසිදා සතුටු නොවුණු තමාට අවැසි දේ කෙසේ හෝ ඉටු කරගන්නා යුවතියක්. ඇය නිළියක්. ශෙරීගේ තාත්තා Film Director කෙනෙක්.ඔහු ශෙලී පීරිස්.එතකොට ශෙරී ගේ අම්මාත් නිළියක්.ඇය අනීෂා පිරීස්.මවක් වුණත් ඇගේ චරිතය නම් එච්චර හොඳ නෑ. (කතාවෙන් බලමු ඒ ඇයි කියලා)






"මමීට අද දවසෙම ෂූටින් ශෙරී...එන්න ටිකක් රෑ වෙයි"



"හ්ම්..ඕකේ මන් යනවා"



"කොහෙද දුව යන්නේ"



"ක්ලබ් එක පැත්තට...ඩැඩී එනවද"



"අද බෑ දුව"



"හා..කමක් නෑ මන් යන්නම්"




--------------------------------------------------------------------




" මිගාර බොස් අපි බඩු ටික ප්ලයිට් එකට දැම්මා....චෙක් කරන තැනින් කේස් එකක් වුණේ නෑ"



"ගුඩ්...දැන් ම වරෙන් .........ට"






මිගාර ,

මිගාර සිරිවර්ධන. රටේ ම හොඳ නම් දැරූ ක්‍රීඩා ඇමති.හැබැයි ලංකාව වටේම තියන කුඩු බිස්නස් වල මහ මොළකාරයා.ඒ වගේ ම තව යටිකූට්ටු වැඩ මෙයාගේ තිබුණා. මෙයාගෙ වැරදි පොලිස් පොතේ පැමිණිල්ලක් ම විතරක් වුණා.සල්ලි වලට නීතිය පවා අන්ධ වෙලා හිටියේ.






"රොනී අර බ්‍රයන් කාරයට මොකද කරන්නේ...

ඌට වැඩිය දඟලන්න දෙන්න එපා"



"හරි බොස්...ඒක අපි බලාගන්නම්"



"ඌ විපක්ෂේ නිසා නේ ඔය"



"ඔව් බොස් වැඩිය ආවොත්.. එලොව තමයි"




*******************************************




පළවෙනි කොටස දුන්නා.....


හොඳයි නම් අදහසක් කියන් යන්.....



හැමෝම පරිස්සමෙන් ඉන්න ❤



මන් ,

Senadhi❤


Report Page