WHITE ROSE_🤍

WHITE ROSE_🤍

Ak ᭄☆🥀_✍️
හිතුවක්කාර සුදු රෝස මලක් නුඹ

පෙර කොටස

https://telegra.ph/WHITE-ROSE-06-13-2


11 - කොටස


ගෑනූ ලමයත් එක්ක සුහදව හිනාවුන කොල්ලො දෙන්නා නිවසින් පිටවෙලා ගිහින් වාහනයට නගිනකන්ම බලාගන ඉදපු අනුල ඉක්මනින් දොර වහලා දැම්මේ කොල්ලො වාහනයට නැගුනත් වාහනය යන පාටක් නොතිබුන නිසා. 


" මොකො වුනේ දේව් උබට මොකක්ද ඔය ෆයිල් එකේ තිබුණේ ඇයි උබ එවලේ බය වෙලා වගේ ඕක දිහා බලන් හිටියේ " 

" මගේ සුදු රෝස මල බන් "

" මොකක්ද දේව් කියන මගුලක් තේරෙන්න කියපන් මොන සුදු රෝස මලක්ද උබට පිස්සු හැදිලද මේ කේස් එක පටන් ගත්ත දා ඉදලා අහන්න ලැබෙන්නේ සුදු රෝස මල් ගැන ඒ පාර මූත් පටන් ගත්තා අශේන් වෙනුක උබලටවත් තෙරෙනවද මූ කියන කතාව "

" ෂෙහාන් ඔහොම ඉදපන් දේව් ඕක දීපන් "


දේව්ගේ අතේ තිබුණ නිල් පැහැති ෆයිල් කවරය කොල්ලගේ අතින් උදුරලා වගේ අතට ගත්ත අශේන් ගැහෙන හදවතින් පිටු එකින් එක පෙරලා බැලුවා. මීට මොහොතකට කලින් දේව් මුලින්ම එම පිටු අතර තිබුණ දෙයින් බිය ගැන්වුණු අශේන්ගේ ඇසුත් අමුතු වෙලා යද්දී වෙනුක ෂෙහාන් කොල්ලො දෙන්නම අශේන් දිහාම බලන් ඉදියේ එහි තියෙන දෑ ගැන ඇති වුන කුතුහලයෙන්. 


" අශේන් උබවත් කියපන් මොකක්ද ඕකේ තියෙන්නේ ආ "

" ෂෙහාන් මේකේ තියෙන්නේ මෙඩිකල් රිපෝට් වගයක් ඒකත් අපේ සුදු රෝස මලගේ අම්මගේ "

" මොකක්ද කෝ දීපන් ඒත් මේ මෙඩිකල් රිපෝට්ස් කොහොමද මෙ ගෙදරට ආවේ "


අශේන්ගේ වදන් වලින් කලබල වුන වෙනුක කොල්ලගේ අතින් ෆයිල් කවරය උදුරලා අරගන පිටු එකින් එක පෙරලද්දී ෂෙහානුත් කොල්ලගේ උරහිස උඩින් එබිලා බැලුවේ අශේන්ගේ කතාවේ සත්‍ය අසත්‍ය බව. කොල්ලෙ දෙන්නගෙත් ඇස් අදහගන්න බැරුව ගියේ දේව් ලග තියන කොල්ලා සුදු රෝස මල නමින් හදුන්වන කෙල්ලගෙත් කෙල්ලගේ අම්මගෙත් ඡායාරූපයේ සිටින කෙල්ලගේ අම්මාගේ රූපෙටම සමාන පින්තූරයක් එම ෆයිල් කවරයේ වූ වෛද්‍ය වාර්තාවේ තිබුණ නිසා. එක වගේම හත්දෙනෙක් ඉන්නවා කීවත් මෙතරන් සමානකම් තිබිය නොහැකි නිසාම කොල්ලො හතරදෙනාටම රහසක් වුනේ නෑ ඒ ඡායාරූපය දේව්ගේ සුදු රෝස මලේ අම්මගේ වග.


" අශේන් අපේ කෙල්ලයි මේ කේස් එකයි අතර සම්බන්ධයක් තියනවා කියලා උබ හිතනවද. එහෙම නැත්තන් මේක අහම්බයක් විතරද ආ බන් "

" මටත් මුකුත් හිතාගන්න බෑ දේව් මේ ඉන්නේ කෙල්ලගේ අම්මා ඒත් මේ රිපෝට්ස් වලින් කියවෙන විදියට මට තේරෙන්නේ කෙල්ලගේ අම්මට කැන්සර් එකක් තිබිලා තියනවා කියන එක විතරයි. කෙල්ලට හිටියේ කෙල්ලගේ අම්ම විතරයි ඒත් මේකේ හැටියට අම්මටත් කැන්සර් එකක් නම් මේ වෙනකොට කෙල්ල මේ ලොකේ තනිවෙලා බන් "

" අශේන් මේ හොස්පිටල් එකට ගිහින් දැන්ම මේ පේෂන්ට් ගැන විස්තර හොයන්න කියලා කියපන් විහස්ට. මේකට වෙන කෙනෙක් යවන්න එපා අපිට විශ්වාස කරන්න පුළුවන් කෙනෙක් යවන්න ඕනේ. මොන දේ වුනත් මට විශ්වාසයක් ඇති වුනා මගේ රෝස මල මට ආයම හම්බෙයි කියලා. මගේ නන්ගි මාව දාලා ගියා බන් ඒක මට විශ්වාස තරමටම මගේ සුදු රෝස මල කොහේ හරි ජීවත් වෙනවා ඇති කියලත් මට විශ්වාසයි. අනික කෙල්ල ඉන්නේ අපේ අහල පහලමයි ඒක දැන් මට හොදටම විශ්වාසයි "

" ඒත් දේව් කොහොමද උබ එහෙම කිවේ "

" ඉක්මනින් දැනගන්න ලැබෙයි අශා බලාපොරොත්තු නැති කරගන්න එපා"

" මටත් දැන් ඒ විශ්වාසය ඇති වුනා දේව් අපි නන්ගිව හොයාගමූ අනිවාර්යයෙන්ම "

" උබලා දෙන්නා වෙනුවෙන් අපි දෙන්නත් ඉන්නවා අනිවාර්යයෙන්ම මේක කරමූ ඒත් ඊට කලින් කෙල්ලගේ අම්මට මේ කේස් එක එක්ක තියන සම්බන්දය හොයමූ. ඊටත් වඩා ඇයි මේ මැරුණ මිනිහා ළඟ මේ මෙඩිකල් රිපොට්ස් තිබුනේ කියලා හොයාගන්න වෙනවා "


වෙනුකත් දේව්ගේ උරහිසට අතක් තියලා එහෙම කියද්දීස් ෂෙහානුත් ඊට එකග බව පෙන්නවන්න හිස ඉහල පහල වැනුවා. වෙනුක අතේ තිබුන නිල් පැහෑ ෆයිල් එක ෂෙහානුත් අරගන හොදින් කියවා බැලුවේ කොල්ලටත් ඒ ගැන පැහැදිලි අදහසක් ගැනීමේ අරමුණින්.


" දේව් මෙකේ තියන විදියට කෙල්ලගේ අම්මගේ නම අරුණි ජයසේකර ඒත් උබට හොදටම විශ්වාස ද මේකමයි නම කියලා. මොකද මේ වෙන දේවල් එක්ක මේ නමම හරි නම කියලා අපි විස්තර හෙව්වත් ඒක අපිව හරිම පාරේ ගෙනියනවා වෙනුවට වැරදි පාරක ගෙනිච්චොත් හැමදෙයක්ම වතුරේ යයි "

" මට මතක නෑ බන් කෙල්ලගේ නමවත් කෙල්ලගේ අම්මගේ නමවත් ඒත් උබ කිව්ව විදියට මේ වාසගමින් අපි ඉස්සරහට යන්න තීරණේ කරොත් අපිව වැරදි පාරකට වැටෙන්න තියන ඉඩකඩ වැඩී ඒ මොකද මේක නෙමේ ඇත්ත නම "

" උබ කොහොමද ඒක හරියටම කීවේ"

" පොඩි සැකයක් බන් ඒත් මම හිතනවා කෙල්ලගේ අම්මගේ ඇත්ත මම දන්නවා කියලා හැබැයි ඒ ගැන ලොකු විශ්වාසයක් නෑ මට"

" අපි මේක ගැන ටික දවසකට පැත්තකින් තියමූ දේව් මුලින්ම මේ කේස් එකට අදාල විස්තර හොයාගන්න බලමූ මේ මාර්ගෙන් ඒ අතරමගදී අපිට කෙල්ලව හොයාගන්න වැඩේටත් මොනාමහරි පොටක් පෑදෙයි "

" ෂෙහාන් කියන කතාව හරි දේව් අපි එහෙම කරමූ උබයි අශේනයයි දැන් මේ කේස් එක ගැන අවදානේ යොමු කරපන්. මේක එලි වුනා වගේම අපිට යන්න ඕන පාර ඉස්සරහට ඉබේම හැදෙයි එතකන් පොඩ්ඩක් ඉවසමූ "

" මටත් හිතෙනවා දේව් මුන් දෙන්නා කියන එක හරි කියලා "

" ම්ම් එහෙම කරමූ මට විශ්වාසයි උබලගේ තීරණේ ගැන අපි බලමුකො අශෙන් උබ සුරේෂට කෝල් කරලා දැන්ම මේ ගැන විස්තර හොයන්න කියපන් "


දේව් ෂෙහාන්ගේ අතින් නැවතත් ෆයිල් එක කොල්ලගේ අතට අරගන ආයම වතාවක් ඒ දිහා අවදානෙන් බැලුවත් කොල්ලගේ හිසට නම් නිදහසක් දැනුනේ නෑ. මේ අතරේ අශේන් සුරේෂ්ට ඇමතුමක් ගෙන සියල්ල කෙටියෙන් පවසලා කරන්න අවශ්‍ය රාජකාරියත් කොල්ලට හොදින් විසතර කරලා දුන්නා. හැමදේම ගැන සමථයකට පත් කරගන කොල්ලො හතදෙනාම නැවත නිවසට පැමිණියේ දහවල් ආහාරය සදහා වෙලාව උදා වෙමින් තිබුන නිසාමයි.


WHITE ROSE_🤍_WHITE ROSE_🤍_WHITE ROSE_🤍


" සුදු දූ මොකක්ද දැන් ඔයාට අපි දෙන්නට කියන්න තියනවා කීවේ "

" ලොකු අම්මා මේක ටිකක් හොද ටිකක් නරක ආරංචියක් ඒත් මට විශ්වාසයි ඉක්මනින් මේක හොද ආරංචියක් වෙයි කියලා "

" අනේ මන්දා මේ කෙල්ල එන්න එන්න දරුණු වෙනවා වැඩීද මන්දා "

" අයියො දැක්කනේ ලොකු තාත්තා මෙන්න මෙයා දැන්ම බයවෙලා "

" හරි හරි කියන්නකො මනෝජා පොඩ්ඩක් මේ කෙල්ලට කියන්න යන දේ කියන්න දෙන්නකො "

" ලොකු තාත්තා ලොකු අම්මා මට අයියා ගැන තොරතුරක් ලැබුනා "

" මොකක්ද මගේ දරුවා ජීවත් වෙනද සුදු දූ ඒත් කොහෙද මගේ කොල්ලා හොදින් නේද අනේ කියන්නකො දරුවෝ මගේ ළමයා මොන වගේද දැන් ගොඩක් ලොකු ඇති නේද අපි දෙන්නව එයාට අමතක වෙලා ගිහින් ද "

" ලොකු තාත්තා "


කෙල්ල සුරේන්ට දැඩි බැල්මක් හෙලලා මනෝජව පෙන්නද්දී සුරෙන් මනෝජට ඇස් වලින් කීවේ සන්සුන් වෙන්න කියලා. ඒත් අවුරුදු විස්සටත් වැඩියෙන් තමන්ගේ කුසින් වදාපූ දරුවා ගැන කිසිම බලාපොරොත්තුවක් නොමැතිව ඉදපූ මනෝජට කෙල්ලගේ මුවින් පිටවුන වචන ටික දිව්‍ය අමුර්තයක් තරම් වුනා. ඒත් අම්මා කෙනෙක් ඉතින් මෙච්චර අවුරුදු ගානක් තමන්ගේ හිතත් එක්කම ඔට්ටු වුන ප්‍රශ්න පෙලම මුවින් පිට වුනේ දරු සෙනෙහස නිසාමයි.

ඒ බව අවීට වුනත් තේරුම් ගැනී අපහසු නොවුනත් කෙල්ල මදක් දැඩිව ඉන්න තීරණය කරේ තාමත් ඇති තිබෙන්නෙ කුඩා බලාපොරොත්තුවක් විතරක් නිසා. ඒ බලාපොරොත්තුව මේ අවාසනාවන්ත දෙමාපියෝ දෙන්නට දෙන්න ඕනද නැද්ද කියලා දහස් වතාවකටත් වැඩියෙන් කෙල්ල තමන්ගේ හිතත් එක්කම තර්ක කරන්න ඇති ඒත් එහි අවසාන තීරණය වුනේ අවී මේ හැමදෙයක්ම මනෝජටත් සුරේන්ටත් කියන්න හිත එකග කරගැනීම.

කෙල්ලට බයක් නොතිබුනාම නෙමේ තමන්ගේ සැකය හරියන්නත් වැරදෙන්නත් තිබෙන ප්‍රතිශතය පිළිබඳව. පිළිබඳව කෙල්ලට ඕන වුනෙ බලාපොරොත්තුවලට බියෙන් කල් ගෙවන කෙල්ලගේ ලොකු අම්මටත් ලොකු තාත්තටත් නැවුම් බලාපොරොත්තුවක් ලබාදීම පමණයි.

" ලොකු අම්මා ඔයා ඔහොම හැසිරෙද්දී මම ගත්ත තීරණේ ගැන මට සැකයි ඒ නිසා ප්ලීස් මම කියන දේ හොදට අහගන්න. මට තාම සීයට සීයක් විශ්වාස නෑ ඒ ඉන්නෙ අයියද කියලා ඒත් මම ඒක ඉක්මනින් දැනගන්න එතකන් ප්ලීස් ඉවසගන ඉන්න "

" මම කලබල වෙන්නෙ නෑ සුදූ දූ මම ඉවසන්න මගේ දරුවා ඉක්මනින් එයි කියලා දැන් මට විශ්වාසයි. ඔයාව මගේ නන්ගි අපි දෙන්නට දීලා ගියේ මේ නිසාම වෙන්න ඇති අපෙ උරුමේ අපි දෙන්නට ආයම ගෙනත් දෙන්න "

" අම්මා අසරණ වුන වෙලාවේ ඔය දෙන්න මාවයි අම්මවයි පරිස්සමෙන් බලාගත්තා ලොකු අම්මා. තාත්තා කියන මිනිහාගෙන් මාවයි අම්මවයි පරිස්සම් කරා අම්මා නැති වුනාම ඒ අඩුව නොදැනෙන්න මට හයියක් වුනා. මාව දුර්වලයෙක් නොකර තනියම දෙපයින් නැගිටින්න පුළුවන් විදියට ශක්තිමත් කරා ඉතින් ඒ කරපූ දේවල් වලට මගෙන් ලැබෙන ප්‍රති උපකාරේ තමයි මේක. ඒ ඔයාලා දෙන්නගේ උරුමේ ඔය දෙන්නා ලගට ඉක්මනින් ගෙනත් දෙන එක මගේ අයියව ඉක්මනින් ඔයාලා දෙන්න ලගට මම එක්කගන එනවා මේක මේ අවීගේ පොරොන්දුවක් "

" හරි හරි දැන් මගේ කෙල්ලො දෙන්නම කෑම කන්න අනේ මන්දා එක්කෙනෙක්ට එක්කෙනෙක් පරාද වෙන්නෙ නෑනේ අහිංසක මම තමා දැන් පව් "


සුරෙන් මනෝජටත් අවිනිටත් රවන ගමන් එහෙම කියද්දී මනෝජත් අවිනිත් මූණෙන් මූණ බලාගන හිනාවුනා. වෙනදට වඩා අවී අද ගොඩක් වෙනස් චරිතයක් වුනා කෙල්ලට මූසලයි කියලා බනින ඕනම කෙනෙක් මේ වෙලාවේ කෙල්ලගේ හිනාව දැක්කා නම් විශ්වාස කරන එකක් නෑ මේ ඉන්නේ අවිනිමද කියලා.

ඒ තරම් ඒ පුංචි හිනාවක් නිසා කෙල්ලගේ මූණ ගොඩක් වෙනස් වෙලා ගිහින් තිබුණා මොන තරම් ප්‍රශ්න කරදර තිබුණත් කෙල්ලට හිනාවෙලා සැනසීමෙන් ඉන්න පුළුවන් වුනේ තැන් එකක විතරමයි. ඒ කෙල්ලගේ ලොකු අම්මා ලොකු තාත්තා ලගත් හොදම මිතරන් වු සමාධි විනූ විහග ලගත් විතරමයි. 


" දැන්නේ මගේ පුංචි සුරංගනාවිව හරියටම දැක්කේ "


සුරේන් තමන්ට එහා අසුනේ ඉදගන ඉදිය කෙල්ලගේ හිසට අතක් තියන ගමන් එහෙම කියද්දී මනෝජත් කෙල්ලගේ අතක් තම නිදහස් අතට පටලගත්තා. අනෙක් හැම කෙල්ලෙක්ට වඩා අවීගේ ලොකේ වෙනස්ම එකක් වුන නිසාම කෙල්ලගේ බැදීම් වුනත් ගොඩක් වෙනස් වුනා. 


" සුදු දූ හෙට යනවද "

" ඔව් ලොකු අම්මා හෙට යන්න ඕනේ නැත්තන් මාව ජොබ් එකෙනුත් එලියට දායි අම්මගේ යාලුවා කම්පැනි එකේ අයිතිකාරයා වුනාට මාව තියාගන්නේ නෑනේ නිකම් පඩි දීලා "

" ඕන නම් මම හිරාන්ට කියලා සුදු දූ "

"එපා ලොකු තාත්තා මම දවස් තුනක් විතර ගෙදර අනික මේ දවස්වල මම ටිකක් ලොකු වැඩකට අත ගහලා තියෙන්නේ අර මේ ලගදී වුන මර්ඩර් එක "

" රවින්ද්‍රන් සිංහවංශ ද "

" ම්ම් ඔව් ඒ මිනිහා තමා "

" ඔයාට විශ්වාස ද පුතේ මේක ගැන හොයන්න ඕනමයි කියලා "

" මම මීට කලිනුත් මර්ඩර් කේස් කවර් කරලා තියනවනේ ලොකු මාමා "

" ඒක මම දන්නවා සුදු දුව ඒත් මේ මර්ඩර් එක වෙනස්නේ සිංහවංශ කියන නමත් එක්ක තියන කිසිම දෙයක් එක්ක ඔයාගේ නම ගෑවෙනවට අපි දෙන්නා කැමති නෑ දරුවෝ "

" මගේ වාසගමේම සිංහවංශ කියන නම ගෑවිලා තියෙද්දී ආය අමුතුවෙන් මගේ නම ඒකත් එක්ක ගෑවෙන්න දෙයක් නෑ නේද ලොකු තාත්තා "

" මම සාරදාට කොච්චර කීවද ඔය නම මගේ කෙල්ලගේ නමින් අයින් කරලා දාන්න කියලා ඒත් ඇහුවේ නෑනේ "


මනෝජගේ කතාවට කෙල්ලගේ මුවේ ඇදුනේ සුපුරුදු සිනාවම විතරයි කෙල්ල තමන්ගේ තාත්තට වෛර කරා හා සමානවම කෙල්ලගේ නමටත් වෛර කරා මොකද කෙල්ලගේ නමත් තාත්තා කියන්නවත් සුදුසු නැති මනුස්සයගේ වාසගම එක්ක සම්බන්ද වුන නිසා. පුළුවන් හැම වෙලාවකම කෙල්ල පාවිච්චි කරේ මුල් නම් දෙක විතරයි සිංහවංශ නම පුළුවන් තරම් ඈත් කරලා දැම්මා. ඒත් උප්පැන්න සහතියකයේ ලියාපදිංචි නම කොහොම වෙනස් කරන්නද ඒ වෙනස් කරන්න අවස්තාව තිබුණත් කෙල්ලට මතක් වුනේ කෙල්ලගේ අම්මා අවසාන හුස්ම ටික පිට කරද්දී කෙල්ලගෙන් ගත්ත පොරොන්දුව.


" මගේ රත්තරනේ මට පොරොන්දු වෙන්න මම දන්නවා ඔයා ඔයාගේ තාත්තට වෛර කරනවා කියලා මට බෑ එහෙම කරන්න එපා කියන්න ඒත් මට බෑ මගේ දරුවා අවජාතකයෙක් කරන්න ඒ නිසා මොන දේ සිද්ද වුනත් ඔයාගේ තාත්තගේ වාසගම ඔය නමින් වෙන් කරන්න එපා මැනික. ඒක විතරක් මේ අම්මට පොරොන්දු වෙන්න මට මගේ දරුවා අවජාතකයෙක් කියන කතාව අහන්න බෑ කවුරු මොන දේ කීවත් මගේ මැනික මට හම්බුනේ මගේ ආදරේ ප්‍රතිඵලයක් විදියට ඒ අයිතිය ඔයා එක්කම හැමදාම තියෙන්න ඕනේ "
" මම.. පොරොන්දු වෙනවා අම්මා "


කෙල්ල තමන්ගෙ මවගේ දුර්වලව ගිය දෑස් දිහාම බලාගන එහෙම මුමුණද්දී කෙල්ලට යාන්තම් අවුරුදු දහය සම්පූර්ණ වෙන්න තිබුනේ. ඒ කුඩා වයසෙන්ම තමන්ගේ මුළු ලෝකෙම වුන අම්මගේ අහිමිවීම විනෝදෙන් සැහැල්ලුවෙන් සතුටින් ඉදපූ කෙල්ලව නිහඩ කරලා දැම්මා. අවශ්‍ය දේට පමණක් කතා කරන්න පුරුදු වුන අවී ගොඩක් වෙනස් චරිතයක් වුනා.

ගොඩක් ගෑණූ ළමයි බෝනික්කෝ යාළුවෝ එක්ක සෙල්ලම කරද්දී කෙල්ල කරේ සටන් කලාව ඉගෙන ගන්න එක. කෙල්ලගේ ලගම මිතුරන් වුනේ විනුත් විහගත් විතරයි ඒ මිතුරු සංගමයට තවත් කිසිවෙකුට ඇතුල් වෙන්න ලැබුනේ නෑ එහෙම ආවත් අවීගේ ගති පැවතුම් ඒ කිසිම අයෙක්ට තේරුම් ගන්න නොහැකි වුන නිසාම ඉක්මනින් ඒ මිතුදම් බිදිලා ගියා.


" සුදු දූ මොනාද කල්පනා කරන්නේ "

" මුකුත් නෑ ලොකු තාත්තා අම්මා මැරෙන මොහොතෙත් කීවේ සිංහවංශ කියන නම මගේ නමින් අයින් කරන්න එපා කියලා ඒකයි අදටත් මම ඒ නමත් එක්ක ජීවත් වෙන්නෙ "

" ඔයාගේ අම්මා අර වැඩගම්මකට නැති මිනිහට මුළු හිතින්ම ආදරේ කරා දූව රත්තරන් ටිකට හිටපූ මනුස්සයෙක්ට පයින් ගහලා සාරදා අර තිරිසනා එක්ක ගියේ. ඒත් අන්තිමට ඌ මගෙ නන්ගිට කරේ හතුරෙකුටවත් නොකරන දෙයක් "


අවීට අමතක කරන්න බැරි කෙල්ලගේ මවගේ අතීත කතාවේ හැම කොනක්ම කෙල්ල අකුරක් නෑරම දැනගන ඉදියා. හැමෝම අමතක අමතක කරන්න කීවත් කෙල්ල ඒ කිසිම දෙයක් අමතක කරන්න දශමයකවත් උත්සහයක් නොදැරුවේ කෙල්ලගේ මවගේ මරණයට වග කිව යුතු තාත්තා කියන මනුස්සයා එක්ක තියන වෛරය නැති වෙලා යයි කියලා හිතුන නිසාමයි. දිනෙන් දින අවී වයසින් වැඩෙද්දී කෙල්ලගේ වෛරයත් ඒත් එක්කම වැඩි වෙලා ගියා මිසක් අඩුවක් නම් වුනේ නෑ. 


" ලොකු තාත්තා මම මේක ලොකු අම්මා ඉද්දී කීවේ නෑ ඒත් ඔයාට මේක කියන එක හොදයි කියලා හිතුනා "


කෑම කාලා ගෙවත්තේ ඇවිදමින් ඉදිය සුරේන් ලගට හොරගල් අහුලමින් පැමිණි අවී නිවස දිහත් හැරි හැරි බලන ගමන් එහෙම අහද්දී සුරේන් කෙල්ල දිහා බැලුවේ ඇස් හීනි කරලා. 


" මොකක්ද "

" ලබන සතියේ මගේ තාත්තා කියන මනුස්සයගෙයි කුඩම්මා කියලා දැන් ඒ ගෙදර ඉන්න එකිගෙයි ඇනිවසරි එකලූ ඒකට මටත් ඉන්වයිට් කරලා "

" නදකින් මුන්ට ලැජ්ජා නෑනේ කොහොමද මේ තිරිසන්නූ රෙද්දක් ඇදන් ඔය ආරාධනාව කරේ "

" ලැජ්ජා තියනවා නම් ගැණියෙක් ලමයෙක් ඉද්දී තවත් ගෑණියෙකුයි ලමයෙකුයි එක්කගන ගෙදර එයිද ලොකු තාත්තා "

" යන්නද ඉන්නෙ ඒකට "

" ඔව් "

" ම්ම් "

" ලොකු තාත්තා මම ගත්ත තීරණේ හරි නේද"

" ඔයා තීරණයක් අරන් ඉවරනේ සුදු දූ ආය ඒක ගැන මගෙන් අහන්න එපා මට මගේ කෙල්ල ගැන විශ්වාසයි ඒත් මේ ගැන ලොකු අම්මට කියන්න එපා "

" මට තේරුණා "

" හැබැයි පරිස්සමෙන් වැඩ කරන්න. මම ඔයාගේ හැටි දන්නවනේ අර කටු අතු දෙක එල්ලෙන්න එද්දී ඔයාටත් ඉවසන් ඉන්න බෑනේ හැබැයි තමන්ගේ ආත්මගරුත්වයට මුල් තැන "

" මම දන්නවා ලොකු තාත්තා ඔය පුස් පොෂ් අම්මටයි දුවටයි අමතක නම් ආයම මතක් කරලා දෙන්නම් මේ අවිනි කියන්නෙ කවුද කියලා "


අවී කට කොනින් හිනාවෙමින් එහෙම කියද්දී සුරේන් කෙල්ලගේ දිලිසෙන ඇස් දිහා බලලා හිස දෙපසට වැනුවෙ හිනාවෙවීමයි. මීට අවුරුද්දකට කලින් ඇදුම් සාප්පුවකින් කෙල්ලාගේ කුඩම්මත් ඇගේ දියණියත් හමු වූ අවස්තාවක් ඔවුන් දෙන්නම කෙල්ලව ලැජ්ජා කරලා ඇදුම් කඩයෙන් එළියට දැම්මත් ඊට පහුවදාම ඒකේ පලිය කෙල්ල ගත්තේ තමන්ගේ පෑනෙන්. 


" මුල් ව්‍යාපාරිකයන් අතර සිටින සිංහවංශ මහතාගේ බිරිඳත් දියණියත් විසින් අහිංසක තරුණියකට අවමන් කර සාප්පූ සංකීරණයෙන් එළියට ඇද දමයි "


නොකල දේවලුත් එකතු කරමින් කෙල්ල තම පුවත්පතේම ලිපියක් පල කරමින් එම පලිය ගත්තේ කිසිම මහන්සියකින් තොරවමයි. ඊට පසු දිනම අම්මත් දුවත් කෙල්ල හොයාගන කෙල්ලගේ කාර්‍යාලයටම පැමිණියත් ඉන් පිටව ගියේ නම් කෙල්ලගේ අර්ධ සහෝදරිය අවීගේ අතින් හොද කම්මුල් පාරක රස බලන ගමන්. ඊටත් පසු දිනම කෙල්ල තවත් ලිපියක් පුවත්පතට එකතු කලා.


" සිංහවංශ මැතිනියත් ඇගේ දියණියත් සහෘදයා පුවත්පතට කඩා වැදී කලබල ඇති කරයි "


කෙල්ලගේ හිතවත් රචකයින් බොහොමයක් පුවත්පත් ආයතන කීපයකම කටයුතු කරන නිසාම එම පුවත්පත් වලත් එම ලිපිය එකම විදියට පළවී තිබුනා. එයින් සිද්ද වුනේ මුළු සිංහවංශ ව්‍යාපාරයේම ආදයාම එක රැයකින් පහල බැසීමයි. එදයින් පසුව මේ වෙනකන් කෙල්ලට ඒ පවුලෙ කිසිම කෙනෙක් මුණගැසුනේ නෑ.


" ආයත් මඩ නාගන්න කැමති නම් එයාලා දගලයි "

" තුවක්කූව කඩුව කිනිස්සට වඩා පෑන භයානකයි කියන්නේ ඕකට තමා "


සුරෙන් කෙල්ලට ඇහැක් ඉගි කරමින් එහෙම කියද්දී කෙල්ලත් සුපුරුදු හිනාවෙන් සුරෙන් දිහ බලන් හිටියා.  


WHITE ROSE_🤍_WHITE ROSE_🤍_WHITE ROSE_🤍


" සුදූ ලෑස්ති වෙලත් ඉවරද කොහෙද ඉතින් ඔයාගේ ලොකූ තාත්තා නම් තාම නිදි ඔහොම ඉන්නකො මම ඇහැරවන්නම් ඔයාව ටවුන් එකට දාන්න කියන්න "

" එපා ලොකු අම්මා මම යන්නම් ලොකු තාත්තා නිදාගත්තදෙන් "

" මම හිතුවේ දුව දවල් වෙලා යයි කියලා කෑම ටිකක්වත් හදන්න කීවේ නෑනේ "


කෙල්ල සූදානම් වෙලා කාමරයෙන් පිටතට පැමිණෙද්දී රෝද පුටුවෙ රෝදයත් අතින් කරකමින් කාමරෙන් එලියට එන මනෝජව හමුවුනා. කෙල්ල සූදානම් වෙලා ගමන් මල්ලත් කරේ දාගන ඉන්නවා දකිද්දී මනෝජාට අමුතුවෙන් කියන්න ඕන වුනේ නෑ අවී පිටත් වෙන්න යන්නෙ කියලා.


" දැන් මම කෙලින්ම ඔෆිස් එකට ලොකු අම්මා යන්නේ අද වැඩ ගොඩක් තියනවා ඒකයි මම යන්නම් දෙන්නම පරිස්සමෙන් ඉන්න ඕනේ හොදද "


කෙල්ල මනෝජගේ රෝද පුටුව ඉදිරියෙන් මදක් පාත් වෙලා එහෙම කියද්දී මනෝජා කෙල්ලගේ හිස සිඹලා ආශිර්වාද කරා. අවී එම නිවසින් පිටත් වෙලා සහෘදයා පුවත්පත් ආයතනය ලගට එද්දී වෙලාව උදෑසන අට පසු වී තිබුන නිසාම කෙල්ල ඉක්මන් ගමනින් ඇතුලට යන්න ගියත් එකපාරටම කෙල්ලගෙ ඇගේ කෙනෙක් හැප්පුන නිසාම කෙල්ල නොවැටි බේරුණේ අනූනවයෙන්. ආයතනයට සේවයකයන් පැමිණිය යුතු වෙලාව පහුවී තිබෙන නිසාම සිද්ද වුන දේත් එක්ක කෙල්ල කේන්තියෙන් හැප්පුන කෙනා දිහා බලද්දී අවී දැක්කේ අවුරුදු විසි නවයක් විතර වයස ඇති කඩවසම් තරුණයෙක් මූණ හිනාවකින් පුරවගන කෙල්ල දිහාම බලන් ඉන්න විදිය. 


" අයිම් සොරි "

" මොන ..... "


උදේම ඇවිත් මේ විදියට කෙල්ලගේ ඇගේ හැප්පුනේ වෙන කවුරුත් නෙමෙයි අශේන්ගෙත් දේව්ගෙත් උපදෙස් පරිදී White rose නමින් පුවත්පතට ලිපි ලියන කෙනා ගැන හොයන්න රහසිගතව පුවත්පත් ආයතනයට පැමිණි විහස්ව. හිනවෙවී කෙල්ලගේ කළු පාටින් දිලිසෙන නපුරු ඇස් දීහාම බලන් ඉන්න කොල්ලව දකිද්දී අවීගේ මූණේ ඇදුනේ කිසිම දවසක නොඇදුන බිය ජනක පෙනුමක්. මේ අතරෙම රාජකාරි වැඩකට කාර්‍යාලයෙන් පිටතට පැමිණි විනූ කෙල්ලගේ මූණේ ඇදිලා තියන බය වුන පෙනුම දැකලා ඉක්මනින් කෙල්ල ළඟට ලන් වුනා.


" අවී මොකක්ද වුනේ උබ හොදින් නේද"

" විනූ මේ "

" එක්ස්කියුස් මී අයිම් රියලි සොරි මම වෙන කල්පනාවක ආවෙ ඒකයි ඔයාට කරදරයක් වුනෙ නෑනේ මට පරක්කු වෙනවා මම යන්නම් එහෙනම් "


විහස් තාමත් තමන් දිහාම ඇස් ලොකු කරගන බියෙන් වගෙ බලන් ඉන්න කෙල්ලට හිනා වෙලා එහෙම කියමින් ඇතුලට යන්න ගියා. ඒත් අවී තාමත් බලන් ඉදියේ ෆයිල් එකකුත් එහා මෙහා කරමින් පුවත්පත් ආයතනය ඇතුලට යන කොල්ලා දිහා. කෙල්ල ඉන්නේ හොද සිහියෙන් නෙමෙයි කියලා දැනුන නිසාම විනූ කෙල්ලගේ මූණ තමන්ගේ පැත්තට හරවගත්තේ අවීගේ අවධානය තමන් පැත්තට හරවගන්න හිතාගන.


" මොකක්ද යකෝ වෙලා තියෙන්නෙ අහකට වෙයන් මේ පාරේ යන මිනිස්සු බලයි අපි ලව් කරනවද කියලා "

" ලව් මම කියන්නෙ නෑ අවී මට කියපන් අර කොල්ලව දැක්ක ගමන් ඇයි උබ කට ඇරන් ඌ දිහා බලන් ඉදියේ "

" විනූවා ඒ ඒ ගියේ මම හරියටම දන්නෑ ඒත් එයා හරියට මගේ අයියා වගෙ "

" මොකක් උබ කියන්නෙ ඒ ගියේ උබේ ලොකු අම්මගෙ පුතා කියලද "

" ඔව් විනූ උබට මතකද මම අර එදා අපි දෙන්නා මල් කඩේට ගියේ අර පොලිස්කාරයෝ දෙන්නව අන්දන්න. අන්න එදා අර OIC කාරයාගේ ෆෝන් එකේ මම මෙයාගේ ෆොටෝ එක දැක්කා. මතකද මම උබලට කීවේ මම හොයපූ කෙනා මම දැක්ක කියලා ඒ නිසයි එහෙම කීවේ "

" මේ බලපන් උබේ ලොකු අම්මගේ පුතා නැතිවෙලා දැන් අවුරුදු විස්සකටත් වැඩී අවී ඉතින් කොහොමද උබ හරියටම ඒ මෙයා කියලා දැනගත්තේ "

" සැකයක් විතරයි බන් ඒ ෆොටෝ එකේ මේ කොල්ලා හිටියෙ අත් කොට ටී ෂර්ට් එකක් ඇදගන. ඒ හින්දා මම දැක්කා එයාගේ එක අතක මැණික් කටුව ළඟ තියන උපන් ලපය ඒ වගේම උපන් ලපයක් අයියගෙත් තිබිලා තියනවා. මේක අහම්බයක් වෙන්නත් පුළුවන් ඒත් ඒක විතරයි මම ළඟ තිබ්බේ මගේ අයියව හොයාගන්න විනූ. මේ ඉන්නෙ මගේ අයියා නම් මට ලොකු අම්මටයි ලොකු තාත්තටයි මේ ලෝකේ ලොකුම සතුට දෙන්න පුළුවන් ඒත් ඊට කලින් මෙයා ගැන විස්තර දැනගන්න ඕනේ "

" හරි එදා ෆොටෝ වලින් දැක්කා අද ඇත්තටම හම්බුනා මේක අහම්බයක් වුනත් වාසනාවන්ත අහම්බයක් මම හදිස්සි වැඩකට යන ගමන් හිටියේ අපි ආවම මේක ගැන කතා කරමූ. ආ තාත්තා කීවා උබ ආවම හම්බෙන්න කියන්න කියලා අර වේකන්සි තිබ්බ ෆොටෝ ග්‍රැෆර් තනතුරට කෙනෙක් ගන්න එක ගැන කතා කරන්න. උබ අද එනවා කිව්ව නිසාමයි වේකන්සි කැදෙව්වේ මොකද ඉතින් අපිට නම් ඕන මගුලක් උබටනේ එක එකා අල්ලන්නේ නැත්තේ "

"මම බලන්නම් පරිස්සමෙන් ගිහින් වරෙන් "


අවී එහෙම කියලා විනූගේ පිටටත් තට්ටුවක් දාගන සුපුරුදු නපු‍රු හිනාවෙන්ම මුව සරසගන ආයතනය ඇතුලට ගියා. හැමදාමත් වගේ පිලිගැනීමේ නිලධාරිනියන් ලෙස සේවය කර තරුණියන් දෙදෙනා කෙල්ලට මූනිච්චාවට හිනාවෙද්දී පිලිතුරු වශයෙන් කෙල්ලගෙන් නම් මූනිච්චාවටත් හිනාවක් ලැබුනේ නෑ.

කවදාවත් අනික් අයගේ හිත රිදෙයි කියලා හිතමින් වැඩ කරන කෙනෙක් නොවෙයි අවී ඒ ගැන හිතුවත් ඒ කෙල්ලගේ හිතට දැනෙන කෙනෙක් ගැන විතරයි කෙල්ල සහනයක් දැක්වුවේ. හිතින් වෛර කරමින් පිටට හිනාවෙන මිනිස්සුන්ට අවී වෛර කරා මොකද කෙල්ල කෙනෙක්ට කැමති නැත්තන් ඒ කෙනා එක්ක මූනිච්චාවටත් සුහදව රගපාන්න කෙල්ලට ඕන වුනේ නැති නිසා.


" අමාරුවෙන් හිනාවෙන්න ඕන නෑ "


කෙල්ල කට කොනින් හිනාවෙලා එහෙම කියලා සෝපානය වෙත යද්දී සුපුරුදු පරිදී පිලිගැනීමේ නිලධාරිනියන් දෙන්නා කෙල්ලට දෙස් තියන්න ගත්තත් අවී ඒ හැමදෙයක්ම නෑහුනා වගේ ඉදිරියටම ගියා. සෝපානයට නැගලා පස්වන මහලට ආව අවී කෙල්ලගෙ ගමන් මල්ලත් තමන්ගේ කාර්‍යාල කාමරෙන් තියලා තම ප්‍රධානියාව හමුවෙන්න යන්න එළියට එද්දිම විහග කෙල්ලව හොයාගන ආවේ ෆොටෝ කීපයක් අතේ තියාගන. 


" අවියෝ අර නිව්ස් එක උබ එකපාරටම දාන්න එපා කීවනෙ දැන් තමා තේරෙන්නෙ ඒකට හේතුව මේ ෆොටෝ නම් සුපිරි ආ ඒක නෙමේ උබ කොහොමද මේවා ගත්තේ "


විහග අතේ තිබුන ඡායාරූප දිහා බලලා හිනාවෙන ගමන් කෙල්ල යන්න හදද්දී කොල්ලා කෙල්ලගේ අතින් අල්ලගත්තේ කොල්ලගේ ප්‍රශ්නයට පිලිතුරක් නොලැබුනොත් හිස පිපිරිලා යන තරම් හැගීම දැනෙමින් තිබුන නිසාමයි. ඒත් යන්න ගිය කෙල්ලගේ අත අල්ලගත්ත නිසාම අවී කොල්ලා දිහා බලපූ නපුරු බැල්ම නිසාම විහග කෙල්ලගේ අත ඇතෑරලා අඩියක් පිටුපසට වුනේ ඒ නපුරු ඇස්වල තිබුණ බැම දරාගන්න බැරුව.


" ගහන්න නම් එපා රත්තරනේ අමතක කරන්න එපා අපි දෙන්නා කලිසමේ චූ දාගන්න කාලේ ඉදලා යාළුවෝ කියලා"

" උබට නම් අනේ මන්දා විහග බලපන් අර සිල්වත් හිනාවෙනවා බුරුවා. කොයි වෙලේ හරි මගෙන් උබ කනවා ආය ගමකට ඔය කට හින්දා. දැන් මොකක්ද ඕනේ ඔය ෆොටෝ කොහොමද ගත්තේ කියලා දැනගන්නද එහෙනම් අහගනින්කෝ. එදා මායි විනුයි කඩේට ගිහින් මුලින්ම කරේ දොරෙන් ඇතුලට එන අයව පේන විදියට එළියෙන් කැමරාවක් සෙට් කරන එක "

" ඒත් බන් ඒ කැම් එක ඇතුලෙන් සෙට් කරා නම් මීට වඩා හොදට ෆොටෝ ගන්න තිබ්බනේ "

" අනේ යකෝ උබ තුන් වේලටම කන්නේ පුන්නක්කුද බන් ආ ගොනො එහෙම සෙට් කරා නම් ඒකට අපි දෙන්නවත් අහු වෙනවනේ. එතන කඩේ ඇතුලේ හිටියේ මායි විනුයි චූටි අර පොලිස්කාරයෝ දෙන්නයි විතරයි. ඔය මොලේ ටිකක් වෙහසලා බලපන් එහෙම වුනාම කොහොමද ඕක අපේ පත්තරේ රිපෝටර් කෙනෙක් කරපූ එකක් කියලා කියන්නේ. ඇයි මල් කඩේ අයිතිකාරයන්ටත් නොදැනි ගිහින් හැන්ගිලා ගත්තා කියන්නද. ඒකෙන් වෙන්නෙ නැති කුණු ගොඩකුත් මම ඇගේ දාගන් අර පාඩුවේ බිස්නස් එක කරගම ඉන්න දුලාරි අක්කටත් කරදර ඇදලා දෙන එක "

" අඩේ මට ඒක එහෙම හිතුනේ නෑනේ සොරි හොදෙ ආ මේ ෆොටෝ ටික ආර්ටිකල් එකේ මොකක්ද උබට එඩිට් කරන්න ඕන කීවේ"

" එකේ තිබ්බනේ අර සුදු රෝස මල් ගැන සීන් එක ඒක පොඩ්ඩක් එඩිට් කරලා තව කෑල්ලක් ඇඩ් කරන්න තියනවා "

" ඒ මොකක්ද බන් "

" OIC සදෙව් සහ ඉන්ස්පෙක්ටර් අශේන් නුවරඑළියේ ගියේ මිනිමැරුම ගැන ලැබුණ සාක්ෂියක් සම්බන්දවද" 

" මොකක්ද "

" ඕක දාන්න ඕනේ අර ආර්ටිකල් එකේ අන්තිමට එතකොට තමා කුතුහලය වැඩි වෙන්නෙ ඊටපස්සේ මිනිස්සූ ඊළග ආර්ටිකල් එක දානකන් පිස්සුවෙන් වගේ ඉදී "

" අඩේ අවියා උබ නම් යකෙක් යකෝ "

" ඕක අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ උබලා කොහොමත් ඉස්සර ඉදලම කියනවනේ දැන්වත් මට යන්න දීපන් බොසාව හම්බෙන්න ඕනේ "

" ආ යමන් යමන් උබට අලුත් ගෝලයෙක් ඉන්නවා "

" මොකක් "

" පලයන්කො රත්තරනේ ගියාම දැනගන්න පුළුවන් "


විහග කෙල්ලව හිරාන්ගේ කාර්‍යාල කාමරය වෙත තල්ලු කරමින් එහෙම කියද්දී කෙල්ල ඡ්යාරූප ටික කොල්ලගේ අතෙන් තියලා කෙල්ලගේ කාමරය ඇස් වලින් පෙන්නුවා. කෙල්ලගේ ඉගිය තේරුම් ගත්ත කොල්ලා හිනාවෙලා හිස වනද්දී කෙල්ල හිරාන්ගේ කාමරය දෙසට ගියේ විහග කිව් දේ ගැන කුතුහලයෙන්. කෙල්ල දොරත් ඇරගන ඇතුලට යද්දිම හිරාන්ගෙන් ලැබුනේ සුහද පිලිගැන්මකට වඩා රාජකාරිමය පිළිගැනීමක්. ඒ නිසාමයි කෙල්ල හිරාන්ගේ ඉදිරියේ අසුන්ගෙන ඉන්න කෙනා දිහා බැලුවෙ මොකද කෙල්ල දන්නවා හිරාන් මෙහෙම හැසිරෙන්නේ තවත් කෙනෙක් කාමරයේ සිටින විට කියලා.


" එන්න එන්න මිස් අවිනි මේ ඉන්නෙ ඔයාගේ අලුත් සහයකයා "

" සර් ඒ කීවේ "

" ඇයි ඉතින් කලින් වැඩ කරපු මිනිහා එක්ක වලි ..."


WHITE ROSE_🤍_WHITE ROSE_🤍_WHITE ROSE_🤍


අවී හෙව්වේ එතකොට විහස්වද එහෙම නම් විහස් අවී කියන්නේ කොල්ලගේ නන්ගි කියලා දැනගත්තම මොන වගේ තීරණයක් ගනීද කෙල්ලගේ ඇත්ත හැමෝටම කියයිද නැත්තන් කෙල්ලව ආරක්ෂා කරයිද. දේව් හොයන කෙල්ලගේ අම්මගේ මෙඩිකල් රිපෝට්ස් එක්ක අවීගේ තාත්තගේ මොකක්ද තියන සම්බ්දන්දේ... ප්‍රශ්න ගොඩයි නේද ...🕊


To be continue 🤝

⃝➤⃟🥀🄰🄺➤⃟🥀_✍️






Report Page