WHITE ROSE_🤍

WHITE ROSE_🤍

Ak ᭄☆🥀_✍️
හිතුවක්කාර සුදු රෝස මලක් නුඹ

පෙර කොටස

https://telegra.ph/WHITE-ROSE-06-13


10 - කොටස 

ඒත් අශේන්ට කෙල්ලව අමතකව ගියත් දේව්ට කවදාවත් කොල්ලගේ සුදු රෝස මල අමතක කරන්න පුළුවන් වුනේ නෑ. කෙල්ලගේ කුඩාකල රුව පමණක් කොල්ලගේ හිතේ තාමත් ඇදිලා තිබුනත් මේ වෙනකන් කොපමණ උත්සහා කරත් ඒ රූපෙන් කොල්ලට කොල්ලගේ රෝස මල හදුනගන්න පුළුවන් වුනේ නෑ. ඒත් කවදාවත් දේව් කොල්ලගේ අධිෂ්ඨාන නැති කරනොගත්ත නිසාම කොල්ලා පුළුවන් හැම විදියටම කෙල්ල ගැන හොයන්න උත්සහා කරා. අවුරුදු විස්සක් ගෙවිලා ගියත් කොල්ලගේ හිතේ ලොකු බලාපොරොත්තුවක් තිබුණා කොල්ලගේ රෝස මල තාමත් තමන් වෙනුවෙන් බලන් ඇති කියලා.


" දේව් උබ හොදින්ද "

" ඔව් මම හොදින් බන් මට කෙල්ලව මතක් වුනා "

" අඩුම කෙල්ලගේ නමක්වත් හරියට නොදැන ඊටත් පොඩිකාලේ ෆොටෝ එකක් විතරක් තියාගන උබ කොහොමද කෙල්ලව හොයාගන්නේ "

" ඒක මම දන්නෑ ඒත් කොහොම හොයගන්නවා කියලා මට විශ්වාසයි අශේන් "

" උබ හිතනවද කෙල්ලට අපිව මතක ඇති කියලා "

" දන්නෑ ඒත් අමතක නම් අපිව මතක් කරන්න ඕන විදියත් මම දන්නවා "


අවසන් කරන්න ගිය කතාවම නැවත ඇදි ඇදි යද්දී දේව්ගේ හිත ගියේ අතීතයට. කොල්ලට මතක් වුනේ අශේන්ගෙත් කොල්ලගෙත් අත් අතරට මැදි වෙලා හිනාවෙවී හුරතල් කතා කියවන කොල්ලගේ රෝස මලව. කොල්ලා කෙල්ලගේ නමක්වත් දැනන් ඉදියේ නෑ ඊටත් වඩා කොල්ලො දෙන්නට කෙල්ලගේ නමක් දැනගන්න ඕන වුනේ නෑ මොකද කොල්ලො දෙන්නම කෙල්ලට කතා කරේ සුදු රෝස මල කියලා.

දේව්ගේ නන්ගිත් කොල්ලගේ රෝස මලත් එකම වයසෙම වුන නිසා කොල්ලා කෙල්ලට සුදු රෝස මල කියද්දී කොල්ලගේ නන්ගිට අශේන් දේව් දෙන්නම කතා කරේ රතු රෝස මල කියලා. කෙල්ලො දෙන්නම ඒ නම් දෙකට ගොඩක් ආදරේ කරා මොකද කෙල්ලො දෙන්නට ඒ නම දැම්මේ කෙල්ලෝ දෙන්නාට මේ ලෝකේ ගොඩක්ම ආදරේ කරපූ කොල්ලො දෙන්නා නිසා. 


" දේව් අපි යමූ තාත්තත් ආවා "

" හරි යමූ "


කොල්ලා කල්පනා ලෝකෙන් මිදිලා ආයම වතාවක් අවී දිහත් බලලා කොල්ලො තුන්දෙනා එක්ක දිනුකගේ නිවසට ගියේ වාහනේ එම නිවසේ නවතා තිබුණ නිසා. කට්ටියම නිවසට පැමිණෙනකොට රාත්‍රී එකලොහත් පහුවෙලා තිබුණ නිසාම ආවම ගමන්ම කොල්ලො ටිකගේ ඇස්වලට නින්ද ළඟ වුනා. ඒත් සමන් තාමත් හිටියේ මහසෙන් කියපූ කතාව ගැන සිතමින් නිසාම සමන්ට නම් ලේසියෙන් නින්ද ලගා වුනේ නෑ. 


" සාරදාට මොකක්ද සිද්ද වුනේ එතකොට සාදාගේ දුව හැදුනේ කා එක්කද මට මේ මුකුත් හිතාගන්න බෑ. ඒත් මහසෙන් කිව්ව විදියට මේ දේවල් නොදන්නවා වගේ ඉන්න එක අපි හැමෝටම හොදයි කියලා හිතෙනවා. ඒත් කෙල්ල සාරදා වගේමයි ඒ හිනාව ඒ ඇස් ඒත් සාරදාගේ ඇස්වල තිබුණ අහිංසකකම අවිනිගේ ඇස්වල නෑ ඒ ඇස් ගොඩක් හිතුවක්කාරයි "


විවිධ දේවල් කල්පනාවට එද්දී සමන් ඇස් පියාගන නිදාගන්න උත්සහා කරත් නින්දක් නම් අහලකටවත් ආවේ නෑ. ඒ වෙනුවට සිද්ද වුනේ අවීගේ මවගේ රූපය සමන්ගේ ඇස් අතර සැරි සරන එක පමණයි.


WHITE ROSE_🤍_WHITE ROSE_🤍_WHITE ROSE_🤍


" අවී මම උබව බස් එකට දාන්නම් යමූ"

" හරි යමූ බන් අම්මා මම ගිහින් එන්නම් අන්කල් මම ගිහින් එන්නම්කො ආය පසසේ දවසක "

" පරිස්සමෙන් යන්න පුතේ "


අවී සමාධිගේ දෙමව්පියෝන්ටත් වැදලා ආශිර්වාද අරගන සමාධි එක්කම පිටත් වුනා. නුවරඑළියේන් බස් එකට නැගපූ කෙල්ල බස් එකේ ජනේලයක් ළඟ අසුනක ඉදගත්තෙ ගමන අතරමගදී කල්පනා කරන්න ගොඩක් දේවල් කෙල්ලට තිබුණ නිසා. සමාධිටත් නොකියම අවීට ඕන වුනේ කෙල්ලගෙ ජීවිතේ ලොකුම හයිය වුන කෙල්ලගේ ලොකු අම්මව බලන්න යන්න. කෙල්ලගේ මව වුන සාරදාගේ එකම සහෝදරිය වුනේ මනොජා ඒ වගේම කෙල්ලගේ දෙවනි අම්මා වුනෙත් මනෝජමයි.

කෙල්ලගේ මව නැති වුන දා පටන්ම කෙල්ල හැදී ඇඩුනේ මනෝජත් මනොජගේ සැමියා වුන සුරේන්ගෙත් තුරුළේ. මනෝජත් දරුවෙක් අහිමි වුන දුකින් ඉදි නිසාත් තමන්ගේ එකම සොහොයුරියගේ දියණිය නිසාත් අවීව බලාගත්තේ තමාගෙම දියණියක් වගේමයි. සුරේන්ටත් අවීව දැනුනේ තමන්ගේම දියණියක් විදියට සුරේන් කිසිම දිනක කෙල්ලව නරක ඇසකින් නම් දුටුවේ නෑ. තාත්තා කෙනෙක් වගේම කෙල්ලව පරිස්සමෙන් බලාගත්තා ඒ නිසාමයි කිසිම කෙනෙක් කියන දෙයක් නාහන කෙල්ල මනෝජටත් සුරේන්ටත් කීකරු වුනේ. 


" හෙලො ලොකු තාත්තා මාව ගන්න එන්න පුළුවන් ද මම තව පැය භාගෙකින් ටවුන් එකේ "

" හරි සුදූ දූ මම එන්නම් පරිස්සමෙන් එන්නකෝ "


හැමෝටම අවී වුන අවිනි මනෝජටත් සුරේන්ටත් සුදූ දූ වුනා ඒකට හේතුව වුනෙත් සාරදා මනෝජගේ සුදු නන්ගි වීමයි. කෙල්ල කල්පනාවෙන් කල්පනාවෙන්ම බහින තැනටම පැමිණි නිසාම ඉක්මනින් බසයෙන් බැහැගන වටේටම ඇස් යැව්වේ කෙල්ලගේ ලොකු තාත්තා ඉන්නවද කියලා දැනගන්න. සෙනග අතරින් කෙල්ලට අත වනන සුරෙන්ව දැක්කම කෙල්ල හිනා වෙලාවම සුරේන් ලගට ඇදුනේ ගමන් මල්ලත් එක උරයකට දාගන්න ගමන්මයි.

අවී සුරෙන් ලගට ගිය ගමන්ම සුරේන් කෙල්ලගේ ගමන් මල්ල තමන්ගේ අතට අරගෙන කෙල්ලගේ කර වටා අතක් දාගන සෙනග අතරින් මිදිලා වාහනේ නවතපු තැනට ඇවිදන් ගියේ කෙල්ලගේ කන් දෙක පුරවන ගමන්. සුරෙන් කියන්නේ ගොඩක් විනෝදෙන් ඉන්න කෙනෙක් නිසාම සුරේන් එක්ක ඉන්න ගොඩක් අයගේ මූණූවල ලොකු හිනාවක් ඇදුනා ඉතින් සුරේනුත් මනෝජත් ළඟදී විතරක් කීකරු වුන කෙල්ලට සුරේන්ගේ ඒ විනෝදශීලි බව ගෙනාවේ ලොකු සැහැල්ලුවක්. 


" මගේ කෙල්ල දැන් නම් ඉස්සරටත් වඩා නපුරු වෙලානේ "

" ලොකු තාත්තා ඔයා ඉතින් ඉස්සරට වඩා කියවන්න අරන් "

" අපෝ හරි හරි මේ කෙල්ල නම් අනේ මන්දා පුදුම නපුරියක් වෙලා දන්නවද අන්න එයාගේ සුදු දූ එනවා කියද්දී ඔයාගේ ලොකු අම්මා බලන් ඉන්නේ පුදුම සතුටකින්. මාවත් අමතක වෙලා ගිහින් එයාට මේවා නම් මහ කැත වැඩ "

" අපෝ ලොකු තාත්තා ඔයා මටත් ඊරිසියා කරනවනේ ඉස්සර අයියටත් ඔහොම තමා ඊරිසියා කරන්න ඇත්තේ"


අවී සුපුරුදු හිනාවෙන් ඒ වචන පිට කරත් සුරේන්ගේ මුහුණ වෙනස් වෙලා යද්දී කෙල්ලගේ මුවින් නොකිය යුතු දෙයක් පිට වෙලා තියන බව කෙල්ල තේරුණා. සුරේන්ගෙත් මනෝජගෙත් දුර්වල තැන වුනේ එතන ඒ මේ දෙදෙනගේම ආදරේ සංකේතය වුන එකම දරුවාගේ අහිමි වීම. අවීට අවුරුදු තුනකට වඩා වැඩිමල් පුතෙක් මනෝජටත් සුරෙන්ටත් ඉදියත් ඒ දරුවට අවුරුදු පහක් වෙද්දිම මිනිස්සූ කීපදෙනෙක් සිද්ද කල පැහැර ගැනීමක් නිසා ඒ දරු සම්පත අහිමිවෙලා ගියා.

මනෝජගේ පලමු දරු උපතත් සමගම ගර්භාෂය අයින් කිරිමට සිදු වූ නිසාම ඔවුන්ට තවත් දරුවෙක් ගැන සිතීමත් තවත් හීනයක්ම වෙද්දී සාරදා අවීවත් රැගෙන මේ දෙපල ලගට පැමිණියේ දේවදූතියක් වගේ. ඒ වෙනකොටත් කෙල්ලට අවුරුදු දෙකක් පමණ වුන නිසාම දරු සම්පත අහිමි මනෝජගෙත් සුරේන්ගෙත් ජීවිතවලට නැවුම් බලාපොරොත්තුවක් එකතු කරේ අවී. 


" ලොකු තාත්තා මට සමාවෙන්න මම ඒක නිකන්ම කියවුනා ඒත් බය වෙන්න එපා මම ඉක්මනින් සුදු අයියව හොයාගන්නවා ඇත්තමයි "

" මම දන්නෑ පුතේ මගේ දරුවා ජීවත් වෙලා ඉන්නවද නැද්ද කියලාවත් එහෙම ජීවත් වෙනවා නම් මොන තත්වෙන් ඇද්ද කවුද දන්නේ "

" ලොකු මාමේ අයියා කවුරු එක්ක ඉදියත් එයාගේ ඇගේ දුවන්නේ ඔයාගෙයි ලොකු අම්මගෙයි ලේ. ඉතින් ඔයාලා දෙන්නගේ ලේ වරදක් කරන්න පුළුවන් ද එහෙම බෑ නේද ඒ නිසා දුක් වෙන්න එපා ඔයාලගේ මේ සුදු දුව ඔයාලට ඔයාලගේ පුතාව ගෙනත් දෙනවා "


අවී දැඩි විශ්වාසවන්ත හඩකින් එහෙම කියද්දී සුරේන් කෙල්ලගේ හිස අතගෑවෙ ආදරෙන්. තමන්ගෙත් තම බිරිදගෙත් පාළුවෙලා ගිය ජීවිත වලට බලාපොරොත්තුවක් ගෙනාව සුරංගනාවි වුනේ අවී ඉතින් ඒ හිත්වල කෙල්ල ගැන තිබුණේ විශාල ආදරයක්. කෙල්ලටත් ඒ හා සමානව ආදරයක් තමන්ගේ ලොකු තාත්තත් අම්මාත් ගැන දැනුනේ කෙල්ලගේ පියා ගැන කිසිම හොද මතකයක් කෙල්ල එක්ක නොමැති වුන නිසාමයි. ජීවත්ව ඉදියත් කෙල්ලට තමන්ගේ පියා මිය ගියා හා සමාන වෙද්දී කෙල්ලට පිය සෙනෙහස ලැබුනේ සුරේන්ගෙන් වෙද්දී තවත් මොන කරුණක්ද ඉතින්.


" යමුද දැන් ලොකු අම්මා මග බලන් ඇති එයාගේ සුදු දූ එනකන් "

" යමූ "


කෙල්ල යන්තම් හිනාවෙලා එහෙම කියද්දී සුරේන් වාහනය පදවගන ගියේ ඔවුන්ගේ නිවසට. විශාල වත්තක් මැද පිහිටපූ තනි තට්ටුවේ නිවසට යන පාර දිගටම මනෝජා විසින් විවිධ සුන්දර මල් වවා තිබුනත් කෙල්ල ආදරේ කරපූ සුදු රෝස මල් පාත්තිය තිබුණේ කෙල්ල නිවසේ ගත කරන විට නැවතී හිටපූ කාමරයේ ජනේලය කෙලින්. මේ රෝස පදුර මනෝජා බලාගත්තේ ලොකු ආදරේකින් මොකද ඒ අවීගේ හිත නිවන එකම සැනසුම නිසා.

ඒ වගේම රතු රෝස පාත්තියකුත් අලංකාරව වවා තිබුණේ අවීගේ වාහනය ගෙන එන පාරට අනෙක් පසින් නිසාම කෙල්ල ඒ දෙස බැලුවේ වෛරය පිරුණ දෑස් වලින්. එක පසක සුදු රෝස මල් පාත්තිය කෙල්ලගේ හිත නිවලා දාද්දී අනෙක් පසින් රතු රෝස මල් පාත්තිය කෙල්ලගේ හදවතේ හිර කරගන ඉන්න ගින්න අවුලවලා දැම්මා. කෙල්ලගේ මවගෙත් මනෝජගෙත් ප්‍රියතම මල් වර්ගය වුනේ රතු රෝස නිසාමයි මේ මල් පාත්තිය අලංකාරව වවා තිබුනේ.


" සුදූ දූ "

" ලොකු තාත්තා "

" තාමත් රතු රෝස වලට වෛර කරනවද "

" මම මැරෙනකන්ම ඒ වෛරට කවදාවත් නැති වෙන්නෙ නෑ ලොකු තාත්තා මගේ තාත්තටයි රතු රෝස වලටයි මම මැරෙනකන්ම වෛර කරනවා. මොකද මගේ අම්මා මැරෙනකන්ම ආදරේ කරේ ඒ දෙකට නිසා එයාගේ මරණේට හේතු වුනෙත් ඒ ආදරේම තමා. ලොකු තාත්තා දන්නවද අම්මා අර වැදගම්මකට නැති මගේ තාත්තා කියන මනුස්සයට පිස්සියක් වගේ ආදරේ කරා ඒත් අන්තිමට මොනාද එයාට ලැබුනේ "

" අපේ ජීවිතේට නොගැලපෙන කෙනෙක් ලැබුනම කාටත් ඒ දේ වෙනවා සුදු දූ ඒත් ඔයාගේ අම්මා කරපූ වරද ඔයා කරන්න එපා තේරුණාද "

" ආදරේ ඒ අකුරු තුන නිසා ජීව්තයක් නැති වෙන්නත් පුළුවන් මැරුන කෙනෙක්ට පන දෙන්නත් පුළුවන් "


සුරෙන් කෙල්ලට කියපූ දේට හාත්පසින්ම වෙනස් උත්තරයක් කෙල්ලගේ මුවින් පිට වුනත් කෙල්ල ගැන කාටත් වඩා හොදින් දන්න සුරේනට නම් එහි ලොකු පුදුමයක් දැනුනේ නෑ. නිවස ඉදිරියෙම නවත්තනු ලබපූ වාහනෙන් බැහැගත්ත කෙල්ල තමන්ගේ ලොකු අම්මාව හොයාගන කාමරයටම ගියේ කෙල්ලව බලන්න එන්න තරම් හැකියාවක් ඇයට නැති නිසාමයි. ඔව් කෙල්ලගේ ලොකු අම්මාට ඇවිදගන්න තරම් හයියක් ඒ මහලු දෙපාවලට තිබුනේ නෑ. ඒත් රෝද පුටුවට වෙලා කෙල්ල එනකන් ජනේලයෙන් මග බලන් ඉන්න තරම් ඒ ආදරය ශක්තිමත් වුනා. 


" ලොකු අම්මා "

" මගේ මැනික ආවා නේද මාව බලන්න"

" මගේ වැඩ තාමත් ඉවර නෑ ලොකු අම්මා ඒ නිසා ඔයාව බලන්න එන්න පුළුවන් වුනේ නෑ ඒත් මට ඔය දෙන්නව ගොඩක් මතක් වෙනවා "

" මම දන්නවා රත්තරනේ ඒකනේ මම ඔයාට කරදර නොකර හිටියේ ඒත් මට සතුටුයි මගේ කෙල්ලව දකින්න පුළුවන් වුන එකට. දැන් නම් මගේ අහිංසක සුරංගනාවිගේ ඡායාවක්වත් පෙන්න නෑ ඔයා ගොඩක් වෙනස් වෙලා මැණික් "

" ඒ වෙනස හොද නැද්ද ලොකු අම්මා දැන් ලේසියෙන් කාටවත් ඔයාගේ දුවව රවට්ටන්න බෑ හරියට ඔයාගේ නන්ගිට කරා වගේ "

" ඒත් මම ආස මගේ පුංචි සුදු රෝස මලට "

" සුදු රෝස මලක වුනත් නටුවේ කටු තියනවනේ ලොකු අම්මා මමත් හරියට ඒ වගේ තමා. ඔයාගේ සූදු රෝස මලම තමා මම ඒත් රෝස මලේ වුනත් පිපෙන්න පිපෙන්න කටුත් ශක්තිමත් වෙනවනේ මමත් ඒ වගේ ශක්තිමත් වුනා එච්චරයි "

" මේ කෙල්ල එක්ක නම් ඔයාටවත් කතා කරලා දිනන්න බෑ මනෝජා "

" ඒක ඇත්ත සුරේන් මගේ අහිංසක කෙල්ල දැන් ගොඩක් නපුරු වෙලා මුළු ලෝකෙටම නපුරු වෙලා වෙලාම දැන් අපි දෙන්නටත් නපුරුකම් කරන්න අරන්. ඒකනේ ඉස්සර තිබුණ ලස්සන හිනාවවත් පෙන්නනේ නැත්තේ "

" ලොකු අම්මා බඩගිනි කන්න දෙන්නේ නැද්ද ඔයාට කියන්න බඩුවකුත් තියනවා හැබැයි ඔයාට විතරක් නෙමේ ඔය දෙන්නටම"

" එහෙනම් කෑම කාලම කියන්නකො සුරේන් යමු ඔයත් කෑමත් නොකාමනේ ගියේ "


අවී මනෝජගේ රෝද පුටුව තල්ලු කරගන කාමරෙන් පිටතට එද්දී සුරේනුත් ඒ පිටිපස්සෙන් ඇදුනේ කාලෙකට පස්සේ තමන්ගේ බිරිදගේ සතුටින් පිරිලා ගිය මුහුණත් හිත පුරා විදගනිමින්. කෙල්ලත් මනෝජත් සුරේනුත් කෑම මේසයට යද්දී නිවසෙ වැඩට ඉන්න සිරිමා කෑම මේසයට යවලා හැමදේම සූදානම් කරලා තිබුණා. මනෝජාගේ කකුල් පන නැති වීමත් සමගමයි මීට අවුරුදු විස්සකය පමණ පෙර සිරිමා මේ නිවසට ආවේ. එදා පටන් නිවසෙම සාමාජිකයෙක් විදියට සිරිමටත් සැලකුම් ලැබුනේ මනෝජා සුරෙන් යුවලගේ තිබුණ උණුවෙන හදවත් නිසාමයි.


WHITE ROSE_🤍_WHITE ROSE_🤍_WHITE ROSE_🤍


" දේව් දැන් කොහෙටද යන්න ඕනේ "

" මේ ඇඩ්‍රස් එකය යමන් අපි හිතමූ ඉක්මනින් හොද හෝඩුවාවක් ලැබෙන්න කියලා "

" හරි මම වාහනේ ගන්නම් "


අශේන් යතුරත් අරගන රියදුරු අසුනට ගොඩ වෙද්දී දේව් ඊට එහා පැත්තේ අසුනට ගොඩ වුනා ෂෙහාන් වෙනුක දෙන්නත් පිටුපසට ගොඩ වෙද්දී අශේන් වාහනේ පාරට දාලා දේව්ගෙන් ලැබුණ ලිපිනයට වාහනය පදවන්න ගත්තා. ගමන ආරම්භයේ සිටම කොල්ලො හතරදෙනාගෙම තර නිශ්ශබ්දතාවක් පැවතුන නිසාම වෙනුක කටහඩ අවදි කරේ මොන තරම් වැදගත් දෙයක් කරන්නට ගියත් කොල්ලට නිහඩව ඉදීම නම් පුරුද්දක් නොවුන නිසා. 


" දේව් දැන් උබ කෙලින්ම ගිහින් ඔය සිම් එක දාගන ඉන්න එකාගෙන් අහනවද මේ මිනිමැරුම ගැන "

" මූ උදේම බිව්වද ෂෙහාන් "

" දැන් නම් මටත් හිතෙනවා දේව් ඒක "

" මොන මගුලක් ද උබලා කියවන්නේ මම දන්නෙ නැති නිසා ඇහුවේ උබයි අශේනයි පොලිසියේ වැඩ මූ ලෝයර් තොපිලට මිනිමැරුවෝ එක්ක සම්බන්ධකම් තිබ්බට පාඩුවේ බිස්නස් බලාගන ඉන්න මට ඕවා පුරුදු නෑ "

" ඒ ගැන අපි කතා නොකර ඉමූ නේද වෙනුකයා මොකද ඉතින් මොනාහරි මිනිමැරුමක් මන්කොල්ලයක් අල්ලගන්න ගියාම මමනේ උන්ගෙන් ආතල් ගන්නේ "


දේව් වෙනුක දිහා බලාගන කට කොනින් හිනාවෙලා එහෙම කියද්දී අනික් කොල්ලො දෙන්නත් හිනාවෙන්න හත්තේ දේව්ගේ කතාව සත්‍ය නිසා. නිල නොලත් අපරාධ පරික්ෂණ කණ්ඩායමක් ලෙසින් වුන මේ මිත්‍ර කණඩායමේ සිදුකරන හැම ක්‍රියාවකදීම වෙනුකගේ වැඩේ වුනේ අලගන්න අපරාධකාරයවත් අල්ලගන විහිළු තහළු කිරීමයි. තමන්ගේ වරද හසුවීමෙන් වෛරයෙන් ඉන්න අපරාධකරුවන් කොල්ලගේ විහිළුවට ලක්වීමෙදී තවත් තවත් කේන්ති ගනිමින් හැසිරෙන විදියෙන් වචනෙන් නොකීවත් අනික් කොල්ලො පස්දෙනත් ලොකු විනෝදයක් ලැබුවා. මුහුණ ආවරණය කරගත් මේ රහස් කල්ලිය නිසාම අපරාධ කරුවන් බොහොමයක් නීතියේ රැහැනට හසු වුනත් ඒ හැම ප්‍රසංසාවක්ම ලැබුනේ පොලිසියට වුනත් අනෙක් කොල්ලො තුන්දෙනාගෙන් කිසිම කෙනෙක් ඒ ගැන අහිතක් හිතුවේ. දේව් අශේන් පොලිසිය ඇතුලතිනුත් ෂෙහාන් නීතිය උසාවිය පැත්තෙනුත් වෙනුක මුදල් සහ අමතර සහයක පිරිස් ලබාදීමටත් විහස් තාක්ෂණික කටයුතුත් බලාගත්ත නිසාම මේ කුඩා කල්ලිය විශාල අපරාධ කරුවන් පවා නිතිය රැහැනට අල්ලා ගනීම් සිද්ද කරා.


" හරි හරි උබ කරන්න යන දේ කියපන්කො "

" අපි මුලින්ම මේ ඇඩ්‍රස් එකට ගිහින් අර මැරුණ මිනිහා අදුරන කෙනෙක් විදියට කතා කරමූ හරියට මරණේ ගැන මොනාහරි දෙයක් දන්නවා වගේ එතකොට අපිට පුළුවන් වෙයි ඒ කවුරු වුනත් ඒ කෙනා මේ මරණේ ගැන දන්න දේවල් දැනගන්න. මුලින්ම එහෙම කරොත් අපිට පුළුවන් රාජකාරි මට්ටමින් දැඩි තීරණ ඇරගන වුනත් මේ කෙනාගෙන් ප්‍රශ්න කරන්න. අඩුම පොඩි ඉගියක් හරි ලැබුණොත් මේ කෙනා ඒ මිනිමැරුම ගැන මොනාහරි දෙයක් දන්නවා කියලා අපිට ඉහලින් එන ප්‍රශ්න වලට බය වෙන්න දෙයක් නෑනේ බන්. අපිට විශ්වාසයිනේ මේ කෙනා මොනහරි දන්නවා කියලා ඒක කොහොම හරි එළියට ගන්න තියෙන්නේ "

" උබේ කතාව ඇත්ත දේව් අපි සිවිල් පිට යන එකෙන් යුනිෆෝම් එකෙන් යනවට වඩා දේවල් දැනගන්න චාන්ස් එක තියනවා. මීට කලිනුත් අපිට මේ වගේ වාසි වෙලා තියනවනෙ "


අශේන් ලොකු හිනාවකින් මුව සරසගා එහෙම කියද්දී කොල්ලො තුන්දෙනාම හිස ඉහල පහල කරේ ඒ කතාව අනුමත කරමින්.


" විහසුත් හිටියා නම් අපේ ටීම් එක සම්පූර්ණයි නේද බන් "

" ඔව් ෂෙහා ඌත් හිටියා නම් තමා මරූ මොන අවදානම් වැඩේට ගියත් විනෝදෙන් ඉන්න එකනේ අපේ ප්‍රධාන අරමුණ "


වෙනුකත් හිනාවෙවී එහෙම කියද්දී අශේන් ෂෙහාන් දෙන්නත් ඒ හිනාවට එකතු වුනා. කොල්ලො තුන්දෙනාගෙම හිනාව වාහනය පුරා පැතිරිලා යද්දී දේව් යන්තමින් සිනාසුනේ තමනුත් අශේනුත් තමන්ගේ රාජකාරිය වෙනුවෙන් මෙවැනි කාර්‍යන් සිදු කළත් ෂෙහාන් වෙනුක විහස් කොල්ලො තුන්දෙනාම මෙම කාර්‍යන් එක් වුනේ හුදෙක් විනෝදයත් මිතුරන්ට සහය වීමත් නිසා බව දන්න නිසාමයි. 


" දේව් අපි තැනට ආවා හතරදෙනාම යනවද එහෙම නැත්තන් එක්කෙනෙක් විතරක්ද "

" උබයි වෙනුකයි කාර් එකේ ඉදපන් මායි ෂෙහානයයි යන්නම් ගෙදරට "

" හරි ගන් එක අරන් පලයන් කෝකටත් පරිස්සමෙන් දෙන්නම "


අශේන් කොල්ලගේ පිස්තෝළය අතට දෙමින් දේව් දිහත් ෂෙහාන් දිහත් බල්ලා එහෙම කියද්දී කොල්ලා පිස්තෝලය අශේන්ගේ අතින් අරගන ඇදන් හිටපූ ලෙදර් ජැකට් එක යටින් සඟවා ගත්තා. දෙදෙනම සූදානම් වග දැනුන නිසා කොල්ලො දෙන්නම ඇස් වලින් ඉගි කරගන වාහනෙන් බැහැලා නිවස දෙසට ඇවිදන් යද්දී වෙනුකත් අශේනුත් ඒ දිහාම ඇස් දල්වන් ඉදියේ නිවසෙන් මතුවෙන පුද්ගලයගේ මුහුණ බලාගැනීමේ අදහසින්.

දේව් ෂෙහාන් කොල්ලො දෙන්නම නිවසේ සීනුව නාද කරලා බලන් ඉදියත් කිසිම ප්‍රතිචාරයක් නොතිබුන නිසාම නැවත වරක් සීනුව නාද කරන්න ගත්තා. දෙවනි වර සීනුව නාද වී මොහොතකට පසුව දොරේ අගුල කරකැවෙන හඩක් ඇසෙද්දී කොල්ලො දෙන්නම දොර ළඟින් අඩියක් පිටුපසට විත් බලන් හිටියේ ඇතුලතින් පිලිතුරක් ලැබෙනකන්.


" මේ මහත්තයලා කවුද "


අවුරුදු හතළිස් පහක් පමණ වුන පියකරු කාන්තාවක් ඇරුණු දොරින් මතු වෙද්දී කොල්ලෝ දෙන්නම මුහුණෙන් මූණ බලාගත්තේ කිසිවක් සිතාගත නොහැකිව. ඊලගට පවසන්න අවශ්‍ය දේ ගැන අදහසක් ෂෙහාන්ට නොතිබුණ නිසාම කොල්ලා දේව්ට ඉගි කරේ කතා කරන්න කියලා.


" මේ මිස්ට රවින්ද්‍රන් මුණසිංහගේ කවුද"

" මම එයාගේ කවුරුත් නෙමේ ඔයාලා කවුද කියනවද ඇයි මෙහෙම මගේ ගෙදරට ඇවිත් මම දන්නේ නැති කෙනෙක් ගැන ප්‍රශ්න අහන්නේ "


දොර අගුලත් එක් අතකින් මිරිකගන අනෙක් අතෙන් ඇද සිටි සායේ කොනක් මිරිකගන කොල්ලෝ දෙන්නට ඒ විදියට කෑගැහපූ ගෑණූ කෙනා කොල්ලො දෙන්නගේ මූණටම දොර වසා දමන්න හැදුවත් ඊට කලින් ඉක්මන් වුන දේව් දොරට අතක් තබාගත්තා. දේව්ගේ ශක්තිමත් බාහුවක් දොරට තද වෙද්දී ඒ ගෑණූකෙනාගේ මූණ බලාගන ඉද්දිම වියරු වැටිලා ගියේ තමන්ගේ නිවසටම පැමිණ මෙලෙස හැසිරෙන කොල්ලෝ දෙන්නා ගැන තිබුණ කේන්තියටමයි.

ඒත් දේව්ට නම් ඒ ගැන කිසිම ගානක් වුනේ නෑ කොල්ලගේ එකම අරමුණ වුනේ මේ මිනිමැරුමට මෙම කාන්තාවගේ කිසියම් සම්බන්දයක් හෝ ඒ ගැන යම් තොරතුරක් ගැන දැනගත හැකිද යන්නයි. රවින්ද්‍රන් නම ඇහෙනවත් එක්ක කාන්තාවගේ මුහුණේ සිදුවුන වෙනස් වීම කොල්ලෝ දෙන්නම හොදින්ම දැක්ක නිසාම මෙම කාන්තාව පවසන්නේ බොරුවක් බව කොල්ලො දෙන්නටම දැනුන හින්දා දේව්ගේ මූණේ නම් ඇදුනේ තෘප්තිමත් සිනාවක්.


" මිස් අපි ආවේ වැදගත් වැඩකට අපි හොදටම දන්නවා මිස්ට රවින්ද්‍රන් මුණසිංහ ගැන දන්නවා කියලා. ඒ නිසා අපි පොඩ්ඩක් ඇතුලට ගිහින් කතා කරමුද මිස්ට රවින්ද්‍රන් තමයි මිස්ගේ ඇඩ්‍රස් එක දුන්නේ ගිහින් හම්බෙන්න කියලා. ඒත් අවාසනාවකට අපිට මිස්ව හම්බෙන්න අවස්තාවක් ලැබෙද්දී මිස්ට රවින්ද්‍රන් අපිව දාලා යන්නම ගිහින් "

" මොකක්ද රවිද කීවේ මාව හම්බෙන්න කියලා ඒත්.. "

" අපි මෙහෙම දොරකඩ ඉදගනම කතා කරන එක අපි දෙගොල්ලන්ටම හොද මදි නේද මැඩම් "

" අහ් එන්න ඇතුලට ඒත් මට තමා හිතාගන්බ බැරි ඇයි රවී ඔයාලට මාව හම්බෙන්න කීවේ කියලා. එයා කාටවත් අපි ගැන කියලා නෑනේ අනික එයාගේ මර්ඩර් එක මොනාද මේ සිද්ද වෙන්නෙ. ඇවිත් ඉදගන්න "

" මැඩම්ගේ නම "

" වට් ඔයාලා මගේ නම දන්නෙ නැද්ද එහෙනම් කොහොමද මෙහේ ආවේ කරුණාකරලා යන්න මේ ගෙදරින් එළියට "

" නෑ නෑ මැඩම් කලබල වෙන්න එපා අපිට මිස්ට රවින්ද්‍රන් නේ ඇඩ්‍රස් එක දීලා කිව්වා මේ ඇඩ්‍රස් එකේ ඉන්න කෙනාව හම්බෙන්න කියලා ඊට වැඩිය විස්තරයක් කීවේ නෑ "


ෂෙහාන් නිහඩවම නිවස පුරා අධනයක යෙදෙද්දී දේව් පුළුවන් තරම් සන්සුන්ව එම කාන්තාවගෙන් තොරතුරු එලි කරගන්න උත්සහා කරත් ඒ වැඩේ හිතන තරම් ලේසි නොවන බව නම් කොල්ලට දැනුනා. ඒත් මොන තරම් බොරු කියන්න වුනත් මේ මිනිමැරුමට සම්බන්ද කුඩාම සාක්ෂියක් හරි ලබා ගැනීම කොල්ලගේ එකායන අරමුණ වුන නිසාම පරාජය භාර නොගෙනම කොල්ලා දිගටම කතාව කරගන ගියා.


" ඒත් ඇයි රවී එහෙම දෙයක් කරේ අර ෆයිල් එක "

" ඒක නම් දන්නෑ මැඩම් හැබැයි මිස්ට රවින්ද්‍රන් අපිට ෆයිල් එකක් දෙන්න තිබ්බා ඒත් එයාගේ මර්ඩර් එක වෙනකන්ම ඒ ෆයිල් එක දෙන්න එයාට බැරි වුනා "

" ෆයිල් එකක්ද රවී මට එකපාරක් ෆයිල් එකක් ගෙනත් දුන්නා ඒත් ඒකමද කියලා මම දන්නෑ. එයා කිව්වේ එයා ඉල්ලගන්නකම් ඒක පරිස්සමෙන් තියාගන්න කියලා ඒ නිසා මට ඒක ඔයාලට දෙන්න බෑ දැන් මගේ ගෙදරින් යන්න "

" මැඩම් ඒ අපි හොයන ෆයිල් එක වෙන්න පුළුවන් අපිට ඒක බලන්න දෙනවද ඒ ෆයිල් එක අපිට ගොඩක් වැදගත් "

" මම එකපාරක් කීවනේ තමුන්ලව මම ගේ ඇතුලට ගත්ත එක තමා වරද කරුණාකරලා මේ ගෙදරින් එලියට බහින්න නැත්තන් මට පොලිසියට කෝල් කරන්න වෙනවා. තමුන්ලා දෙන්නා මගේ ගෙදරට බලෙන්ම ඇතුල් වුනා කියලා ඒ නිසා දැන්ම යනවලා යන්න "


ඒ කාන්තාව ඉඳ සිටි අසුනෙන් නැගිටලා ප්‍රධාන දොර දෙසට ඇඟිල්ල දිගු කරලා කේන්තියෙන් කෑගහද්දී දේව් සන්සුන්ව ඉදන් හිටපූ තැනම තව දුරටත් ඉදගන හිටියා. කොල්ලෝ දෙන්නගේම මූණූ වලින් දැන්ම නිවසින් පිටව යන පාටක් නොපෙනුන නිසාම ඉක්මනින් ස්ථාවර දුරකතනය ලගට ගිය එම කාන්තාව පොලිසියට ඇමතුමක් ගන්න හැදුවත් දේව් අඩියට දෙකට එම කාන්තාව ලගට ලන් වෙලා රිසිවරයා උදුරලා කොල්ලගේ අතට ගත්තා. ඒත් ඒ වෙනකොටත් ඇමතුම පොලිස් ස්ථානයට සම්බන්දව තිබුණ නිසාම කොල්ලට ඇමතුම විසන්දි කරදාන්න පුළුවන් වුනේ නෑ.


" හෙලෝ මම OIC සදෙව් කතා කරන්නේ සොරි වැරදීමකින් කෝල් එක ආවේ මේ දිනේෂ් නේද "


මෙම පලාතේ පොලිස් ස්ථානයේ OIC තනතුර දරන්නේ කොල්ලගේ සමකාලින මිතුරෙක් වුන නිසාම කිසිම අපහසුවකින් තොරවම කොල්ලට ඇමතුම නොසලකා හරවන්න පුළුවන් වුනා. තවත් වචන කිහිපයක් පරණ සගයත් එක්ක කතා කරපු කොල්ලා රිසිවරයා තබද්දී කොල්ලගේ වචන හැම දෙයක්ම අසාගන ඉදිය ඒ කාන්තාව බියෙන් මෙන් අඩියක් පසුපසට තිබ්බා.


" තමන්ට පොලිසියට කතා කරන්න ඕන නෑ පොලිසියෙන්ම ගෙදරට ඇවිත් ඉන්නේ ඒ නිසා දැන් ඉතින් සුහදව කතාව ආයම පටන් ගමුද නවත්තපූ තැනින් එහෙම හොදයිනේ මිස් "

" මිසිස් අනුලා "

" අහ් ඔය එන්නේ ලස්සන නම දැන් ගිහින් අර ෆයිල් එක අරන් එනවා නැත්තන් ලෑස්ති වෙලා පොලිසියට යන්න එනවා "

" මම ඒ ෆයිල් එක දෙන්නම් ප්ලීස් මාව පොලිසියට එක්කගන යන්න එපා එහෙම වුනොත් මේ ගෙදර ඉන්න එකත් නැති වෙයි "

" ම්ම් ගිහින් අරන් එනවා "


කට කොනින් හිනාවක් නගාගන අනුලා දිහත් දැඩි බැල්මක් හෙලපූ කොල්ලා එහෙම කියද්දී අනුලා බයෙන් බයෙන් කාමරයට වැදුනා. විනාඩි පහක් පමණ ගත වෙද්දී නැවත අනුලා නිල් පාට කවරයක් සහිත ෆයිල් එකක් අරගන කොල්ලෝ දෙන්නා ඉස්සරහාට ආවෙ බියෙන් ගැහි හැගීමයි. අනුලා ගෙනාපූ ෆයිල් එක උදුරලා වගේ අතට ගත්ත දේව් ඒක පෙරලා බලද්දී කොල්ලගේ දෑස් දෙකත් විශාල වෙලා ගියා. කොල්ලගේ වෙනස හොදින්ම තේරුණ නිසා ෂෙහාන් කොල්ලගේන් ඇස් ඉගි කරලා මොකක්ද ප්‍රශ්නේ කියලා ඇහුවත් කොල්ලා හිස දෙපසට වනද්දී ෂෙහාන්ට තේරුණා ඒ දේවල් මෙතන කතා කරීමට අපහසු වග.


" රවින්ද්‍රන්ගේ කවුද තමුන් "

" සර් මේ මම රවීගේ "

" මොකද ගොත ගහන්නේ තමුන් රවින්ද්‍රන්ගේ වයිෆ් නෙමේනේ මොකද මම රවින්ද්‍රන්ගේ වයිෆ්ව හම්බෙලා තියනවා "

" නෑ සර් මම රවීගේ වයිෆ් නෙමේ ඒත් මගෙයි රවීගෙයි අතර සම්බන්දයක් තියනවා රවී තමයි මගේ දරුවගේ තාත්තා "

" දරුවා අර ෆොටෝ එකේ ඉන්න පොඩි ගෑණූ ලමයද ඒ "

" ඔව් සර් ඒ තමා අපි දෙන්නගේ දුව අනේ සර් මේ ගැන කාටවත් දැනගන්න තියන්න එපා මේ හැමදේම අපි දෙන්නා මෙච්චර කල් රහසක් විදියට තියාගත්තා "

" තමුන්ලගේ පෞද්ගලික ජීවිත ගැන මට වැඩක් නෑ ඒත් තමුන්ට රවින්ද්‍රන් තව මොනාහරි දුන්නේ නැද්ද "

" මේ ඇත්තමයි සර් මේ ෆයිල් එක විතරයි දුන්නේ වෙන මුකුත් දුන්නේ නෑ"

" ඔය ෆයිල් එක දුන්නේ මේ මර්ඩර් එකට කොච්චර කාලෙකට කලින්ද "

" මාසයක විතර කලින් මට මතක විදියට "

" වෙනදට වඩා වෙනසක් එහෙම දැක්කද් ඊටපස්සේ රවින්ද්‍රන්ගේ "

" වෙනසක් කියන්නේ සර් අපිව බලන්න ආවත් රවී වෙනදා වගෙ කතා බහ කරේ නෑ ඔහේ කල්පනා කර කර හිටියේ. මම කෑම කනවද ඇහුවත් මට බැන්නා මට දැනුන විදියට රවී හිටියේ ලොකු ප්‍රශ්නෙක "

" තමුන් ඇහුවේ නැද්ද මොකක්ද හේතුව කියලා "

" මම මුකුත් ඇහුවේ නෑ සර් කොහොමත් රවී එයාගේ වයිෆ් එක්ක ප්‍රශ්නයක් වුනාම ඒ විදියට තමයි හැසිරෙන්නේ ඒ නිසා "

" එතකොට තමුන් හිතුවෙත් ඒක වයිෆ් එක්ක ඇති වුන ප්‍රශ්නයක් විදියටද "

" මට මුලින්ම එහෙම හිතුවත් ඊට පස්සෙ මෙහේ ආව දෙතුන් සැරේම රවී හැසිරුනේ එහෙම තමා. මම ඒ ගැන ඇහුවත් මට බනින නිසා මම කටවගන හිටියා "

" වෙන විෂේශ මුකුත් මතක නැද්ද මම කියන්නේ මරණ තර්ජනයක් ගැන වගේ "

" එහෙම දෙයක් ගැන මට තෙරුණේ නෑ සර්"

" ම්ම් හරි හැබැයි තමුන් තවත් මොනාහරි හන්ගනවා කියලා අපි දැනගත්තොත් මෙහෙම කතා කරන්නෙ නෑ. අපි දැන් යනවා හැබැයි ඕන වුනොත් ආය එනව තමුන්ට මේ පළාතෙන් පිට යන්න බෑ මම මේ ගැන මෙහේ පොලිස් ස්ටේෂන් එකටත් දන්වන්නම් මම කිව්ව දේවල් තේරුණානේ "

" ඔව් සර් "


දේව් දැඩි හඩකින් එහෙම කියලා ෂෙහාන් එක්කම නැගිටලා නිවසෙන් පිට වෙන්න දොර ලගට යද්දිම වගේ කොල්ලා ඉස්සරහට ආවේ අවුරුදු දහ අටක විතර පාසල් නිලඇදුමින් සැරසුන ගෑණූ ළමයෙක්. ඒ ගෑණූ ලමයගේ හැඩ හුරුකම් දකිද්දී කොල්ලො දෙන්නට තේරුනා එ අනුලගෙත් මිය ගිය රවින්ද්‍රන්ගේත් දියණිය බව. ගෑනූ ලමයත් එක්ක සුහදව හිනාවුන කොල්ලො දෙන්නා නිවසින් පිටවෙලා ගිහින් වාහනයට නගිනකන්ම බලාගන ඉදපු අනුල ඉක්මනින් දොර වහලා දැම්මේ ...


WHITE ROSE_🤍_WHITE ROSE_🤍_WHITE ROSE_🤍


දැන් මොකො කියන්නේ ඇත්තටම අවීද දේව් හොයන කෙනා ඒත් අවී හොයන්නේ දේව්ව නෙමෙනේ කෙල්ලගේ අයියවනේ. එහෙම ලේසියෙන් ඔයාලට පැටලුම් අරින්න දෙන්න පුළුවන් ද අනේ බෑනේ ඉතින් දැන් ඉතින් හිමිට කල්පන කරලා බලන්නකො අනික ටානියම ද ඇත්තටම හතුර ඒක වෙන්න පුළුවන් ද. තරගෙව් තියෙන්නෙ අදියි දේව්ගේ රෝස මලයි අතර වුනොත් කොහොමද හෙව්...🕊️


To be continue 🤝


⃝➤⃟🥀🄰🄺➤⃟🥀_✍️

Report Page