D.D.

D.D.


නිහඬත්වය වෙවෙනුවෙන් දෛවය බිඳ හෙලූ ඔහුගේ කතාව...

පෙර කොටස

https://telegra.ph/DD-12-08-8


නොසිතූ අඳුර...


(48 කොටස)


ඒත් ඒ එක්ක ම දැනුනේ මාව පාවෙනවා වගේ. කැරකිල්ලක් දැනුනා ඒ එක්ක ම. දඟලන්න තිබ්බ ශක්තියත් නැතිවේගෙන යනවා වගෙයි දැනුනේ. ඒ එක්ක ම මං කොහාටදෝ ඇදිලා ගියා.....



..................................................................


  මොකක් වුණා ද කියලා හිතාගන්න බැරිවුණා. මං ඇස් අරින්න හැදුවත් දැනුනෙ ම ඇස් පියවෙන්න හදන ගතියක්.


  කට හොල්ලන්නවත් බෑ. දැනෙන්නේ තදට වහලා වගේ. හොල්ලන්නවත් බෑ. අලවලා ද මන්දා. අත් දෙකවත් හොල්ලන්න බෑ. අත් දෙකත් පිටිපස්සට කරලා ගැට ගහල ද කොහෙ ද....


  මං ඇස් අරින්න හැදුවත් අමාරු වුණේ ඇස් වලට තද එලියක් වැදුණ හින්දා. ඒ හින්දා ආයේ ඇස් වහ ගත්තා. වහගෙන මං පිටතට කන් දුන්නා.


  මට ඇහුණෙ වාහනයක් යන සද්දයක්. යනවට වඩා මට හිතුණේ මං ඒකේ යනවා වගේ. ඒත් කොහොම ද?


  සැරෙන් සැරේ කටහඬවල් කීපෙකුත් ඇහුණා. මං මුකුත් නොකර ම කන් දුන්නා.


  " මේ, යන ගමන් කන්න මොනාහරි දාගමුකෝ. බලහන්. දැන් පැය කීයක් බඩගින්නෙ ද?"


  ඒ එක්කෙනෙක්.


  " අනේ මේ, මෙච්චර ලොකු වැඩක් කරන්න තියෙද්දිත් තොට මතක් වෙන්නේ බඩගින්න ද තොගේ?"


  ඒ වෙන කෙනෙක්.


  " පැයක් ද දෙකක් ද? මුළු රෑ ම ඇහැරන්. ඒ මදිවට රෑටවත් මුකුත් කෑවේ නෑ. බඩගිනි එක අහන්නත් දෙයක් ද?"


  පලවෙනියා කෑ ගැහුවේ කේන්තියෙන්.


   " ඒත් උඹට මොනා කාල ද බඩ පිරෙන්නේ? බඩජාරියා. ඇත්තට ම උඹේ බඩේ ඉන්නේ හිඟන්නෙක් ද?"


  ඒ වෙන ම කෙනෙක්.


  " අනේ තෝ තෝ.... පලයන් හින් කෙන්දා. තෝ කන්නෙ නැති හින්දා තමා කෙන්ද වගේ ඉන්නේ. බිම් පණුවා."


  ඒ අර පලවෙනියා.


  " මොකක් ද උඹ කිවුවේ...."


  එහෙම කියාගෙන අර තුන් වෙනියා පලවෙනියට ගහන්න ද කොහෙ ද පනිනවා මට ඇහුණා. ඒ එක්ක ම මට දැනුනේ මගේ එහා පැත්තේ මොකක් හරි වෙනවා කියලා.


  " නවත්තගනිල්ලා...."


  එක පාරට ම සද්දෙට ඇහුණේ ගොරෝසු කටහඬක්. ඒ එක්ක ම අරුන්ගේ රණ්ඩුවේ සද්දේ නැවතුණා.


  " මෙතන මෙච්චර ලොකු වැඩක් තියෙනවා. තොපි මෙතන කා කොටා ගන්නවා. ආයේ එකෙක්වත් කෑ ගැහුවොත් තොපිවත් ගැටගහලා ඔබනවා සීට් එකක් අස්සේ....."


  ඒ මිනිහා එහෙම කෑ ගැහුවා. ඒ එක්ක ම කල්පනා වුණේ මිනිහහෙ කටහඬ අහලා පුරුදු එකක් කියලා. මං යාන්තමට කල්පනා කළා.


  ඒ එක්ක ම වාහනේ බ්‍රේක් කළේ මගේ ඔලුව ගිහින් ඉස්සරහ සීට් එකක වදිද්දි. වේදනාවක් දැනුනත් මං ඉවසගෙන ම හිටියා.


  " ඇයි ලොක්කා?"

  

  "පොලීසියෙන් බං...."


  ඒ ගොරෝසු කටහඬ කිවුවා. මං කල්පනා කළේ මොකක් ද වුණේ කියලා.


  යාන්තමට වගේ දුමේෂිව, එයා අර කොල්ලත් එක්ක හිටපු විදිහ, මහේෂයව මතක් වුණා. ඒත් යාන්තමට වගේ බොඳ රූප පටලයක් මතක් වුණා. ඒත් හරියට ම මතක නෑනේ...


  " කොහෙ ද යන්නේ මේ?"


  තව ගොරෝසු කටහඬක් ඇහුණේ ඒ එක්කමයි. මං කන් දීගෙන හිටියා.


  " නෑ සර්. අපි මේ ට්‍රිප් එකක් ගියා. මේ ගෙදර යන ගමන්."


  අර ගොරෝසු කටහඬ උත්තර දුන්නෙ බොරු හිනාවක් මවාගෙන කියලා හඬෙන් ම තේරුණා.


  " මෙච්චර උදේ?"


  " ඔව් සර්. පාන්දර ම පිටත් වුණා. තව පරක්කු වෙලා ගියොත් ගෙදර ගිහිල්ලත් හමාරයි."


  " හ්ම් හ්ම්.... යන වේගේ ටිකක් වැඩියි. ඒකයි නැවැත්තුවේ. ඩයිවර් මහත්තයා ගාව ලයිසන් තියෙනව ද?"


  " ඔව් මහත්තයා."


  ඒ වෙන ම කටහඬක්. 


   " එහෙනම් පොඩ්ඩක් බහින්නකෝ...."


  ඒ එක්ක ම වාහනේ දොරක් ඇරෙනවා ඇහුණා. ඒ එක්ක ම ඒක වැහුණා. මං ඇස් අරින්න වෑයමක් දැම්මත් වැඩේ හරිගියේ ම නෑ.


  " අහුවෙයි ද ලොක්කා?"


  ඒ අර පලවෙනියා එක්ක් කතා කරපු දෙවෙනියගේ කටහඬ. 


  " උඹලා පැහෙන්නේ නැතුව ඉඳහල්ලා. පුලුවන් නම් ඔය කොල්ලව පොඩ්ඩක් ඔඩොක්කුවකට දාගනින්. ඌව මාට්ටු වුණොත්නේ කේස් එක."


  අර ගොරෝසුවා කිවුවා.


  " ඒත් සර්.... මෙච්චර ඉක්මණට නම් මූව හොයන්න දාලා වෙන්න බෑ."

 

  ඒ අර පලවෙනියා. ඒ කෙනා මං ගාව ම ඉන්නවා වගේ මට දැනුනේ. ඒ කෙනාගේ හාර්ට් බීට් එකේ ගැහෙන සද්දේ මට ඇහුණේ හරියට එක දිගට වදින මැෂින් එකක වගේ. මිනිහා හුඟක් බය වෙලා වගේ.


  " ඒක හරි යකෝ. ඒත් අපිත් හරියට ම දන්නේ නෑනේ ඒ සීනරී. බලමුකෝ අරූ ආවා ම....."


  ගොරෝසුවා එහෙම කිවුවා. ඊට පස්සේ කිසි කටහඬක් ඇහුණේ නැති හින්දා මං මතක් කළේ මොකක් ද වුණේ කියලා.


   එතකොටයි මට මතක් වුණේ අර සුදු පාට වෑන් එක. ඒ එක්ක ම අර කළු ඇඳගත්තු මිනිස්සු, අනික අර කට්ට..... 


  දැන්නේ සේරම මතක් වුණේ. හයියෝ.... මාව මුන් පැහැරගෙන නේ ද? මං බේරෙන්න ඕනේ නේ ද?


  මං ඇස් ඇරියේ නෑ. දැන් ඇරියොත් වෙන දේ මොකක් වෙයි ද කියන්න බෑ. ඒ මොනා වුණත් කොහොම ද බේරෙන්නේ? මට දැනෙන විදිහ හරි නම් මගේ අත් දෙක නම් තදට ගැටගහලා. කකුල් දෙකත් ගැට ගහලා කෙසේ වෙතත් ඔතලා වගෙයි තේරුණේ. 


   මුන් මගේ කට ඇලෙව්වේ මං කෑ ගහයි කියල ද දන්නේ නෑ. ඒ කියන්නේ මේ ඉන්න එවුන් මාව දන්නේ නෑ. දන්නවා නම් මගේ කට බඳින්නේ නෑනේ. මට කොහොමත් කතා කරන්න බැරි එකනේ. එහෙනම් මුන් කුලියට ද කොහෙ ද මාව උස්සලා තියෙන්නේ.


  එතකොටයි මට මතක් වුණේ අර ගොරෝසු කටහඬ. ඒ මාව ඇදලා වෑන් එකට දාගන්න කියලා කෑ ගහපු කටහඬනේ. එහෙනම් තාම මං ඉන්නේ උන් ගාව.


  " හරි එහෙනම්. යන්නකෝ....."


  අනික් ගොරෝසු කටහඬ ඇහුණා. මට හිතෙන්නේ ඒ නම් පොලිස්කාරයෙක් ද කොහෙ ද. අඩි සද්දෙකුත් ඇහෙනවා. ඇස් ඇරලා බලන්නත් බෑනේ. 



  මේක තමා චාන්ස් එක. ඒ හින්දා මං ඇස් ඇරියේ පාර පේන්න.


  අර්..... බොඳ වෙලානේ. මං ඇස් පිල්ලන් දෙතුන් පාරක් ගැහුවා. වාහනේ නම් පස් හය දෙනෙක් ම හිටියා යාන්තමට වගේ පැහැදිලි වේගෙන ආවා. මං හිටියේ වාහනයක් ඇතුලේ තමා. ඒ එක්ක ම මං දැක්කේ වින්ඩ් ස්ක්‍රීන් එක ගාවින් කාකි පාට ඇඳුමක් ටික ටික ලොකු වෙනවා වගේ. 


  පොලිස්කාරයෙක් මේ පැත්තට එනවා වගේ. මං කළේ ඒ කෙනාට පේන්න නැඟිටින්න හැදුවා. ඒත් වැඩේ ලේසි නෑ. ඒ හින්දා දැඟලුවේ ඒ මිනිහට පේන්න. 

  

  " ලොක්කා, මෙන්න මූ දඟලනවා...."

 

  මං ගාව හිටපු එකා මාවත් අත් දෙකෙන් ම අල්ලගෙන කෑ ගැහුවා.


  " අර්ර්..... දීපන් ආයේ එකක්. ඉස්සෙල්ලා එකත් විඳලා දැන් පැය 12 කට වැඩියිනේ...."


  එතකොටයි කට්ට ගැන තේරුණේ. එහෙනම් මට අමාරුවක් තියෙන්නේ ඒකයි. උන් ඊයේ රෑ මට විදලා තියෙන්නේ සිහි නැතිවෙන බෙහෙතක්. ඒක ආයේ දෙන්න වගෙයි යන්නේ.


  ඒකට නම් ඉඩ දෙන්න බෑ. මං පුලුවන් තරම් දැඟලුවේ ඒකයි.


  " ඉක්මණට දීපන්. මට මූව කොන්ට්‍රෝල් නෑ...."


  අර පලවෙනියගේ කටහඬ ඇහුණා. ඒ එක්ක ම ආයේ මට දැනුනේ අතක කට්ටක් ඇනෙනනවා වගේ. ඒත් මං දැඟලුවා.


  " ෂික්. අල්ලගනින් ඕකව."


  තුන්වෙනියගේ කටහඬ ඒ එක්ක ම ඇහුණා. ඊට පස්සේ තව අත් කීපෙකට හිර වෙනවා වගේ මට දැනුනේ. දඟලන එකත් ලේසි වුණේ නෑ ඒ පාර.


  ඒ එක්ක ම වෑන් එකේ ඉස්සරහ දොර ඇරිලා වැහෙනවා ඇහුණා මට. ඒ එක්ක ම කකුලකට මොකක් හරි ඇනෙනවා මට දැනුනා.


  ආයේ කරකැවිල්ලක් එනවා මට දැනුනා. එහෙනම් මං පරක්කුයි...


  " වෙලාවට උඹ ආවේ. නැත්තම් මූ දඟලන්නේ අර පොලීස් කාරයෝ ටික ඉස්සරහ. එහෙම වුණා නම් අපි ගස්."


  ඒ ගොරෝසුවගේ කටහඬ.


  " ඇයි සර්?"


  ඒ අර ඩ්‍රයිවර් කිවුව කෙනා.


  " මූ උඹ එද්දි ම දැඟලුවා එක පාරට ම. බොහො අමාරුවෙන් කට්ට ගැහුවේ. කොහොමත් උඹේ උඩ එකත් කාකි පාට හින්දා හොඳට ගියා."


  දෙවෙනියගේ කටහඬ ඇහුණා. එහෙනම් මං රැවටිලා තියෙන්නේ උන්ගෙ ම එකෙක්ට ද? මදැයි....


  කරකැවිල්ල වැඩි වේගෙන එද්දි ආයේ ඇස් බරට ම පියවුණේ අමාරුවට ම. ඊට පස්සේ සේරම කළුවර වෙලා ගියා.



......................................................................


යාන්තමට හීතලක් දැනුනට ඇස් ඇරගන්න තිබ්බේ ලොකු අමාරුවක්. හරියට මාව හොඳට මොකේකට හරි තියලා ගැටගහලා වගේ මට දැනුනේ.


 තදට ඔලුවේ කැක්කුමක් දැනුනා. ඒත් කරන්නේ මොනා ද? යාන්තමට ඔලුව උස්සන්න හැදුවත් ඒක කරගන්න පට්ට අමාරුවක් තිබ්බේ. 


  " ඔහොම හරියන්නේ නෑ බූරුවෝ..."


  ඒ වගේ එකක් යාන්තමට වගේ ඇහුණා. ඒත් පැහැදිලි නෑ. 


  ඒ එක්ක ම දැනුනේ අයිස් ගහන තරම් සීතල වතුර පාරක් ඔලුවෙ ඉඳන් ඇඟ පුරා ම ගලනවා කියලා. ගැස්සිලා ගියා ඒ සීතලට ම. ඔලුව උස්සන්නත් කලින් ම ඉස්සුණා වගේ මට දැනුනේ. ඒත් ඇස් තදට පිය වෙලා වගේ මට දැනුනේ. ඒ හින්දා කිසි දෙයක් පෙනුනේ නෑ. ඇයි ඒ?


  " ඔය නැඟිට්ටේ. උඹ පලයන්. මතක් කරලා වහගෙන පලයන් දොර. කවුරු ආවත් කතා කරන්න එපා."


  පුරුදු නුපුරුදු පිරිමි කටහඬක් ඒ විදිහට කිවුවා. ඊට ටික වෙලාවකට පස්සේ දොරක් ඇරිලා වැහෙනවා මට ඇහුණා.


   මං ඇස් අරින්න පුලුවන් තරම් උත්සහා කළේ. ඒත්... ඇයි මගේ ඇස් ඇරෙන්නේ නැත්තේ? මට දැනුනේ නිකම් මගේ ඇස් ඉස්සරහ මොකක් හරි තදට වෙලලා තියනවා වගේ.


  මගේ අත් දෙක පිටේ වදින හැටි මට දැනුනා. ඒ හින්දා අත් දෙක ඉස්සරහට ගන්න හැදුවේ. ඒකත් හරි ගියේ නෑ. 


  මං හෙලවෙන එක නවත්තලා තප්පර කීපයක් හිතුවා. ඒ මං ඉන්නේ කොහෙ ද කියලා හොයාගන්න. මං කියන්නම් ඒ කොහොම ද කියලා.


   මං ඇස් අරින්න හැදුවා. ඒත් වැඩේ හරියන්නේ නෑ. ඇස් වල ඉඳන් ඔලුවේ පිටිපස්සට වෙනකම් දැනුනේ ඔලුව තද වෙලා තිබ්බේ. ඒ කියන්නේ කවුරු ම හරි මගේ ඇස් දෙක වැහෙන්න ම, ආයේ අරින්නවත් බැරිවෙන්න තදට රෙදි පටියක් වගේ එකකින් ගැටගහලා කියලා. 


  එහෙම්ම ම කටට ගැන හිතුවේ. ඒත් එතන කිසි ම ප්‍රශ්නයක් නෑ. කට අරින්න වහන්න පුලුවන්. ඒ කියන්නේ කට වහලා නෑ. ඇරියා කියලා කතා කරන්න ද? ඒ කියන්නේ මාව ගැට ගහන්න කිවුව කෙනා මං ගොලුයි කියන්න දන්නවා. නැත්තම් වෑන් එකේ එද්දිත් කට ප්ලාස්ටර් ද කොහෙද අලවලා තිබ්බ එකේ දැන් මගේ කට ලෙහලා තියයි ද?


  අත් දෙක ගැන හිතුවේ ඒකයි. ආයේ සැක නෑ අනිවා ගැටගහලා තියෙන්නේ. කැක්කුමත් එක්ක ගැට ගහලා තිබ්බ විදිහට. ඒත් අත් දෙක මැද තිබ්බේ ලීයක්. ගාණට මැදලා නෑ. ඒත් ගෑවුණාට තුවාල වෙන්නේ නෑ.


  ඒ කියන්නේ මාව බැඳලා තියෙන්නේ ලීයකුත් එක්ක. ඒත් මං වාඩිවෙලානේ ඉන්නේ.... ඒ කියන්නේ මාව බැඳලා තියෙන්නේ ලී පුටුවකට. ඒකත් මැද ලීය අත දෙක මැද්දේ හිර කරලා.


  අත් දෙක හොලවන කොට වැදුණේ මගේ පිටේ. ඒත් වෙන කිසි ම ඇඳුමක වැදුණේ නෑ. කෙලින් ම පිටට වැදුණේ. ඒ කියන්නේ මං දැන් ඉන්නේ උඩට ටී ෂර්ට් එකක්වත් නැතුව. 


  කකුල දෙක ගැන කල්පනාව දැම්මේ ඊට පස්සේ. කකුල් දෙක ම දෙපැත්තකට බැඳලා දාලා. ඒකත් මං වාඩිවෙලා හිටපු පුටුවෙ ම ඉස්සරහට කකුල් දෙකේ. ඒත් කකුල හොලවද්දි නම් රෙද්දක් ගෑවෙනවා දැනුනා. ඒ කියන්නේ මං ඇඳන් හිටපු කලිසම නම් ගලවලා නෑ.


  දැන් නම් ස්ථීරයි මාව පැහැරගෙන තියෙන්නේ. ඒත් ඇයි? මොකට ද?


  " ආ... කාලෙකින් නේද ආයේ හම්බුණේ....?"


  ඒ එක්ක ම අර පුරුදු කටහඬ එහෙම කියාගෙන මගේ උරිස්සකට උගේ අත අතෑරියා. පුදුම හයියක්නේ තියෙන්නේ අතේ.


  " මතකයිනේ.... මං කලින් ම මතක් කළානේ මරණෙට දින ගැන ගැන ඉන්න කියලා. එහෙනම් අපි පටන් ගන්නයි යන්නේ දුලේන්.....


  නිකම් ම එක පාරට ම මරලා වැඩක් නෑ. එතකොට ඒකේ කිසි ආතල් එකක් නෑනේ. ඒ හින්දා......."


  ඒ කටහඬ කාගේ නමුත් මේ වෙද්දි මං ඒක අඳුරගෙන හිටියේ. එහෙනම් මූ තමා අර ලේ බාල්දියක් දාපු තැන ඉඳන් අද වෙනකම් මට චිට් එවුව එකා. ඒත් මුකුත් නොදන්න ගාණට ම මං හිටියේ උගේ කටින් ම ඒක එලියට එනකම්.


  ඒ විදිහට කියාගෙන ඒ කෙනා මගේ මූණ ගාවට ලං වුණා කියලා තේරුණේ උගේ හුස්ම මගේ මූණේ වදිද්දි.


  " ටික ටික. මගේ පලිය අරන් ම තමා තමුසේ මැරෙන්නේ. ඒ හින්දා.... ඒ වෙනකම් දින ගැන ගැන ඉඳපන්. චිට් වල තිබ්බා වගේ ම හිනා වෙලා දින ගැන ගැන ඉඳපන්. දින ගැනපන්......"


  එහෙම කියලා ඌ මගේ කම්මුලකට තට්ටු කළා මගේ ඔලුව එහාට ගිහින් මෙහාට එන්න යන තරම් වේගෙන්. ඒත් ඒ පාරවල් එකක්වත් රිදුණේ නෑ මට.


  ආයේ දොරක් ඇරිලා වැහෙනවා මට ඇහුණේ ඒ එක්කමයි. එහෙනම් ඒ හාදයා ගියා. වෙන දේ නොතේරුණත් ඉස්සරහට නම් විඳවලා මැරෙන්න වෙන්නේ කියන එක යාන්තමට වගේ මගේ මොලේට සිග්නල් එකක් ඇරියා.



......................................................................................


කවු ද ඒ පාර මේ චිට් කාරයා? ඉක්මණට ම කියන්නම්. Guess කරන්නකෝ...


කතාව බෝරින් ද? මගේ හිතට හරි නෑ වගේ. මොකෝ හිතුණේ?


හෙට ආශිගේ එකක් ම දෙන්නම්. අද පරක්කු වුණ එකට සොරි...


😌චතූ...😊

Report Page