D.D.

D.D.


නිහඬත්වය වෙනුවෙන් දෛවය බිඳ හෙලූ ඔහුගේ කතාව...

පෙර කොටස

https://telegra.ph/DD-12-07-4


නොසිතූ අඳුර...(ඔහු)


(47 කොටස)


   මං රෑ පාර දිගේ දුවගෙන ආවේ පුදුම වේදනාවකින්. නෑ. ඇත්තට ම ඇඬුණා අද. තවත් ඉන්න බැරිකමටයි බෑග් එකත් අරන් කඩෙන් එලියට බැස්සේ.


  පපුව හූරනවා වගෙයි දැනුනේ. පපුව ගැහෙන හැටියට ගැලවිලා වුණත් එන්න තිබ්බා. පිරිමි අඬන්නෑ කිවුවට ඒක බොරුවක්. ඒ සිද්ධිය ආයේ ආයේ මැවි මැවී පේද්දි ඉවසන්න ම බැරිවුණා මට. උදේ හිටියේ කොහොම ද? දැන් හිටියේ කොහොම ද?


  ඇයි මට ම මෙහෙම වෙන්නේ....? මං මොකක් කළාට ද දෙයියනේ.....? 



................................................................


  අද උදේ ම ආකි බෝඩිමට ආවා මාව එක්කන් යන්න ක්ලාස් එකට. ඊයේ වන්දනාගේ කේස් එකෙන් පස්සේ ආකි වචනෙකින් දෙකකින් විතරයි උත්තර දුන්නෙත්. වැඩිය කතා කළේ නෑ.


  ක්ලාස් එකට යද්දිත් සර් ඇවිල්ලා. ආකි මාව බස්සලා මං ක්ලාස් එක ඇතුලට යනකම් ම බලාගෙන ඉඳලයි ගියේ. පවු කියලත් හිතුණා මට. කෙනෙක්ට හිතින් විතරක් ආදරේ කරද්දි කොච්චර නම් වේදනාවක් ද දැනෙන්නේ...? ආකි පවු කියලා මට හිතුණා.


ඒත් අද මටත් ඒක දැනෙයි කියලා මං නිකමටවත් හිතුවේ නෑ.


අශ්වින් සර් අද හුඟක් සතුටින් හිටියේ. ඊයේ හවස විනුලිට සිහිය ඇවිල්ලා. ඉක්මණට ම එයාව ගෙදර එක්කන් එන්න පුලුවන් වෙයි කියලා. ඒක නම් හොඳ දෙයක්.


  ඒ එක්ක ම දුමේෂිත් ක්ලාස් එකට ආවා. සවීෂුත් ආවා. අන්තිමට අපි හතර දෙනා විතරයි ඒ වෙලාවේ ඉතුරු වුණේ. 


  " ධනූෂ..... මේ compitition එක ගොඩාක් වැදගත් එකක්. ඒ හින්දා මේකේ පලවෙනි වටේට හුඟක් ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ඒ හින්දා හෙට ඉඳන් සතියක් විතර වැඩට යන්න එපා. කොහොමහරි නිවාඩු දාගන්න. 


  හෙට ඉඳන් රෑ වෙනකම් ප්‍රැක්ටිස් කරන්න ගමු. නේ ද ආදු?"


  " ඒක හොඳයී සර්. ඒත් දුලේන් වැඩ කරන තැනින් මොනා කියයි ද දන්නේ නෑ."


  දුමේෂි එහෙම කිවුවා. මං අශ්වින් සර් හිටපු හින්ඳ ම සංඥාවක් දැම්මේ.


 👐 "......මං කඩේ මුදලාලි එක්ක කතා කරලා කියන්නම්......."


" එහෙනම් ඔයා ම ඒක බලාගන්නකෝ. හරි. Let's start...."


 අශ්වින් එහෙම කියලා වැඩේට බැස්සේ. පැය බාගයක් ම ගෙවුණේ මුලින් ම හදාගන්න ස්ටෙප්ස් වගේ ම සින්දුව ගැන හිතද්දී.


" කොහොම ද සර් rowdy baby එක?"


  සවීෂ් කිවුවේ ඒක.


 " ඒක දැන් ගොඩක් අය ගන්න සින්දුවක්නේ. මොකක් හරි creative එකක් වෙන තරමටයි හොඳ....."


  සර් කිවුවා.


 " එතකොට සර් buttabomma song එක.....?"


  ඒක කිවුවේ දුමේෂි.


  " ඒකත් නරක නෑ ආදු. ඒත් තව එකක් හිතමු. ඒකත් ගන්නවනේ ගොඩක් අය..."


 සර් කිවුවා. ඔහොම ඔහොම සින්දු කීපයක් ගැන ම කතා වුණා. අන්තිමට සින්දුවකුත් මතක් කරගෙන ස්ටෙප්ස් කීපයක් පුරුදු වෙද්දි ක්ලාස් එකේ අනිත් කට්ටිය ආවා.


පස්සේ ක්ලාස් එකේ වැඩ කරගෙන ගියේ. ක්ලාස් එක ඉවර වුණා ම යන්න ලෑස්ති වෙලා දුමේෂි මං ගාවට ආවා.


 " ඔයා පොටෝ කොපි එක ගෙනාව ද?"


  ඔන්න ආයේ ඒ මඟුල මතක් වුණේ දැන්නේ. මං නෑ කියලා ඔලුව වැනුවා.


  " අයියෝ.... අයිඩී එක ගෙනාව ද එතකොට?"


  එයා අප්සට් ගිහිල්ලත් ආයේ ඇහුවා. මං ඔව් කියලා බෑග් එක ඇඳලා අයිඩී එකයි, ඊයේ ගහපු පොටෝස් ටිකයි එයාට දුන්නා. 


   " ආ.... ඒ ටික ගෙනාවා නේ ද? එහෙනම් මෙහෙම කරමු. මං අයිඩී එක අරන් ගිහින් පොටෝ කොපි කරගන්නම්. කරලා හෙට ගෙනත් දෙන්නම්. එහෙම හොඳයිනේ......"


  දුමේෂි කිවුවා. මං හා කියලා ඔලුව වැනුවා.


  " එහෙනම් යන්නම් දුලේන්. ලොකු වැඩක් තියෙනවා.... පරිස්සමෙන් යන්න....."


  දුමේෂි එහෙම කියාගෙන පඩිපෙල බැස්සා ඉක්මණට ම. එයා ස්කූටර් එකෙන් ගියාට පස්සේ මං පල්ලෙහාට වෙලා බලන් හිටියේ ආකි එනකම්.


  ටිකක් වෙලා යද්දි ආකි ආවා. එයා එක්ක ම මං බෝඩිමට ගියේ. සජියා අද වැඩට ගියෙත් නෑ ඊයේ පාටියේ මහන්සි අරින්න ඕනේ කියලා.


  ඌ එක්ක කදේ දාගෙන හිටියේ හවස් වෙනකම් ම. වන්දනාගේ සීන් එකත් කියන්න තිබ්බනේ. ඇත්තට අද වන්දනා පේන්න හිටියෙත් නෑ.


දැන් සංඥා භාෂාව පුලුවන් පුලුවන් විදිහට මං සජියට කියලා දෙනවා. නැත්තම් මූට මැසේජ් කියවන්න දීල ම මගේ ඇඟිලි කකියනවා.


  කොහොමහරි හවස වැඩට යන්න ලෑස්ති වුණේ සජියගේ පෝන් එක ඉල්ලන් ආකිට මැසේජ් එකක් දාලා. සජියා මං දාපු මැසේජ් එක කියෙව්වේ මටත් ඇහෙන්න.

 📤 " අද වැඩට යනවා මං. 5.30 වෙද්දි එන්න."


  " කාට ද බං මේ මැසේජ් එක යැවුවේ?"


  සජියා ඇහුවේ පුදුම වෙලා. මං උගේ පෝන් එකෙන් ම ආකිට යැවුවේ කියලා මැසේජ් එකක් කොටලා පෙන්නුවා.


  " ආකිට? එතකොට ආකි ද....."


  සජියා එහෙම කියාගෙන ම කල්පනාවක වැටුණා මං දැක්කා. මං ඇයි කියලා ඔලුව වනලා ඇහුවා.


  " නෑ නෑ. නිකම්. උඹ පලයන්."


  සජියා එහෙම කියලා පෝන් එකේ මොනාදෝ බලන්න පටන් ගත්තා. ඌ මුකුත් නොකියපු හින්දා මං ලෑස්ති වෙලා පල්ලෙහාට ගියා.


  ඇයි සජියා එක පාරට ම වෙනස් වුණේ? ඌ අප්සට් ගියා මට තේරුණ හැටියට නම්.....


  ඒ එක්ක ම ආකිගේ ත්‍රීවිල් එක ඈතින් එනවා මං දැක්කා. ආකි වේගෙන් ම ඇවිත් ත්‍රීවිල් එක නැවැත්තුවා.


  " දුලේන්, ඉක්මණට නඟින්න. මට හයර් එකක් යන්න වෙලා. ඒ හින්දා ටක් ගාලා යං."


  ආකි එහෙම කිවුව හින්දා මං ඉක්මණට ම නැඟ්ගේ වෙන දෙයක් එයාගෙන් අහන්න තිබ්බේ නැති හින්දා. ඒ එක්ක ම අද්දලා ත්‍රීවිල් එක අරන් ගියා. තව ටිකක් එහා මෙහා වුණා නම් මාව ත්‍රීවිල් එකට ම තමා යට වෙලා මැරෙන්නේ.

ආකි අප්සට් එකක ද මන්දා හිටියේ. යද්දිවත්, බැස්සට පස්සේ යන්නම් කියන්නවත් කතා කළේ නෑ. මූණත් එක්ක මැලවෙලා ගිහිල්ලා තිබ්බේ. ඇයි දන්නේ නෑ. මුකුත් අහන්නවත් බැරිවුණා. කොහෙ ද ඉක්මණට ම ගියානේ.


  මං කඩේ ඇතුලට ගිහිල්ලා මුදලෑලි එක්ක සතියක් නිවාඩු දාන එක ගැන කතා කළා. අන්තිමට ඒ4 සීට් දෙකක විතර කතා බහකට පස්සෙයි මිනිහා කැමති වුණේ. රෝන් සයිඩ් ම හිතන මනුස්සයෙක් මහා. එපා වෙනවා වෙලාවකට.


   ඒ වැඩෙන් පස්සේ කුස්සියේ විසිට් එකක් දාලා කෙලින් ම ගියේ මහේෂයගේ කාමරේට. අද පාන්දර ජල්ලියි, ක්ලාස් එකේ වැඩයි හින්දා පට්ට මහන්සියක් තිබ්බේ. සජියා අද කාමරේ හිටපු හින්දා නිදාගන්නත් බැරිවුණානේ. 


   " මොකෝ බං? මූණත් එක්ක මැලවිලා ගිහින්. අද ක්ලාස් තිබ්බ ද?"


  මහේෂයා මං කාමරේට යද්දි ම ඇහුවේ ඌත් ඇඳේ හාන්සියක් දාගෙන ඉද්දි. මං කාමරේ තිබ්බ අල්මාරිය ඇදලා මගේ බෑග් එකෙන් පොතක් ඇදලා ගත්තා.


 "........අද ඉඳන් සතියක් විතර කඩේට එන්න වෙන්නේ නෑ බං. තරඟෙකට ලෑස්ති වෙන්න වෙලා. අද ඉඳන් ප්‍රැක්ටිස් පටන් ගත්තා......"


 මං ඒක මහේෂ්ට පෙන්නුවා. 


  " ඒක තමා මේ.... එහෙනම් හෂාගේ ඇඳේ නිදාගනින් ටිකක්. මං 8 හමාරට කතා කරන්නම්...."


  මහේෂයා මට පොත දික් කරන ගමන් කිවුවේ. මං පොත බෑග් එක ට දාලා බෑග් එක අල්මාරියට ම දැම්මා. දාලා නිදාගන්න හිතාගෙන හෂේනයගෙ ඇඳේ ඇලවුණා.


  " ධනුවා, නැඟිටපන්කෝ....."


   කවුදෝ මාව හොලවපු හින්දා ගැස්සිලා ඇහැරුණේ අමාරුවෙන් මං. ඒත් කටහඬේ හැටියට නම් මහේෂ් වෙන්න නම් බෑ.


  " සොරි නැඟිට්ටුවට. උදව්වක් කරපන්කෝ...."


  තවිරුවනේ මේ.... මං ඇඟ මැලි කඩන ගමන් මොකක් ද කියලා ඔලුවෙන් ඇහුවා.


   " පුලුවන් නම් බස් ස්ටෑන්ඩ් එකේ ගිෆ්ට් කඩේට ගිහින් එනවකෝ අයියා. මං තෝරලා ආවා පොඩි තෑග්ගක්. ඒක අරන් වරෙන්කෝ...."


  තවිරුවා කිවුවා. මං ඇයි කියලා ඔලුව හොල්ලලා ඇහුවා. ඔන්න ඒ පාර මූ ඇඹරෙන්න ගත්තා කෙල්ල වගේ.


  " හෙට නදුගේ බර්ත්ඩේ එක. මං එයාට පොඩි තෑග්ගක් ගත්තා. සල්ලි මදිවුණ හින්දයි අරන් ආවේ නැත්තේ. දැන් අඩු ගාණ හරි. ඒත් දැන් මට වැඩනේ. තව ටිකකින් කඩෙත් වහයි. හොඳ එකා වගේ ගිහින් අරන් වරෙන්කෝ..."


  ඌ කිවුවා. අනේ ඉතින් නදු ගැන කියද්දි පෙම් පාටයි මූණ... මං උගේ ඔලුවට පොඩි පාරක් ගැහුවේ ඌ ඇඹරෙනවා බලන් ඉන්න බැරි තැන. ඇඹලයෙක් වගේ නිකම්.....


  මං ඌට අත උඩ මොනා හරි ලියනවා වගේ පෙන්නුවේ ඒක ලියලා දෙන්න කියලා. 


  " ආ.... ඒක හරි. මේ, රුපියල් 500ක් මාරු කරගන්න තියේ ද?"


  තවිරු සාක්කුවට අත දාන ගමන් ඇහුවේ. මාත් මගේ සාක්කුව ඇද්දේ පර්ස් එක ගන්න.


  හුටා..... පර්ස් එක ගෙනත් නෑ කියහන්කෝ. ආකිට මැසේජ් එක දාන්න මතක තියන් හිටියට පර්ස් එක ගන්න මතක තිබ්බේ නෑනේ. මං තවිරුවට පේන්න නෑ කියලා ඔලුව වැනුවා.


  " ආ.... කමක් නෑ මං නිකම් ඇහුවේ. ගනින්...."


  එහෙම කියාගෙන ඌ සාක්කුවට අත දාලා මගේ අතට දුන්නේ රුපියල් 150 ක් එක්ක පොඩි කොලයක්. මං ඒක දිගෑරලා බැලුවා.


  ........අන්කල්, මං හවස අර නිල් පාට deco එක අරන් යන්න ආපු කෙනා. මට හදිස්සියේ එන්න වෙන්නේ නෑ. මේ මගේ යාලුවෙක්. මෙයා අතේ එවන්න. මං මෙයාට ඉතුරු ගාණ දුන්නා......


  එච්චරයි ඒකේ තිබ්බේ. මං හා කියලා ඔලුව වැනුවා. 


  " thank you මචෝ... මං යන්නම්......"


  තවිරු එහෙම කියාගෙන දිව්වේ. මං නැඟිට්ටේ යන්න හිතාගෙන.


  ඒත් අර චිට්කාරයා මාව මරන්න බලන් ඉන්නවා කියලා ආයේ මතක් වුණානේ. ඒ හින්දා ආයේ අල්මාරිය ඇරලා D.D. ගේ ඇඳුම් සෙට් එකෙන් හුඩ් එක තියෙන ජැකට් එකක් දාගෙන මං කාමරෙන් එලියට ආවා. වැඩිය දැක්කත් දැන් අඳුරන්න බෑනේ වෙන එකෙක්ට.


  පඩිපෙලෙන් බැහැලා මං ඉක්මණට ම පාර දිගේ මහ පාරට ආවා. ඇවිත් බස් ස්ටෑන්ඩ් එකට ගියේ දුමේෂිට එදා ගිෆ්ට් එක ගත්තු කඩේට යන්න. මොක ද තවිරු කිවුවෙත් ඒ කඩේ ගැනනේ....


  කොහොමහරි කඩේ අන්කල්ට ලියුම පෙන්නලා, යාන්තමට ම මං කිවුව ඒවත් තේරුම් කරවලා තෑග්ගත් පැක් කරන් කඩෙන් එලියට එද්දි පැය බාගයක් විතර ගියා. 


  ඒ එක්ක ම තමා මං එයාව දැක්කේ. ඔව්..... එයා තමා ඒ.......





  දුමේෂි..... එයා බස් ස්ටෑන්ඩ් එකේ එහා පැත්තේ පාරේ ඉඳන් ආවේ කොල්ලෙක් එක්ක. ඒත් කොල්ලා කවු ද කියන්න නම් මං දැක්කේ නෑ. 


  ඒත් දෙන්නා අත් දෙකත් අල්ලගෙනමයි එකට ආවේ. ඈතට දැක්කත් දුමේෂිව මට හොඳට හොයාගන්න පුලුවන්. ඒ එයාමයි. ඒත්.... කවු ද ඒ කොල්ලා?


  කොච්චර ට්‍රයි කළත් කොල්ලව බලාගන්න බැරිවුණා. ඒ කෙල්ල දුමේෂි නෙවෙයි කියලමයි මට හිතුණේ. ඒ දුමේෂි කවදාවත් නැතුව ඇඳන් හිටියේ දිග නිල් පාට ගවුමක් හින්දා. එයාට එහෙම එකක් තිබ්බේ නෑනේ. ඒ හින්දයි හොඳට එයා දිහා බැලුවේ. ඒත් ඒ එයා ම තමා.


දුමේෂි එයත් එක්ක කියව කියව ආවේ හිනා වෙවී. පෙනිච්ච හැටියට කොල්ලත් කෙල්ලත් එක්ක හොඳට කතා කර කර හිටියා. එක පාරට ම මාව පිච්චිලා ගියා වගෙයි දැනුනේ.


  හිතාගන්න පුලුවන් ද ඒ වගේ වෙලාවකට දැනෙන වේදනාව? තමන් ආදරේ කරන කෙනා වෙන කොල්ලෙක් එක්ක අතිනුත් අල්ලගෙන, හිනාවෙවී කියව කියව යනවා දකිද්දි. හරියට කපල් එකක් වගේ...


  හිතුණා ගිහිල්ලා ඒ කොල්ලගේ කනට ගහලා දුමේෂිව බදාගන්න. ඒ කොල්ලට පේන්න ම දුමේෂිව කිස් කරලා එක්කන් එන්න හිතුණා.


  ඒත්.... කොහොම ද ඒක කරන්නේ? දුමේෂි මේ වෙනකම් මට ආදරෙයි කියල ම නෑ. අඩු තරමේ කිස් එකක්වත් දීලා නෑනේ. මංනේ බලෙන් ම දීලා යන්නේ...


  එහෙම එකේ කොහොම ද මං එහෙම කරන්නේ? මං කොල්ලට ගැහුවොත් දුමේෂි මට හරස් වුණොත්? එයා කිවුවොත් ඒ කොල්ලා මගේ ....... කොහොම ද මං එහෙම හිතන්නෙවත්...


  ඒත් වැරැද්දක් නෑනේ. කොහොමත් එයාට වඩා මං අවුරුදු 2ක් ම බාලයිනේ. එයා කිවුවොත් මල්ලියෙක් එක්ක යාළුවෙන්න එයාට පිස්සු නෑ කියලා.... එයා මාව යාළුවෙක් විදිහට විතරයි ආශ්‍රය කළේ කියලා..... 


  එදත් මං බර්ත්ඩේ එක දවසේ වොච් එක දීලා මැසේජ් එක පෙන්නුවා ම මොකක්දෝ කියන්න ගිහින් ගිලගත්තනේ එයා අර ආපු කෝල් එක හින්දා. ආයේ අහන්නත් බැරිවුණා මට ඒක. ඒ මේ කොල්ලා ගැන වෙන්න බැරි ද?


  ඇස් අගිස්සෙන් කඳුලක් මෝදු වුණා වගේ දැනුනා මට. අමාරුවෙන් මං හුස්ම ගත්තේ දැකපු දේ හිතාගන්න බැරුව. පපුව හයියෙන් ගැහෙනවා මට ම දැනුනා.


 දුමේෂි මං හිටපු පැත්ත බලන්න හැරෙනවා මං දැක්කා. ඒත් මට එයාට මූණ දෙන්න බෑ. 


  ඇයි? මං වැරැද්දක් කළේ නෑනේ... එයානේ වැරදි. එයානේ කොල්ලෙක් එක්ක ඉන්නේ. ඒත් එයාට මූණ දීගන්න මට බෑ වගේ.


  තේරෙන්නේ නෑ ඒ හැඟීම. ඒ හින්දා මං ආයේ හැරෙන්නෙවත් නැතුව කෙලින් ම එතනින් ගියා. ආයේ බැලුවෙවත් නෑ. වේගෙන් ම එතනින් මං ආවා.


  අඬන්නේ නෑ කියලා හිතුවට ඇඬෙනවා. නවත්තගන්නත් බෑ. කඳුළු පටලේ ඇස් අස්සේ ඉඳන් වද දෙනවා.


  ඒත්..... ඇයි මං අඬන්නේ? මගේ පලවෙනි ආදරේ හින්ද ද? නැත්තම් දුමේෂි මට බොරු කරපු හින්ද ද?


  මං දන්න එක ම උත්තරයි ඒකට..... ඒ 'දන්නේ නෑ'. ඒත් ඇස් වේදනාවෙන් නටනවා කියල මට දැනෙනවා....


  මං කඩේ පිටිපස්සහට ආවා ම ඇස් දෙක බාහු වලින් ම පිහදාගත්තේ කට්ටිය අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න බැරි හින්දා. එහෙම වුණොත් තව මගේ හිත පෑරෙන එක වෙන්නේ.....


  ඒත් වෙලාවට කවුරුත් මහේෂයගේ කාමරේ හිටියේ නෑ. මං කාමරේට ගියපු ගමන් ම ජැකට් එක ගලවලා බෑග් එකට දාලා ආයේ අල්මාරියෙන් තිබ්බා ඒක. තියලා බෑග් එකත් හදාගෙන කොලයක් අරන් චිට් එකක් ලිවුවෙ බෝඩිමට යන්න හිතාගෙන. 


  ...........මචං මට සනීප නෑ වගේ ටිකක්. මං යනවා. කියලා යන්න බැරි හින්දා කොලේ තිබ්බේ. තවිරුට තෑග්ග ගන්න කියහන්. මහේෂ්ගේ කාමරේ මේසේ උඩ තියෙන්නේ ඒක. ආ, මුදලාලිට කියහන් මං ගියා කියලා. යන්න ආපු වෙලාවෙ ම ගියේ ඒකයි......


  මං ඒක ලියලා කොලේ නවලා අරූගේ තෑග්ග එක්ක මේසේ උඩ තියන්න ගියේ. ඒත් ඒ එක්ක ම මහේෂයා කාමරේට ආවා. 


 " ආ... වරෙන් යමු. දැන් වෙලාව හරි..."


  ඌ කිවුවා. මං මුකුත් නොකියා තෑග්ග මේසේ උඩ තිබ්බා.


  " මොක ද බං මූණත් එක්ක බෙරි වෙලා? මොකෝ වුණේ?"


  ඌට මගෙ වෙනස තේරිලා. ආයේ ඇහෙන් කඳුලක් එන්න වගේ යනවා මට දැනුනා.


  " ධනුවා, මොකෝ බං...."


  මහේෂයා එහෙම කියාගෙන මං ගාවට ආවේ ඒ එක්කමයි. මං ඌ දිහා නොබල ම චිට් එක ඌගේ අතේ ගුලි කරලා එහෙම්ම ම කාමරෙන් එලියට දිව්වා.


  ආයේ නවතින්නේ නැතුව මං කඩෙනුත් එලියට ඇවිත් පාරට යනකම් ම කළේ දුවන එක.


...............................................................



  ඔලුවට කැලැත්තිලා ගියා දැකපු දේ හින්දා. තාම හිතාගන්න බෑ දැකපු එක ඇත්තක් ම ද කියලා. 


  මේ වැඩ අස්සේ පර්ස් එකවත් නෑ කියලා මට අමතක වුණානේ. නැත්තම් ත්‍රීවිල් එකකවත් බෝඩිමට යාගන්න තිබ්බා.


  ආකිටවත් එන්න කියන්න් බැරිවුණා මට. කොහෙ ද වෙච්චි දේවලුත් එක්ක චිට්කාරයව අමතක වෙලා ම ගියානෙ. ඒ හින්දා මං පුලුවන් තරම් කළේ දුවගෙන ඉස්සරහට ගියපු එක. එතකොට බය අඩු වෙන්වනේ...


  දැන් නම් වෙලාව 9ත් පහු වෙලා. මහ පාරෙ කෙසේ වෙතත් අතුරු පාරෙ නම් වාහන යන්නෙ ම නෑ මේ වෙලාවෙන් පස්සේ. ඒත් මං වට පිට බල බලා ගියේ ආකි අනතුරු අඟවලා තිබ්බ හින්ද ම....


   ආකි ඇත්තට ම මාව නැතුව මැරෙනවා කියන්නේ ඇයි කියලා දැන් මට තේරෙනවා. ඒක වේදනාවක්. දරාගන්න ම බෑ ඒක දැනෙද්දි. ඇත්තට ම තේරෙනවා දැන් ආදරෙන් පැරදෙන ගොඩක් අය මැරෙන්න හදන්නේ ඇයි කියලා...


  දුවලා දුවල ම දණ ගැස්සිලා නැවතුණේ හති අරින්නවත් බැරි තරම් මහන්සි හින්දා. ඉකිගහහා ඇඬුණේ හිතන්නත් කලින් ම. 


   කෑ ගහලා අඬන්න හිතෙනවා මට. ඒත් කොහොම ද එහෙම කරන්නේ? නිකමටවත් මගේ කටහඬ පිට වෙන්නේ නෑ. කොහොම ද එහෙම අඬන්නේ?


  මං උත්සහා කළා. ඒත් හඬක් නෑ. මං කට ඇරන් ඉන්නවා වගේ විතරයි බැලුවොත් පේන්නේ වෙන එකෙක්ට. ඒත් පිට වෙන්නේ නෑ. තේරෙනව ද ඒ වගේ වෙලාවකට වේදනාව? කොච්චර නම් අමාරුයි ද ඒක? 


  මං බිමට අත මිට මොලවලා ගහගෙන ගහගෙන ගියා. නවත්තගන්න බෑ ඒක මතක් වෙන එකවත්. ඒ හැම පාර ම පපුව ගිනි ගන්නවා වගෙයි දැනුනේ.


  ටිකක් වෙලා එහෙම්ම ම ඉඳලා මං නැඟිටලා කෙලින් වුණා. දැන් නිකම් මැරිච්ච ගාණයි වගෙත් දැනෙනවා මට. ඒත් ඇඬෙන එක ටිකකට නවත්තගන්න පුලුවන් වුණා. මං හෙමීට ඉස්සරහට ආවා.


  ඒ එක්ක ම පිටිපස්සෙන් ඇහුණේ වාහනේක සද්දයක්. මං ගණන් ගත්තේ නෑ වැඩිය. මං ඉස්සරහට ගියා.

  ඒත් ඒ වාහනේ එක පාරට ම මට හරස් කපලා නැවැත්තුවා. ඒක සුදු පාට වෑන් එකක්. ඒ පමාවට ඒකේ හිටපු කළු ඇඳගත්තු මූණවලුත් වහගත්තු කීපදෙනෙක් බැස්සා. 


  මට ආයේ සිහිය ආවේ ඒ වෙලාවේ. මං ආයේ හැරිලා දිව්වේ ඊට පස්සේ.


  " ඒ ඒ, අල්ලගනින් අරූව..."


  එකෙක්ගේ කටහඬක් ඇහුණත් මං නැවතුණේ නෑ. ඒත් මීටර් 20කට වඩා දුවාගන්න බැරිවුණා. ඒ උන් දෙන්නෙක් මගේ ඇඟට පැනලා මාවත් බිම පෙරලගෙන අල්ලගත්තා.


  මං පුලුවන් තරම් ම දැඟලුවේ උන්ගේ අත් වලින් බේරෙන්න. ඒත් වැඩේ ලේසි වුණේ නෑ.


  " අල්ලගනින්.... අතාරින්න එපා ඕකව...."


  අර ඉස්සෙල්ලා කතා කරපු එකා ම එහෙම කියාගෙන ආවා. ඒ එක්ක ම මාව අත් හතක් අටක් අස්සෙ ම හිරවුණා.


  " අරන් වරෙල්ලා ඕකව. පණ පිටින් ම අරන් එන්න බොසා කිවුවේ."


  අරූ එහෙම කියද්දි අරුන් ටික මාවත් උස්සගෙන වෑන් එකට දාගත්තා. මං පුලුවන් තරම් ම දැඟලුවේ පනින්න්. ඒත් ඒ අත් එක්ක වැඩේ හරි ගියේ නෑ.


  " ලොක්කා.... මූ දඟලනවා වැඩීනේ...."

  තව එකෙක් මගේ ඉණ වටෙන් අත දාලා මාව සීට් එකකට තද කරගෙන කෑ ගැහුවේ වෑන් එක ස්ටාර්ට් කරගෙන අරන් යද්දි. 


  " එහෙනම් දීපන් ගේම. ඉක්මණට ම ඕක අරන් පලයන් මොකෙක් හරි පස්සෙන් එන්න කලින්...."


  අර මුල ඉඳන් කෑ ගහපු එකා හැරි හැරී අනික් අයට කෑ ගැහුවා. ඒත් මං හැදුවෙ ම එතනින් එලියට පැනගන්න.


  ඒ එක්ක ම අතකට කටුවක් ඇනෙනවා වගේ වේදනාවක් දැනුනා. ඒත් මං වැඩේ අතෑරියේ නෑ.


  ඒත් ඒ එක්ක ම දැනුනේ මාව පාවෙනවා වගේ. කැරකිල්ලක් දැනුනා ඒ එක්ක ම. දඟලන්න තිබ්බ ශක්තියත් නැතිවේගෙන යනවා දැනුනේ. සේරම කළුවර වෙලා ගියා. ඒ එක්ක ම මං කොහාටදෝ ඇදිලා ගියා.....




.............................................................


  අදට ඇති.... දුලේන්ට මොකක් ද වෙන්න යන්නේ? මැරෙයි ද?


අද කොටස ගැන වැඩිය දෙයක් කියන්න බෑ මට. බෝරින් වගේ ද අද? මට ඒ වගේ දැනුනේ....


ඔන්න හෝඩුවාවක් අතෑරියා. බලමුකෝ ඉස්සරහට....


  ඔන්න මං සෙල්ලම පටන් ගත්තා.... ඉස්සරහට හොඳ හොඳ ඒවා එලිවෙයි.


  හෙට කතාව දෙන්න වෙන එකක් නෑ. අද ලොකු වැඩක් තියෙනවා. ඒ හින්දා ගෙදර නෑ මං. ඒ හින්දා කතාව දෙන්න වෙන එකක් නෑ. පුලුවන් තරම් ට්‍රයි කරන්නම්. ඒත් බැරිවෙයි. එක දවසක් නිවාඩු ගන්නම් මං......



  එහෙනම් පරිස්සමෙන් ඉන්න. බුදුසරණයි........


                   😌චතූ...😊

Report Page