D.D.
පෙර කොටස
අපූරු හමුවීම්
(11 කොටස)
එතකොට තමා මට පිටුපාලා හිටපු කෙල්ල මං දිහා බැලුවේ. ඔව්. ඒ පලමු බැල්මෙන් ම මං එයා දිහා බලාගෙන හිටියේ පුදුම වෙලා.
..................................................
එයා ඇඳන් හිටියේ සුදු පාට බ්ලවුස් එකක්. ඒක එයාට ලස්සනට තිබ්බා.
ඒත්.... ඒ ඇස්මයි, ඒ පාටමයි, ඒ මූණමයි. මට ඉබේ ම වගේ කියවුණේ ඒ නම.
.......ආකී......
තොල් එහෙම පෙරලුණාට මගේ හඬ පිටවෙන්නේ නෑනේ. ඒත් මං පුදුම සීන් එකේ උඩ අත්තට ම පියෑඹුවා.
" ආකී කියල ද ඔයා කියන්නේ?"
එයා ඇහුවා. ඒත් එයාට තිබ්බේ ආකිට වඩා වෙනස් කටහඬක්. ආකිට වඩා ගොඩක් නිවුණ විදිහට එයා කතා කළේ.
එයා අහපු දේට මං ඔවු කියලා ඔලුව වැනුවා.
" එහෙනම්.... ඔයා වෙන්නැති ධනූෂ. මං හරිනේ?"
එයා ඇහුවා. එතකොට මේ ආකි නෙවෙයි ද...? මං ඔවු කියන්න ඔලුව වැනුවා. එයා එතකොට හිනා වෙවී නැඟිට්ටා.
" Nice to meet you. මං ආකිත්‍යා. ආකිත්‍යා දුමේෂි."
එයා එහෙම කියාගෙන මට අත දුන්නේ. ඒ කියන්නේ එයා ආකි ද? ඒත් ගොඩක් වෙනස්නේ. පෙනුම නම් සමානයි. ඒත් හැසිරෙන්නේ වෙනස් විදිහකට. මාත් අත දුන්නේ එයා දිහා බලාගෙන.
" ඔයා බලන්නේ මං ආකි ද කියලා නේ ද?"
එයා අත අතාරින ගමන් ඇහුවා. මං ඔවු කියන්න ඔලුව වැනුවා.
" නෑ නෑ. මං ආකි නෙවෙයි. ආකි මගේ අක්කා. අක්කයි මායි ගොඩක් සමානයි තමා. එයාගේ නමත් ආකිත්‍යා. ඒත් අග නම් වෙනස්."
එයා හිනාවෙවී කිවුවා. පුදුමයි. මං ඇහුවාමයි එක ම නම අක්කටයි, නංගිටයි දානවා කියලා.
" එයා තමා ආකි. මට කියන්නේ 'ආදු' කියලා හැමෝම."
එයා කිවුවා. එයා හිනා වෙනකොට එයාගේ දකුණු පැත්තේ උඩ තිබ්බ නල දත හොඳට පේනවා. ආදු නමට වඩා දුමේෂි නම ලස්සනයි ද මන්දා එයාට.
" කවු ද ආ.... ආදු මේ?"
අනික් කෙල්ල ආදුගෙන් ඇහුවා.
" ආ... අමතක වුණානේ කියන්න. මේ ධනූෂ. අද තමා මටත් හම්බුණේ. ඊයේ සර් හරවලා යැවුවේ මෙයාවනේ....."
ආදු කිවුවා. ඒ කියන්නේ ආදුත් ඊයේ ක්ලාස් එකේ ඉඳල ද? කේස් එකේ සිහියෙන් හිටියට ක්ලාස් එකේ ඉන්න අය දිහා බැලුවේ නෑනේ මං. ඒ වෙලාවේ කේස් එක ගැන ගාණක් නොගියට දැන් නම් හීනියට වගේ ලැජ්ජාවත් මෝදු වුණේ අනික් දෙන්නත් මං දිහා බලද්දි.
ආදු ආයේ මං දිහා බැලුවා.
" මේ අපේ ක්ලාස් එකේ යාළුවෝ දෙන්නෙක්. මෙයා මිරාසා. එතකොට මේ ක්‍රිෂ්ණ."
ආදු කිවුවේ මට හිතාගන්න බැරි වෙද්දි. අපේ ක්ලාස් එකේ? ඇයි එයා එහෙම කිවුවේ?
එයා ඒ කපල් එකව පෙන්නන ගමන් කිවුවේ. දෙන්න ම මට හායි කිවුවා. මාත් අතින් පොඩි සංඥාවක් දැම්මා.
" ආ.... ධනූෂට කතා කරන්න බෑ. ඒකයි මේ. වැඩිය හිතන්න එපා."
පුදුම දවසක්. අද මං මුකුත් ම මැසේජ් එකෙන් කොටලා පෙන්නුවේ නෑ. ඒ කෙල්ලමයි මං ගැන විස්තර කියන්නේ. ආකි ද දන්නේ නෑ මං ගැන මෙච්චර දේවල් මෙයාට කිවුවේ. නැත්තම් මාව අද දැක්ක කෙනෙක් කොහොම ද මෙච්චර විස්තර දන්නේ?
" ආ.... ඕ... ඕක මොකක් ද? මාත් මෙහෙම කතා කළාට ටිකක් ගොතයි. වේ..... වෙලාවකට මටත් ගොතේ එනවා. ඕ.... ඕවා ඕනේ කේ... කෙනෙක්ට වෙන්න පුලුවන්...."
මිරාසා කිවුවා.
" අවුලක් නෑ කොල්ලෝ. ඒත් අපිට ගොලු භාෂාව නම් බෑ ඔන්න. වෙන ක්‍රමයක් පාවිච්චි කරන්න වෙයි අපිට communicate කරන්න."
ඒක කිවුවේ අර ක්‍රිෂ්ණ. මං පෝන් එකේ කෙටුවේ මැසේජ් එකක්.
📱 "......Lip reading පුලුවන් නම් මාත් එක්ක කතා කරන්න පුලුවන්. නැත්තම් මේ විදිහට මැසේජ් වලින් තමා මං උත්තර දෙන්නේ......"
මං ඒක ඒ තුන් දෙනාට පෙන්නුවා.
"ඒක හොඳයි. නේ ද කිරී?"
මිරාසා ඇහුවා.
" ඔව් මිරා. අපි කැමති. ඔයාට ප්‍රශ්නයක් නැත්තම් අපිට අවුලකුත් නෑ."
ක්‍රිෂ්ණ කිවුවා. මිරාසා කිරී කියන්න ඇත්තේ ක්‍රිෂ්ණට වෙන්නැති.
" හරි හරි. පස්සේ කතා කරමුකෝ. මට නම් හරි බඩගිනියි. උදේට මුකුත් බඩට දාගත්තෙත් නෑ. මට හිතෙන්නෙත් ඔයාලත් මුකුත් කාලා නෑ?"
ආදු ඇහුවා. ඇත්ත තමා. උදේ එලියට බැහැලා ආවට මොකවත් කන්නවත් සිහියක් තිබ්බේ නෑනේ මට. මාත් නෑ කියන්න ඔලුව වැනුවා.
" ඒකනේ. කට්ටියට ම එහා පැත්තේ කඩේට ගිහින් මොනාහරි පොඩි දෙයක් බඩට දාගමු. ලොකු දේවල් කන්න බෑ 9ට පන්තිනේ...."
" හරි හරි. යමුකෝ කිරී...."
එහෙම කිවුවා ම මිරාසා ක්‍රිෂ්ණවත් ඇදගෙන ගේට්ටුව පැත්තට ගියා. ආදුත් එයාලා එක්ක ගියා. මං ඉක්මණට ම මැසේජ් එකක් කෙටුවා. ඒක ගහලා ඉවර වෙලා මං පොඩ්ඩක් දිවුවේ ඒ තුන් දෙනාට ලං වෙන්න.
එහෙම ගිහින් මං අල්ලගත්තේ ආදුගේ අත. පලවෙනි වතාවට මං එයාගේ අතින් අල්ලගත්තේ. එයා මං අල්ලගත්ත අත දිහා බලලයි මං දිහා බැලුවේ පුදුම වෙලා. මං දුවන් එන ගමන් කොටපු මැසේජ් එක එයාට පෙන්නුවා.
📱 "......... ඇයි ඔයා අපේ ක්ලාස් එක කියන්නේ? දැක්කනේ ඊයේ සර් මාව එලෙව්වනේ. මාව ආයේ ගනී ද?......"
" අනිවාර්යයෙන් ම ගන්නවා. මොක ද ඔයාගේ තැන මෙච්චර කල් පරිස්සමට තිබ්බා සර්.
ආකි තමා මට කිවුවේ ඔයාව අද ක්ලාස් එකට එක්ක යන්න කියලා. ඒ හින්දා මොනාහරි කමු. එන්න."
එහෙම කියලා ආදු මං අල්ලගත්ත අතින් ම මගේ අතත් අල්ලගෙන ඇදගෙන කඩේට ගියේ මාව ඇදිලා යද්දි.
ඒ කඩේ ටිකක් පොඩි එකක්. ඒකේ තිබ්බේ පුටු 2ක් තියන්න පුලුවන් මේස. ප්‍රැන්ටි කබඩ් වගේ ගහපු ලා කහ පාට ලයිට් එකක් දාපු ෂෝ කේස් එකක කෑම වර්ග ගොඩක් අඩුක් කරලා තිබ්බා. මිරාසයි, ක්‍රිෂ්ණයි එක මේසෙක වාඩි වුණා. ආදු මාව ඇදගෙන ඇවිත් අනික් මේසේ පුටුවකට අතෑරලා එහා පුටුවෙන් වාඩිවුණා.
"ඔයා මොනා ද කන්නේ?"
ආදු ඇහුවේ හුරතල් විදිහට. මං මැසේජ් එකක් කොටලා පෙන්නුවා.
📱 "......ඕනේ එකක්......"
" මස් මාළු එක ප්‍රශ්නයක් නැද්ද?"
මං නෑ කියලා ඔලුව වැනුවා.
" මං නම් මස් මාළු කන්නේ නෑ ඔන්න. ඒ හින්දා මං මොනාහරි බලලා ගේන්නම්."
එහෙම කියලා එයා ගියා. එයාට තිබ්බේ දඟකාර ගතිගුණ. මට මතක් වුණේ එදා හොස්පිටල් එකේ දි ආකි ගියපු විදිහ. එයාට තිබ්බේ අමුතු ම ගටක්. ඇත්තට ම තිබ්බේ ලොකු වෙනසක් දෙන්නා අතරේ.
ආකිට තිබ්බේ ටිකක් අමුතු කටහඬක්. ඒ වගේ ම ඇඳලා හිටියෙත් කොල්ලෙක් වගේ. ඇවිදින්නෙත් අමුතුම විදිහකට. අනික එයා කොණ්ඩේ පැත්තකට පීරලා නවලා තිබ්බේ.
ඒත් ආදු, නැත්තම් දුමේෂි වෙනස්. එයාට තිබ්බේ හීනි කටහඬක්. එයා කතා කරන්නෙ ම නිවුණ විදිහට. ඒත් ඒකේ දඟකාර ගතියක් මට දැනුනා. එයාගේ කොණ්ඩේ ගොතලා ඉනෙනුත් පහලට තියෙනවා. ගොඩක් වෙනස් එයා.
අනේ මන්දා. මං මේ දැක්ක ටිකට ආදු ගැන ගොඩක් දේවල් හිතන්න අරන්නේ.....
ටික වෙලාවකින් ආදු ආවේ කෑම ගොඩකුත් අරන්. ෂෝටීස් කීපයක් තිබ්බ පිඟානක් මිරාසලගෙ මේසෙන් තියලා, පැටිස් වගයක් තිබ්බ පිඟාන මං හිටපු මේසෙන් තිබ්බා. තියලා මං ගාවින් වතුර එකකුත් තියන්න කියලා එයත් වාඩිවුණා.
" ඔයා ගාව සල්ලි තියෙනව ද ධනුෂ?"
ආදු ඇහුවා. කොහොමත් මේ ටිකේ වැඩට නොගිය හින්දා පර්ස් එකෙත් තිබ්බේ රුපියල් 100 යි. ඒත් මං ඔවු කියලා ඔලුව වැනුවා. ඒත් මට හිතෙන්නේ ඒක එයාට තේරුණ ද කොහෙ ද...
" හරි. ක්‍රිෂ්, ඔයා මිරාටත් එක්ක ගෙවන්න. මං ධනූෂටත් එක්ක ගෙවන්නම්."
එයා එහෙම කිවුවා. ඒක හරියන්නේ නෑනේ. කොල්ලෙක් වෙලත් කෙල්ලෙක්ගෙන් එහෙම කන්න පුලුවන් ද? මං මැසේජ් එකක් කෙටුවා.
📱 ".......එපා. මං ගෙවන්නම්. ඔයා කන්න......."
" නෑ. අද පලවෙනි දවසනේ. මං අද ගෙවන්නම්. ඔයා ඊළඟ පාර ඉඳන් ගෙවන්න."
එයා කිවුවා. කොහොමත් රුපියල් 100 ඇති වෙයි ද කියලා මට හිතාගන්න බැරිවුණ හින්දා මාත් මුකුත් කියන්න උත්සහ නොකර කෑවා.
ඒත් මට එයාගෙන් අහන්න දෙයක් තිබ්බා. මොක ද අර චිට් දෙන කෙනා කවු ද කියලා මට දැනගන්න ඕනේ වුණා.
📱"...... ඔයා කොහොම ද මං ගැන මෙච්චර විස්තර දන්නේ?......."
එයා ඒක කියවලා හිනාවුණා.
" එහෙම ම කියලා විස්තර දන්නේ නෑ.
ආකි මට කිවුවා හොඳ කොල්ලෙක් ඉන්නවා ධනූෂ කියලා. ඒත් කතා කරන්න බෑ කිවුවා. එයා ඔයාගේ නැටුම් ක්ලාස් එකට එන්න යන්නේ එයාට උදවු කරන්න කියලා. එච්චරයි කෝල් එකෙන් කිවුවේ. "
ආදු කිවුවා. මං සංඥා කරලා අතින් පෝන් එකක් පෙන්නුවේ ප්‍රශ්නයක් විදිහට. (🤙)
" ඔව්. එයා ඉන්නේ බෝඩිමක දැන්. පොඩි කේස් එකක් හින්දා එයා මාත් එක්ක තරහා වෙලා. ඒකයි කෝල් එකෙන් කිවුවේ. නැත්තම් මාව හම්බවෙන්න ම එනවා.
මට කෝල් එකෙන් කිවුවා උදේ 7.30 වෙද්දි පාර්ක් එකේ අර බංකුව ගාවට එන්න කියලා ඔයා එනවා කියලා. නැත්තම් ඔයා එනකම් ම මං ඔයාව දැකලා තිබ්බේ නෑ. ඒකයි මිරාවයි, ක්‍රිෂ්වයි එක්කගෙන ආවෙත්."
ආදු කිවුවා. ඊට පස්සේ එයා මුකුත් නොකියා නිහඬව හිටියේ. ටික වෙලාවකින් ඔක්කොමල ම කාලා ඉවර වුණා.
මං හිතුවා හරි. බිල රුපියල් 175යි. ගෙවන්න බාරගත්තා නම් ඉතුරු 75 ගෙවන්න සමහර විට පිඟන් ටිකත්වත් හෝදලා දෙන්න වෙනවා මට.
ඊට පස්සේ අපි හතර දෙනා ම කඩෙන් එලියට ආවා. ක්‍රිෂ්ණ එයාගේ බයික් එකට නැංඟා ම මිරාසත් ඒකට නැංඟා.
අපරාදේ ඉතින්. මටත් බයික් කට්ටක් තිබ්බා නම් ඒකට දුමේෂිවත් දාගෙන මට නඟින්න තිබ්බනේ.
ඒ එක්ක ම මං ගාව නැවතුණේ කළු පාට ස්කූටර් එකක්. ඒකේ හෙල්මට් එකකුත් දාගෙන හිටියේ දුමේෂි.
" ඔන්න මාත් ආවා. නඟින්න."
දුමේෂි එහෙම කිවුවේ එයාගේ අතේ තිබ්බ අනෙක් හෙල්මට් එක මට දික් කළා. මාත් මුකුත් නොහිතා ම නැංඟේ ඒ වෙලාවේ චාටර් වීමෙන් වැලකෙන්න හිතාගෙන.
" හරි. මං ඔයාට පොඩි උපදෙස් ටිකක් දෙනවා. මොක ද අද ඉඳන් ඔයාට පටන් ගන්නේ ටිකක් අමාරු කාලයක්. හුඟක් මහන්සි වෙන්න වෙනවා. පුලුවන් ද?"
ආදු ක්ලාස් එකට යන ගමන් ඇහුවා. මෙච්චර කල් මහන්සි වුණ මට තව මහන්සි වෙන්න බැරිද... මං පුලුවන් කියන්න thumbs up (👍) එකක් පෙන්නුවා. ඒ ගමන් ම එයා ක්ලාස් එක තියෙන කඩ කාමර සෙට් එක ගාවට ස්කූටර් එක හරවලා අයිනට වෙන්න නැවැත්තුවා.
" පුලුවන් කියලා නේ ද කිවුවේ ඉස්සෙල්ලා? ඒක හොඳයි. මං කැමතියි එක පාර අභියෝග බාරගන්න අයට."
එයා එහෙම කියාගෙන ම ක්ලාස් එකට යන පඩිපෙළ නැංඟා. එයාගේ පස්සෙන් ම මායි, මිරාසයි, ක්‍රිෂ්ණයි දෙන්නත් පඩිපෙල නැංඟා.
ආදු එයා ගාව තිබ්බ යතුරකින් පන්තියේ දොර ඇරියා. මිරාසයි, ක්‍රිෂ්ණයි අපි දෙන්නටත් කලින් ඇතුලට ගියා.
" Welcome to Dream Way Dance Academy. අද තමා ඔයාගේ පලවෙනි පුහුණුවේ ඉඳන් පටන් ගන්නේ...."
ආදු ඒ ටික කිවුවේ ඇතුලෙ ඉඳන් මාව පිළිගන්න වගේ නැවෙන ගමන්. මාත් හිනාවෙවී ඇතුලට ආවේ.
එදා ආවට අද තමා මුලින් ම ක්ලාස් එක ඇතුලට ආවේ මං. ඒක ලොකු කාමරයක්. එක පැත්තක ලොකු කණ්ණාඩියක් දාලා තිබ්බා. පන්තියේ දෙපැත්තක කාමර දෙකක් තිබ්බා. පොඩි ජනේල් කීපෙකුයි, ලයිට් එකකුයි, පුටුවකුයි ඇරෙන්න මුළු කාමරේ ම මැද හිස්. අදමයි මෙහෙම එකක් දැක්කෙත් මං.
" දැන් වෙලාව 8.15යිනේ. ඒකයි තාම කවුරුත් නැත්තේ. තව ටිකකින් කට්ටිය එයි. අපි ඒ හින්දා මුලින් ම හැමෝමව අඳුර ගන්න."
ආදු කිවුවා. ඒ එක්ක ම වගේ තව කීප දෙනෙක් පන්තියට ආවා.
" හරි. මුල ඉඳන් ම සේරම පටන් ගමු. මං ආකිත්‍යා. ආකිත්‍යා දුමේෂි. හැමෝම මට කියන්නේ ආදු කියලා."
ආයෙත් හුරතල් විදිහට කියන ගමන් මට එයා අත දික් කළා. මං මැසේජ් එකක් කොටලා එයාට අත දික් කළා.
📱 ".....ධනූෂ දුලේන් රත්නසිරි...."
" වාව්.... ඒක ලස්සන නමක්. මං දුලේන් කියන්න ද? ධනූ කියන්න ද?"
එයා ඇහුවා.
📱 ".....ඕනේ එකක්...."
" එහෙනම් මං දුලේන් කියන්නම්. මං ඒ නමට ආසයි."
එයා හිනාවෙවී කිවුවා. ඒ හිනාව ලස්සනයි. මං හා කියලා ඔලුව වැනුවා.
" මං මී... මිරාසා. මිරාසා කෞමදී හේරත්."
මිරාසා කිවුවා. මං පෝන් එකේ කොටපු මගේ නම පෙන්නුවා.
" මං ධනු කියන්නම්. මට ඒ.... ඒක ලේසියි."
මිරාසා කිවුවා.
" මං ක්‍රිෂ්ණ. ක්‍රිෂ්ණ තේජස්වර ප්‍රනාන්දු. මාත් උඹට ධනූ කියන්නම්. ඒක මරු."
ක්‍රිෂ්ණ කිවුවා. මාත් හා කියලා ඔලුව වැනුවා.
ඔහොම ඔහොම ළමයි ගොඩක් ආවා. ඒ හැමෝම ආදු කියපු නිසා මාත් එක්ක කතා කරන්න ආවා. මට පේන්නේ ආදු හැමෝම දන්න චරිතයක් වෙලා හිටියේ. එයා හැමෝම එක්ක කතා කරන්නේ හුඟක් සුහදශීලීව.
" මුලින් ම තියෙන්නේ brething exercises. මේ සති දෙකේ ම තිබ්බෙ ඒවා. ඊයේ ඉඳන් තමා warming exercises පටන් ගත්තේ. අද කට්ටියත් එක්ක warming exercises කරමු සර් ආවා ම. අනික් විස්තර ක්ලාස් ඉවර වුණ ගමන් මං කියන්නම්. දැන් අර කාමරේට ගිහින් කිට් එක දාගෙන එන්න."
ආදු මට එහෙම කියලා අනික් කාමරේකට ගියා. මං එයා පෙන්නපු කාමරේට ගිහින් ප්‍රැක්ටිස් වෙන්න කියලා ගෙනාපු kit එක දාගෙන ආවා.
හැමෝම පෝලිමට හිටගත්තා. ආදු හිටගත්තේ මට ඉස්සරහින්. පෝලිම් හදලා ඉවරවෙද්දි ම අශ්වින් සර් ආවා.
" වාව්..... නියමයි අද කට්ටිය කලින් ම පෝලිම් ගැහිලා."
සර් කිවුවේ හැමෝම දිහා බලන ගමන්. ඒ වෙලාවෙ ම වගේ මාවත් සර්ගේ ඇස්වලට ගැටුණා.
" ඔයා? ඔයා කොහොම ද?"
අශ්වින් සර් එහෙම කියාගෙන ආවේ කේන්තියෙන්.
" අශ්......වී...න්.... සර්?"
ආදු ඒ නම ඇදලා කියාගෙන හැරුණා. ඒ එක්ක ම සර්ගේ ගමනත් නැවතුණා.
" ආකි කියපුවා අමතක නෑ නේ ද සර්? ධනූෂ හෙට ඉඳන් පන්තියට එනවා කියලා එයා කලින් කිවුවනේ...."
ආදු එහෙම කිවුවේ හුරතලේට වගේ. ඒකට සර්ගේ කට වැහුණ ද මන්දා....
" ආ.... ඔව්නේ. මොකක් ද නම මේ..... ධනූෂ. ඔයා පොඩ්ඩක් එන්නකෝ."
අශ්වින් සර් එහෙම කිවුවා. මාත් වෙන දේ හිතාගන්න බැරුව සර් ගාවට ගියා.
" කොහොම ද කොල්ලෝ? පලවෙනි දවසේ පිලිගැනීමක් කළා ද කට්ටිය?"
සර් එහෙම කියාගෙන මගේ උරිස්සට අත තිබ්බේ මං ගැස්සිලා යද්දි. සර් මං ගාවට කිට්ටු කළා.
" මතක තියාගන්නවා. අර ආකි හින්දා තමා මං උඹව ක්ලාස් එකට ගන්නේ.
හැබැයි මැදින් ආවා කියලා වැඩේ අනාගත්තොත් ගොලුවෙක් කියලා සමාවක් නෑ එක පාර ම ගහලා පන්නනවා. ඒක මතක තියාගන්නවා."
ඒ ටික එයා කිවුවේ රහසින් දත් මිටි කාගෙන. ඒකෙන් ම තේරෙනවා කැමැත්තකින් නෙවෙයි මාව ගත්තේ කියලා.
👐 ".....තේරුණා ද?.....(☝️)"
සර් සංඥාවක් දැම්මා. ඒත් මට පෙනුන හැටි ද මන්දා තේරුණා ද කියලා අහනවා වගේ පෙනුනේ....
"දැන් මහ ලොකුවට sign language පුලුවන් කිවුවා නේ ද? මොකෝ කිවුව එක තේරුනේ නැද්ද?"
සර් අහද්දි මං උඩ ගියා. සර් එදා කිවුවේ නෑනේ සර්ට සංඥා භාෂාව පුලුවන් කියලා.
👐 "........සර්ට sign language පුලුවන් ද?......"
මං සංඥාවලින් ම ඇහුවා.
👐 "...... මං බෑ කිවුවේ නෑනේ.
දැන් කමක් නෑ. අද ඉඳන් එක දිගට ක්ලාස් එන්න ඕනේ. පරක්කු වෙන්න බෑ. මං කලින් කිවුව ඒවා තේරුණානේ. ඒවත් මතක තියාගන්න...."
සර් සංඥාවලින් ම කිවුවා. ඇත්තට ම මං අන්දභූත වෙලා හිටියේ. මං හා කියන්න ඔලුව වැනුවා.
" එහෙනම් හිටපු තැනට ආපහු යන්න."
රහසින් වගේ එහෙම කියලා සර් ඉස්සරහට ගියා.
" Students... let's start...."
සර් එහෙම කියාගෙන හැමෝගෙ ම ඉස්සරහට ගියා. මාත් වෙන කරන්න දෙයක් නැති හින්දා පෝලිමට ගියා..
....................................................................
ක්ලාස් එක ඉවර වෙනකොට නම් ටිකක් විතර මහන්සියි. සර් සැරෙන් සැරේ රැවිල්ලක් දානවා වගේ මං දැක්කත් වැඩිය ගණන් ගත්තේ නෑ. තාම දන්නේ නෑ හැන්ඩියා මං තමා එයාගේ පර්ස් එක බේරලා දුන්නේ කියලා. ඕවා කියන්නේ මොකට ද....
" දුලේන් දැන් ගෙදර ද යන්නේ?"
ආදු අහනවා මට ඇහුණා. මං පෝන් එක කොටන්න ගත්තා.
📱 "....... නෑ. මං බෝඩිමට යන්නේ.
ආ..... ඔයා මොනා ද කියන්නම් කිවුවා නේ ද ක්ලාස් ඉවර වෙලා?......."
මං මැසේජ් එක පෙන්නුවා.
" ආ.... වෙලාවට මතක් කළේ. පොඩ්ඩක් එහාට වෙමුකෝ මෙයාලට යන්න...."
ආදු එහෙම කියලා මාව දොර ගාවින් එහාට කළා.
" මුලින් ම.... හෙට උදේ 7 වෙනකොට මෙතනට ඇවිත් ඉන්න. මායි, සරුයි දෙන්න ම එන්නම්. ඔයාට මුල ඉඳන් ම සේරම උගන්නනවා.
දෙක.... හෙට එද්දි ඔය කොණ්ඩේ කපාගෙන එන්න. පිස්සා වගේ වවාගෙන ඉන්නේ. පොඩි කට් එකක් ගහලා එන්න. සල්ලි තියෙනව ද?"
ආදු ඇහුවා. කොයි එකත් ඉවර වෙන්නේ සල්ලිවලින්නේ. නෑ කියාගන්න බැරි කමට මං මුකුත් නොකර හිටියා.
" ආ..... ආකි කිවුවනේ ඔයා ලෙඩ වෙලා හිටියා කියලා. වැඩට යන්න බැරිවෙන්න ඇති නේ ද? එහෙනම්......."
ආදු එයාගේ බෑග් එක ඇඳලා රුපියල් 500 ක් මට දික් කළා.
" මේක තියාගන්න. ඉතුරු තිබ්බොත් වියදමට තියාගන්න."
මං ආයේ මැසේජ් එකක් කෙටුවා.
📱 "......එපා දුමේෂි. මං කොහොමහරි සල්ලි හොයාගෙන කොණ්ඩේ කපාගන්නම්. දැන් ඔයා මට කීයක් වියදම් කළා ද?......"
" දුමේෂි? හහ්.... කාලෙකින් ඒ නම දැක්කෙත්. ඔයා ආස ද එහෙම කියන්න?"
එයා ඇහුවා. මං ඔව් කිවුවේ හිනාවෙන ගමන්. එයත් හිනා වුණා.
" කමක් නෑ. ඔයාට මං දුලේන් කියන්නේ. ඒ වගේ මං දුමේෂි. ඕකේ...."
එයා ඒ ටික කිවුවේ සතුටකින්. ඒත් එක පාරට ම එයාගේ මූණ වෙනස් වෙලා ගියා.
" ආ..... මං වියදම් කරන එක ද ප්‍රශ්නේ? හරි. අදට මේක තියාගන්න. ඔයා හොඳ තැනකට ගියපු දවසක ඕවා ගෙවන්නකෝ පොලී පිටින්...."
එයා වේගෙන් එහෙම කියලා අර පන්සීය මගේ අතේ එබුවා.
" මං යන්නම්. වැඩ ගොඩක් තියෙනවා. ඔයා එහෙනම් යන්න. බායි...."
ආදු... නෑ. දුමේෂි එහෙම කියාගෙන මට අත වැනුවා. මාත් එයාට අත වැනුවා.
" ආ..... අමතක වුණානේ..."
දුමේෂි එහෙම කියාගෙන ආයේ හැරුණේ බෑග් එක අදින ගමන්.
" ආ... මේක ආකි ඔයාට දෙන්න කිවුවා ක්ලාස් ඇරිලා යද්දි. යන්නම්....."
එහෙම කියලා එයා මගේ අතක් දිග ඇරලා අත උඩින් තිබ්බේ චිට් එකක්. එයා ඒක තියලා ගියා.
අදත් චිට් එකක්. දැන් මේ දෙවෙනි එක. මං දිගෑරලා බැලුවා.
.........මොන පණ තියෙනවා කිවුවත් බළලට තියෙන්නෙත් එක පණයි. ඌ මරන්න ලේසි නැති හින්දයි පණ 7ක් තියෙනවා කියන්නේ......
කොල්ලෝ, මේක හම්බෙන වෙලාවට උඹ පඩිපෙළවත් බැහැලා නෑ මං හිතන්නේ. මේ ළඟ කොණ්ඩේ කපන සැලූන් එකක් තියෙනවා. ඔතනින් බැහැලා කඩවල් 10 ක් පාස් කරලා යන්න. පරණ කට් එක ම ගහන තරමට උඹට ම හොඳයි.
දැන් ප්‍රශ්නේ නේ ද මං මොක ද මූණට හම්බවෙන්නේ නැතුව චිට් තියන්නේ කියලා? සේරට ම ලුණු ඇඹුල් පිලිතුරු දෙන්නම්. කොණ්ඩේ කපලා යන වෙලාවට මේ නම්බරේට මැසේජ් එකක් දාන්නකෝ....
07.-.......
එච්චරයි ඒකේ තිබ්බේ. ඒ කියන්නේ මේ චිට් තියලා තියෙන්නේ ආකි. එදත් මගේ නෝට් බුක් එකේ අර වාක්‍ය ලියන්න ඇත්තෙත් එයා. ඒත් ඇයි ඒ? ඇයි එයා එහෙම කරන්නේ?
මං ඕවා හිත හිත පල්ලෙහාට බැස්සේ. එකපාරට ම මං දැක්කේ.....
........................................................
හෙට දෙන්නම්කෝ... නිකමට හිතන්න මොකක් ද කියලා...
දිග එකක් හරි ද..... Comment 50 වත් ඕනේ අද. නැත්තම් මං කතාව හෙට දෙන්නේ නෑ.....
😌චතූ...😊