D.D.

D.D.


නිහඬත්වය වෙනුවෙන් දෛවය බිඳ හෙලූ ඔහුගේ කතාව...


පෙර කොටස

https://telegra.ph/DD-10-29-6


අපූරු හමුවීම්... (ඔහු)


( 10 කොටස)


   පහුවදා නැඟිටිද්දි උදේ 6යි. උදේ ම ලෑස්ති වුණා යන්න. අද ඉඳන් ආයේ රෑ ජීවිතේ පටන් ගන්න වෙනවා.



   හවස 6-8 වැඩක් තියෙනවා මේ ටිකේ කරන්න බැරිවුණ. ඊයේ පැය ගාණක් ම නටන්න වුණා පරණ විදිහට ම පණ එන්න. ඒ හින්දා අද ම පටන් ගන්න හිතුවේ.



   අනික් එක රෑ 8 ඉඳන් පාන්දර 2 වෙනකම් හෝටල් කඩේ වැඩ. කඩේට පණිවිඩයක් යැවුවේ මාව අස්කරලා ඇද්ද කියලා මෙච්චර කල් ආවේ නැති එකට. වෙලාවට නෑ. කොහොමත් මං ගොලුවෙක් හින්ද ද මන්දා මට පොඩි පහේ බුරුලක් තියෙනවා කඩේ අයගෙන්. වැඩ වලට නම් නෙවෙයි ඉතින්....



  මං නැඟිටිද්දි සජියාවත් නැඟිටලා හිටියේ නෑ. මං වොෂ් එකක් දාගෙන එද්දියි ඌ ඇහැරියෙත්.



   කොහොමත් කොල්ලොන්ට කෙල්ලෝ වගේ හැට පැයක් යන්නේ නෑනේ ලෑස්ති වෙන්න. ටී ෂර්ට් එකට ඩෙනිමක් දාගෙන, කිට් එක දාපු බෑග් එකත් දාගෙන පයින් ම ගියේ උදේ හින්දා. බලද්දි වෙලාව උදේ 6.35 යි.



   සුදු පාට මතක තියාගන්න. ඕක ඔලුව ම කලත්තලා තිබ්බ නිසා මං ඇන්ඳේ සුදු ටී ෂර්ට් එකක්.



  උදේ ම නිසා ද කොහෙ ද යාන්තමට වගෙ සීතලයි. ඔහේ මනෝපාරක් දාගෙන මං අර චිට් එකෙ ලියලා තිබ්බ තැන තිබ්බ පාර්ක් එකට ගියා.



   මං යද්දිත් 7.15යි. විනාඩි 15ක් තිබ්බත් ඒකේ තිබ්බ තුන් වෙනි බංකුවෙ විශේෂත්වේ මට බලාගන්න ඕනේ වුණා. ඉතින් මං ගැන්නා.



  පලවෙනි එක නම් හිස්. ඒකට මීටරයක් එහාහින් තිබ්බ එකේ හිටියේ පොත් ගොඩක් බදාගෙන කියවන පොත් ගුල්ලෙක්.



  තුන් වෙනි එක දිහා බැලුවා මං. ඒ බංකුවේ තුන් දෙනෙක් වාඩිවෙලා හිටියා. එක්කෙනෙක් කොල්ලෙක්. අනික් දෙන්නා කෙල්ලෝ දෙන්නෙක්. 



  ඒ කොල්ලා ටිකක් සුදුයි. ඒත් ලස්සන හැන්ඩියා. අමුතු ම පෙනුමක් එයාට තිබ්බේ. 



  එයා ගාව හිටපු කෙල්ලත් ලස්සනයි. ඒත් වාඩිවෙලා හිටපු කොල්ලටත් වඩා කොට ද කොහෙ ද. කෙල්ලට තිබ්බේ පිට වැහෙන තරමට දිග කොණ්ඩයක්. එයා ඒක උඩට කරලා පෝනි ටේල් එකක් දාලා තිබ්බේ. එයාට එහෙම ලස්සනට තිබ්බා.



  අනික් කෙල්ල මට පිටුපාන්න බංකුවේ වාඩිවෙලා හිටියේ. එයාගේ කොණ්ඩේ පිට දිගට ම වැටෙන්න ගොතලා තිබ්බා. ඒක බංකුවෙ ටිකක් පහලට වෙන්න දිගට ම තිබ්බා. ඒ තුන් දෙනා ම ඇඳලා හිටියෙත් සුදු.



   මුලින් කිවුව දෙන්නා අතිනත පටලගෙන හිටියේ. මට හිතෙන්නේ ඒ දෙන්නා වෙන්නැති කපල් එක ඒ අයගෙන්. 



   කොහොමත් මට එතනට යන්න වෙන හින්දා මං දෙවෙනි බංකුවේ හිටපු පොත් ගුල්ලා ගාව වාඩිවුණා.



  " ඒ අයිසේ, ඔහොම එක පාරට වාඩිවෙනව ද?"



  ඒ මිනිහ එක පාරට කෑ ගහන්න ගියා. මං ඇඟිල්ල තොල් දෙකට තියලා මිනිහට කෑ ගහන්න එපා කියලා සංඥා කරලා මට කතා කරන්න බැරිබව ඇඟෙව්වා.



  " ආ... ගොලුවෙක්නේ. මේකේ වාඩිවුණේ මොකට ද?"



  ඒ මනුස්සයා ඇහුවා. මං පෝන් එකෙ කොටලා මැසේජ් එකක් පෙන්නුවා.



  📱".......7 හමාර වෙනකම් විතරයි ඉන්නේ. ඊට පස්සේ යන්නම්........"



  මං ඒක පෙන්නුවා.



  " හරි හරි. ඉක්මණට මේකෙන් යනවා. මට තව එක්කෙනෙක් ඉද්දි වැඩ කරන්න පොඩ්ඩක් අමාරුයි."



  එහෙම කියලා පොත් ගුල්ලා ආයේ වැඩට බැස්සා. මටත් වෙන වැඩක් නොතිබ්බ නිසා එහා පැත්තේ තුන් දෙනා කියවන දේවල් අහගෙන හිටියා.



  " ඒ කියන්නේ ඔය දෙන්නා පොඩි කාලේ ඉඳන්ම ද යාළු?"



  මට පිටුපාලා ඉන්න කෙනා ඇහුවා. එයා කතා කළේ ටිකක් හුරතල් විදිහට.



  " ඔව්. මට මෙයාව හම්බුණේ එක වසරෙ දී."



 අනික් කෙල්ල කිවුවා.



  " ඒත් දෙන්නා එක වයසනේ. ඒක අවුලක් නැද්ද?"


  මට පිටුපාපු කෙල්ල ඇහුවා.



  " නෑ නෑ. මට වඩා මෙයා අවුරුද්දක් බාලයි. මෙයා ඔහොම හිටියට ජැනුවරි වල ඉපදිලා තීන්නේ."



  කොල්ලා කිවුවා. මිනිහා කතා කරන ස්ටයිල් එකත් ටිකක් අමුතුයි.



  " ආ.... එහෙමත් එකක් ද? ඒකත් මරු ඉතින්. Best friends love story. දෙන්න ම එකට ඉගෙන ගෙන මොනා කරයි ද මන්දා....."



   එහෙම කියලා මට පිටුපාලා හිටපු කෙල්ල හිනා වුණා.



  අනේ මන්දා. එයා හැසිරෙන විදිහට මට හිතුණා එයා එක්ක දැන් ම කතා කරන්න. කොහොමත් දැන් 7.30 ළඟනේ. වෙන කවුරුත් පේන්නත් නෑ. ඒ හින්දා එයා එක්ක කතා කරන්න හිතාගෙන මං නැඟිට්ටා.



ෂික්.... එස්කියුස්ම් කියන්නවත් බෑනේ. නැත්තම් වැඩේට බාධා කළා කියලා කුණු බැනුම් අහන්න වෙන්නේ.



  පස්සේ මට වැඩක් මතක් වුණා. සජියා මට දවසක් වචනවල තේරුම පෝන් එකෙන් හොයාගන්න google translate පාවිච්ච් කරන හැටි කියලා දුන්නා. ඒ හින්දා මං පෝන් එකේ google translate වල Excuse me කියලා කෙටුවා.



  මං ඒ තුන් දෙනා ගාවට ගිහිල්ලා ඒකේ pronounce එක එයාලට දැම්මා. 



  හෑ.... ඒක ගෑනු කෙනෙක්ගේ කටහඬක්නේ. මල කෙලියයි. අර කපල් වුණ කෙල්ලයි, කොල්ලයි මං දිහා බැලුවේ එකසිය ගාණට පුදුම වෙලා.



  " කවු ද ඔයා?"


  

  ඒ කෙල්ල මගෙන් ඇහුවා. එක පාරට ම මොකක් කරන්න ද කියලා හිතාගන්න බැරිවුණා මට.



  එතකොට තමා මට පිටුපාලා හිටපු කෙල්ල මං දිහා බැලුවේ. ඔව්. ඒ පලමු බැල්මෙන් ම මං එයා දිහා බලාගෙන හිටියේ පුදුම වෙලා. 



.............................................................



  ඔන්න තව කෙනෙක් ආවා. පුලුවන් නම් කවු ද කියලා කියන්නකෝ.....



නිල්වන් පැතුම් කෙටි කතාවේ දෙවෙනි එක ලියන්න කියලා comment කීපයක් දාලා තිබ්බනේ. ඒක කරන්න අමාරුයි මට. ඒ හින්දා ඔන්න ඒකේ ඉන්න මිරාසයි, ක්‍රිෂ්ණවයි මේකට මං අදින්න යන්නේ. එතකොට හොඳයිනේ....



  Comment නම් මදී.... තව ටිකක් බලලා මං නවත්තන්න හිතන් ඉන්නේ. Comment නැත්තම් වැඩක් නෑනේ..... බලමු කොච්චර comment දායි ද කියලා....


😌චතූ...😊

Report Page