TAISIYA

TAISIYA

Hiru😋

02 කොටස

🌀.🌀.🌀.🌀.🌀



🌀 01 කොටසට..



වෙනදට මේ පාරේ දකින්න නැති කෙනෙක් අද ගග අයිනේ බිම ඉදගෙන.. බෙන්ච් එකෙන් ඔලුව තියාගෙන.. එයා මෙහෙ කෙනෙක් නම් නෙවෙයි වගේ..


හිමින් හිමින් මම එයාට ලං වෙලා උරහිසෙන් අත තිබ්බේ හෙලෝ කියන ගමන්..


Helloo... !



මාව දැකලා බය වෙලා පස්සෙන් පස්සට ගියපු ඒ ගෑනු ළමයා පාර දිගේ දුවන්න ගත්තා.. නිකන් නෙවෙයි පිටි පස්ස බල බල..



" හෙයි.. හූ ආ යූ.. ඩෝන්ට් රන්.. මම කරදර කරන්නෑ.. වෙයිට්.. "



තුන් පාරක් විතර මම ඒකම කිය කිය කතා කරා ඒ ගෑනු ලමයට.. අතින් නතර වෙන්න කිය කිය.. ඊට පස්සේ ටිකක් නතර උනා එයා..



ඔලුවත් පැත්තකට ඇල කරගෙන මම දිහා බලන් ඉන්නවා.. සැන්ඩ්ල් දෙකක් වත් නෑ.. කකුල් තුවාලත් වෙලා.. අමුතු ගව්මක් වගේ එකක් එයා ඇදගෙන හිටියේ.. හරියට අතින් වියපු ඇදුමක් වගේ..



මූනේ තැනින් තැන මඩ පාරවල්.. සීරිලත් එක්ක.. කොන්ඩේ පිදුරු පාටයි.. ඇස් දෙක නිල් පාටයි.. මගේ ජේ ගේ වගේ.. අමුතුම ලස්සනක් තිබ්බේ එයාගේ..



" හූ ආ යූ.. "



කිසි උතරයක් නෑ.. කන්න වගේ මම දිහා බලන් ඉන්නවා.. ම්ම්ම්.. මෙයා මේ පැත්තේ කෙනෙක් නෙවෙයිද මන්දා..



මම කියන දේ තේරෙන්නේ නැද්ද කොහෙද.. ඒකනේ අමුතු විදිහට බලන් ඉන්නේ මම දිහා..



කාලා වරෙන්කෝ ඉතින්..



මම ඊට පස්සේ අතින් මාව පෙන්නුවා එයාට.. පෙන්නලා මගේ නම කිව්වා..



" EMMA "


" එමා.. "



එයත් මම දිහාට අත දික් කරලා කිව්වා.. මම හිතන්නේ එයාට තේරුනා.. ඊට පස්සේ හිනා වෙලා එයා එයාටම ඇගිල්ල දිග් කරලා එයාගේ නම කිව්වා..



" TAISIYA "


ටයිසියා..


අමුතු නමක්නේ.. කොහේ නමක්ද මන්දා.. මෙයා කොහෙද දන්නෑ.. කොහොමද ඒක අහන්නේ..


ම්ම්ම්.. ටිකක් වෙලා මම කල්පනා කරා.. එයා මම දිහාම බලන් ඉන්නවා..


පාර අයිනේ තිබ්බ කෝට්ටක් අරගෙන මම ඇන්දා ගෙයක්..



ඒ ගෙදරයි එයාවයි පෙන්නලා මට පුලුවන් උපරිම විදිහට අහ් මෙහෙ කරලා මම ඇහුවේ එයාගේ ගෙදර කෝ කියලා..



මම දිහයි මම ඇන්ද ගෙදර දිහයි මාරුවෙන් මාරුවට බලපු එයා ඇස් දෙකේ කදුලු පුරෝගෙන මාවත් පහු කරලා දුවන්න ගත්තා..


අනෙහ් මන්දා නිකන් මාත් මොංගල් වෙලා යනවා..



පස්සෙන් දුවන්නත් හිතුනා මට.. දුවාගන්නත් බෑ ඒඋනාට.. මට අද නම් හෙනම මහන්සි..



මම ආපහු හැරිලා ගෙදරටම ගියා.. ගෙදර ඇවිත් වොශ් එකක් දාගෙන කෙට්ල් එක තිබ්බේ කොෆි එකක් හදාගන්න..



🎶 🎶 🎶 🎶 🎶 🎶 🎶 🎶 🎶 🎶 🎶


ඔහ් ෆෝන් එක රින්ග් වෙනවා.. ඩයිනින් ටේබල් එක උඩ තිබ්බ ෆෝන් එක අරගෙන ස්ක්‍රීන් එක බැලුවේ කව්ද කියලා බලන්න..


" මාම්.. "


"එමා.. මම ගන්නකල් ගන්නේ නෑ නේද.. අමතක වෙලාද ඔයාට මාම්වයි ඩෑඩ්වයි.. "


" අයියෝ නෑ මමි.. මම මේ ටිකේ ලොකු කේස් එකකට ඔට්ටු වෙනවා.. "


" මම කිව්වා ඔයාට එමා.. ඔය ජොබ් එක තෝර ගද්දිම ඔයාට.. ඔයා ඕවර් තින්කර් කෙනෙක්.. මම කිව්වනේ ඕක වෙනවා කියලා.. ඕනවට වඩා කේසස් ගැන හිතන්න ගියාම.. "


" හරි හරි මාම්.. එහෙම ලොකු අව්ලක් නෑ.. කෝ ඩෑඩ්.. "


" ඩෑඩ් නම් ඔය ඉන්නේ.. එයත් මතක් කර කර හිටියේ ඔයා ලගදි එන්නැද්ද කියලා.. "


" මේ කේස් එක ඉවර කරපු ගමන් එනවා මාම් ප්‍රොමිස්.. "


" හරි හරි.. පරිස්සමෙන් දරුවෝ.. මට නම් බයයි ඔයා ඔහොම තනියම ඉන්න එක.. අනික ඔයාගේ ජිබ් එකත් එක්ක කිසිම ආරක්ශාවක් නෑ.. තට්ට තනියම.. ජේසන්ට උනත් හදිස්සියකදි එක පාරටම එන්න බෑ.. "



" හරි මාම්.. කිසි දෙයක් වෙන්නේ නෑ.. මමනේ කියන්නේ.. ජේ මාව බලාගන්නවා මාම් හොදට.. "


" එයා බලාගන්නවා කියලා මම දන්නවා.. ඒත්.. අනේ මන්දා.. "



"ඕකේ.. මාම්.. අයිල් කෝල් බැක්.. "


" ටේක් කෙයාර් එමා.. ගොඩ් බ්ලෙස්.. "


" යූ ටූ.. ගොඩ් බ්ලේස් මාම්.. අයි ලව් යූ.. "



හැමදාම ඕම තමා ඉතින්.. මා තනියම ඉන්න එකට පොඩ්ඩක්වත් ආස නෑ.. කොහෙද ඉතින් මට පලවෙනි පත්වීම හම්බුනේ මෙහෙටනේ..



මාම්ලා ඉන්නේ එහා ටවුන් එකේ.. ඒ හැටි දුරක් නෑ.. ඒහින්දා ලොකු අව්ලකුත් නෑ.. ගිහින් බලලා එන්න පුලුවන් මට ඕන වෙලාවක..



ඒත් මේ කේස් එක නිසා මට ගොඩක් දේවල් මග ඇරිලා.. ම්ම්ම්.. අයි හැව් ටූ ෆිනිශ් දිස් සූන්..



කොෆී එක හදාගෙන ටේබල් එකට ගිහින් ලැප් එකත් ඔන් කරගෙන මම කේස් එකේ මුල ඉදලා අගට විස්තර ආයේ බල බල ස්ටඩි කරේ පොඩි හරි පොයින්ට් එකක් අල්ල ගන්න හිතාගෙන..



රෑ දොලහ පහු වෙනකල්ම ඉදලා ලැප් එක ඕෆ් කරලා දාලා බෙඩ් රූම් එකට මම ගියේ ලයිට්ස් ඔක්කොම ඔෆ් කරලා..



මගේ පුරුද්දක් තිඋඑනවා නිදාගන්න කලින් ජනෙල් එලිය බලන් ඉන්න එක ටික වෙලාවක්..



ගෙදර හිටියා නම් බැල්කනි එකට යනවා.. ඒත් දැන් ඉන්න ගෙදර තට්ටු දෙකක් නෑනේ.. ඒහින්දා ජනේලෙන් තමා බලන් ඉන්න වෙන්නේ..



ටිකක් වෙලා ගාර්ඩ්න් එක දිහායි ගේට් එක දිහයි බලන් ඉද්දි මම දැක්කේ.. ගේට් එක පහු කරලා යන කේනෙක්ව..


මේ රෑ කවුද.. 



🌀.🌀.🌀.🌀.🌀

Hiru😋

Report Page