TAISIYA

TAISIYA

Hiru😋

01 කොටස

🌀.🌀.🌀.🌀.🌀




"ජේ ප්ලීස් දැන් යන්නම්කෝ මම ම්ම්ම්.. මහන්සි අනෙහ්.. "


" අනෙහ් තව ටිකක් ඉන්නකෝ.. මගේ කෙල්ල පව්.. ඔච්චර මහන්සි වෙන්න එපා.. "


" මහන්සි නොවී කොහොමද ජේ.. මේ කේස් එක මම දිනන්නම ඕනේ.. නැත්තම් අර හෝ හපුටු ජෝන්ගේ කින්ඩි බලාගෙන ඉන්න වෙනවා මට.. "



මම ජේට එහෙම කිව්වේ මූන අකුලගෙන..



" අනේ මන්දා බේබ්.. ජෝන්ට මොන තරහක්ද මන්දා ඔයා එක්ක.. මට හිතාගන්න බෑ එයාඇයි ඔයා එක්ක මෙච්චර තරගෙට වැඩ කරන්නේ.. කොලේජ් එකේ ඉද්දි ඔයාගෙන් යාලු වෙන්න ඇහුවා කියලත් කිව්වා නේද එයා.. "



" ඔව් ඔව්.. ගස් ගෙම්බා.. එකේ තරහ පිරිමහනවද මන්දා මෙයා.. අනික මමනේ බැජ් එකේ ෆස්ට් මෙයාට ඒකටත් ජෙලස්.. එයා හෙනට හෝප්ස් තියාගෙන හිටියේ ෆස්ට් ප්ලේස් ගන්න.. "



"හරි හරි.. කෝ යන් අපි.. මම ඔයාව ඩ්‍රොප් කරන්නම්.. "


" ඔයාට වැඩ කිව්වා නේද.. ඔයා යන්න.. මම මේ ටික යන්නම්.. ඇවිදගෙන.. "


" ම්ම්ම්.. ඔයාට මහන්සි බේබ්.. මම කොහොමද ඔයාව එහෙම යවන්නේ.. ඉක්මනට කාර් එක හදාගන්නකෝ.. මට දුකයිනේ ඔයා ඔහොම යද්දි.. "


" හරි ජේ.. තව දවස් දෙකකින් දෙන්නම් කිව්වා.. ඔය යන්න.. තව ටිකකින් ඔයාට මීටින් එකක් නේද ආ.. ඩෝරා කෝල් කරා.. ඒකවත් මතක නෑ.. "



" මයි ගොශ්.. ඇත්තනේ.. මට ඒක අමතක උනා.. බට්.. අනේ මට ඔයාව තනියම යවන්න දුකයි.. කමක් නැද්ද.. "


" ඉට්ස් ඕකේ ජේ.. ඔය යන්න දැන්.. ම්ම්ම්.. මම මේ ටික යන්නම්.. "



" හරි.. එහෙන්ම් ටේක් කෙයාර්.. "



රිවර්සයිඩ් එකේ බෙන්ච් එකක ඉදගෙන හිටිය අපි දෙන්නම නැගිට්ටේ එක ම වෙලාවේ..



මගේ ලිප්ස් වලට චූටි කිස් එකකුත් දීලා ජේ කාර් එකට නැගලා යන්න ගියේ මට හෝන් එකකුත් ගහගෙනමයි..


ජේ.. එහෙම නැත්තම් ජේසන්.. මගේ ආදරේ.. අම්මා තාත්තා කවුරුත් නැතුව දුක් විදලා එයාගෙම උත්සාහයෙන් අද එයාගෙම කම්පැනි එකක් පටන් අරගෙන එයා..


ආඩම්බරයෙක්..දගයෙක්.. මගේ ජේ..


ජේ ගියපු දිහා බලාගෙන ඉදලා ආපහු හැරිලා මම ගෙදර එන්න හැදුවේ.. ගග අයිනේන් වැටිලා තියෙන පුංචි පාර දිගේ..



මම ලෝයර් කෙනෙක්.. ඔව්.. මේ දවස් වල කේස් මර්ඩර් කේස් එකක් නිසා මට පිස්සු හැදෙන්න ඔන්න මෙන්න ඉන්නේ..



මගේ සේවාදායකයා ඇත්තටම නිර්දෝශයි.. ඒත්.. බොරු සාක්ශි වලින් එයාව ප්‍රිසන් එකට යවන්නමයි පැමිනිලි පක්ශෙට ඕනේ වෙලා තියෙන්නේ.. මේක මම කොහොම හරි නවත්තන්න ඕනේ..


මොනා කරන්නද මන්දා.. කොච්චර තර්ක ගොඩ නැගුවත් ඒ කපටි මිනිස්සු එව්වා බිදිනවා..



තව සති දෙකයි තියෙන්නේ.. කෝම හරි මේක දිනන්නම ඕනි.. යස්.. අයි හැව් ටු වින් තිස්..



කේස් එක ගැනම හිත හිත ආව මගේ හිත ගැස්සුනේ දැක්ක දර්ශනෙන්.. 




🌀.🌀.🌀.🌀.🌀


කියෝන අය මට කමෙන්ට් එකක් දාගෙන යන්න කතාව දිගටම ඕනිද කියලා..



කමෙන්ට් බලලා තමා මම දිගටම දෙනවද කියලා තිරනය කරන්නේ..


කට්ටිය හාර්ට් වැස්සක් දෙනවද මට එහෙනම්..

Hiru😋

Report Page