ᏉᎥᏞᏞᎪᎥᏁ ⚚꙳

ᏉᎥᏞᏞᎪᎥᏁ ⚚꙳

පබා ලියනගේ﹏✍
𝐈𝐟 𝐲𝐨𝐮 𝐚𝐫𝐞 𝐫𝐞𝐝 𝐟𝐥𝐚𝐠 , 𝐨𝐡 𝐬𝐨𝐫𝐫𝐲 𝐢 𝐚𝐦 𝐜𝐨𝐥𝐨𝐫 𝐛𝐥𝐢𝐧𝐝✖‿✖•





(අවසරයකින් තොරව උපුටා ගැනීම තහනම්..) 🚫



තිස්අටවන දිගහැරුම....



මිස්ටර් ජයසූරිය කතා ගොඩක් කියලා තියන නිසා මොකද්ද කියලා හිතාගන්න බැරි උන මහේන් ඇහුවේ කල්පනා කරන ගමන්... කරන ගමන්...



"That one...about my best friend..."

(අරක...මගේ හොඳම යාළුවා ගැන...)



මිස්ටර් ජයසූරිය කිව්වෙ අත් දෙකෙන්ම ඔලුව අල්ලගන්න ගමන්...



"Ah...that one... yeah i reme..wait...what are meaning now..."

(ආ...ඒක...ඔව් මට මත....ඉන්න...මොකක්ද දැන් ඔයා කියන්න හදන්නෙ...)



මිස්ටර් ජයසූරිය කියන්න යන දේ ඉවෙන් වගේ තේරුන නිසා මහේන් ඇහුවේ ඇදෙනුත් නැගිටලා...




"What are you trying to say...are you saying that it is your dead best friend anaga's mother?"

(ඔයා මොනවද මේ කියන්න හදන්නේ...ඔයා කියන්නේ ඒ ඔයාගේ මැරුණු හොඳම යාළුවා අනඟගේ අම්මා කියලද?)



කිසිම කතාවක් නැතුව ඔලුව අල්ලන් ඉන්න මිස්ටර් ජයසූරිය ළඟ දණගහගන්න ගමන් මහේන් ඇහුවේ හිතා ගන්න බැරුව....



"Yeah...මන් මිස්ටර් රත්නායකව දැක්ක වෙලාවෙම මට ඒක මතක් උනා...බට් මම ඩෝන්ට් කෙයාර් හිටියේ ඔය අනඟ කියන ළමයා එන එකක් නෑ කියලා හිතුන නිසා...ඒත් දැන් ඒ ළමයා ඇවිත් ඉන්නවා... මෝඩයෙක්ට ඇරෙන්න අනඟවයි මාවයි දැක්කම ඕන කෙනෙක්ට ඒක තේරෙනවා....ඔක්කොටොම වඩා මිස්ටර් රත්නායකට....එයාට ඒක තේරුනොත් එහෙම මෙතන මොනාවගෙන් මොනා වෙලා නතර වෙයිද දන් නෑ...."



මිස්ටර් ජයසූරිය කිව්වෙ ඉහෙන් කනෙන් බේරන දාඩිය පිහදාන ගමන්...



"මොනාද ඩෑඩ් ඔයා ඔය කියන්නෙ...අවුරුදු විස්සකට පස්සෙත් ඔයා හිතන්නෙ ඔයා ගැනද.... ඒ කොල්ලා මොන තරම් විදෙව්වද කියලා ඔයා දන්නවද....ඔයා මට නිකන්වත් කිව්වෙ නෑනේ මිස්ටර් රත්නායකව දන්නවා කියලා..මිස්ටර් රත්නායක හැම දුකකම තරහකම පළිය යැව්වෙ ඒ අහිංසකයා පිටින්... දැන් උනත් එයාට වෙලා තියන අසාධාරණේ ගැන නැතුව ඔයා මොනාද ඩෑඩ් මේ කියන්නෙ...මන් හැමෝටම ඇත්ත කියනවා... මගෙයි හනාගෙයි නෙමෙයි මගෙ අයියගෙයි හනාගෙයි එන්ගේජ්මන්ට් එක වෙන්න ඕනෙ....තවත් ඒ කොල්ලට කාගෙවත් පව් වලට කර ගහන්න දෙන්න බෑ..."



මහේන් එහෙම කියාගෙන නැගිට්ටෙ කාමරේන් එළියට එන්න...ඒත් මිස්ටර් ජයසූරිය මහේන්ව අතෙන් ඇදලා අරන් නවත්තගත්තෙ එහෙම දෙයක් වෙන්න දෙන්න ඕනේ නැති නිසා...



"Are you mad..??...මොනාද හිතන්නෙ..ඔයා දැන් මේක ගිහින් හැමෝම ඉස්සරහ කිව්වම හොඳක් වෙයි කියලද...ඒකෙන් වෙන්නෙ මිස්ටර් රත්නායක යකෙක් වෙන එක...ඊට පස්සෙ හනාවත් අරන් මෙහෙන් යයි...කොයි එන්ගේජ්මන්ට් එකක්වත් වෙන්නෙ නෑ... මෙතන ලොකුම අසාධාරණේ උනේ මිස්ටර් රත්නායකට..එයාට එයාගෙම ළමයාගෙනුත් දුරස් වෙන්න උනා ඒ විතරක් නෙමෙයි පොඩි කාලේ ඉදලා ආදරේ කරපු කෙනාව නැති උනා... ඔයා හිතනවද ඒ සේරටම හේතුව මන් කියලා දැනගත්තම මිස්ටර් රත්නායක නිකන් ඉදී කියලා...please..don't do anything...be calm and see what happen... okay..."

(මුකුත් කරන්න එපා...සන්සුන් වෙලා මොකද වෙන්නේ කියලා බලන්න...ඕකේ...)



මිස්ටර් ජයසූරිය කිව්වෙ මහේන්ගෙ උරහිස් වලින් තද කරලා අල්ලන්...මහේන් මුකුත් නොකියා දිග හුස්මක් පහළට දැම්මේ මිස්ටර් ජයසූරිය කියන දේ ඇත්ත නිසා...



......................................................................................................................................................................................................

වර්තමානය 🌙



"කතා කරනවා මිස්ටර් ජයසූරිය .... දැන්වත් කතා කරනවා.."



මිස්ටර් රත්නායක කේන්තියෙන් කෑ ගැහුවේ ඒ සද්දෙට මහේන් පියවි සිහියට එද්දි......



"Enough now dad....tell them everything about true...it's time to say.."

(දැන් ඇති තාත්තේ....හැමෝටම හැම දේම ගැනම ඇත්ත කියන්න...මේ තමයි කියන්න වෙලාව....)



මහේන් කිව්වේ මිස්ටර් ජයසූරියගෙ උරහිසකින් අල්ලන්...



"Okay then....let's sit and talk..."

(හරි එහෙනම්...වාඩි වෙලා කතා කරමු...)



මිස්ටර් ජයසූරිය කිව්වේ හනා ඉදගෙන ඉන්න තැන පෙන්නන ගමන්....හනා සෝෆා එකේ මැදට වෙන්න වාඩි වෙලා හිටපු නිසා ඉක්මනට සෝෆා එකේ අයිනට ගිහින් කට්ටියට අතින් ඉඟි කරේ ඇවිත් ඉදගන්න කියලා...



"මේ කෙල්ල තවත් මේ මිනිස්සුන්ව අවුස්සන්න එක කරන්නෙ..."



මයුරි කිව්වේ ඔලුවත් දෙපැත්තට වනන ගමන් හනා දිහා බලාගෙන....



"ඒකනෙ කලින්ම කිව්වේ බෝම්බෙකට ටයිම් තියලා ආවේ කියලා...වෙලාවකට මෙයාගෙ වැඩත් අදහගන්න බෑ..."



අනඟත් කිව්වේ මයුරිට හවුල් වෙලා කෙල්ල දිහා බලන්... රශාත් නම් කරෙ මයුරි දිහායි අනඟ දිහයි මාරුවෙන් මාරුවට බල බල හිටපු එක...



හැමෝම ගිහින් සෝෆා එකෙන් වාඩි උනේ අනඟයි රශාතුයි මයුරියි තුන් දෙනත් ගිහින් වාඩි වෙද්දි....



"මේ වෙච්ච හැමදේටම වැරැද්ද මගේ.... සාරා කියන්නෙ මගේ පුංචි කාලේ ඉදන්ම යාළුවෙක්.... සාරගෙ අකමැත්තෙන් මිස්ටර් රත්නායකට සාරව මැරි කෙරෙව්වෙ එයාගෙ ගෙදර අය..ඒකටත් හේතුව මන්... මොකද සාර හැමතිස්සෙම මාත් එක්ක එහෙ මෙහෙ යන එක මිනිස්සු දැක්කෙ වැරැදි විදිහට...සාරගෙ ගෙදර අය උනත් කැමති උනේ නෑ මන් වගේ ජොබ් එකක් නැති කෙනෙක්ට සාර වගේ කෙල්ලෙක් දෙන්න...බට් මැරේජ් එකෙන් පස්සෙත් අපි දෙන්නගෙ යාළු කම නැති උනේ නෑ... මිස්ටර් රත්නායක කියන්නෙ සාරගෙ හස්බන්ඩ් උනාට මිස්ටර් රත්නායක සාරා දිහා බැලුවේවත් නෑ.. ඉතින් සාරා ඒ හැම දුකක්ම බෙදාගත්තෙ මාත් එක්ක... එහෙම ඉද්දි අපි අතරේ සම්බන්ධයක් පටන් ගත්තා.....ටික කාලෙකට පස්සෙ දවසක් සාරා ඇවිත් මට කිව්වා එයා ප්‍රෙග්නට් කියලා... මන් ගොඩක් බය උනා...මොනාද කරන්නෙ කියලා හිතාගන්න බැරි උනා... කරගන්න දෙයක් නැති නිසා මන් එහෙන් ආවා.....සාරාව තනියෙන් ප්‍රශ්නෙක හිර කරලා මන් එහෙන් ආවා.. එයාට වෙන කරගන්න දෙයක් නැතුව එයා කියලා තිබ්බා ඒ බඩේ ඉන්න ළමයා මිස්ටර් රත්නායකගෙ කියලා..."



මිස්ටර් ජයසූරිය දිග හුස්මන් පහළට දාන ගමන් කිව්වේ අනඟ කේන්තියට අතමිටි මොළවගද්දි.... හනා කලින් සේරම ජෝක් එකකට අරන් හිටියත් මිස්ටර් ජයසූරිය කියපු දේ ඇහුනම ඉක්මනට බැලුවේ අනඟ දිහා...මොකද එතන ඉන්න හැමෝටම වඩා අනඟ ගැන දන්නෙ හනා නිසා... සෝෆා එකෙන් නැගිට්ට හනා අනඟ ළඟට යන්න හැදුවේ අනඟ ඉස්සර වෙන්න කලින්....ඒත් කෙල්ල පරක්කු වැඩි උනා... අනඟ මිස්ටර් ජයසූරියගෙ කොලර් එකෙන් ඇදලා අරන් හුස්ම වදින දුරට ළං උනේ මිස්ටර් ජයසූරියට හුස්ම ගන්නත් අමතක වෙද්දි....




"Don't do this anaga...this is your dad...don't..."

(ඕක කරන්න එපා අනගා...මේ ඔයාගෙ තාත්තා...එපා..)



කෙල්ල කිව්වේ මිස්ටර් ජයසූරියගෙ කොලර් එකට තද වෙලා තියන කොල්ලගෙ අත් දෙකෙන් තද කරලා අල්ලගන්න ගමන්...



"Are you serious...??"



කෙල්ලගෙ කතාවට තවත් කේන්ති ගියපු අනඟ ඇහුවේ කෙල්ල දිහත් රවලා බලන්...



"Yes i'm serious..don't do this... "



කෙල්ල බොරු හිනාවක් මූණේ ඇදන් කොල්ලගෙ අත් වලින් ඇදලා අරන් පස්සට ගත්තෙ මිස්ටර් ජයසූරිය බෙල්ලත් අල්ලන් හයියෙන් හයියෙන් හුස්ම ගද්දි....




"මන් හැමදාම තාත්තට වෛර කරා තමයි...ඒත් මේ ඉන්නේ මගෙ තාත්තා... එයා ඒකට අකමැති උනත් මේ තමයි මගේ තාත්තා... ඒ තැන තමුන්ට කවදාවත් ගන්න බෑ මිස්ටර් ජයසූරිය....තමුන් වගේ කකුල් දෙකේ බල්ලෙක්ට මන් කවදාවත් මගෙ තාත්තාගෙ තැන දෙන් නෑ...."



අනඟ කිව්වෙ මිස්ටර් රත්නායකව පෙන්නන ගමන්....මිස්ටර් රත්නායකගෙ වගේම කෙල්ලගෙ ඇස්වලත් කදුළු පිරුනේ කොල්ලගෙ කතාවට....



"අයියේ..."



මහේන් කොල්ලට කතා කරන්න හැදුවත් මහෙන් ළඟට එද්දි කොල්ල පස්සට ගියේ මහේන් ඉස්සරහට ගත්ත අඩිය පස්සට ගද්දි...




"මන් තමුසේගෙ අයියා නෙමෙයි.... ඔය කටින් අයියා කියලා ඔප්පු කරන්න එපා මගෙ ඇඟේ දුවන්නෙ මේ ජරා මිනිහගේ ලේ කියලා..."



අනඟ කිව්වෙ ළඟ තිබ්බ මල්පෝච්චයක් අරන් පොලේ ගහන ගමන්....



"අනඟ...මෙතන මගේවත් ඔයාගෙවත් මහේන්ගෙවත් වැරැද්දක් නෑ ...ප්ලීස් ඔහොම හැසිරෙන්න එපා... වැඩිහිටියොන්ගෙ වැරැදි වලට අපි පළි නෑ....ඔයා මන් මහේන් අපි තුන් දෙනාම ඉන්නෙ එක වගෙ අසරණ වෙලා...ප්ලීස්..."



හනා කිව්වේ අනඟගෙ එක අතක වැලමිටෙන් අල්ලන්....මහේන් බිම බලන් හිටියේ කෙල්ලගෙ කතාවට අනඟ ඇස් උස්සලා මහේන් දිහා බලද්දි....



විරාමයක්..



බුදු සරණයි 🌸




Report Page