හුස්ම.....❤️

හුස්ම.....❤️

ᏕᏗᎴᏬ✍️❤️



​කෙටිකතාවක්



සදාකාලික ප්‍රේමයක්නම් කවදහරි අත ඇරෙනවා............"









_මොනවද?කල්පනා ලොකේ ගිලිලා කරන්නේ පුංචි කෙල්ල......




+මොකුත් නෑ......






_මොකුත් නැති වෙන්න බෑ.....මොනවද ඕය ඔලුව ඇතුළේ දැන් තියෙන්නේ ම්.....






+අක්කේ.......






_කියන්න මැනික.......






+එයා හොදින් ඉන්නවද?




_කවුද?




+සහස්.....




_හ්ම්ම්ම්......




+ඇයි හුම්ම්ම්.....විතරක් එයා ගැන කියන්න බැරිද?




_නෑ.....පුලුවන් එත් ඒ ඔයාගේ පරණ අතීතයනේ මැනික ඒවා ආය හාර අවුස්සන් හිත් රිද්දගන්න දගලන්නේ ඇයි මේ විදිහට......




+නෑ......අක්කේ ඒ පරණ අතීතය විතරක් නෙවේ....මගේ මුලු ලොකේම වුණේ එයා......මගේ අතීතය ,වර්තමානය,අනාගතයත් එයාම වෙවි....




_නංගී....අහන්න.....ඒ හැමදේම මතකයක් විතරක් කරලා...... අපි දැන් සනීප වෙන්න බලමු හොදද?




+මොනවා සනීප වෙන්නද අක්කේ....






_මොනවද අහන්නේ ඔයාව තමා......






+මේ මාව......




_හ්ම්ම්....ඔව්......




+සමහර හීන වලට පණ දෙන්න පුලුවන්.....ඒත් මං මේ අමාරුවෙන් ගන්න හුස්ම ටිකට කවුද අක්කේ පණ දෙන්නේ.......




_ඔයාගේ මනස්ගාත නංගී.....ඔයාව සනිප කරන්න පුලුවන් ලමයෝ......




+තවත් හිත සනසන කතා කියන්න එපා අක්කේ අපි කවදාම හරි ඇත්තට මුහුණ දෙන්න එපැයි....ඒ නිසා තවත් බොරු කියන්න එපා.......






_නංගි....ඒ කියන්නේ.......






+හ්ම්ම්ම්.....ඔව් මම හැමදේම දන්නවා......






_මොනවද?




+මගේ ලෙඩේ ගැන.....මං ඉන්න තත්ත්වය ගැන .....මට තව කොච්චර කල් ඉතුරුද කියලා.......




_අනේ...මැනික.......




+මට ඔයා එක්ක තව දවස් චුට්ටම චුට්ටක් ඉන්න පුලුවන් නේද?




_අනේ නංගා....ඔය කතාව නතර කරමු හොද ලමයා වගේ.....




+අයියෝ අක්කේ.....අද නම් එහෙම කරන්න බෑ....ප්ලිස්....හිතේ තියෙන හැමදේම කියන්න ඕන මට.....අහන් ඉන්නවද ඔයා.....




_හ්ම්ම්.....කියන්න......මං අහන් ඉන්නම්.......




+අක්කේ......




_ම්මිම්




+මට මහා ගොඩාක් යාලුවෝ ඉදලා නෑ....එයාලට මාව ගැලපුන්නෑ..එයාලගේ අදහස් වලට සම්පුර්ණයෙන්ම වෙනස් මගේ අදහස්....ඒ නිසා එයාලා මට අකමැති වෙන්න ඇති......මම හැමෝටම ලං වෙන්න බය වුණා....මම එකම එක ඇත්තක් දැනන් හිටියා......




_මොකක්ද ඒ ඇත්ත.....




+කවදාවත් කාටවත් වෙනස් නොවි ඉන්න බැ අක්කේ.....කාලයක් යනකොට හැමදේම වෙනස් වෙනවා....වටිනාකම අඩු වෙනවා.....මම ඒ දේට බයවුණා....




_ඔව් ඔයා හරි නංගා.....හොදට මතක තියාගන්න ඕනේ දෙයක් තමයි කාලයක් යද්දි...අපේ වටිනාකම නැති වෙනවා කාට උනත්........ආදරේදී විතරක් නෙවේ.....යාලුකමේදී උනත් කාටවත් මුල් තැන දෙන්න එපා...❌






+ඔව්....ඒ දේ මට හරියටම ඔප්පු වුණේ සහස්ගෙන්.......




_ඔයාට මහන්සි පැටියෝ.....




+නවත්තන්න කියන්න එපා....අද මේක කියලා ඉවර කරන්න ම ඕන....මම දන්නෑ මට ආය ඒකට අවස්ථාවක් උදා වෙයිද කියලා......




_හරි කියන්න....හැබැයි.....අඩන්න ඔට්ටු නෑ......




+හා.....අඩන්නෑ....හැබැයි සමහර විට ඔයාට ඇඩෙයි......




_ඒක බලමුකෝ....මුලින් ම කතාව කියන්න.......




+සහස්......එයාව මට හම්බවුණේ හරිම අහම්බෙන්......එයා දිහා දවස් ගානක් බලාන් හිටියා.....කා ලගවත් නතර වෙන්න බැ කියපු හිත එයා දිහා බලාන් ඉන්න පුරුදු වුණා....එයාගේ ගතිගුණ වලට මම ආස කරා.....ලැජ්ජාව පැත්තක තියලා මම එයා එක්ක කතා කරා.....






_ඊට පස්සේ.....






+ඊට පස්සේ ......ටිකෙන් ටික අපි යාලුවෝ වුණා ඊට පස්සේ හොදම යාලුවෝ වුණා.....එයාට මගේ හැමදේම කියන තරම් එයා ගැන විස්වාශයක් ඇති වුණා.....මම පුදුම තරම් එයාව විස්වාශ කරා.....ඒ වගේ ම ආදරෙත්.....❤️




_ඉතින්






+කාලයක් යද්දි හැමදේම වෙනස් වුණා.....එයාට මාව එයාගේ ජිවිතේ නැති කරපු කාලක්ණ්නි කෙල්ල වුණා....මාව සැක කරා...අවිස්වාශ කරා......මං අරයාා එක්ක යාලුයි මේයා එක්ක යාලුයි කියලා මටම කිව්වා.....එයා ට නොදැනුනාට මං හැමදාම ඒ වචන වලින් පිච්චුණා....අදටත් පිච්චෙනවා.......මං පුලුවන් තරම් ඉවසුවා.....මහ පොළව වගේ ඉවසුවා.....




_ඊට පස්සේ......




+එයාට මම යන්න දුන්නා එයා ආස කෙනෙක් ළගට....එයාට ගැළපෙන ඒයා ආදරේ කරන කෙනෙක් ළගට.....එහෙම වෙච්ච එක අතකට හොදයි නේද?




_මොන හොදදක්ද?කොහොමද හොදක්් වෙන්නේ......




+මේ බලන්නකෝ දැන් මම දිහා....කොණ්ඩේ නෑ....කෙට්ටු වෙලා මගේ වැඩක් මට හරියට කරගන්න බැ කාගේ හරි උදව්වක් නැතුව....හරියට රූකඩයක් වගේ අතේ නැටවෙන......




_හිතන්න එපා දැන්.....




+නොහිතා කොහොමද?.....අක්කේ දෙයක් අහන්නද?




_මොකක්ද?




+එයාගේ වයිෆ් ලස්සනද?




_නංගී....ඒ කියන්නේ ඔයා.....




+ඔව් හැමදේම දන්නවා.....කියන්නකෝ ලස්සනද?




_හ්ම්ම්....ටිකක්......




+මට සතුටුයි.....




_ඇයි......




+එයා අද හොදින් ඉන්න එකම මදැයි අක්කේ.....ඒ නිසා මට සතුටුයි.....




_දුක නැද්ද නංගා...






+චුට්ටක් චුට්ටක් දුකයි ඉතින්.....




_හ්ම්ම්.....




+අද මම නිදහස්.....




_ඒ ඇයි.....




+මගේ හිතේ තියන ඒවා කිව්වානේ මම......




_හ්ම්.... එයාට ආදරේද?




+ඔව්.....තාමත් ආදරෙයි❤️






_හ්ම්ම්....




+මං දෙයක් ඉල්ලුවා....දෙවියන්ගෙන්.....




_මොනවද




+එයාව ලබන ආත්මේ මගේ ම වෙන්න කියලා........




_දැන් ටිකක් නිදා ගන්න




+හා....මම නැති වුණත් ඔයා සතුටින් ඉන්න අක්කි....ඔයාට මම හුගාක් ආදරෙයි......❤️......මේ නංගීව අමතක වෙයිද දන්නෑ අක්කිට......






_නෑ පැටියෝ එහෙම වෙනවද පිස්සි....මාත් ආදරෙයි මේ මගේ නංගී පණට.....❤️




+ මම ටිකක් නිදා ගන්නම්.....බුදු සරණයි අක්කි💛 .....පරිස්සමින් ඉන්න❤️




_බුදු සරණයි මැනික❤️






කවුරුත් හිතුවේ නෑ ඒ පුංචි කෙල්ලගේ අවසන් රැය ඒ ගත කරේ කියලා.... ඒ කතාව කිව්වේ අහස්මා....අහස්මාා හිටියේ මහරගම පිළිකා රෝහලේ....එයාව හොද කරන්න බැරුව හිටියේ.....අහස්මා සහස්ට ගොඩාක් ආදරේ කරා......සසර පුරා පතාන් ආව ආදරයක් ඒ....එත් ඒ ආදරේ නැති වුණේ සහස් අහස්මාව අවිස්වාශ කර නිසා......දෛවය පුදුමා කාරයි.....අපි හිතන පතන දෙවල් වෙන්නේ හරිම අහබු ලෙස......






කවුරු කොහොම කිව්වත් කරත් තමන්ගේ ආදරේ සැක කරන්න එපා අවිස්වාස කරන්නත් එපා.....




එහෙම වෙලා ඔයාට අහිමි වුණොත් අහිමි වෙන්නේ ඔයාට ගැලපෙනම කෙනා වෙන්න පුලුවන්.....❤️






ආදරේදි විතරක් නෙවෙයි යාලුකමේදි උනත් කාටවත් මුල් තැන දෙන්න එපා...❌




සහස්ට❤️💛


ආදරේට වචන වලින් නිර්වචනයක් දෙන්න බැරි උනාට ආදරේ හදවතට දැනෙනවාලු........


ඒත් ඒ හැගීමවත් තේරුම් ගන්න බැරි කාලේ ඉදන් මං උබට ආදරේ කලා......


ඇත්තටම මං උබට ලෝභ උනා.......


මම උබට ඇබ්බැහි වුණා.......


උඹ මාව පරිස්සන් කලා .....


මගේ ජීවීතේ ඒ කාලේ හොදම යාලුවා උනේ උබ......


උබයි මමයි ගොඩක් හැමදාම ජීවීතේ බෙදා ගත්තා......


එත් මම දැක්කේ නෑ......


හිතුවෙත් නෑ මගේ ආදරේ ඔයාට වරදක් කියලා......


මං ආදරේ කරා දැනෙන විදිහට දන්න විදිහට......එදා උඹෙ ආදරේට මම ලෝබ උණා මැණික......


ඔය උණුහුමේ තුරුලු ඉන්න මට බැරි උණා මැණික.......


මගේ ආදරේ ඔයාට මදි උනාද මැණික.


උඹ මාව අවිස්වාශ කරා මැනික.....


හැම මොහොතකම මාව සැක කලා.....


පරිස්සම් කරපු උඹ එදා නිහඩ වුණා....


ඔයාට අනිත් අය මම ගැන කියන කතා ලොකු වුණා.....


මගෙන් ඒ දෙවල් ඇත්තද කියලා ඇහුවේ නෑ.....


එ කතා අහලා පුලුවන් උපරිමයෙන් මාව රිදෙව්වා නේද?


ඔයා නොදන්නවා වුණාට ඒ වචන අදටත් මට පුදුම වේදනවක්.....


මිතුරු වේශයෙන් හිටිය අය හතුරෝ වුණා.....


එ අය කියන කරන දෙවල් ඉස් මුදුණින් පිලිගත්තා.....


මාව උඹට වදයක් වුණා.......


ටිකෙන් ටික කාලය යද්දී අපි ඈත් උනා ..හේතුවක් කියන්න නොතේරුනත් අපි ඈත් උනා ......


එත් අදටත් එක ම එක දෙයක් වෙනස් නොවි තියනවා.....


එ මගේ ආදරේ.....❤️








........................නිමි❤️....................


▬▬▬▬▬▬▬▬▬▬▬▬▬






ආදරය....❤


නුඹ පුදුමාකාරයි...


සැබෑ පෙම්වතුන් මුණගස්වන ඔබ අමරණීයයි...



ආදරය....❤


නුඹට දියහැකි එකම නිර්වචනය විශ්වාසය යන්නම පමණයි...



හදවත් දෙකක බැදි ආදරයේ විශ්වාසය


ප්‍රේමයේ සියලු බාධක දුරලන්නට


සමත්වනු නොඅනුමානයි 💛




අයිතියට ප්‍රේමය කියන මිනිසුන්ද......ප්‍රේමයට අයිතිය කියන මිනිසුන්ද හමුවේ අතියක් නොමැතිව ප්‍රේම කරන සියලුම ආදරවන්තයන් වෙනුවෙන්❤️


▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬




ඔයාලගේ හිතට දුකක්....ඇහැට කදුලක් ආවා නම් මම සාර්ථකයි.....🙂


ඔයාලගේ හදවත ස්පර්ශ කරා නම් අනිවාරෙන්ම අදහසක් දක්වන්න.....


ඒක මට මහමෙරක්...........💛❤️




ፈᎧᎷᎷᏋᏁᏖ ගොඩාරියක් ඕන






පුංචි ඇරයුමක්.....🙂




කැමති නම් එන්න නවතින්න සදහටම මගේ සමුහයට සිතුවිලි නිම්නයට.....👇👇




https://t.me/Sithuvili_Nimnaya






මං......


ᏕᏗᎴᏬ✍️❤️




































































Report Page