හිතුවක්කාරී
Sadee....
16. කොටස
《•》《•》《•》☆《•》《•》《•》
පෙර කොටසින් _________________
අැත්තටම එ්ක විහිලුවක්ද....
තේජාන් අැයි අමුතු විදිහට එහෙම කිවුවෙ නිකම් වෙන්නැතිද
එයා දන්නවනම් මෙහෙම ඉන්නෙ නෑ නෙ මාව එහෙනම් ගෙදරට බාර දෙනවනෙ
මම එහෙම හිත හිතම තේජාන්වත් මග අැරලා ගියෙ ජේසුගෙ පිළිරුව ගාවට
අද එතැන් සිට •°•°•°•°•°•°•°•°
නිහැඩියාව එක්කකම හුග වෙලාවක් ජේසුගෙ පිලිරුව දිහා බලාන හිටිය මගෙ හිතට දැනුනෙ පුදුම නිදහසක්
මම අාය අායෙත් ජේසුගෙන් ඉල්ලුවෙ මම කවුද මගේ පවුලෙ අය කවුද කියලා ඉගියක් හරි මට දෙන්න කියලා
" ඔබ වහන්සේටත් බැරිනම් මම කොහොමද තනියම එයාලව හොයා ගන්නෙ
අනේ මට මාර්ගයක් පෙන්නන්නකො දෙවියනේ "
මම ජේසු පිලිරුවට වැදලා එහෙම්මම එළියට අැවිත් පඩිපෙලේ කෙරවලේ පඩියකින් අයිනකට වෙලා කකුල් දෙක අකුලන් ඉදගත්තා
පරිසරෙන් අැහෙන සද්ද හරිම ලස්සනයි... කුරුල්ලො කෑ ගහන සද්දෙ , ගස් වල අතු හෙලවෙන සද්දෙ එක එක සද්ද
එතනට වෙලත් ඔහේ පැය ගානක් පාලුවේම ගත කලා
" අද මම තේජාන් එක්ක වැඩිය කතා කලෙත් නෑ.. මට එහෙම නොකරන්නයි තිබ්බෙ...
එයා නොහිටින්න අද මම මෙතන නෑ
වචනයක් අල්ලන් මං පිස්සුවෙන් වගේනෙ හිටියෙ පවු එයා... "
" චතූ..... "
තේජාන්....
එ් නම අායිමත් අැහෙද්දි මම තේජාන් ගාගන ඉන්න තැනින් නැගිට්ටට තේජාන් නෙවෙයි එ්
" මගෙ චූටි... කොහෙද මෙච්චර දවස් හිටියෙ
ඔයාට අපිව මතක් උනේ නැද්ද මැණික..."
අාපු පිම්මම මාව හිර කරලා බදාන මට හුස්ම ගන්නවත් බෑ අැස් වල කදුලු පුරෝන කට නොපියා කියවනවා
මට කිසිදෙයක් හිතා ගන්න බැරුව මං ගල් පිළිමයක් වගේ එහෙම්ම බැලුවෙ සිස්ට ගෙ මූණ දිහා
සිස්ට අැස් දෙක හිමීට වහලා ඔලුව හොල්ලා මට කිවුවෙ ඔ්ක තමයි වෙන්න ඔ්න දේ කියලා වගේ
" මැණික... චූටි
ඔයාට මාවත් මතක නැද්ද රත්තරං "
එ් අැස් වල අාදරේ පිරිලා තිබ්බෙ...
කදුලු වලින් පෙගිලා දිලිසෙනවා
" දුව මේ ඔයාගෙ අයියා... ඔයාගෙම අයියා අාදිත්ය කේෂාන් වර්ණකුලසූරිය "
අත් දෙකම කට ලගට අරගෙන කට පියාන කියා ගන්න බැරිතරම් සතුටකින් මං එ් අැස් දිහා බලාන හිටියෙ මට ලෝකයක් හම්බුනා වගේ
" අයියා........ "
අායිම සැරයක් එ් පපුවට තුරුලු උනේ කියා ගන්න නොතේරෙන තරම් සතුටකින්.. එ් පපුව අස්සෙ දැනුනෙ හරිම අාදරණීය බවක් ......
" අයියා.... කොයි අනිත් අය , ගෙදර කට්ටිය අාවෙ නැහැද මාව බලන්න "
" චූටි..... අපි මෙහෙ අාවෙ ඔයා ඉන්නවා කියලා දැනගන නෙවෙයි මැණික...
කට්ටිය ගොඩක් කිවුවා අපිට මෙහෙට අැවිත් බාර වෙන්න.. ඔයාව ඉක්මනටම හම්බ වෙයි කියලා....
එ්කයි මැණික මෙච්චර දුරක් ඔයා වෙනුවෙන්ම අාවෙ
හීනෙකින් වත් හිතුවෙ නෑ මගෙ චූටි මෙහෙ කියලා "
" අනේ..... "
" හරි අයියා මං දැන් හම්බුනානෙ.. අපි යමු ගෙදර අම්මි තාත්ති මං එනකම් බලන් අැති නේද
අයියා සිස්ට තමයි මාව මෙච්චර දවස් මෙච්චර හොදට බලා ගත්තෙ...
ගොඩාක් හොදයි මේ සිස්ට අයියා..."
මං සිස්ට ලගට ගිහින් සිස්ටර්ව වැලද ගත්තා... සිස්ටත් එයාගෙම දරුවෙක්ව වගේ හරිම අාදරෙන් මාව වැලද ගත්තා
" මොන අාගමක උනත් ගුණ යහපත් හැම දරුවෙක්ම ජේසුගෙ දරුවො... ජේසු එයාලට වරදක් වෙන්න දෙන්නෙ නෑ...
ජේසු පිහිටයි දරුවෝ...හැමදාම සතුටින්ම ඉන්න....."
" අනේ මං කොහොම Thank කරන්නද සිස්ට මගෙ නංගි මගෙ මුලු ලෝකෙම සිස්ටර්ට ගොඩක් පින් "
" අයියා තව තේජා........."
" අාදී...... කොහෙද ඔයා "
තේජාන් ගැන අයියට හදුන්වලා දෙන්න හම්බුනේ නෑ.. එතනට අාවෙ මගෙ වයසෙම වගේ ගැහැනු ළමයෙක්
" එන්න එන්න විශ් මේ අපේ චූටි...."
" අනේ චතූ... අපි කොච්චර හෙව්වද ඔයාව.... කෙහෙද මෝඩියේ මෙච්චර කල් හිටියෙ "
" විශ්......."
මං එහෙම කියානම අයියාගෙ පැත්තට සයිඩ් උනේ එයාගෙ හිනාව හරි අමුතුයි.. එයා දැක්කම මොකක්ද අමුත්තක් මට දැනුන නිසා...
" කවුද අයියා විශ් කියන්නෙ "
අයියා ලගටම ගිහින් හෙමීට ඔලුව උස්සලා මං අයියගෙන් එහෙම අැහුවෙ මං කාව වත් අදුනන්නෙ නැති නිසා....
" විශ් කියන්නෙ මැණික ඔයාගෙ බෙස්ටි... කොලේජ් එකේ හොදම යාලුවා.... "
" ඉතින් අැයි ඔයා එයා එක්ක අාවෙ "
අැහුවා නෙවෙයි මට ඉබේටම කටින් පිට උනා
" අැයි චූටි එහෙම කියන්නෙ....
ඉස්සර ඔයාගෙ බෙස්ටි... තව ටික දවසකින් මගෙ වයිෆ්
ඔයාගෙ හොදම යාලුවනෙ චූටි.....
එයත් හරියට වද උනා ඔයා නැතුව... අම්මිට චූටි නැති අඩුව පිරෙව්වෙත් විශ් තමයි...."
" ඔයාලා බදින්නද ඉන්නෙ අයියා "
" හ්ම්ම්... ඔව් මැණික "
කට කොනින් මං විශ්ට හිනාවක් දැම්මෙ එයාව මට ටිකක් අැල්ලුවෙ නැති නිසා
" මං එන්නම්... විශ් චූටි එක්ක එන්න "
අයියා සිස්ට එක්ක කතා කර කර ඉස්සරහට ගියා
" මොකෝ අමුතු වෙලා වගේ... මාව මතකත් නැද්ද මෝඩියේ "
" අනේ නෑනේ....
කමක් නෑ හිමීට මතක් වෙයි... දැන් ඔයාලව මට හම්බුනානෙ "
" හ්ම්ම්....
............................."
" මොනා හරි කිවුවද.... "
" නැහැ නැහැ... යමු අපි
ගන්න මොකුත් මෙහෙ නෑ නේද..."
" අනේ ඉන්න තියනවා මං ඉක්මනට එන්නම්..."
මං දුවගන ගියෙ මං හිටිය කාමරේට.. මේසෙ උඩ තියලා තිබ්බ මට සිස්ට තෑගි දුන්න ලස්සනම ලස්සන ජේසු බිලින්දගෙ චූටි පිලිරුව අරන් එන්න...
ගන්න කියලා තිබ්බෙ එච්චරයි... මගේ කියලා වෙන මොනාත් church එකේ තිබ්බෙ නෑ.....
කාමරේ දිහා බලලා දිග හුස්මක් ඉහලට ගත්තෙ church එකෙන් එකතු කර ගත්ත ලස්සන මතක ගොඩම අායිම සිහි කරමින්
" සිස්ට තේජාන් අාවොත් මේ no එක දෙන්න...
අයියගෙ no එක ,
මං ගියා කියන්න.....
අනේ එයාටත් ගොඩාක් පින් කියන්න සිස්ට "
" හරි දරුවො මං කියන්නම්කො... දැං ගෙදර අය එක්ක සතුටින් ඉන්න ගිහින්
අපිවත් බලලා යන්න එන්න හරිද "
" අනේ හරි සිස්ට... අනිවාර්යෙන්ම මං එනවා සිස්ට ව බලලා යන්න "
සිස්ටලා ඔක්කොටම කතා කරලා මං යන්න පිටත් උනේ අයියා එක්ක මගෙ ගෙදරට....
" අයියා අද නම් මට ගොඩක් සතුටුයි.. අම්මි තාත්ති මං එනකම් බලන් අැති නේද අයියා
අයියා......."
අයියගෙන් උත්තරයක් නැති නිසා මූණටම එබිලා අයියගෙන් මං අායෙත් අැහුවෙ එකම දේ
" හුම්ම්ම්..."
" හි හී.......
අනේ ශෝයි මට අම්මිවයි තාත්තිවයි දකිනකම් ඉවසිල්ලක් නෑ
අපි දැං කෙලින්ම යන්නෙ අයියා ගෙදර නේද..."
" නෑ චූටි... මං අම්මිට කිවුවා අපි යන දිහාට එන්න කියලා.... අපි යන්නෙ ඔයා යන්න අාසම තව වෙන තැනකට "
" ම්ම්ම් එහෙමද... එ් කොහෙද "
" හරි හරි යමුකෝ...."
" තාත්ති එනවා කිවුවෙ නැද්ද අයියා
අයියා...... "
මොකෝ මේ.... තාත්ති ගැන අහද්දි අයියා සද්ද නෑ....
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
" චූටී.... අපි අාවා බහින්න..."
" කොහෙද අයියා මේ අපි අාවෙ "
" අපි යමුකො චූටී.... එන්නකෝ... "
අයියා මගෙ කරට අතක් දාන එක්කන් ගියෙ ගේ අැතුලට
" මගෙ කෙල්ල.... "
මං ගෙට අඩිය තියනවත් එක්කම අැවිත් මාව බදා ගත්තෙ අැස් වල කදුලු පුරෝගත්ත හරිම ලස්සන ගැහැනු කෙනෙක්
එ් අැස්.... එ් මගෙ අම්මි , අම්මි තමයි
" අම්මි...... "
" මගෙ මැණික.... මං හැමදාම ඔයාට කෑ ගැහුවෙ මේ නිසයි මගෙ මැණික...
ඔයා නැතුව ජීවත් උනත් හිටියෙ මැරිච්ච මිනිස්සු වගේ අපි
අාය එහෙම කොහෙවත් යන්නෑ මේ පාර නම් පාරක් දීලම මං හදා ගන්නවා ඔයාව "
" අනේ අම්මි "
අම්මිව බදාන මමත් අැඩුවා අම්මිත් අඩනවා... ඔක්කොගෙම අැස්වල කදුලු
" හරි හරි දැං අඩන්න ඔ්නි නෑ නෙ කට්ටිය.....
අපිට අපේ චූටිව හම්බුනානෙ
කෝ ඔක්කොම හිනා වෙන්න මොනාද අප්පා හැටි විතරක් මූණු වල
කොයි කොයි..... "
ඔක්කොටම එකපාරම හිනා ගියා.... අම්මි අයියවත් මාත් එක්කම අායිම පාරක් බදා ගත්තා
" චූටි... මේ ගජනායක අන්කල්ලගෙ ගෙදර...
මේ ඉන්නෙ අන්කල්
මේ ඉන්නෙ අාන්ටි..... "
මං කට පුරාම එයාලට හිනාවක් දැම්මා...
" තව කෙනෙක් ඉන්නවා එනවකො පෙන්නන්න..... "
අයියා මාව අැදගන ගියෙ උඩ තට්ටුවට
උඩ තට්ටුවෙ කෙරෝලෙක තිබ්බ රූම් එකක් ගාවට මාව අරං ගිහින් අයියා රූම් එකේ දොර අැරියා
මං හරිම සතුටින් රෑම් එක දිහා බැලුවෙ එ් පාර කවුද මගෙ අලුත් අමුත්තා කියලා අදුන ගන්න......
දැක්ක දෙයින් පපුව පිච්චිලා ගියා...
" අනේ දෙයියනේ "
♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡
කතාව අමතක නෑ නේද
මේ සැරේ ගොඩක් පරක්කු උනා නේද.. අාය එහෙම වෙන් නෑ
අද ඉදන් හැමදාම දෙන්නම් කතාව
කියවන comment කරන යාලුවො ඔක්කොටම වෙනදවගේම ගොඩාක් Thanq ❤😘
අදත් comment එකක් ඔ්න......
මම
Sadee....
( සදීෂා පෙරේරා )