✦ සාමයේ හෝරාව ✦
ලින්ඩා සහ ලී පෙන්හෝ [ 𝙻𝚒𝚗𝚍𝚊 & 𝙻𝚎𝚎 𝙿𝚎𝚗𝚐𝚑𝚘 ]

ශේන්ගෙ දෑසින් කඳුළු වෑහෙන්නට විය. වසර 7ක් මුලුල්ලේ නොදැකපු තම නැගණිය අද ඔහු ඉදිරියේ මෙසේ පෙනී සිටි.
ශේන් වහාම ගොස් ඇයව තද කරගත්තා. ලින්ඩාද ශේන් ව තද කරගත්තා. මෙම වැලඳගැනීම් ලින්ඩාට නුහුරු දෙයකි. මන්ද වසර 7ක් පුරාවට ඇය ජීවත් වූයේ සටන් බිමේ නිසා.
වැළඳගැනීම් ඉක්මනින් අවසන් කල ලින්ඩා,
"අයියෙ එන්න. අපි යමු ඉක්මනට. දැන්ම නගරෙන් පිට වෙමු අපි."
ශේන් ලින්ඩාගෙ උපදෙස් අනුව කටයුතු කරමින් ලින්ඩා සමග සාප්පුවෙන් පිටවුනා. පාරෙ නවතා තිබූ ජීප් රියක නැගී දෙදෙනාම විදුලි වේගයෙන් හමුදා බාධක ආදිය මගහරිමින් නගරයෙන් පිට උනා. මේ ගමන නතර වූයේ නගරයෙන් පිටත කැලෑ ප්‍රදේශයකදී ඔවුනට රැය ගෙවා ගැනීමට නතර වූ නිසාවෙනි.
ශේන් එවිටයි දැනගත්තේ ජෙනරල් දික්වින්ඩ් වසර ගණනක් පුරා සියලුම මිනිසුන් එක් රැස් කරමින් නගර වලට කොටු කර නගර වලින් පිටත ජනශුන්‍ය ප්‍රදේශ බවට පත් කර තිබූ බව. එයද යුධ උපක්රමයකි. පාලනය කල යුත්තන් ආසන්නයේ තබා ගැනීම!
සවස් භාගයේදී ගිණි මැලයක් පත්තු කල ශේන් සහ ලින්ඩා එය දෙපසට වී ඉඳගෙන සිටියා. ශේන්ට ලින්ඩාගෙන් ඇසීමට තිබූ සියල්ලම එක වරම ලින්ඩාගෙන් ඇසුවා.

"නංගි ඔයාට මොකක්ද උනේ එකපාරටම. අපි හිතුවෙ ඔයාව පැහැරගත්ත කියල. අපි හැමෝම දුක් උනා. අත්තම්මත් හොඳටම අසනීප උනා ඔයාගෙ අතුරුදන් වීම නිසා"
"හම්ම්. අයියේ ඉඳගන්න. මම කියන්නම් වෙච්ච දේ."
★★★★★★★★★★★★★★★★★★
ලින්ඩාගේ කතාව 𝙻𝚒𝚗𝚍𝚊'𝚜 𝚂𝚝𝚘𝚛𝚢
වසර 7කට පෙර :
ලින්ඩා ශේන්ට වඩා අවුරුද්දක් බාලයි. දෙමව්පියන් නැති වීමෙ දුක ශේන්ට තරම් තදින් නොදැනුනේ ඇයට ඒ පිළිබඳව හරි හැටි අවබෝධයක් නොතිබූ නිසා. ඒත් ඇයගේ හිතෙත් මොකක්දෝ අඩුපාඩුවක් ජීවිතයට ඇති වී තිබෙන බව වටහාගන්න තරම් ඇය බුද්ධිමත් විය.
වෙනද වගේම ලින්ඩා පොඩි වතුර කලේකුත් අරන් ගඟට ගියේ ඔත්පලව ඉන්න අත්තම්මාට උදව්වක් වෙන්න හිතාගෙන. ඒත් ගඟ ලඟට ගිය ලින්ඩාට දැක ගත හැකි වූයේ වෙනදා තිබූ නිස්කලංක ගංගාව නොවේ. ගඟේ ඉහළ ප්‍රදේශයට ඇදහැලුණු අධික වර්ශාව නිසා සැඩ ජල පහරවල් ගඟ දෙපැත්තට විසි කරමින් ගලාගෙන ගියා.
ලින්ඩා හැකි තරම් ප්‍රවේශමෙන් ගඟේ අයිනට විත් කලය ගඟ තුලට දමනවාත් සමඟම ඇය හිඳ සිටි පෙදෙසේ පස් කුට්ටිය ගඟේ සැඩ පහරක් හමුවේ ගඟ තුලට වැටී ගසාගෙන ගියා......
තමා ගඟ තුල ගිලෙන බවත් තමන්ට හුස්ම ගැනීමට නොහැකි බවත් ලින්ඩාට තේරෙනවාත් සමඟම අවට වටපිටාව කෙමෙන් කෙමෙන් අඳුරු වී ගියා....
___________________________________
ලින්ඩා යලිත් දෑස් හැර බලන විට ඇය සිටියේ සුවපහසු ඇඳක නිදාගෙනයි. ඉහලින් විසිතුරු මෝස්තර වලින් කැටයම් කරන ලද වහලයක් තියෙනව කියලත් ඇය දැක්ක. ඒක අලංකාර විශාල කාමරයක්. ජනේලයෙන් ආපු හොඳ හුළඟක් ලින්ඩාගෙ ඇඟම හීතල කරමින් කාමරය පුරාම සැරිසැරුවා. එක පාරටම ඇය ගඟේ ගිලුණු බියකරු මතකන් ඔලුවට ගලන් ආවෙ ඇයටත් නොදැනිමයි.
ඒ මතකයන් නිසා බියට පත් උනු ලින්ඩා කලබල වෙලා වටපිට බලනකොට ඇය දුටුවේ ඇය සිටි කාමරයේ දොර අසල දුඹුරු පැහැ කෝට් එකක් ඇඳගත්තු වයසක මහත්මයෙක් පියකරු මුහුණින් යුතුව ඇය දෙස බලන් ඉන්න විදිහයි.

"ලින්ඩා දැන් කොහොමද ඔයාට"
ඔහු සිනාමුසු මුහුණින් විමසුවේ කාමරය තුළට පැමිණෙමින්.
ලින්ඩාට මෙය අරුම පුදුම දෙයක් විය. කිසි දිනක තමා විසින් නොදැකපු මිනිසෙක් තමාට නම කියල කතා කරනව.
"ම...ම මම හොඳින් සර්" "මම මේ මේ කොහෙද ඉන්නෙ" ලින්ඩා ගොතගසමින් පැවසුවා..
"ඔහ් මට සර් කියන්න ඕනි නෑ ලින්ඩ. මම ලී .(ලෑලි නෙවෙයි lee) ,ලී පෙන්හෝ. මේ පන්සල පවත්වා ගෙන යන්නෙ මම." " ඔයා දැන් මේ ඉන්නෙ කාලයක් air benders ලගෙ පන්සලක් වෙලා තිබ්බ ස්ථානයක. දැන් ඔවුන් නැති නිසා මම තමයි මෙතන පවත්වා ගෙන යන්නෙ"
"අ..අ.. හරි මිස්ටර් ලී. ඒත් සර් කොහොමද මගෙ නම දන්නෙ. මම සර්ව දැකල නෑනෙ මීට කලින්" " මම මෙහෙ ඉන්නෙ ඇයි" " කෝ මගෙ අයියා"
ලින්ඩා අඬන්න ඉතාමත් ආසන්නයි....
"දරුවො මට සර් කියන්න එපා. මම ඔය ඉපදුනු දවසෙ ඉඳන් ඔයාවයි ඔයාගෙ අයියවයි දන්නව. ඔයාගෙ තාත්ත මගෙ හොඳ යාලුවෙක්."
බරපතල පෙනුමක් මුවඟට නගාගත් ලී පෙන්හෝ, ලින්ඩාට සත්‍ය පැවසීමට කාලය එළඹ ඇති බව තේරුම් ගත්තා.
"ම්ම්ම් මෙහෙම කරමු. ලින්ඩ.. එන්න මාත් එක්ක මට ඔයාට කියන්න කතාවක් තියෙනවා. "
ඔහු ලින්ඩා දෙසට තම වම් අත දිගු කරමින් පැවසුවා.
" හ හ හරි මිස්ටර් ලී" ලින්ඩා ගොත ගසමින් මද කුතුහලයකින් හා සැකයකින් යුක්තව ලී ගේ අතින් අල්ලා ගත්තා......
___________________________________
ලී පෙන්හෝගේ කතාව....
ශේන් ගේ පියා ජල හසුරවන්නෙක්. water bender කෙනෙක්. ඔහුගෙ මව කිසිම බලයක් නොතිබූ අයෙක්. ශේන් ගේ පියා හර්මිට් ජෝශ් වොට්සන් "සාමයේ දූතයන්" නම් රහසිගත කණ්ඩායමක් සමඟ එක් වී ජෙනරල් දික්වින්ඩ් ගේ හමුදාව සමග සටන් කළේය. ලී පෙන්හෝ කියන්නෙ ශේන් ගේ පියා සමග එක්වී සටන් කල ශේන් ගේ පියාගේ හොඳම යහලුවා. ඔහු කලක් තාපසයෙක්ව සිට සටන් ප්‍රගුණ කළ රණශූරයෙක්. ඉතින් ජෙනරල්ගේ හමුදාව සමග සටනකදි ශේන් ගේ පියාට බරපතල් ලෙස තුවාල වෙනව. ඒ වෙනකොට ශේන් සහ ලින්ඩා ඉතාමත් පොඩී. ශේන් ගේ පියාගේ තත්වය එන්න එන්නම බරපතළ අතට හැරුනා. ඉතින් ශේන් , ඔහුගේ හොඳම යාලුවා උනු ලී පෙන්හෝගෙන් පොරොන්දුවක් ලබා ගන්නවා......
"ලී. මේ ලෝකෙ මට විශ්වාස කරන්න පුලුවන් එකම මනුස්සය උඹ විතරයි. මගෙ දරුවො දෙන්නට අනිවාර්යයෙන්ම මගේ මේ බලය පිහිටල ඇති. උඹ උන් දෙන්නව ආරක්ශා කරපං. කවද හරි උන්ට ලෝකයේ සාමය රැකගන්න පුලුවන් වෙන තරමට උන්ව පුහුණු කරපං. උන්ට ලැබිල තියෙන අනර්ඝ තෑග්ගෙන් වැඩක්.........."
මේ ශේන් ගේ පියාගේ මුවින් පිටතට පැමිණි අවසන් වචන කිහිපය විය.
ලී පෙන්හෝ ඔහු දුන් පොරොන්දුව අකුරටම ඉටු කරමින් කුඩා ශේන් සහ ඔහුගේ නැගණිය ශේන් ගේ අත්තම්මාගෙ නිවසේ රඳවමින් නියමිත කාලය එනතෙක් ඔවුන් ව රැකගැනීමට සැලසුම් කලා.
නමුත් ලින්ඩා එදා ගඟේ ගසාගෙන යාමේදී ඇයගේ ජල හැසිරවීමේ බලය නිසා ඇයටත් නොදැනිම ඇය අයිස් ගෝලයක් සාදා ගෙන ඒ තුල හිඳිමින් ගඟේ පාවෙමින් සිටියා.
ඇයගේ ආරක්ශාව උදෙසා ලී පෙන්හෝ, ලින්ඩාව මෙම පන්සලට රැගෙන ආව.
__________________________________
"ඉතින් ලින්ඩා ඕකයි කතාව. ඔයාගෙ පරම්පරාවෙන් ඔයාට ඉතාමත් ශේරෂ්ඨ තිළිණයක් ලැබිල තියෙනව. මට ඔයාට බල කරන්න බෑ. ඔයාගෙ කැමැත්තක් තියෙනවද ඒ බලය ලෝකයේ සාමය වෙනුවෙන් භාවිතා කරන්න.?"
ලින්ඩාට මෙයින් බොහෝ දේ නොතේරුණත් පියාගෙන් ලැබුණු උරුමයක් නිසාදෝ නපුරට එරෙහිව සටන් කල යුතුයි යන මතය ඇයගේ මනසේ රැව් පිළිරැව් දෙන්න පටන් ගත්තා.
කුඩා ලින්ඩාගෙ හිතේ තම පියා ගැන උපන්නෙ මහත ශෝකයකි. පියාගෙන් ලැබුණු උරුමයක් නිසාදෝ ලින්ඩා , ජෙනරල් දික්වින්ඩ් එරෙහිව සටන් කිරීමට කැමැත්ත ප්‍රකාශ කලා.
"මම කැමතී මිස්ටර් ලී......."
ඇයගේ කැමත්ත ප්‍රකාශ කලාට පසු වසර 5ක් මුලුල්ලේ ඇය ලී පෙන්හෝ යටතේ පුහුණු උනා. ජල හසුරවන්නෙක් සතු සියලුම දැනුම හා හැකියාවන් ඇය ලබා ගත්තා.

අනතුරුව ඇය "සාමයේ දූතයන්" සමඟ එක්වී ජෙනරල් දික්වින්ඩ් ගේ හමුදාව සමඟ සටන් කලා.
මේ සටනේදි ඇයත් සමග භූමි හසුරවන්නෙක් සහ වායු හසුරවන්නෙක් එකතු උනා. මෙම සියලු බලයන් සහ ලී පෙන්හෝ ගේ මග පෙන්වීමත් සමඟ ඇය ජෙනරල්ගේ හමුදා සමඟ දිගින් දිගටම සටන් කලා.

ලින්ඩාගෙ සහෝදරයාවද මෙම සටනට එක් කරගැනීමට කාලය එළඹ ඇති බව පැවසූ ලී පෙන්හෝ එම වගකීම ලින්ඩාට භාර දුන්නා.
ඒ අනුව ඇය වූජිං නගරයට එන ප්‍රධාන දොරටුවෙන් ඇතුල් වෙන කොටම සෙබළුන්ව දැක්ක නිසා මදක් කලබල උනා. ඒ කලබල ගතිය හොඳටම ඇති උනා මුරකුටියෙ හිටපු නිරීක්ශකයාට ඇය සැක සහිත බව අඳුරගන්න. ඉතින් වහාම ඇයව අත් අඩංගුවට ගන්න කියල අණ කලා. ලින්ඩාට මේක එතරම් බරපතල දෙයක් නොවන නිසා ඇය ඇයගේ බලයන් පාවිච්චි කරලා එතන සෙබලු කිහිප දෙනෙක්වම අයිස් වල හිර කරල පැනගත්ත. ඒත් ඇය පසු පසින් තවත් හමුදා ඛණ්ඩයක් ලුහු බඳින බව ඇය දැන සිටියේ නෑ.
එම හමුදා ඛණ්ඩය තමයි ශේන් වැඩ කරන සාප්පුවට ඇවිල්ල ලින්ඩාව අත් අඩංගුවට ගන්න හැදුවේ.....
★★★★★★★★★★★★★★★★★★★★
"ඉතින් අයියේ ඔන්න ඕකයි කතාව"