✦ සාමයේ හෝරාව✦

✦ සාමයේ හෝරාව✦


සාමයේ ආරම්භය [ 𝚃𝚑𝚎 𝚋𝚎𝚐𝚒𝚗𝚗𝚒𝚗𝚐 𝚘𝚏 𝚙𝚎𝚊𝚌𝚎 ]

𓂀

උදෙන්ම නැගිට්ට ශේන් සුපුරුදු විදිහටම වූජිං නගරයේ තියෙන ඔහු වැඩ කරන මල් සාප්පුවට යන්න පිටත් උනා. වයස 21ක් උනු ශේන්ට ළමා කාලයක් නොතිබ්බ තරම්. නිදහසේ දුවල පැනල ඇවිදින නිදහසත් ජෙනරල් දික්වින්ඩ් ගේ පාලනය නිසා ඇහිරිලා තිබ්බෙ.


ශේන් ජීවත් උනේ green valley කියල පොඩි ගමක. ඉතාමත් කුඩා ගෙදරක්. ලයිට් දෙක තුනකුයි පොඩි රේඩියෝ එකකුයි ඇරෙන්න එහි පවසන්න තරම් දෙයක් නැති තරම්.


ශේන්ගෙ අම්මයි තාත්තයි ශේන් පොඩි කාලෙදිම මියගියා. ඒ ශේන්ගේ පියා ජෙනරල් දික්වින්ඩ් ගේ සෙබලුන් සමග ඇති කරගත් කල හෝලයක් නිසා. එය අවසන් උනේ ශේන් හා ඔහුගේ නැගනිය මෙලොව සදහටම තනිකරමින් ජීව්තයෙන් වන්දි ගෙවීමෙන්. ඒ සිදුවීමට සති දෙකකට පසු ශේන්ගේ නැගණිය ලින්ඩා ජූල් වොට්සන් හදිසියේම අතුරුදන් වුනා. ගොඩක් අය පැවසුවේ ඇයව පැහැරගෙන ගොස් ඇති බවටයි. මේ සිදුවීම් වෙන කොට ශේන්ට අවුරුදු 12යි. ඉතින් අවුරුදු 7ක්ම ඔහු ජීවත් උනේ ඔහුගේ අත්තම්මාගෙ කුඩා නිවසේ.


මේ සියලු සිදුවීම් ජීවිතයට පන්නරයක් කරගත්තු ශේන් ශක්තිමත්ව නැගී සිටියා. ඒ ඔහුගේ අධිශ්ඨානය සහ ජෙනරල් දික්වින්ඩ් කෙරෙහි ඔහු තුළ වූ සියුම් පළිගැනීමේ චේතනාවයි.


නමුත් එය සිහිනයක් පමණද....... තම දෙමව්පියන් වෙනුවෙන් සාධාරණත්වයක් ඉටු කිරීමට හැකි වේද.....?


ශේන් ගේ සිතේ නිතරම හොල්මන් කලේ මෙයයි...

_____________________


මේ අතර යම්කිසි අපරාධ කල්ලියක් විසින් ජෙනරල් ගෙ හමුදාවට නොයෙක් තැන් වලදී පහර දී තිබුණු බවට නගරය පුරා කටකතා පැතිර ගොස් තිබුණා. ඒ අතර water bender(ජල හසුරවන්නෙක්) සහ earth bender කෙනෙක්(භූමි හසුරවන්නෙක්) හිටිය කියල තමයි කටකතාවලින් කියවුනේ. කටකතා විශ්වාස කරන්න බෑ කියල හොඳටම දන්න මිනිසුන් තවමත් සියලු බලාපොරොත්තු අතෑරල දාල හිටියෙ.

කටකතා නිසාම නගරය තුල ආරක්ශාව වෙනදට වඩා තර කරල කියල නගරයට ඇතුල් වෙනකොටම ශේන් දැක්ක. මොකද වෙනදට වඩා නැති සෙබළ පිරිසක් අද ප්‍රධාන දොරටුව ලඟ රැස් වෙලා ඉන්නව.


මේ මුකුත් වැඩිය හිතන්නැතුව ශේන් පුරුදු විදිහටම සාප්පුව ඇතුලට ගිහිල්ල ලක ලැහැස්ති වෙලා කවුන්ටරය තුලට ආව. දහවල් වන විට සාප්පුව තුල සිටි කිහිප දෙනෙක් හා ඉදිරිපිට මාර්ගය අලුත්වැඩියා කරන කම්කරුවන් කීප දෙනෙක් හැරුණු කොට වීදියම නිස්කලංකව තිබ්බෙ.


නිස්කලංක භාවයත් සමගම ශේන් කවුන්ටරය පිටුපස පුටුවේ ඉඳගෙන මනෝ ලෝකයට ඇතුල් වි සුව පහසු ජීවිතයක් ගැන හීන මවන්න පටන් ගත්තා.


"ශේන්...."


මනෝ ලොවෙන් මිඳී එකවරම තිගැස්සුනු ශේන් තමාව ආමන්ත්‍රණය කලේ කවුදැයි බැලුවා.


කවුන්ටරය ඉදිරිපස සිටියේ නිල් පැහැ ලෝගුවකින් සිරුරම වසා ගත් සුරූපි කාන්තාවකි. ඇය දැක හුරු පුරුදු ගතියක් ශේන්ගේ සිතට එකවරම ඇතුල් වුණි. මේ සියල්ල අමතක කරමින් ශේන් හනිකට ඇයට කතා කළා.


"මහත්මියට මොකක්ද...........


ශේන් ගෙ කතාවට බාධා කරමින් එකවරම සාප්පුව තුලට කඩා වැදුණේ විදුලි තුවක්කු අත දරාගත් ජෙනරල් දික්වින්ඩ් ගේ හමුදා ඛණ්ඩයකි.

ශේන් එවිටම පසුපසට ගොස් බිත්තියට හේත්තු උනා. ඒත් අර ආපු කාන්තාව නොසැලී හමුදා ඛණ්ඩය දෙස බලන් හිටිය.


හමුධා ඛණ්ඩයේ ප්‍රධානියා වැනි අයෙක් අර කාන්තාවට කතා කලා.ඒ ඔවුන් සතු තුවක්කු ඇය දෙසට යොමු කරමින්.

"වහාම යටත් වෙනවා. දැන්ම යටත් උනොත් උඹට මැරෙන්නැතුව බේරෙන්න පුලුවන් වෙයි. උඹ මෙතන උඹේ බලයන් පාවිච්චි කලොත් පස්සෙ උඹට දුක් වෙන්න වෙයි."


මද සිනාවක් මුවඟට නගා ගත් කාන්තාව එක වරම කරපු දෙයින් ශේන් ගේ ඇස් උඩ ගොස් තොල කට වේලී ගියා......


ඔව්.... ඇය කවුන්ටරය ඉදිරියේ තිබූ විශාල ජල බඳුනේ ජලය ඉහලට ඔසවමින් සිටියා..... ඇය water bender කෙනෙක්!


මේ අමුතු සිදුවීම දිහා ශේන් වගේම හමුදා ඛණ්ඩයේ කිහිප දෙනෙක් ඇස් පිය නොහෙලා බලා සිටියේ ඔවුන් මීට කලින් water bender කෙනෙක් සියැසින් දැක නොතිබූ නිසා.


ඇසිපිය හෙලන ක්ශණයෙන් ජල බඳුනේ තිබූ ජලය හමුදා සෙබලුන් වටා එතෙමින් සිට එක වරම ඝන අයිස් බවට පත් උනා.


දැන් ඔවුන් මහ දවාලෙ සාප්පුවක් තුළ ඝන අයිස් තුල සිර වෙලා.


වෙච්ච දේ තේරුම් ගන්න හදන ශේන් ඒ දිහා බලාගෙන ඉන්නකොටම ලෝගුව ඇඳගත් කාන්තාව කටහඬ අවධි කලා.

"ශේන් එන්න ඉක්මනට යමු අපි මෙතනින්. තව සෙබළු මග එනව ඇති. අපි නගරයෙන් පිට වෙන්න ඕනෙ දැන්මම"


"ඔයා කව්ද? ඇයි මම ඔයත් එක්ක එන්නෙ? ඔයා අපරාධකාරයෙක්... ඔයා ජල හසුරවන්නියක්... මම හිතුවෙ ඒක බොරු කතාවක් විතරයි කියල..."


ශේන් ප්‍රශ්න ගොන්නක් කාන්තාවගෙන් විමසා සිටියා..


ඇය මද වෙලාවක් ශේන් දෙස බලා සිට..

"අයියෙ මම ලින්ඩා"


"නංගි.....? මගේ නැති උනු නංගි ලින්ඩා...

ශේන් ඇය දෙස විශ්මය දනවන සුලු දෑසකින් යුතුව බලා සිටියා.....

Report Page