සැනසෙන්නම් මා..

සැනසෙන්නම් මා..

Hiru😋

කෙටි කතාවකි by Hiru😋

සැනසෙන්නම් මා.. 🍁


මේ ගෙවෙන්නේ ජීවිතේ අමාරුම දවස්..


ඇයි අපි ලොකු වෙන්න මෙච්චර ට්‍රයි කරේ කියලා හිතෙන තරමට කලකිරෙන..


මැරෙන්න හිතෙන තරම් තනි වෙන..


ඇයි මටම කියලා හිතෙන තරම් ප්‍රශ්න එන..


ලෝකෙටම ඇහෙන්න කෑගහන්න හිතෙන තරම් කිසි කෙනෙක් අපිව තේරුම් නොගන්න..


ඔව්..


මේක හරි අමාරු කාලයක්..


ජීවිතේ තත්පරේ ගානේ ගෙවෙන්න ගෙවෙන්න ලොකු බරක් ඔලුවට දැනෙද්දි.. ලොකු වගකීම් ගොඩක් ජීවිතේට එකතු වෙද්දි..


අපි කවුරුත් හොයන්නෙම සැනසෙන්න තැනක්..


ගතින් විතරක් නෙවෙයි.. සිතුවිල්ලකින් පවා මහන්සි හිතුනම බය නැතුව ඇස් දෙක පියාගෙන වාරු වෙන්න පපුවක්..


ජීවිතේ කියන හැල්මේ දුවන රේස් එකේ මොහොතකට හරි වෙහෙස නිවාගන්න එක හිනාවක්..


කට්ට කාගෙන ගොඩයන්න ට්‍රයි කරද්දි හිත හැදෙන්න එක වචනයක්..


දන්නවද..


සමහරු හොයන්නේ ආදරේ විතරක්ම නෙවෙයි.. ඊටත් එහා ගිය ආදරේත් එක්කම සැනසෙන්න පුලුවන් නිවීමක්..


ආදරේ කරන කෙනා ලග සැනසීමක් නිවීමක් හැමෝටම ලැබෙන්නෑ..


අනික් අතට ආදරේ කරන පමනින් අපිට බෑ තව කෙනෙක්ව නිවන්න..


දන්නවද ඒක මැජික් එකක්.. ආදරේ කරන කෙනාව තේරුම් ගන්න.. ඒ කෙනා ගැන සංවේදී වෙන්න.. ඒ කෙනාව දරාගන්න.. ඒක්‍ර්නාව නිවන්ම.. බැදීම ඇතුලේ ආත්මාර්තකාමි නොවී ඉන්න.. හැමෝටම බෑ..


හැබැයි අපිට පුලුවන් පපුව පොරෙන්ම උතුරන්න ආදරේ කරන්න..


ආදරේදී විතරක් නෙවෙයි.. ඕනම බැදීමක.. ඒ බැදීමට වටිනාකමක් දෙන්න හැමෝටම බෑ..


මම මෙච්චර ආදරේ කරලත් එයා මාව දාලා ගියානේ කියලා වචන කටෙන් පිටවෙනවා ඕන තරම් මම අහලා තියෙනවා.. මගේ කටිනුත් පිට වෙලා තියෙනවා..


ඒ වචන මත්තෙම ඔට්ටු වෙන්නේ නැතුව අපි මෙහෙම හිතුවොත්..


මම එයාට ආදරේ කරා.. මම මෙච්චරක් ආදරේ කරා.. අච්චරක් ආදරේ කරා.. ඉතින් ඒ ආදරේ එයාට දැනුනද.. මම එයාට ඒ ආදරේ දැනෙන්න දුන්නද.. මම එයා වෙනුවෙන් කැප උනාද.. එයාට ඇහුම්කම් දුන්නද..


මම අච්චරක් දුන්නේ එයාට ඕන කරපු ආදරේමද.. එයා මගෙන් හෙව්ව නිදහස.. සැනසීම.. මම එයාට දුන්න ද..


සමහරවිට එයාට ඕන උනේ එක පුංචි දිරිගැන්වීමක් විතරක් නම්..

සමහරවිට එයාට ඕන උනේ එක පුංචි හිනාවක් විතරක්ම නම්..

සමහරවිට එයාටඕන උනේ ඔයා ලග විතරක්ම ඉකි ගහලා අඩන්න නම්..


එයාට ඒ දේවල් නොලැබෙද්දි යන්න ගියේ ආදරේ නැති නිසාද..

ආදරේ දැනුන්නැති නිසාද..


සමහර අත් හැරීම් වල තියෙන්නේ පුංචි පුංචි හිස්තැන් මිස ආදරේ නැති වීමක් නෙවෙයි කියන එක ඔයාලටම පෙනෙයි.. ඔයාලටම දැනෙයි.. ඔයාලටම තේරෙයි..


අත ඇරලා යන එක සාධාරණීකරණය කරනවා නෙවෙයි.. මෙහෙම තැනුත් තියෙනවා..


බැදීම් කියන්නේ හරිම සංකීරින මාතෘකාවක්..


දන්නවද..


මම අපි එයාලා මේ ගෙවන්නේ ජීවිතේ තීරණාත්මක කාලයක්.. හරියටම කිව්වොත්.. මේ තමා අපේ ජීවිතවලට තදට අත්තිවාරම් වැටෙන කාලේ..


මේ තමා අපිට අපිවම අමතක වෙන තරම් ජීවිතේ හති වැටෙන කාලේ..


ඉතින් එක වචනෙකින්.. එක හුස්මකින් හරි තව කෙනෙක්ට සැනසීමක් වෙන්න..


ආදරේ කරන ඕනම කෙනෙක්ට.. යාලුවෙක්ට හරි.. දන්න කෙනෙක්ට හරි..


උබලට දැන් මතක නෑනේ.. හරි ගිහින්.. අමතකයි දැන්.. නිකමට කතා කරන්නෑ.. නෑ නෑ.. එහෙම නෙවෙයි..


ඔයාගේ කාලෙන් පොඩි වෙලාවක් අරන් යාලුවාට කතා කරන්න.. එයා කතා කරන්නේ නැති හින්දා ඔයාත් කතා නොකර ඉන්නවට වඩා..


ලොකුකම පැත්තකින් තියලා යාලුකම වෙනුවෙන් ඔයා කතා කරන්න..


ඔය හිතේ තියේ තියෙන පරන මතක වල සුවඳව ඒ හිතෙත් ඇති..


මොන තරම් ප්‍රෙශර් එකක.. මොන තරම් ප්‍රශ්න ගොඩක.. මොන තරම් වගකීම් ගොඩක එයා හිර වෙලාද ඉන්නේ කියලා එතකොටවත් ඔයාට පෙනෙයි..


නොපෙනුනොත්..


ඒ බැදීමේ ඔයාගේ පැත්තෙන් ලොකු හිස්තැනක් හැදිලා.. නැත්තම් හදාගෙන..


බැදීම් වල හිස්තැන් හැදෙන්න දෙන්න එපා.. කාලයත් එක්ක හිස්තැන් හැදෙද්දි මතක වලින් ඒ හිස්තැන් පුරවන්න..


බැදීමක් රැක ගන්න ඕනි නම් පොඩ්ඩක් නම්‍යශීලී වෙන්න.. ඒක ඔයාගේ තත්ත්වෙ බාල කරන්නෑ..


ඔයාට පුලුවන් නම් හිනාවකින් හරි තව කෙනෙක්ගේ හිතට තාවකාලිකව හරි සැනසීමක් දෙන්න ඒ කෙනාට ඒක අනිවාර්‍යෙන්ම මතක තියෙයි..


මොකද..


හැමෝටම බෑ හැමදෙයක්ම.. හැමෝටම බෑ හිනාවකින් තව කෙනෙක්ව නිවන්න..


ඉතින් ඔයා ඒක කරන්න..


උත්සහ කරන්න..


ඔයාට දැනෙයි ඔයා ජීවත් වෙනවා කියලා..




                                      .. 🍁 ..



හුග කාලෙකින් කෙටි කතාවක් ලිව්වේ..


මම දන්නවා මේ වගේ ටයිප් කතාවලට කමෙන්ට් නෑ.. ඒත් කමක් නෑ ලමයි දාන අය දානෝනේ.. ආදරෙයි..


Hiru😋 

Report Page