සුදු - කලු

සුදු - කලු

◇❉⃟࿔ꦿ꧁Sithu

Article එකේ අන්තිම වෙනකම් කියවන්න....

එතකොට මම අදහස් කරපු දේ ගැන අවබෝධයක් ලැබේවි...


" සුදු - කලු "

කියන්නේ පාට 2ක් විතරක් නෙමේ නේද....

සුදු පාට පේන්නේ කලු පාට තියෙන නිසා කලු පාට පේන්නේ සුදු පාට තියෙන නිසා....

දෙකම සමතුලිතයි වගේ නේද... අන්‍යෝන්‍ය බැඳීමක් දෙකෙන් එකක් හරි අඩු උනා නම් අනිත් එකට තියෙන අගය අඩු වෙනවා....


සමහරු කියනව නේද ඒ කෙනා හොදයි ඒ කෙනා නරකයි කියලා... ඒත් ඇත්තටම 100% හොද අයවත් නරක අයවත් නෑ.... කවුරුවත් සර්වසම්පූර්ණ නෑ කියන්නේ ඒකනේ...

හුගක් අය කරන්නේ අවස්ථාවාදීව කටයුතු කරන්න එක.... තමන්ගෙ අරමුණට යන්න නරක දේවල් කරන අයත් ඉන්නවා....


ඇත්තටම නරක අයට බැනල වැඩක් නෑ.... සමහරවිට සමාජය ඉස්සරහදි නරක විදිහට නම් වෙච්ච අය ගාවත් අපි නොදන්න හොද ගතිගුණ තියෙන්න පුලුවන්....


කවුරුවත් සර්ව සම්පූර්ණ නෑ නේද...

කවුරු අතින් වුනත් වැරදි සිද්ද වෙන එක සාමාන්‍යයයි... වැදගත්ම දේ තමයි ඒ වැරදි හදාගෙන හොද කෙනෙක් වෙන්න එයාලට සමාජය උදවු කරන්න ඕන...


ඒත් සමහර වැරදි තියෙනව ඒ වැරැද්ද වුනාට පස්සේ හදාගන්න බැරි .... ඒ දේ වුනාට පස්සේ ආයෙ හරි ගස්සන්න බෑ.... හරියට වීදුරුවක් බිදුනහම ඒක කලින් තිබුනු තත්වෙට එන්නෑ....


කවදාවත් කාගෙවත් හිතක් රිද්දන්න යන්න එපා....



" වවන " ඇත්තටම අපි කාටහරි මොකක් හරි දෙයක් කියන්න යනව නම් ඒක කියන්න කලින් හිතල බලන්න ඒ කියන්න යන දේ නිසා ඒ කෙනාගෙ හිත රිදෙනවද කියලා....

මොකද අපි කියන සමහර දේවල් නිසා එයාලගෙ හිත ගොඩක් රිදෙනවා....

සමහරවිට පස්සේ අපරාදේ කිව්වේ කියල හිතුනත් එතකොට පරක්කු වැඩි වේවි....


එක නිසා අනිත් අය ගැනත් හිතන්න...



"ඉවසීම" ඉවසීම කියන දේට සීමාවක් තියාගන්න එපා....පුලුවන් තරම් ඉවසන්න පුරුදු වෙන්න.... අත්දැකීමෙන් කියන්නේ එතකොට ප්‍රශ්න අඩුයි....



" සවන්දීම " අනික් කෙනා කියන දේ ගැනත් අවධානයෙන් ඉන්න.... අනික් අයටත් සවන් දෙන්න.... එයාලගෙ අදහස් වලටත් ගරු කරන්න අඩුපාඩු තියෙනම් ඒව පෙන්නල දෙන්න.... ඒ කෙනාට පුලුවන් නම් කතා කරලා වැරැද්ද පෙන්නල දෙන්න නැතුව එයාගෙ වැරැද්ද තැන තැන කියල අපහාස කරන්න යන්න එපා .....




" ඊර්ෂ්‍යාව " කවදාවත් කාටවත් ඉරිසියා කරන්න යන්න එපා...

තමන්ට ලැබුනු දෙයින් සතුටු වෙන්න පුරුදු වෙන්න..... අඩුමගානේ තමනුත් ඒ සාර්ථකත්වය ලගා කරගන්න උත්සාහ කරන්න.




" පරාර්ථකාමීබව " ගොඩක් වටින ගුණාංගයක් ....

කවුරු හරි අපෙන් උදවුවක් ඉල්ලුවොත් හැකියාවක් ඔයාට හැකියාවක් තියෙනව නම් ඒ උදවුව කරල දෙන්න.... හැමතිස්සෙම ආත්මාර්ථකාමී වෙන්න එපා....



" නිහතමානීත්වය " මානුෂිය ගුණාංගයක්... ලස්සන හදවත් තියෙන අයගෙ ගුණාංගයක්...



මේ වගේ හොද ගුණාංග ජිවිතේට එකතු කරගන්න..... ඒවගේම තියෙන හොද ගුණාංග වැඩිදියුණු කරගන්න.....


Comment එකක් දාගෙන යන්න... මගේ අදහස් වල අඩුපාඩුහරි වැරදි හරි තියෙනම් කියන්න...


Good Luck... 👍

Report Page