වස්සානයේ පිපුනු ලිලී මල
SamanaliEpisode 22(Bonus)
මොකද බන් මෙතන උනේ අහ්...කෝ රිදී... කියපන් ...නීශා ඇහුවෙ ආකර්ශා ගාව ඉන්න වෙනීශ දිහා කේන්තියෙන් බලන ගමන් ...
කෝ රිදී නෙවෙයි මොකද උනේ කියලා අහපන්....
වෙනීශ කිව්වෙ නීශා ට අමුතු විදියට හිනා වෙන ගමන් ...
හරි දැන් මෙතන මොකද්ද උනේ කියපන්...ඉමේශ් ඇහුවෙ ආකර්ශා දිහා බලන් ඉන්න ගමන් ...
මොකද්ද උනේ ද..මේකි ව දැක්කම පෙන්නෙ නැද්ද උනු දේ....
වෙනීශ ඉමේශ්ට පෙන්නුවෙ ආකර්ශා ව...
හරි දැන් උබ කියන්නෙ මේක කරේ රිදී කියල ද...(සදෙව් )
ඔව්...මන් ඉස්සරහ ම උනු දේ නොදැක්ක ගානට ඉන්න මට බැහැ නෙ...
හ්..හ්..හ දැන් උබ ට දැකපු දේ එච්චරටම විශ්වාස යි නෙ...
නෙතුශි කිව්වෙ වෙනීශ දිහා හිනා වෙලා බලන් ඉන්න ගමන් ...
ඔව්...
වෙනීශ ත් නෙතුශි ට නොදැනිව කිව්වෙ තමන් හරි කියලා හිතපු නිසාමයි ...ඒත් කොල්ල කෝම උනත් කෙල්ල ගැන යටි හිතින් දුක් උනේ තමන් මෙච්චර ආදරේ කරන කෙල්ල මේ වගෙ නපුරු උනේ කෝම ද කියලා හිතන ගමන් ...
ඔන්න එතකොට ම තමයි දෙව්මි දුවගෙන එතනට ආවෙ...
ඒ බන් රිදී නැහැ බන්...මන් හැමතැනම බැලුවා ...අනේ බන් ඒකි කොහෙ ගිහින් ඇති ද....
දෙව්මි කිව්වෙ හැමෝටම අඩන ගමන් ...
ඔන්න ඔයි වෙලාවෙ දිම වගේ තමයි මෙච්චර වෙලා ඉවසන් හිටපු ස්ටෙෆාන් ගෙ කේන්තිය උපරිම උනේ....එයාටත් නොදැනිව ස්ටෙෆාන් ගෙ අත් දෙක ගියේ වෙනීශ ගෙ කොලර් එකට ...
උබ ගැන මේකි ගැන මට අදාලම නෑ...මෙතන මොකක් උනත් රිදී හරි කියන්න මන් දන්නව ...දැන්වත් කියපන් කෙල්ල කොහාට ද ගියෙ....
ස්ටෙෆාන් කිව්වෙ වෙනීශගෙ මූන දිහා බලාගෙන බෙරිහන් දීලා ...
කෙල්ල නෑ කියලා අහපු වෙනීශත් මේ වෙලාවෙ දි ශොක් උනේ එයත් කෙල්ල පූල් එක පැත්තෙන් යනෝ විතරක් දැකපු නිසා ...
මන් දන්නෙ නෑ රිදී පූල් එ..එක පැත්තෙන් ගියා විතරයි මන් දැක්කෙ...(කොල්ල කිව්වෙ කෙල්ලට මොකක් හරි වෙලා ද කියන බයෙන් ....)
වෙනීශ ස්ටෙෆාන් ගෙ අත ඉක්මනට අතෑරල ගෙදරට කෝල් එකක් ගත්තේ ගෙදර වත් රිදී ඉන්නව ද කියලා බලන්න ඕන නිසාමයි ....
අනිත් අයත් වෙනීශ ගෙ කෝල් එක දිහා බලන් හිටියෙ රිදී ගෙදර ගියාවත් ද කියලා බලන්න ඕන නිසාමයි ..
අම්මා...
ඕ පුතා කියන්න ....
අම්..අම් මා...රිදී ගෙදර ආවද...
පිස්සුද ලමයො ඔයා නැතුව දූ මෙහෙ එනවද තනියම ....
හරි හරි අම්මා ...(වෙනීශ කිව්වෙ අම්මටත් ඒ ගැන නොදැවෙන්න...)
පුතා මොකක් හරි ප්රශ්නයක් ද...අහ්...දූට මොනා හරි වෙලා ද ...කියනව...
අහ්..නෑ නෑ අම්මා මේ එයා වොශ් රූම් එකට ගිහින් ඒකයි බැලුවෙ නැති නිසා ...
අහ් ඒක මිසක්..මේ දූව යවන්න එපා තනියම කොහෙවත් නිම්මි ආන්ටි මට දූව බාර දීලා ගියෙ බලාගන්න කියලා ....
හරි හරි අම්මා හරි..මන් තියනව....වෙනීශ එහෙම කියලා ඉක්මනට කෝල් එක කට් කරේ රිදී ව හොයන්න ඕන නිසාමයි ....
ඒ බන් රිදී ගෙදර ගිහින් නෑ බන්...ඒකිනම් මහ අනේ මන්ද ...මටනම් දැන් ඇති වෙලා බන් තියෙන්නේ ....රිදී කොහෙ ගිහින් ද බන් ....දැන් මොකද අපි කරන්නෙ....වෙනීශ කිව්වෙ හැමෝම දිහා
බලාගෙන දුකින් වගේම කෙල්ල ගැන කේන්ති යෙන්.....
උබ ඒකි ගැන හොයන්න ඕන නෑ..ස්ටෙෆාන් දැනටමත් ගිහින් ඉවරයි ...උබ මේකි ගැනම බලාගනින්...අහ් මතක ඇතුව මේ වීඩියෝ එකත් හොද ට බලපන්....
නෙතුශි කිව්වෙ වෙනීශයි ආකර්ශා යි දිහා කේන්ති යෙන් බලන ගමන් ....
එතකොට ම තමයි වෙනීශ නෙතුශි දුන්නු වීඩියෝ ක්ලිප් එක බැලුවෙ ...ඒකෙ ආකර්ශා තමන්ම පූල් එකට වැටෙනව හොදින් ම පේන්න තිබුනෙ වෙනීශ ට තමන් ගැනම දුකක් කේන්ති යක් ඇති වෙද්දී ....කොල්ලට මතක් උනේ තමන්ගෙ යාලුකමත් ලැජ්ජාවක් කියලා කෙල්ලට කියපු විදිය...
කෙලින්ම ආකර්ශා දිහා හැරුනු වෙනීශ රතු පාට ඇස් වලින් ආකර්ශා දිහා තප්පර ගානක් බලන් හිටියෙ වේදනාව නිසාමයි ...
වෙ...වෙනීශ මන් එහෙම ....
ආකර්ශා වෙනීශ ට කතා කරන්න හදද්දිම වගේ තමයි වෙනීශ තමන්ගෙ එක ඇගිල්ලක් ආකර්ශා ගෙ මූන ලං කරලා ....
උබ එක්ක මට ආයෙ කතාවක් නෑ ඒක නිසා හොද හිතින් මගෙ කෙල්ලගෙනුයි මගෙනුයි ඈත් වෙලා ඉදපන් ...කෙල්ලෙක් නිසා ඉවසන්නෙ කියලා දැනගනින්....නැත්තම් උබ මෙතන අද ඉන්න එකක් නැ..
කියලා එතනින් ගියේ රිදී ව හොයගන්න ඕන නිසාමයි ...
වෙනීශ ගෙ පැත්තෙන් .....
මන් නිසා රිදී ට ගොඩක් අවුල් යන්න ඇති. දෙයියනේ ඇයි මම වගේ කොල්ලෙක් ඉපදුනේවත්. හැමදාම මම කරේ මාත් එක්ක ඉන්න මිනිස්සුන්ගෙ හිත් රිද්දපු එක...
මන් කෝම ද අපේ යාලුකම ලැජ්ජාව ක් කියල කිව්වෙත්... මම මහ කාලකන්නි කොල්ලෙක්.
මන් කොච්චර ජරා කොල්ලෙක් ද...ඇයි මන් හැම වෙලාවෙ ම රිදී ව අඩවන්නෙ.....
මට පුළුවන් උනේ පිස්සෙක් වගේ අඩ අඩ පාරෙ දුවන්න විතරයි ..මගෙ කදුලුත් එක පාරටම ආපු වැස්සට තෙමිල ගියේ මගෙ හිත තවත් පාරවද්දි...
මට ඕන උබගෙන් සමාව ගන්න...වැදල හරි මට ඕන උබගෙන් සමාව ගන්න ...එත් කෝ බන් උබ....
මට උබව තේරුම් ගන්න තිබ්බ...එත් වැඩක් නෑ බන් වැරැද්ද තේරෙද්දි මන් ගොඩක් පරක්කුයි...
ඔව් මට හිතන්න තිබ්බ...මන් වැරැදියි...මන් කරේ හැමදාම දෙයක් දැක්ක පලියට කෑ ගහපු එක විතරයි ....
මට සමාවක් නෑ..මන් හැමදාම කරේ උබව රිද්දපු එක විතරයි ....
මගෙ හිත වගේම වචන නිසා අනිත් මිනිස්සුන්ගෙ හිතත් රිදෙනව කියල මට හිතන්න තිබ්බා..මන් වැරදී...දැන දැනත් හැමදාම වැරදි දේම කරලා අන්තිමට උනේ පසුතැවෙන එක විතරයී....
තිබුනු මහන්සියටත් එක්කම මම එතනම ඇදගෙන වැටුන...
තව දුරක් යන්න බැරිම තැන මන් පාර අයිනෙ ඉදගත්තෙ කකුල් දෙක ලං කරගෙන් මූනත් දනහිස් අස්සෙ හං ගගෙන....
මට ත් නොදැනිව මගේ ඇස් වලින් හෝ ගාල කදුලු පිට උනේ තිබුනු වේදනාව ටත් එක්කමයි...
කොල්ලෙක්ට බැරි ද අඩන්න....ඇයි කොල්ලො කියන්නෙ මිනිස්සු නෙවෙද...ඉවසලා ඉවසල බැරිම තැන උනත් කොල්ලො මහ ගොඩක් අසරණ වෙනව...
මට ඒ වෙලාවෙ ඕන උනේ මාව සනසවන්න කෙනෙක් විතරයි ....
වැස්ස එක්කම මගේ කදුලු හේදිලා යද්දී මන් කරේ එතනම වැටිලා පැය ගානක් හිටපු එක විතරයි ....
ඒත් එක්කම වගේ මගේ පිට උඩින් කාගෙ හරි අතක් යනව දැනෙද්දි මන් කරේ ඒ කවුද කියල ඔලුව උස්සල බලපු එක විතරයි ...
මන් දැක්කෙ රිදීව ....
මන් මෙච්චර එයාව රිද්දලත් එයා මගෙ ගාව ඉන්දැද්දි මට දැනුනෙ ගොඩක් ලොකු අසරන කමක් ...
එන්න යමු...එයා කිව්වෙ ගොඩක් නිවුනු කට හඩකින් ....
මන් කරේ අනිත් පැත්ත බලාගත්තු එක....මන් අච්චර කෑ ගහලත් එයා මෙහෙම කතා කරද්දී මට ඒක දරාගන්න බෑ...මට ඕන උනේ එයාගෙන් කලින් වගේම නපුරු වචන මට කෑ ගහල බනින්නයි මට ඕන උනේ ඒත් මෙහෙම කතා කරද්දී මගේ හිත රිදෙනව බන්...
**දන්නව ද කෙනෙක් ට දෙන්න පුළුවන් ලොකුම දඩුවම තමයි නිහඩ බව සහ කාරුණික වචන....
නපුරු වචන වලට වඩා නිහඩ බව ආදරනීය වචන තමයි කෙනෙක්ට දෙන්න පුළුවන් උපරිම දේ....
තමන් කරපු වැරැද්ද තේරුම් ගන්න ඒ හොදටම ඇති ....
රිදී උනත් ඒ බව දන්නව ඇති...ඒකයි එයත් මෙච්චර නිහඩ හා ආදරනීය ....*
එන්න යමු වෙනීශ....
මගෙ නමින් කතා කරන්නෙ ගොඩක් අවුල් ගිය වෙලාවට....ඒ තරම් මාව එපා වෙලා ද කියල මට හිතුනා.....
මාව නැගිට්ටවපු රිදී මගෙ අතිනුත් අල්ලගෙන පාර පැත්තට ගියා...
අපි දෙන්නට දෙන්න කිසිම දෙයක් කතා නොවී පැය ගානක් දෙන්නම පාරෙ ඇවිද්ද...
අපි යමු වෙනීශ දැන් හුගක් රෑ වෙලා නිම්මි ආන්ටි බය වේවි....
රිදී එහෙම මගෙන් අහද්දි මන් කරේ හිනාවක් දුන්නු එක විතරයි ....
මන් යාලුවොන්ට කතා කරලා කිව්ව...ඒක නිසා හිතන්න එපා....
එයා කිව්වෙ හරි අමුතු විදියට....ඒත් මන් දන්නව ඒ කලින් ඉදපු රිදී නොවන වග
ඉතින් මේ තමයි 22 වෙනි එපිසෝඩ් එක ...මන් ඉක්මනට මේක ඉවර කරනව ලමයි....ඔයාල මේකට එච්චර ආස නැහැ වගේ ...කමක් නෑ...කතාව කියවලා කමෙන්ට් කරන අය වෙනුවෙන් හරි මන් මේක හොදට දෙනව...
ඉතින් ඔයාලා කියන්නෙ රිදී වෙනස් වෙලා ද....
මම සමනලී✍️🙆🏻♀️...