වඩින තුරු සඳ-14

වඩින තුරු සඳ-14

Ravindu T. Chandrasekara

වවඩින තුරු සඳ-14

පෙර කොටසට


https://telegra.ph/%E0%B7%80%E0%B6%A9%E0%B6%B1-%E0%B6%AD%E0%B6%BB-%E0%B7%83%E0%B6%B3---13-09-24


හෙමීට පස්සහා හැරිලා බලපු මම දැක්කේ ජනේලෙන් එළියට ඔලුව දාගෙන ඉන්න පන්තිභාර සර් ව.

"වැඩකද ඉන්නෙ?"


සර් මගෙන් ඇහුවා.


ඔව් මේ දන්සලක් දෙන්න මඤ්ඤොක්කා තම්බනවා. ඇයි මොකක් හරි ප්‍රශ්නයක්ද?


"නෑ"


මං ගණන් ගන්නෙ නැතුව කීවා.

"එහෙනම් පොඩ්ඩකට එන්නකො කෙමිස්ට්‍රි ලැබ් එකට."


එහෙම කියපු සර් ජනේලෙන් ඔළුව ඇතුළට ගත්තා.


යනවද නැද්ද කියල මං කල්පනා කරන්න ගත්තා. උදේ කරපු වැඩෙත් එක්ක මට නම් යන්න කිසිම උවමනාවක් තිබ්බේ නෑ. මොකටද ආයෙ? වැරැද්ද කරපු කෙනාට දඬුවම් නොකර තමන්ගේ එකාගෙ පැත්ත අරන් වැරැද්ද නොකරපු අයට බනින එකෙක්ගෙන් මොනවා බලාපොරොත්තු වෙන්නද? එහෙම හිත හිත මම ආපහු සින්ක් එක දිහා බලද්දි ප්‍රින්සිපල් මැඩම් ඈතින් එනවා දැක්කා. එනපොට නම් හොඳ නෑ මොකද මීට කලින් පීරියඩ් කට් කරල මං හයපාරක්ම අහු වුනා. අද අහු වුණා කියන්නෙ බඩු බනිස් තමා.


එහෙම්ම අනික් පැත්ත හැරිච්ච මම ඉක්මණට බිල්ඩිම ඇතුළට දිව්වා. පළවෙනි තට්ටුවෙ තිබ්බ කෙමිස්ට්‍රි ලැබ් එකට ගියා. ඇතුල් වුණ ගමන් තිබ්බේ ටීචර්ස්ලා වාඩිවෙලා තිබ්බ ලොකු මේසේ. ඒකට වෙලා මැඩම්ලා දෙන්නෙකුයි අපේ සර් එක්ක තව සර්ලා දෙන්නෙකුයි හිටියා.


"Excuse me sir."


අපේ සර් දිහා බලලා කීවා.


"ආ එන්න එන්න ඇතුළට."


එහෙම කියපු සර් ලැප් එකයි තව පොත් දෙකකුයි අතට ගත්තා. ඒකත් අරන් ටිකක් ඈතින් තිබ්බ මේසෙකට ගියා. මාත් ඒ පස්සෙන් ගියා. ස්ටූල් එකක් ඇදලා ගත්ත සර් ඒකේ වාඩි වුණා. මේසේ ගාවින් හිටගත්ත මම සර් දිහා බලාගෙන හිටියා.


" වාඩිවෙන්න"


සර් ගාවම තිබ්බ ස්ටූල් එක පෙන්නලා සර් කීවා.


ආසා ඇති මාව ලඟින් වාඩි කරවාගන්න. හිතුවා මදි ඒවට. සර්ට ස්ටූල් එකක් එහා පැත්තෙන් තිබ්බ ස්ටූල් එකේ වාඩි වෙච්ච මං ගවුම හදාගෙන සර් දිහා බැලුවා.


මං ස්ටූල් එකක් ස්කිප් කරලා වාඩිවෙනවා දැකලද කොහෙද සර් යන්තම් හිනාවක් දැම්මා.


"හරි ඕයි. දැන් ටිකක් ලොකු වැඩක් කරන්න තියෙන්නේ. අපිට ඉලක්කම් වගයක් එන්ටර් කරන්න තියෙන්නේ. ඔයා ලැප් එකෙන් ඒ ටික ටයිප් කරන්න. මම ගණන් ටික හදලා ටයිප් කරන්න ඕනේ ඉලක්කම් ටික කියන්නම්. "


සර් කීවා. ඕයි ඕයි කියලා හැමවෙලේම කතා කරපු නිසා දැන් නම් මට තේරුණා මේ සර් මට දාපු නික් නේම් එකක් කියලා. පොරගෙ මොකක් හරි ප්‍රයිවට් වැඩකට තමා මේ මාව ඇදලා අරන් තියෙන්නේ. දැන් ඉතින් මොනවා කරන්නද? බැඳගත්ත බෙරේ ගහන්නත් එපැයි.


"ඔයා ඕකේ This PC එකේ D එකට ගිහින් ඒකේ තියෙනවා 13 Bio කියලා ෆෝල්ඩරයක්. ඒක ඕපන් කරගන්නකො."


සර් කීවේ ලැප් එක පෙන්නලා.


ලැප් එක ඔන් කරපු මම ස්ක්‍රීන් එක දිහා පොඩ්ඩක් ඕනෑකමෙන් බැලුවේ ඒකේ මොනවාද තියෙන්නේ කියලා. නෝමල් විදිහ windows බැජ් එක තියෙන බැක්ග්‍රවුන්ඩ් එකක් තමා දාලා තිබ්බෙ.

සර් කියපු විදිහට ඒ ෆෝල්ඩර් එකට ගියපු මම ෆෝල්ඩර් එක ඕපන් කරා.


"හරි"


"ඕකේ තියෙනවා Marks කියලා Excel Document එකක්. ඒක ඕපන් කරන්න."


ඒ කියපු විදිහට මං ඒක ඕපන් කරා. මුළු පන්තියේම ළමයින්ගේ නම් දාලා ඒක ඉස්සරහා කෙමිස්ට්‍රී ලකුණු ෆිසික්ස් ලකුණු මුළු ලකුණු වෙනියා දාලා තිබ්බා. ඒ කියන්නේ කොටින්ම අපේ වාර විභාගෙ ලකුණු ෂීට් එක. මේ මනුස්සයා මේක තියන් මොනවා කරන්නද හදන්නේ? මං ලැප් එක දිහා බලාගෙන කල්පනා කරා.


"හරිද?"


මගේ කල්පනාව බිඳගෙන සර් ඇහුවා.


"හරි"


මං කීවා.


"හරි ඕකෙ අන්තිමට ටයිප් කරලා තියෙන්නේ F බාර් එකේ නේ?"


"ඔව් සර්"


සර් කියලා කතා කරන එක කෝකටත් හොඳ නිසා මං කිව්වා.


"හරි G එකේ ඉඳන් පහළට ටයිප් කරන් යන්න මං මේ කියන ඉලක්කම්."


එහෙම කියපු සර් ෆෝන් එක අතට ගත්තා. ෆෝන් එක දැක්කම මට දෙලෝ රත් වුණා. දෙයියනේ 14 pro එකක්. හූල්ලපු මම ඒක දිහා බලන් ඉඳලා ආපහු ලැප් එක දිහා බැලුවා.

"පළවෙනියා වීරසේකර නේද ලිස්ට් එකේ තියෙන විදිහට?"


"ඔව් සර්"


"එයාට දාන්න 43ක්"


සර් කීවට පස්සෙ මම දැම්මා.


"දෙවෙනියා ගුණවර්ධන නේ?"


"ඔව් සර්"


"එයාට 26ක්"


සර් කීවේ ෆෝන් එකේ කැල් එකෙන් ගණන් හදන ගමන්.

"මෙතන ඉඳන් මං නම කියන්නේ නෑ ඉලක්කම කියවන් යනවා. ඔයා දාන්න. පැටළුනොත් අනිවාර්යයෙන් කියන්න හරිද?"


"හරි සර්"


"43, 55, 72,12..."


සර් කියාගෙන් කියාගෙන ගියා. මගේ නම කෙළින් 37ක් වැටුණා. අනේ මන්දා. 37ක ලකුණක් මට ඇත්තෙත් නෑ. මොනවා කියවනවද මන්දා? එහෙම කල්පනාවේ හිටපු මම ටයිප් කරන් ගියා.


"හරි අන්තිම එක 31"


සර් කීවට පස්සේ මං රත් වෙලා ගියා. මොකද සර් ඉලක්කම් ඔක්කොම කියලා ඉවර වුණත් තව එක බාර් එකක් ඉතිරි වෙලා තිබ්බ නිසා.

"සර් මේ මං හිතන්නේ මට කොහෙහරි මිස් වෙලා. එක බාර් එකක් ඉතිරි වෙලා තියෙනවා."


බැනුම් අහන්න ලෑස්ති වෙලා මම කීවා.


"ආ ඒකට කමක් නෑ ආපහු මුල ඉඳන් බලමු අපි."


මාව පුදුම වෙලා ගියා ඒ කතාවට.


ආපහු මුල ඉඳන් ලකුණු බලන් එද්දි හරියටම මං ගාවට වෙනකන් ලකුණු හරි. ඊටපස්සෙ ඉඳන් වැරදියි. ඔව් ඉතින් එහෙම වෙන එක සාධාරණයි. මොකද මම හිටියේ වෙන ලෝකෙක නේ.


ඒ ලකුණු ටික හදලා අපි තව තීරුවක් ඇරලා තව ලකුණක් එන්ටර් කරන්න ගත්තා.

ඒකත් අර වගේම තමා. වෙනසක් නෑ. ඒකෙන් බාගයක් ටයිප් කරනකොට අපිට බාධා කරගෙන මැඩම් කෙනෙක් ආවා. ඒ වෙන කවුරුත් නෙවෙයි මැත්ස් උගන්නන මල්ලිකා මැඩම්.


"තාරක සර්, කහට එකක් බොමුද?"


"අනේ මැඩම් පුළුවන් නම් දෙකක්ම හදන්නකෝ මෙයාටත් එක්ක."


සර් මාවත් පෙන්නලා කීවා.


කහට... මතක් කරාමත් කටට කෙළ උනව්වා. පීරියඩ් කට් කරලා නොමිලේ කහට ගහනවා. හී හී මෙහෙමත් ජීවිත. මං තනියෙන් හිනා වුණේ ඒක මතක් කර කර.


"ඔයා පොඩි රෙස්ට් එකක් ගන්න."


සර් මට කියලා ගියේ අර මං කලින් කියපු මේසේ ගාවට. විනාඩියක් යන්නත් කලින් සර් ආපහු ආවෙ කොළ කෑල්ලක් උඩ හැලප දෙකක් තියාගෙන තේ කෝප්ප දෙකක් අතින් අරගෙන. ෂෝක් තව පොඩ්ඩක් එහෙ මෙහෙ උනා නම් තේ ඔක්කොම බිම.


තේ කෝප්ප දෙකයි හැලප දෙකයි මං ගාවින් තිබ්බ සර් හිටපු තැනම වාඩි වුණා.


"ආ සර්, ගෝලයෙක් අල්ලගෙන වැඩ වගේ....."


ඒ කියපු කටහඬ අඳුරාගන්න මට වැඩි වෙලාවක් ගියේ නෑ. කටහඬ ආපු දිහා බලද්දි අපි ගාව හිටන් හිටියෙ..........

--------------------------------------------------------

කකවුද ඉන්න ඇත්තෙ. කියාගෙන යමු බලන්න. අනේ කියවන හැමෝම කමෙන්ට් කරන්න. ඊළඟ කොටසින් හම්බ වෙමු. හැමෝම පරිස්සමෙන් ඉන්න බුදුසරණයි.

-විදූ

Report Page