වඩින තුරු සඳ- 21

වඩින තුරු සඳ- 21

Ravindu T. Chandrasekara

වඩින තුරු සඳ- 21

පෙර කොටසට


https://telegra.ph/%E0%B7%80%E0%B6%A9%E0%B6%B1-%E0%B6%AD%E0%B6%BB-%E0%B7%83%E0%B6%B3-20-10-18


"වෙන කවුද බන් ඉතින් උඹේ සර් තමා."


ඒක අහපු ගමන් මං උඩ ගියා. ඇයි දෙයියනේ මූ මගේ පොතේ ලීවා කීවම.


"ඒ ඇයි?"


"කවුද බන් දන්නෙ? එකපාරටම ඇවිත් පොත ඉල්ලාගත්තා. පොත පොඩ්ඩක් පෙරළලා බැලුවා. බලලා පට ගාලා මාතෘකාව ලීවා. ඒ ලියලා විනාඩි පහක් ගියේ නෑ උඹලා ආවා."


"නෑ? සිරාවට?"


පන්තිය ඉස්සරහ ඉඳන් බෝඩ් එක මකන සර් දිහා මං බැලුවා. මෙච්චර සංකීර්ණ චරිතයක්? කිසිම විදිහකින් තේරුම් ගන්න බෑ. වෙලාවකට මාව බේරන්නම මගේ පැත්තේ. වෙලාවකට සම්පූර්ණයෙන් මට විරුද්ධව වැඩ කරනවා. කෝකද මේ මනුස්සයාගෙ ඇත්ත පැත්ත? මං කල්පනා කර කර හිටියා.


එතනින් එහා ඉස්කෝලෙ ඉවර වෙන්න ලං වෙනකන් ම සර් ඉගැන්නුවා. පාඩම මං අහගෙන හිටියත් වැඩි හරියක්ම මං කල්පනා කරේ මං ඉස්සරහ ඉන්න මේ හරි අපූරූ චරිතෙ ගැන.


"හරි තව විනාඩි විස්සක් තියෙනවා. මොකද කරන්නේ? තව ඉස්සරහට කරන්න නම් අමාරුයි. මොකද ඊළඟ මාතෘකාව පටන් ගත්තොත් පැය එකහමාරක් ම ඒක එක දිගට කරන්න වෙන නිසා. ඒ හින්දා අදට අපි මේ ටික නවත්තමු."


හැමෝම සැනසුම් සුසුම් පිට කරද්දි සර් කීවා.


"සද්ද නොකර වැඩක් කරගන්න තම තමන්. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අරන් එන්න."


එහෙම කියපු සර් වාඩි වුණා.


තත්සරණි ගාවට ෂේප් එකේ ආව මම කතා කරා.


"මේ බන්."


"ආ කෙල්ල. මොකෝ මේ පැත්තෙ?"


"මේ පැත්තෙ කියලා අහන්නෙ ඇයි? මේ පැත්තෙ තමා කොහොමත් ඉන්නෙ. මේ ඒක නෙවෙයි මං ගියාට පස්සෙ මොකද වුණේ?"


"මුකුත් නෑ බන්. උඹ ගියාට පස්සෙ සර් ඇහුවා අපෙන් උඹට මොකක් හරි අසනීපයක් ද කියලා. අපි කීවා දන්නෙ නෑ කියලා. ඊටපස්සෙ සර් අපිට රූප සටහනක් අඳින්න කියලා එළියට ගියා. විනාඩි පහක් ගියේ නෑ ආපහු ආවා. ඊටපස්සෙ පන්තිය කණ්ඩායම් හතරකට බෙදුවා. බෙදලා සංවහනය ගැන අපිට අද උගන්නපු ටිකෙන් සමරියක් ගහන්න කීවා. ඊටපස්සෙ එක එක ගෲප් ගාවට ඇවිත් කීවා කණ්ඩායමට නායිකාවක් දාගන්න කියලා. අපිටත් ඇවිත් කීවා කණ්ඩායම් නායිකාවක් දාගන්න කියලා. අපේ උන් මාව දැම්මා. ඊටපස්සෙ සර් කීවා හදිස්සියේ උඹ පන්තියට ආවොත් නායිකාව උඹ කරන්න කියලා."


සුරඟනා කතාවක් අහනවා වගේ කතාව අහගෙන හිටියෙ මම.


"ඊටපස්සෙ සර් සැරෙන් සැරේ ඇවිත් ඇවිත් වැඩ ටික බල බල හිටියා. වෙලාවකට පන්තියෙන් එළියට ගිහින් ජනේලේන් එළිය බලන් හිටියා. ඊටපස්සෙ එකපාරටම ආව ඇතුළට. ඇවිත් මගෙන් ඉල්ලුවා උඹේ පොත. මං ඊටපස්සෙ පොත දුන්නා. සර් පොත පෙරළලා බලලා හෙමීට ලීවා. ලියලා ගියා පොත ආපහු දීලා.ඒක දීලා වැඩි වෙලාවක් ගියේ නෑ උඹලා ආවා."


ඒක කියද්දි මගේ හිතට පොඩි සැකයක් ආවා. සර් හැමදේම බලන් ඉඳලාද දන්නෙ නෑ කරේ. මාව මැඩමෙන් බේරාගන්න උවමනාවට? ඒත් ඉතින් මාව බේරාගත්තා කියලා එයාට හම්බෙන දේකුත් නෑනේ? මං ඔහේ කල්පනා කර කර හිටියා.


"ඕයි.."


මගේ කල්පනාව බිඳිලා සර් කතා කරා. ඔලුව උස්සලා සර් දිහා බලපු මං නැගිට්ටා.


"යාලුවාගෙ පොතත් අරන් එන්න ඔයාගෙ පොතත් එක්ක."


සර් මට කීවා......

---------------------------------------------------------

අද පොඩි කොටසක් නේද? ඒකට සමාවෙන්න. හැමෝම වගෙ අනුමාන කරා හරි නේ?එහෙනම් ඊළඟ කොටසින් හම්බෙමු හැමෝම පපරිස්සමෙන් ඉන්න බුදුසරණයි.

-- විදූ




Report Page