♡ රාගයේ විලාපය ♡

♡ රාගයේ විලාපය ♡

DrgNo

අටවන දිගහැරුම

RL
මතකයිදෝ ඔම්යාලට. ලොකු ලොකු සිද්ධි ගොඩක් උනා. අමතක වෙලා තිබ්බ ගෙදර මිනිස්සුන්වත් මතක් කර ගත්ත. අන්තිමට සෙට් උනේ කවි මඩුවක ඉඳන් කුමාරය රබානෙන් දෙන බීට් එකට කවි කියන්න.

[ කලින් කොටසට ]




එතැන් සිට.....


පොඩි එකෙක් රුපියල් 10ක් දුන්න කියල කවියක් කියන්න ඕනෙද බං. අල්ලල දාපං.


බීපු ටිකේ පවර් එකත් මෝදු වීගෙන එනව වගේ තේරෙනව දැන් නං.


"ඕයි යොහානය කියපං"


හරියට හරිනෙ. ඔය කිව්වෙ. දැන් නං ගානට සෙට් වෙනව. කෙලින්ම සින්දු කියන ලෙවල් එකටම සෙට් වෙලා.

"උඹ පටන් ගනින්"


කුමාරය පටන් ගත්තෙ උගෙ ඩීජේ රබන් ගැහිල්ල.

(දැන් හරක් වගේ මේක වේගෙන් කියවන් යන්න එපා. ඔය තොරණ් කවි කියන තාලෙකට කියපං)


"මංගල ආධාරය මට දුන්නෙ පුන්චි කොලු ගැටයෙක්....

එම රුපියල් දහයෙ පිනෙන් වේවා ඔහු හොඳ ලමයෙක්"


වැඩේ ශේප් වගේ. පලවෙනි කවියනෙ තාම. අවුලක් නෑ. රටාව අල්ලල ගියා. බීපුවත් හොද ගානට පදමට එනව දැන්. දෙන්නං උපාලි මාමා....


ඊළඟට ආවෙ වයසක ආච්චිල දෙන්නෙක්. ඇවිල්ල දුන්න පනහෙ දෙකක්. කෙලින්ම සීයයි.


"මේ පින්වත් මිත්තනියන් කල ඒ උපකාර බලෙන්....

මරණින් මතු පරම සත්‍ය දැනගනිවී පින් මහිමෙන්..."


මරණය ගැන කිව්ව නිසාද මංද රවාගෙන ගියා. ඉතින් බං වලපයයි ගොඩපයයි තියන් මෙහෙම ඇවිදින එවුන්ට මරණය ගැන කවි කියන්නැතුව හනිමූන් එක ගැන කවි කියන්නද කියහංකො. ඇයි බං.


ඔන්න ඊළඟට ටිකක් පිරුණු ඇඟක් තියෙන්නෙ ලස්සන නංගියෙක් ආවා. ලස්සන සුදු ගවුමක් ඇඳන්. මූණටත් මේකප් එකක් දාලද මංද. පොශ් අක්කියෙක්ද කොහෙද.


කුමාරයගෙ කකුල් දෙකත් වෙව්ලනව.

ඇවිල්ල රුපියල් 50ක් අරන් බෑග් එකෙන් , ඒක ආපහු දාල රුපියල් 20ක් අරන් දුන්නා. කෝමද වැඩේ.


"කාගෙද මේ දෝණි ඇන්ද රුපියල් 50ක් ගත්තා....

ඒක දෙන්න ලෝභ හින්ද විස්සෙ කොලේ අත හැරියා...."


ඇත්ද නංගී...... ඒකිත් දත් මිටි කකා ගියේ නිකං මීට පස්සෙ තඹ සතයක් මේවට දෙන්නෑ කියල හිතන ගමන් වෙන්නැති. මට මොකෝ.


ඒ පාර දැන් පොර කකා එනව ආධාර දෙන්න. මමත් එක එකා ආව මූ මෙච්චරක් දුන්න කිය කිය ඉන්නැතුව කවියෙන්ම කියල දාන්නං කතාව. වෙනසකටත් එක්ක.


"ලොරි කඳක් වගේ දුටුවේ ඈත තියා ආ විදිහට....

රුපියල් 10ට බෑ දැන් ටොපියක් වත් ගන්න මිලට...


ඇග ට්‍රක් එකක් වගේ තියන් දහයෙ කොල දික් කරනව මුන් ලැජ්ජ නැතුව.


මගෙ කවි වලට බය වෙලාද කොහෙද මුන් ලෝභ නැතුව 20 , 50 පූජා කරනව ඒ පාර. ආධාරයක් කලත් අපේ උන් නමටනෙ බං කරන්නෙ. ලොකුවට කොහේ හරි කියන්න එහෙම.


"දහය විස්ස දීල එපා පින් ලැබේවි යැයි සිතන්න....

දෙනවානං සීයක් වත් ලෝභ නැතුව දීල යන්න....."


ඔන්න අන්කල් කෙනෙකුයි ඇන්ටි කෙනෙකුයි එක සැරේ සල්ලි කොල දෙකක් දික් කරනව තරඟෙට වගේ. අනෙ අම්මප මුන්ට මෙතනත් සමාදානයක් නෑ. දෙමු ඕකට වැඩක්.


"අර පැත්තෙන් ඒ නෝනා රුපියල් පනහක් දුන්නා....

ඒ පින් බලයෙන් නෝනට නිරෝගි සුව අත් වෙවා...."


"මේ පැත්තෙන් මේ මහතා රුපියල් සීයක් දුන්නා....

නෝන්ඩි උනෙ නෑ පින්වත ඒ නෝනට මේ මහතා...."


වැඩියෙන් දීපු කෙනාව පොඩ්ඩක් ඉස්සුව ඉතින්.😁


කුමාරයත් ගහනව රබාන අමර ගැහිල්ලක්.


ඒ ගමන ලස්සන කෙල්ලො සෙට් එකකුත් ආව.


"ශ්‍රද්ධාවෙන් පිරිපුන් මේ සොඳුරු යුවතියන් කවුදෝ....

සල්ලි නැතත් කඳ දුටුවම හිත පිරෙනව ඇයි සැකදෝ...."


කෙල්ලො සෙට් එකත් හිනා වෙවීම දුන්න දෙසීයක් එකතු කරල.


"අඟ සුඟ නිති මායම් හැට හතර දැම්ම අපිව දැලේ.....

යුවතියන්ගෙ ආධාරය ලොකු අකුරෙන් ලිව්ව කොලේ....."


නිශාධිත් ඉන්නව අරලිය ගහක් ලඟට වෙලා මල පැනල වගේ. මගෙ කොමල කතා අහ අහ. හොඳ වැඩේ. මට මොකෝ...


"ඈත පුන්චි අරලිය ගහ ලග ඉන්නා සුර කුමරී.....

මූණ නිකං රබාන වගෙ කේන්තියෙන් ගිනි මකරී...."


එතකොටම ඩයල් එකක් ඇවිත් රුපියල් 1000ක් දික් කලා.


"අප්පටහුඩු සියල් පදිරි මේ මහතා දුන් මුදලට....

රුපියල් දාහක් දුන්නා පාර ළඟයි දැන් නිවනට...."


පොරත් බය උනා මගෙ වදනට. අදාළම නෑ.....


"රෝස කැලෙන් හොයා ගත්තු පුන්චි උපාසක අම්මෙක්....

සිනහව මුව පළඳවගෙන දුන්නා රුපියල් සීයක්....."


"ආන් බලන් ඒ දෝණිගෙ ලොබ කම් නැති සුන්දර හිත....

අද හෙට චුත වෙන අය සීයක් දෙමු අද දිග හැර අත......"


'පුරුදු වෙන්න කවි කියනවද ඕයි' මොකා හරි කැ@ කතාවක් කියනව ඇහුන. මයික් එක මගෙ අතේනෙ.


"පුරුදු වෙන්න කවි කියලා නෑ මහතුනෙ කවදාවත්...

තොපෙ ආච්චිට......


"ඕයි ඕයි යොහානය. පිස්සූ කෙලින්න එපා...."

කුමාරය මයික් එක උදුරගන්න ගමන් සෙනික ඕෆ් කලා.


"ඇයි බං මල පනිනවනෙ."


"හා හා. ශේප් එකේ කියහං. ගාන කඩාගන්න බැරි උනොත් මෙච්චර කරලත් අපරාදෙ ඕයි"


ආපහු පටන් ගත්ත ඉතින්.


"මෝඩ වදන් දෙන්නට නම් මිනිසුන් ඉන්නව හැම තැන...

වැඩක් කරන්නට ගියාම වදන් කරුවො කොහෙවත් නැත."


ඒ කාලකන්නිය කැපෙන්නැති කොහේ හරි. හොඳ වැඩේ.


ඩයල් එකක් ආව ටිකක් පිම්බුණු පර්ස් එකත් අවුස්ස අවුස්ස නිකං දාහක් දික් කරන්න වගේ. අන්තිමට පනහෙ කොලයක් අරන් දුන්න. ලාවට දැක්ක උගෙ පර්ස් එක. බස් ටිකට් වගේ සුදු පාට කොල ටිකක් විතරයි දැක්කෙ. ඒ ඇවිල්ල බොරුවට ශෝ එක දාල රඟන උන් හෙන සල්ලිකාරයො කියල. දෙමු වැඩක්.


"සමාජයට පේන්න ලොකු පසුම්බියක් ඇතත් අතේ......

ලෙල්ල හුටන් ලෙලි රඹුටන් නෑනෙ අයියො අතේ සතේ.."


ඒ ආපු ඩයල් එක නං අප්සට් ගැහුවද මංද. යකෝ. නැත්තන් නෑ වගේ හිටපං. ලෝකෙට ලොක්ක වෙන්නැතුව.


(පෞද්ගලික තරහක් හේතුවෙන් මෙම කවි පෙල පළ කල බවට කරුණාවෙන් සලකන්න😂👇)


ඌ යනකොටම පන්සලේ ගේට්ටුවෙන් ඈත තියා එනව දැක්ක අඳුරන එකෙක්. හප්පට සිරි මේ අර සමුදිත හාල්පාරුව.😂. මුගෙ තාත්ත ගමේ මන්ත්‍රී කෙනෙක්. අර ඔක්සිජන් කන්නද අහපු එකාට හපන් එකෙන්. මූත් දැන් private campus එකකට යන්නෙ. තාත්තගෙ සල්ලි බලෙන් රඟන්න හදන එකෙක් තමයි ඉතින්. හෙන කුණා. පන්සල පැත්තෙ පලාතක එන්නැති උන් අද ඇවිල්ල ඇත්තෙ ශුවර් එකටම කෙල්ලො ටෝක් කරන්න.


මිත්‍යා මත දරණ එකෙක්නෙ ඉතින්. මුට කවි බණ එහෙම පේන්න බෑ. මූව පන්සලෙන් යවන්නම කියල හිතල කුමාරයටත් සීන් එක කිව්ව. ඌත් එකඟ උනා. කුමාරය පටන් ගත්ත ගැම්මට බීට් එක අල්ලල.😅.


"එක ලොකු පට්ටමක් දරන් රඟන කෙනෙක් මෙහි ඇත්තේ

ලොකුකම ඔලුවට අරගෙන බොසා කියල හිතෙ ඇත්තේ.."


"සී සී කඩ විසිරුණු පව් ඔක්කොම ටික එක එල්ලේ...."

හම්බ වෙනව ඔන්න බලන් අපාය ඇති මරු තුරුලේ..."


"සල්ලි බලෙන් පොරක් වෙච්ච එක ඇත්තෙක් අර ඉන්නේ

මේක අහල ටිපර් වෙලා තනියම දත් මිටි කන්නේ..."


"සල්ලි ගෙවන් බණ දැම්මේ පොඩි එවුන්ගෙ ඔලු හදන්න...

හැමදාටම හරස් උනේ දුශ්ඨ චරිතෙ පණ පොවන්න..."


"සුපර් මෑන් වගේ හිටන් චැනල් එකෙන් වැඩ දාන්නෙ...

බෝල් ගාඩ් ලියාගන්න බැරුවයි මේ වලි දාන්නෙ..."


මූ දවසක් ball guard කියන එකට ball gard කියල දැම්මනෙ😅හිකනලා.


"හොඳක් කරන්නට ගියාම එල්ලෙනවනෙ අපේ කරේ...

කවදකහරි කෙල උනාම මම කියන්න එනව හුරේ...."


මූ දැන් මේවත් අහන් ඉන්නව නිකං මුට නෙවෙයි වගේ. කොහොමත් ලැජ්ජාවක් නෑනෙ. 🤣. ඉතින් මු කෙල්ලොන්ගෙ ඇඟවල් දිහා බල බල යනකොට නිශූගෙ යාලුවා නදී ළඟටත් ගියා.


නදී මුට මොනා හරි කියල එතනින් යන්න ගියා. එහෙම තමයි කරන්න ඕනෙ. මුගෙන් ඈත් වෙලා යන්න ඕනෙ. ඕකටත් ආව ලස්සනට පද ටිකක්.

"එක හිවලෙක් මෙහෙට වැදිල හූ කියනව ඇහිලා...

උගතුන් ටික හෙමින් හෙමින් ගෘප් එකෙන් කැපිලා...."


මුට දැන් නං මලම පැනල වගේ. අදාලම නෑ මට නං. වැදිලනෙ ඉන්නෙ.😂.

ඊළඟ පදේ කියන්න හදනකොටම මූ පිඹගෙන ගියා පන්සලෙන් එලියට.


මටයි කුමාරටයි ඉතින් හෙනම ආතල් එක.


ඔන්න පොරක් හෙන හදිස්සියෙන් වගේ එනව අපේ දිහාට.


"මල්ලි මේ 50 අරන් මට විස්සෙ කොල දෙකකුයි දහයකුයි දෙන්නකො"

උගෙ අප්පගෙ කතානෙ යකෝ. උට සල්ලි මාරු කරන්නද අපි ආධාර එකතු කරන්නෙ.


"අමෝ අමෝ මෙන්න ගෝක්ස් මේවට පිටුපසින් සිනා...

පව්කාරය ලේබල් එක අලවගත්ත මෙතැන් සිටා......"


ඌ සේපට් එකේ කැපිල ගියා.


"පෙනේද ඒ උපාසකය වගේ ඉඳන් කියපු කතා.....

යසයි යසයි ගහගන්නට තමයි වෙන්නෙ නිවන ඔතා..."


අරක්කු පොඩ්ඩක් ගැහුව උනාට ශුවර් එකටම ඒක සැන්ඩි කරල නෑ. අපි අමුවෙන් ගහල තියෙන්නෙ. තැපෑලෙන් වදින්නෙ දැන් නං.


කවි බණ කිය කිය ඉඳල කුමාරය රබානෙ බීට් එක වෙනස් කලා. මෙච්චර වෙලා විරිඳු බීට් එකේනෙ හිටියෙ. දැන් ඌ ගහනව hip hop බීට් එකක්.


උගෙ බීට් එක නිසා ඉන්න තැනයි කරන්න ඕනෙ වැඩෙයි අමතක වෙලා මම පටන් ගත්ත ළඟදි ආපු සුපිරිම කවියක් කියන්න.


"පිපුනාද දුර ඈත......


ගැම්මට නැගල යනව. ඒත් හැමෝම ආධාර නොදී අපි දෙන්න දිහා බලන් ඉන්නව. නිකං පැල් කවි අහල නෑ වගේ මුන්.


ඔහොම විනාඩි 6ක් විතර යනකොට අර උපාලි කියන එකා ගාල කඩාගත්තු හරක වගේ කවි මඩුවෙ දොරත් ගලවන් දුවන් ආව.


"මොකක්ද යකෝ මෙතන කරන්නෙ. තොපි කවි කියනවද බයිල කියනවද. හතර වටේ ස්පීකර් දාල මේවද යකෝ අපි රට්ටුන්ට අහන්න දෙන්නෙ."

මූ බැනගෙන බැනගෙන ගියානෙ.


එතකොට තමයි අපෙත් වෙරි බැස්සෙ.


පෙර කරපු පිනක් නිසා යන්තං ගුටි නොකා බේරුනා. මායි කුමාරයයි සෙනිකව පාරට දිව්ව. නිශාධිවත් ඉක්මනට හොයාගෙන ගෙදර ආවෙ උපාලි කියන එකාට මල පැනල මාවයි කුමාරයවයි මරන්න හොයනව කියල ආරංචි උන නිසා.


නිශාධිට නං වැඩේ අතේ මාට්ටු. මාත් එක්ක කතා කරන්නෙවත් නැතුව මගෙ අත අල්ලන් එනව පාර දිගේ. අත අල්ලන් එනව කිව්වට අත මිරිකනව එයා. හිටි ගමන් කොනිත්තනව. මමත් මුකුත් කරන්නැතුව බිම බලාගෙන ආව.


නිශූගෙ ගේ ළඟදි එයා මගෙ අත ඇරල මං දිහා බැලුව.


"කොයි වෙලේද බිව්වෙ දැන්"


බිව්ව කියන්න බෑනෙ බං එහෙම එක සැරේ. පොඩ්ඩක් defense කරන්න හැදුවෙ ටෝක දාල.


"අනේ නිශූ මම නං මුකුත් කලේ නෑ"


"කමක් නෑ දැන් යන්නකො අදට. හෙට දවල්ට මාත් එක්ක ටවුන් එකට යමු. මට ඔයත් එක්ක කතා කරන්න දේවල් ටිකක් තියෙනව."


මේ සැරේ නං ශොට් එක හම්බෙයි වගේ.


නිශූට හා කියල එයා උම්ම එකක් දෙනකං බලන් හිටිය. නිශූත් ඒක තේරුන් අරන්ද කොහෙද නහය වහගෙන කම්මුලට උම්ම එකක් දීල පරිස්සමට යන්න කිව්ව.


මම පාර දිගේ යනකංම එයා මං දිහා බලන් ඉඳිය දොර ගාවට වෙලා.


ඔන්න එතකොටම මාව පාස් කරන් කලු පාට කාර් එකක් ගියා නිකං need for speed වගේ. ගිහිල්ල දූවිලි කාගෙන නිශූගෙ ගේ ඉස්සරහින් නැවැත්තුව.


කවුද යකෝ ඒ......

මතු සම්බන්ධයි.......

Report Page