මනමාලියයි මා නුඹේ
Menusha Sandeepaniරිකේශ්‍යා අක්කා මගෙ දිහාට ඇඟිල්ල දික් කරලා අහද්දි මීනා ඇස් වල කදුළු පුරවගෙන මගෙ දිහා බැලුවා... කොච්චරබය උනත් මීනාගෙ වරදක් නැති නිසාම
" රිකේශ්‍යා අක්කෙ මීනා මට මුකුත්ම කරන්නෙ කිව්වෙ නැ..කම්මැලි නිසා මම මෙහෙම කරෙ"
රිකේශ්‍යා අක්කා වේගෙන් මගෙ ලඟට ආවා... ඒ වගෙ සුවඳක් මට කවදාවත් දැනිලා නෑ... ලස්සනට පාට කරපුනියපොතු තියන ඇගිල්ලක් මට දික් කරලා
" මේ හලෝ මෙතන අක්කලා නෑ හරිද? අපෙ අම්මට මොලෙ හොඳ නැති උනාට අපිට එහෙම නෑ... මට තමුසෙව අදුරගන්න බැරි උනා... මම හිතුවෙ අලුතින් වැඩට ආයෙ එකියෙක් අරන් කියලයි....කරන දෙයක් කරනවා..."
රිකේශ්‍යා අක්කාගෙ පෙනුම ලස්සන උනාට කටයි හිතන විදියයි හරිම කැතයි...
මම ආයෙ මල් වලට සාත්තු කරන්න ගත්තා ..පැයක් යන්න කලින් අම්මා වාහනෙන් බැහැලා ඇවිත්
" ශ්වේතා මොනාද ඔය කරන්නෙ?"
මඩ ගෑවිලා තියන ගවුම දිහා අම්මා කේන්තියෙන් බලාගෙන ඉන්නවා
" අම්මා මම මේ මල් වලට"
" මම කිව්වෙ ගේ අස්සෙ ඉන්න කියලා..මේවා කරන්න ඔයා සර්වන් කෙනෙක්ද?"
රිකේශ්‍යා අක්කා ගේ අස්සෙ ඉදලා කොට කලිසමක් ඇදගෙන එළියට ආවෙ මගෙ දිහා පිළිකුලෙන් බලනගමනුයි..එහෙම ඇවිත් අම්මගෙ අතෙ එල්ලිලා..
" වෙලාවට මමි මම සෙනුකිව එක්කන් ආවෙ නැත්තෙ ... මගෙ අනාගත නෑනා ඌරෙක් කියලා දැන ගත්තනම් මගෙනම්බුව ඉවරයි... මමීට අපි කිව්වා මේ වගෙ කෙ/ල්/ලෙක් ව වෙනස් කරන්න බෑ කියලා..."
" ශ්වේතා නා ගන්න ගිහින්..ආයෙ මට අහු වෙන්න මේ වගෙ දේවල් කරන්න එපා... එහෙම උනොත් ඔයා උදව් කරනමීනාව ගෙදරින් යවනවා අපි..."
" මම ආයෙ මෙහෙම කරන්නෙ නෑ අම්මා... මීනාට ඉන්න දෙන්න...”
ඇස් වලින් කදුළු එද්දි මම කාමරේට ගිහින් දොර වහ ගත්තා ...මඩ ගෑවිලා තියන ගවුම සෝදලා වේලෙන්න දාලා මමනෑවා..
නාලා කාමරේට එනවා එක්කම රිකේශ්‍යා අක්කා කාමරේට ඇවිත් ඇදුම් ගොඩක් ඇද උඩට විසි කරලා
" මේ ගවුම ඇදන් එනවා ඉක්මනින් .."
රිකේශ්‍යා අක්කා දුන්න ගවුම මම ඇඳන් ආවා..
එයා උඩ ඉදලා පහලට බලලා
" සෙට් නෑ... මේක "
ඔය විදියට ගවුම් පහක් ඇදලා හය වෙනි ගවුම ඇඳගෙන මම බාතෲම් එකෙන් එළියට ආවාම රිකේශ්‍යා අක්කා හිනාවෙලා
" වාව්."
" අද රෑ මෙහෙ පාර්ටි එකක් තියනවා ඔය ගවුම පහ වගෙ වෙද්දි ඇඳන් ඉන්නවා... ඔයා කවුද කියලා ඇහුවොත් මගෙස්කූල් එකෙ යාළුවෙක් ..එච්චරයි හොඳඳ?"
මම හා කියන්න ඔළුව හෙල්ලුවාම අක්කා කාමරෙන් යන්න ගියා..
මම කන්නාඩියෙන් බැලුවා.. ලා දම් පාට ලොකු ගවුමක්..පොඩි කාලෙ ඉදලා මම හරි ආසාවෙන් හිටියෙ මෙහෙම එකක්අඳින්න...
මම ගවුම ගලවලා පරිස්සමෙන් තියලා ඇඳට වැටුනා..නොදැනිම මට නින්ද ගිහින් තිබුනා..
අම්මා ඇවිත් මට ලෑස්ති වෙන්න කිව්වාම මම නින්දෙන්ම නැගිටලා ඉක්මනින් ලෑස්ති උනා....
මම මේකප් කරන්න ගොඩක් ආසාවෙන් හිටියෙ ඒත් අක්කා ලිප්ස්ටික් ටිකක් විතරක් ගෑවෙ ඔය ඇති කියලයි...
අක්කායි අම්මයි ගොඩක් මේකප් කරලා හිටියත් මම හිටිය විදියටම හිටියා. අක්කා මගෙ කොන්ඩෙ උඩට කරලාලස්සන කටුවක් ගැහුවා...
" පහලට ගියාම මං එක්කම ඉන්න.. කවුරු මොනා ඇහුවත් වැඩිය කතා එපා.."
මම හා කියන්න ඔළුව හෙල්ලුවා... මම නිදා ගත්ත ටිකට ගෙදර මාර විදියට වෙනස් වෙලා.. සෙනග පිරිලා..සිංදු දාලාටයි කෝට් දා ගත්ත අය ගවුම් සාරි ඇදපු නෝනලා ගොඩක් හිටියා.. මට ඉන්න බය හිතුනත් අම්මා බය වෙන්න එපාකිව්ව නිසාම හිටියා...
කට්ටිය කනවා බොනවා අක්කා දිපූ දෙයක් මමත් කෑවා... මිනිසු මගෙ දිහා බලනවා වගෙ හැගීමක් මට ආවෙ
" රිකේශ්‍යාට අලුත් යාළුවෙක් ලැබිලනෙ..මෙයාව කලින් දැකලා නෑනෙ අපි"
" වතිකා ආන්ටි මේ ශ්වේතා ..මගෙ ස්කූල් එකෙ යාළුවෙක්..."
" හරි ලස්සන කෙනෙක් නේද ?"
" මෙයාගෙ අම්මා වගෙ මෙයා..නුවරනෙ..."
අක්කා ඒ වෙලාවෙ බොරු කිව්වත් මගෙ හිත ටිකක් රිදුනා...
" හිනා වෙලා ඉන්නවා.."
ටික වෙලාවකින් ආරූල් ආවා... මම හිනා වෙලා එයාට කතා කරන්න ගියත් එයාගෙ අතෙ ලස්සන ගෑ/ණු ළමයෙක්එල්ලිලා හිටියා...
ඒ දෙන්නම එකම පාටින් ඇඳුම් ඇදලා හිටියා. හිත රිදුනා මගෙ... අම්මා ඉක්මනින් ඇවිත් මගෙ අතෙන් අල්ලගෙනපැත්තකට එක්කන් ගිහින්
" අඬන්න එපා ..ආරූල්ගෙ යාළුවෙක් විතරයි ඒ"
🌀🌀🌀🌀🌀🌀🌀
අම්මා එහෙම කිව්වට ඒ ආරූල්ගෙ යාළුවෙක් නෙමෙයි කියලා බලන ඕනිම කෙනෙකුට තේරුනා.. ඒ දෙන්නා ආදරෙන්හිටියා...
" ශ්වේතා ප්ලීස් ....අඩන එක නතර කරන්න..."
මම කදුළු පිහිද නොගෙනම අම්මා දිහා බැලුවා.
" අම්මා අනෙ ඇත්තටම මාව ඇයි එක්කන් ආවෙ? මට මෙහෙම ඉන්න බෑ.."
" මේ රෑ ඉවසන්න මම හැම දේම කියන්නම් ..ප්ලීස් ශ්වේතා "
අම්මා බැගෑපත් වෙලා ඉල්ලද්දි ඒක ප්‍රතික්ෂේප කරන්න තරම් මට නපුරු වෙන්න බෑ....
මම හිනා උනා
අම්මා මගෙ කම්බුලට අතක් තියලා
" අක්කා ගාවට යන්න... "
මම රිකේශ්‍යා අක්කා ලගට ආවම අක්කා යාළුවො එක්ක කතාවක... මම ඔහෙ බලන් හිටියා... ටික වෙලාවකින් මගෙලගට ආවෙ ගොඩක් ලස්සන කො/ල්/ලෙක්
හිතට බයක් දැනුනත් මට ඕනි උනෙ ආරූල්ට පේන්න සතුටින් වගෙ ඉන්න...
" හායි"
" හායි"
" ඔයා ගොඩක් ලස්සනයි ...ආරුල්ලගෙ පාර්ටි වල කලින් දැකලම නෑ ඔයාව..."
මම හිනා උනා...බොරු කියන්න ගිහින් ඔක්කොම පටල ගන්න බෑනෙ... රිකේශ්‍යා අක්කා මගෙ දිහා බලලා
" සස්මික අයියෙ මේ ශ්වේතා ..මගෙ යාළුවෙක්..."
" ශ්වේතා ලස්සන නමක්..."
අක්කා අපි දෙන්නා දිහා බලලා
" ටිකක් කතා කර කර ඉන්නකො..මම පොඩ්ඩක් ගිහින් එන්නම්.."
මගෙ පපුව ගොඩක් ගැහෙනවා... අක්කා නපුරු උනත් මම දන්න කෙනෙක්... මේ මනුස්සයා ලස්සන උනාට මම දන්නෙනෑනෙ...
" අපි මොනා හරි බොමුද?"
මගෙ ඇස් උඩ යන්න ඇති...ඒ වෙනස සස්මිකට තේරුන නිසාම වෙන්න ඇති හිනා වෙලා
" අපෝ අපෝ කූල් ඩිරින්ක්ස් අනේ.."
මම හිනා වෙලා ඔළුව වැනුවාම සස්මික ගිහින් ඩිරින්ක්ස් දෙකක් අරන් ආවා... බය ලැජ්ජාව ඔක්කොම එක්කම මමඕරේන්ජ් ජූස් එක බිව්වා..
" ඩාන්ස් කරමුද?"
මෙහෙම තැනක ජිවිතේට මම ඩාන්ස් කරලා නැහැ...නිවාසෙ රේඩි එකෙ සද්දෙට නැටුවා මිසක්
" ප්ලීස් "
සස්මික එයාගෙ සුදු අත මට දිග් කරලා එන්න කියනවා... මම වට පිට බැලුවාම ආරූල් කේන්තියෙන් මගෙ දිහාබලාගෙන ඉන්නවා...
මම හිනා වෙලාම සස්මිකගෙ අත අල්ලන්න යද්දිම ආරූල් මගෙ අත අල්ලගෙන සස්මික පැත්තට හැරිලා
" සස්මික සස්මික මේ මල තලන්න තහනම්..."
" මල නොතලා රොන් ගන්නද ?"
සස්මික ඒක හරි ජරා විදියට කියලා මගෙ දිහා බැලුවාම මම ආරූල්ට කවර් උනා
" පව් නොදි යමන් සස්මික ... අවසාන පාර කියන්නෙ"
ආරූල් කේන්තියෙන් එහෙම කියන්න හේතුවක් මම දන්නෙ නෑ...
" පාර්ටික උඹලගෙ බට් ඉන්වයිට් කරෙ ආන්ටි ඒ වාගේම පාර්ටියෙ ඉන්න ඔක්කොම කෙ/ල්/ලො උබෙ කියලා මමහිතන්නෙ නෑ..."
" ඔක්කොම කෙ/ල්/ලො මගෙ නෙමෙයි .ඒත් මේ මම ඉන්වයිට් කරලා ආව කෙනෙක් තේරුනානෙ..."
" හරි හරි ආරූල් බලා ගන්නම්කො මම..."
සස්මික ගියාම ආරූල් මගෙ අත ගසලා දාලා
" යනවා කාමරේට මැ/රු/ම් නොකා මගෙන්"
මම කාමරේට යන්න පඩිපෙළ නැගලා ආයෙ හැරිලා බැලුවාම ආරූල් මට ඇස් වලින් කාමරේ පෙන්නුවා..මම කාමරෙලගට ගිහින් හිටගෙන බලද්දි ආරූල් අර එක්කන් ආවා කෙ/ල්/ල ලගට ගිහින් මොනාද කියනවා...
මම ඇයි ආරූල් කියන දේ අහන්න ඕනී..ඒකෙ තේරුමක් නෑ..පඩිපෙල බැහැලා ගිහින් මම සස්මික ලගින් හිට ගත්තාමසස්මික ඇස් ලොකු කරලා මගෙ දිහා බලලා
" වයි ?"
" අපි ඩාන්ස් කරමු..."
සස්මික අතෙ තිබුන ග්ලාස් එක පැත්තකින් තියලා මගෙ අත අල්ලගෙන ඩාන්ස් කරන තැනට ගියා... ලයිට් එළිය තිබුනත්එතන තිබුනෙ අදුරක්..කොහොමත් ඩාන්ස් කරන එක මම ආසම දෙයක් නිසා සිංදුවෙ තාලෙට මමත් ඩාන්ස් කරා..
සස්මිකගෙ ඇස් දිලිසෙනවා...ටික ටික මගෙ ඇස් අමුතු විදියට අදුරු උනත් සිහිය තියා ගන්න මම උත්සහා කරා... ඒත්වැඩි වෙලාවක් මට කෙලින් හිටන් ඉන්න පුළුවන් උනෙ නෑ...
මම සස්මිකගෙ ඇගට බර උනා... සස්මිකගෙ අත් මගෙ පිට පුරා යනවා දැනුනා. එපා කියලා අයින් වෙන්න ඕනි උනත්ඒකට හයියක් නැති තැන මම එහෙම්ම හිටියා...
වෙලාව කොච්චර වෙලා ගියාද කියන්න මම දන්නෙ නෑ...එක පාරම මාව කවුරු හරි ඇඳලා ගන්නවා දැනුනා.. ආරූල්ඇස් රතු කරන් මගෙ දිහා බලන් ඉන්නවා.. ඒත් මට පන නැති නිසාම මම ආරූල්ගෙ පපුවට ඔළුව තියා ගත්තා
ටික වෙලාවකින් රිකේශ්‍යා අක්කා ඇවිත් මාව කාමරේට එක්කන් ගියා..එතනින් එහාට වෙන දේවල් බලන්න මට පුළුවන්කමක් නොතිබුනත් අමාරුවෙන් මම ඩාන්ස් කරන තැන බලද්දි සස්මිකට ආරූල් ගහනවනම් දැක්කා....
🖤🖤🖤🖤🖤🖤
මම උදෙ ඇහැරුනෙ ඔළුවෙ කැක්කුමක් එක්කමයි... බාතෲම් එක අස්සට ගිහින් මූණ සෝදන්න ගියාම බෙල්ලෙ තියනපාරවල් දැක්කාම මාව පස්සට විසි උනා...
බෙල්ලෙ හපපු පාරවල් .. මම ඇඳන් ඉන්නෙ වෙන ගවුමක් ...ඊයෙ රෑ රිකේශ්‍යා අක්කා එක්ක ඇතුලට ආවා..ඒකෙන්පස්සෙ උන දේවල් ගැන මට මතකයක්ම නෑ..
" ශ්වේතා ?"
මම බාතෲම් එකෙන් එළියට දුවන් ගිහින් රිකේශ්‍යා අක්කව බදා ගත්තා
" ඇයි මේ?"
" අනේ අක්කා..."
" කියන්න මොකක්ද උනෙ?"
මම අක්කගෙන් ටිකක් ඈත් වෙලා මගෙ බෙල්ල පෙන්නුවා... අක්කා ඇස් ලොකු කරගෙන බලාගෙන ඉදලා දුවලාකාමරෙන් එළියට ගියා.
ටික වෙලාවකින් කාමරේට ආවෙ ආරූල් ..
" කොහොමද ඔහොම උනෙ????"
⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️
රෑ වෙච්ච දෙයක් මතක නැතුව මට මේකයි උනෙ කියලා කොහොමද මම කියන්නෙ?
ආරූල් මගෙ ලගට කේන්තියෙන් ඇවිත්
" කියනවා...?"
" දන්නෙ නෑ"
ආරූල්ට මම කියපු දේ හොඳටම ඇහුනා උනත් ආරූල් කාමරෙ ඉන්න අම්මා අක්කා දිහා බලලා
" ඇහුනෙ නෑ මොකක්ද ??"
" දන්නෙ නෑ මම.."
ආරූල් හිනා වෙලා
" ඔන්න අම්මා ඔයාගෙ අනාගත ලේලී පොඩ්ඩ...ඔයාම බලා ගන්න ඔයාටම භාරයි..."
අම්මා මගෙ දිහා බලන් හිටියෙ හරි අප්‍රසන්න විදියට ...
" ඔයා ඔහොමයි කියලා මම හිතුවෙ නෑ ශ්වේතා ..."
" අනෙ අම්මා...."
රිකේශ්‍යා අක්කා මගෙ දිහා බලලා
" සීසීටිවී බලන්න අම්මා ශ්වේතගෙ රූම් එකට කවුද එන්නෙ කියලා බලන්න පුළුවන්නෙ..."
අම්මා මුකුත්ම නොකියා කාමරෙන් එළියට ගියාම රිකේශ්‍යා අක්කා මගෙ ලගට ඇවිත්
" ඇත්ත දිනනවා ශ්වේතා .."
අක්කා ඒක මොන හේතුවක් නිසා කිව්වද කියන්න මම දන්නෙ නැහැ...මම ඇදෙ වාඩි උනා..බෙල්ලෙ ඇරෙන්න වෙනතැනක කිසිම පැල්ලමක් නෑ.. දෙවියනේ මම ගෑ/ණි යෙක් වෙලාවත්ද?
මම ඉක්මනින් බෙඩ්ශීට් එහාට මෙහාට කරලා බැලුවා.. ඒත් කිසිම දෙයක් නෑ... මම ආයෙ ඇදෙ වාඩි වෙලා දොර දිහාබලාගෙන හිටියා
රිකේශ්‍යා අක්කා කාමරේට ආවෙ හිනා වෙවි...ඒ හිනා උන හේතුව මම ඇහුවාම
අක්කා කිව්වෙ හොරාව අහු උනා කියලයි..
ආරූල් ටිකකින් කාමරේට ආවෙ මූණ දෙකක් කරගෙන...එහෙම ඇවිත්
" සොරි "
අම්මා ආරූල් පස්සෙන් ඇවිත් හිනා වෙලා
" නිකන් නෙමෙයි සම්පූර්ණයෙන් විස්තරෙ කියලා සොරි කියන්න ආරූල් "
ආරූල්ගෙ කන් එක්ක රතු වෙනවා මම බලාගෙන
" හරි හරි ශ්වේතා ඊයෙ වෙරි වෙලානෙ හිටියෙ..මට ඕනි උනෙ කොහොම කෙනෙක්ද කියලා බලා ගන්න.. මම ටිකක්කිස් කරා..ඒත් මේ යක්සනී මාව ඇදෙන් පහලටම තල්ලු කරලා දැම්මා..."
අම්මා හිනා වෙනවා..අක්කත් හිනා වෙනවා... අක්කා අරූල්ගෙ බඩට එකක් ගහලා
" බොරුවට රඟ පාන්නෙ මැරි කරන්නකො අයියා.."
ආරූල් මගෙ දිහා මහ අමුතු විදියට බලලා
" මට බෑ "
කියාගෙන යන්න ගියා... අක්කා මගෙ බෙල්ලට බෙහෙත් එහෙම දාලා කාමරෙන් ගියා...
සුපුරුදු විදියට මම කාමරෙ සතියක් තනි උනා... මට කාමරෙ අස්සෙම ඉදලා හුරු වෙලා...ලොකු ටීවී එකෙ යන එක එකකතා එක්ක මම ජිවිත් උනා...
මොන දේ තිබුනත් හැමදාම රෑට අම්මා මං එක්ක කතා කරන්න පුරුදු වෙලා හිටියා... ඉතින් ඔහොම කතා කර ඉද්දිඅම්මා කිව්වා රිකේශ්‍යා අක්කගෙ උපන්දිනෙ හෙට ඒකට අපි සප්‍රයිස් පාර්ටි එකක් දෙමු කියලා
නිවාසෙනම් බැලුමක් එල්ලලා ඒ ළමයව පුදුම කරවන එකයි අපි කරන්නෙ... ඒත් රිකේශ්‍යා අක්කට අම්මා තෑග්ගවිදියට ගෙනවා කිව්වෙ කාර් එකක්...
මට අම්මා ලස්සන ඇඳුමක් දීලා හවස තුන වෙද්දි නාලා කරලා ඉන්න කිව්වා...රිකේශ්‍යා අක්කා යාළුවො එක්ක කොහෙහරි ගිහින් එන්නෙත් හෙට..
රෑ ගෙවිලා ගියා...තද කොළ පාට ගවුම අදින්න මට මාර උවමනාවක් තිබුනෙ ..ඒ ගවුම මම විසි පාරකට වඩා ඇදලාබැලුවා...
වෙලාව ගෙවුනා හවස තුන උනා...අම්මා මාව එක්කන් ගියෙ ලොකු සැලුන් එකකට... ඒකෙ අය මාව ලස්සනට මේකප්කරා...
ඇත්තටම මම ලස්සනයි කියලා මට හිතුනා...
පැය දෙකකට වගෙ පස්සෙ සැලුන් එකෙ කෙනෙක් මට ඇවිත් කිව්වා ඔයාව ගන්න ඇවිත් කියලා
මමත් ඉස්සරහට ගියා...ඇවිත් හිටියෙ ආරූල් ..මාව දැක්ක ගමන් ආරූල්ගෙ කට ඇරිලා...
ලැජ්ජාවක් එක්කම පොඩි ආඩම්බර කමක් හිතට ආවා...
මම වාහනෙ ලගට ගියාම ආරූල් මගෙ ලගට ඇවිත්
" ලස්සනයි...ඇත්තටම ..."
මම හිනා උනා...
ආරූල් හිමින් මූණට අත තියලා
" තමුසෙ පව් ශ්වේතා ..අපෙ අම්මගෙ මායම් වලට අහු වෙලා.."
මම මුකුත්ම නොකියා ඒ ඇස් දිහාම බලාගෙන හිටියා... ආරූල් මොනාද කියන්නෙ කියලා මට තේරුම් ගන්න පුළුවන්කමක් තිබුනෙම නෑ...
" ඒ කිව්වෙ?"
" මුකුත් නෑ..යමු ගෙදර ..."
ආරූල් ඉස්සරහ දොර ඇරලා දුන්නාම මම කාර් එකෙ වාඩි උනා..
" ශ්වේතා දෙයක් අහන්නද?"
" හ්ම්ම් හා.."
නපුරු ආරූල් එහෙම අහද්දි මටම පුදුම හිතුනා
" මොනාටද වැඩියෙම ආස?"
මගෙ අනාගත මහත්තයානෙ ඇත්ත කිව්වම මොකද
" මම ආසම ලස්සන ගවුම් අදින්න... "
" රත්තරන් වලට ආස නැද්ද ?"
" ම්ම් නෑ ආරූල්.."
ආරූල් මුකුත්ම නොකියා ගේ ලගින් වාහනෙ නතර කරා. ආරූල් මුකුත්ම නොකියා කාර් එක ආයෙ හරවන් යද්දි මම ගේඅස්සට ගියා...
🌀🌀🌀🌀🌀🌀🌀
ආරූල් කෙලින්ම ආවෙ තමන්ගෙ හොඳම යාළුවා උන විනෝලි මුණ ගැහෙන්නයි...
" දැන් නංගිගෙ පර්ටියට නොයා මෙතන මොකක්ද කරන්නෙ තො?"
" ශ්වේතා පව් බං"
" ඔය ගැන අපි කතා කරානෙ.."
ආරූල් වාඩි වෙලා
" ඔය හදහනෙ තියන දේවල් වෙනවද බං?"
" නොවුනත් උබෙ අම්මා ඒ දේ කරයි..”
" අම්මා ශ්වේතව යවන්නෙ නෑ මම ඒකිව මැරි කරනකල්... අම්මා හැමවෙලාවෙම කියන්නෙ ශ්වේතා මාස තුනයි මාවබැන්දොත් ජිවත් වෙන්නෙ කියලා... මට ඒක පිලිගන්න බැ... මම කොච්චර නපුරු උනත් ශ්වේතා ටිකකින් ඒවා අමතකකරනවා.."
" මමනම් ඔය හදහන් විස්වාස කරන්නෙ නෑ ආරූල්"
" මමත් නෑ...ඒත් අපෙ අම්මා විශ්වාස කරනවා...අම්මට ඕනි මාස තුනෙන් ශ්වේතා නැති උනාම මාව මදනායකයගෙදුවට බන්දන්න.."
" උ/ඹ බබෙක් නෙමෙයිනෙ ආරූල් මොනා හරි දෙයක් කරහන්..අනික උඹ ඉගෙන නොගත්ත කෙනෙක් නෙමෙයි...කොහෙගියත් ජොබ් එකක් හොයා ගන්න එක නතින් .."
ආරූල් ටික වෙලාවක් කල්පනා කරලා
" විනෝ මම අම්මා කියන විදියට ශ්වේතව මැරි කරනවා... එහෙම කරලා දෙන්නම රට යනවා...."
විනෝලි ඇස් ලොකු කරලා
" අම්මා රට හරි එයි හොයාගෙන.."
" තායි යනවා කියලා ඇමරිකා යනවා මම...අම්මා කොහෙ මාව හොයන්නද? අයියා ගියා කෝ ආවද අයියා..."
" හදහන?"
" මම ඕව පිලිගන්නෙ නෑ විනෝලි "
🌀🌀🌀🌀🌀🌀🌀🌀🌀🌀🌀
අක්කගෙ පාර්ටිය ඉවර වෙනකල්වත් ආරූල් ගෙදර ආවෙ නෑ.. මම නිදා ගන්න ගියාම අම්මා කාමරේට ආවෙ සතුටින්
අම්මා එහෙම ඇවිත් මාව බදාගෙන
" ශ්වේතා ... ඔයා මගෙ ලේලි වෙන්න යන්නෙ ..ඔන්න ආරූල් ඔයාට කැමති උනා..."
ඒ කිව්ව දේ මට හීනයක් වගෙ උනා... එතන ඉදලා මාසයක් මම වෙඩින් එක වෙනුවෙන් ලෑස්ති උනා... මෙහෙන් ලැබුනකෑම නිසාම මම පිරිපුන් වෙලා තිබුනා...
මගෙ වෙඩින් එක නිවාසෙ ලගම පල්ලිගෙ ගන්න ආරූල්ගෙ අම්මා ලෑස්ති උනා. නිවාසෙ හැම ළමෙක්ටම මගෙ වෙඩින්එකට එන්න පුළුවන් උනා...
ආරූල්ගෙ නෑයොන්ට වඩා නිවාසෙ උන්න මගෙ නෑයො වැඩි උනා...
නීත්‍යානුකූල විදියට මම ආරූල්ගෙ බිරිඳ උනා... අම්මා අපි දෙන්නගෙ හනිමූන් එකට තායිලන්තෙ යන්න ලෑස්ති කරලාතිබුනා...
ජිව්තෙ පළවෙනි වතාවට මම ප්ලේන් එකක නැග්ගා...
ආරූල් ලොකු බෑග් දෙකක් අරන් ආවා..මටත් බෑග් දෙකක් දුන්නා... ඒ බෑග් හතරෙම තිබුනෙ ගවුම්... පලවෙනි පාරටමම ආරූල්ට තුරුල් උනා...
" පස්සෙ තව ගමු.."
" මේ ඇති ආරූල්..."
" ශ්වේතා ...දෙයක් කියන්නද?"
" කියන්න ආරූල් "
" මගෙ හදහනෙ විදියට ඔයා මාස තුනෙනෙ නැති වෙනවා.."
ආරූල් ඒක මුලින්නම කිව්වාම මම බය උනා... ඒත් මම වගෙ කෙ/ල්/ලෙක් නිවාසෙන් ගෙනාපු හේතුව ආරූල්ගෙපැත්තෙන් වෙඩින් එකට නෑයො අඩු හේතුව මට තේරුම් ගන්න පුළුවන් උනා
" ශ්වේතා "
ආරුල් දිහා බලලා මම ආයාසයෙන් හිනා උනා
" මහන්සි ..මම නාලා එන්නද?"
" ඔයා හදහන විශ්වාස කරනවද?"
" උප්පැන්නෙ නැති මට හදහන ගැන විශ්වාස නෑ ආරූල්... මේ මාස තුනෙ මට ඔයා එක්ක ඉන්න දෙන්න... මාස තුනෙන්මම මැ රු නෙ නැත්නම් මාව වැඩක් කර ගන්න පුළුවන් තැනකට දාන්න... මට මහන්න පුළුවන් .. "
ආරූල් බලාගෙන ඉන්නවා..මට ඒ හැගීම් තේරුම් ගන්න බැහැ...
එක පාරම ආරූල් මාව බදාගෙන
" උබ මං එක්ක ජිවිත කාලෙම ඉන්න ඕනි තේරුනාද?"
මම මුකුත්ම නොකියා ඉකි ගහලා ඇඩුවා... වෙන කපල් වල හනිමූන් එක කොච්චර ලස්සන උනත් මගෙ ඒ දවස හැඩුම්බර දවසක් උනා...
දවස් දෙකකින් ආරූල් කිව්වෙ බෑග් ලෑස්ති කර ගන්න කියලයි... මම හිතුවෙ ආරූල් ලංකාවට යන්න හදනවා කියලා.. එහෙ ගිහින් අම්මගෙ මූණ බලන්නෙ කොහොමද කියලා මම කල්පනා කරා...
"ගෙදරද යන්නෙ ආරූල්? "
" නැහැ ශ්වේතා ආයෙ කවදාවත් අපි ලංකාවට යන්නෙ නැහැ..."
මම ඒ ඇස් දෙක දිහා බැලුවා...
" මේ පාරෙ මාව පිස්සෙක් නොකර යමු..."
🌀🌀🌀🌀🌀🌀🌀🌀🌀🌀
ආරූල් එක්ක ඒ විදියට ඇවිත් ගෙවෙන හය වෙනි අවුරුද්ද මේ... මාස තුනෙන් මම මැ රෙ නවා කිව්වට එහෙම කිසිමදෙයක් උනෙ නෑ... ඇත්තටම මම ආරූල් එක්ක සතුටින් ජිවත් වෙනවා
ආරූල් කම්පැනි එකක වැඩට යද්දි මම ඔන්ලයින් රෙදි බිස්නස් එකක් පටන් ගත්තා ...
අපි දෙන්නට චූටි පුතෙක් ඉන්නවා... එයා නිසා ගොඩක් දේවල් මට ලැබුනා... ආරූල්ගෙ අම්මා ආරූල් ඉන්න තැනහොයාගෙන ඔෆිස් එකට කතා කරලා තිබුනා...
ආරූල්ට ගෙදර එන්න කියලා තිබුනා... ඒත් ආරූල් අම්මට පැහැදිලිව හැමදේම කියලා තිබුනා...
ඔහොම අවුරුදු දෙකක් ගෙවිලා ගියා..ආරූල්ගෙ අම්මා ඇක්සිඩන්ට් වෙලා එක්තැන් වෙලා කියලා රිකේශ්‍යා අක්කාකියලා තිබුනා...
ඒ නිසාම අවුරුදු අටකින් අපි ලංකාවට ආවා... අපි එද්දිත් ආරූල්ගෙ අම්මා මේ ලොකේන් සදහටම සමු අරන් තිබුනා...
රිකේශ්‍යා අක්කා කිව්ව විදියට අවසාන කාලෙ අම්මා මට කරපු වැඩෙ ගැන ගොඩක් දුක් උනාලු .. මිනිසුන්ට දුක් වෙන්නකාලයක් එනවලු... අම්මටත් ඒ කාලෙ ලැබෙන්න ඇති... ඒත් ඉතින් අම්මා ඉන්න කාලෙ අපෙ නිවාසෙට උදව් කරලාගොඩක් පිං කර ගත්තා .. අම්මට ස්වර්ගෙට යන්න ඒකම ඇති..
අම්මගෙ මලගෙදර වැඩ කටයුතු වලින් පස්සෙ අපි ආයෙම ලංකාවෙන් යන්න ගියා..ඒ ආයෙ කවදාවත් නොයෙනබලාපොරොත්තුවෙනුයි..
ඔයාගෙ ජිවිතේ නොපෙනෙන දෙවියන්ටවත් කොහෙවත් තියන ග්‍රහ ලෝකෙකටත් ඕනි විදියට වෙනස් කරන්න එපා... ඉන්නෙ ටික කාළයයි ඒ කාලෙ ඔයාට කැමති විදියට ඔයා ජිවත් වෙන්න
⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️
අවසානයි...
මේ 🥺 අද බකල් මනාලි හොයන්න එපා 😢 මට සූටී ගමනක් යන්න වෙලා..ඒ වෙනුවට මේක කියවලා ඉන්න අද.. හෙටදෙන්නම් බකල් මනාලි 🙄