මුතු පිහාටු
පෙර කොටස 👇
https://telegra.ph/මත-පහට-12-27

පස්වන කොටස.....🌸
"....හරි ෂෝක්. මාව එළියෙ ඉන්දවලා උඹ ඇවිත් මෙතන කනවා."මාෂි අපි ළඟට ඇවිත් එහෙම කිව්වෙ ඉනටත් අත් දෙක තියාගෙන..😁🤭
"මස්සිනාට දැන් හොදයි නේද."මාෂි අවී දිහා බලලා එහෙම කිව්ව ම මට ලැජ්ජාවෙ බෑ...🤪
ඒකට අවී බලන්නකො කිසි ගානක් නෑ ....ඒ කියන්නේ එයත් මට කැමති කියන එකද 🤭
තව ටිකක් එතන හිටියොත් මට හිනා යන නිසාම මම මාෂිවත් ඇදගෙන එළියට ආවෙ අත සෝදන්න කියලා....
"මොකක් ද ගොන් වැස්සියෙ ඒ කරේ ඇයි එයාට මස්සිනා කිව්වෙ"
"මස්සිනාට මස්සිනා නොකියා වෙන මොනා කියන්න ද බන්..... හැබැයි බන් මැරයෙක් කියලා කියන්නවත් බෑනෙ මූණ දැක්කම....මං හිතන්නේ උඹට තිබුණ ආදරේ වැඩිකමට එදා ෆයිල් එක බැලුවම ඒකෙ හිටපු එකාව අවී වගේ පේන්න ඇති..."මාෂි කියවගෙන ගියා
"උඹට පිස්සුද බන් මං හොඳට ම දැක්කා ඒ එයාම තමා...දැන් ඔය අත කඩාගෙන ඇවිත් ඉන්නෙත් මොකක් හරි මැර වැඩක් කරන්න ගිහින් වෙන්න ඇති" මං එහෙම කිව්වට මගෙ හිත නම් කිව්වෙ එයා ඇත්තටම මැරයෙක් නෙවෙයි කියලා..😌
අපි ආයෙම එයා ළඟට ගියා.... දෙයියනේ...මට එතකොටයි මතක් වුණෙ මං එයාට වතුර දීලා නෙවෙයි නෙ ආයෙ🥺🥺..පව් මගෙ අහිංසක කොල්ලා....ඒක අතකින් වතුර බෝතලේ අල්ලගෙන වතුර බොන හැටි දැක්කම මට ඇත්තටම ඇඩුණා...😥
"සොරි අවී අනේ මට අමතක වුණා ඔයාට වතුර දීලා යන්න.."
"අනේ ඒකට කමක් නෑ මැණික"එයා එහෙම කිව්වෙ මගෙ ඇස්වල තිබුන කදුළු පිහිදාන ගමන්......
"තරූ එහෙනම් මං ගිහින් උඹලා දෙන්නට දවල්ට කෑම අරගෙන එන්නම්.. මස්සිනාට තනියම වැඩ කරගන්න අමාරුයි නෙ උඹ ඉදපන් එයා ගාව...රෑටත් ඉන්න මං උඹලගෙ අම්මට කියන්නම් උඹ අපේ ගෙදර කියලා"
"අනේ...මාෂි උඹට අපි හින්දා හරි කරදරයි නෙ බන්"
"ඕක මොකක්ද බන්...මං යනවා එහෙනම්...තරූ උඹ ගාව සල්ලි තියෙද"
"අනේ ඔව් තියෙනවා බන් උඹ නම් යාලුවෙක් නෙවෙයි මාෂි මගෙම සහෝදරියක්"
මාෂි ගියාට පස්සේ මං එයාගෙ ඇද එහා පැත්තේ තිබුණ මේසෙ අස් කරා.....මට එයා එක්ක කතා කරන්න ඕනි වුණත් කතා කරන්න දෙයක් තිබුණෙ නෑ... එයත් මගෙ දිහා බලන් හිනා වෙවී හිටියට කතා කරේ නම් නෑ......🥺😔
මං මේසෙ අස් කරලා එයාගෙ බෝතලේට වතුර එකකුත් ගෙනාවා...මෙන්න වැඩක් 😳මේ කොල්ලට ඒ ටිකට නින්ද ගිහින්...එයාගෙ නළලට වැටුන කොණ්ඩෙ හරිම ෂෝක් අනේ 🤩
එයාගෙ ඔළුවට කොට්ටයක් තියලා මාත් එයාගෙ ඇද ගාවින් ම පුටුවක් තියාගෙන ඇදෙන් ඔළුව තියාගත්තා.......
....මං ඇහැරුනේ කවුරුහරි මගෙ ඔළුව අතාගානවා දැණුන නිසා...ඇහැණුනත් මං ඇස් පියාගෙනම හිටියෙ එයා කරන්නෙ මොනාද කියලා බලන්න 🤭🙃
"මගෙ පිස්සු කෙල්ල"එහෙම කිය කිය එයා මගෙ ඔළුව අතගානවා..මං තවත් ඇස් දෙක පියාගෙනම හිටියා
"හොරකමට ඉන්න හැටි ......මං උස්සලා ඇදෙන් තියනකම් ද දන්නෑ ඉන්නෙ...." අයියෝ වස ලැජ්ජාවයි 🤪 එයා කොහොමද දන්නෙ මං නිදි නෑ කියලා..... හැබැයි ඒ කියපු ටිකට නම් මගෙ හිත රිදුනා...🥺🥺
මං නැගිට්ටෙ එයාගෙ දිහාවත් නොබලා....මං හීන මවනවා වැඩිද මන්දා.....එහෙම හිත හිත මම මං වෝඩ් එකෙන් එළියට ගියෙ මාෂි තවම නැති නිසා.....
ඔන්න එතකොට ම මාෂි එනවා අත් දෙකෙන් ම බෑග් දෙකක් උස්සගෙන.......
"අනේ මාෂියො මොනාද මෙච්චර"
"මාර වැඩේ නෙ තරූ මං ඩොක්ටර්ට කතා කරා අද අයියට ගෙදර යන්න පුළුවන් කිව්වා...මං මේ කෑමත් අරන් ආවෙ.හවස යන්න පුළුවන් වෙයි අයියට...."
"හ්ම්...එහෙනම් හොදයි නෙ.."මං එහෙම කිව්වෙ මට ආයෙ එයාගෙ මූණ බලන්නවත් හිතක් නැති නිසා....
එයා මොනාද දන්නෑ හිතන් ඉන්නෙ මං ගැන...මං ගෙදරටත් බොරු කියලා එයා ළඟට වෙලා ඉද්දි එයත් හිතනවා ඇති මට තියෙන අමාරුව මොකක්ද කියලා ඒකනෙ ඔහොම කිව්වේ...🥺🥺
"උඹට මොකද වෙලා තියෙන්නේ තරූ"
"මුකුත් නෑ බන් මට ගෙදර යන්න ඕනි ඔය කෑම එක දීලා එන්න.යාළුවො ආවම කන්න කියන්න...."මං එහෙම කියලා හොස්පිට්ල් එකෙන් එළියෙ මාෂිගෙ බයික් එක තිබුණ තැනට ආවා......විනාඩි 20ක් විතර ගියත් මාෂි තාම නෑ මේකි මොනාද කරනවද මෙච්චර වෙලා.......
......ටික වෙලාවකට පස්සෙ මං දැක්කා මගෙ දිහාට එන අවීව.....මං එයාව දැකලත් දැක්කෙ නැති විදියට අහක බලාගත්තා.....
ඔන්න එයා මගෙ ළඟටම ඇවිත් හිටගත්තා .....මේ මොකද මේ වෙන්නෙ.......😳😊🙄
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
අදට කතාව ඉවරයි......මේ මගෙ පළවෙනි කතාව ඒ නිසා අඩුපාඩු තියෙනවා නම් කියන්න හොදද 🥺🥺
හැමෝම පරිස්සමින් ඉන්න එහෙනම් ❤️😘