මංගල කිංකිණි

මංගල කිංකිණි

ᴍᴇɴᴜsʜᴀ sᴀɴᴅᴇᴇᴘᴀɴɪ - ᴏɴʟʏ ғʀᴏᴍ ᴍᴀɴᴅᴀᴋɪɴɪ

මංගල කිංකිණි 0️⃣2️⃣

Mangala Kinkini | Menusha Sandeepani | Only from Mandakini


මගෙ පපුව වේගෙන් ගැහුනා.. දෙවියනෙ මේ මිනිස්සු ‍යන්නෙ මාව ම// ර// ලා දාන්නද ? අම්මට කිව්වා මම.. අනෙ ...


වාහනෙ කොයි වෙලාවෙ හරි නතර කරාම වාහනෙන් බැහැලා දුවනවා කියලා මම හිතා ගත්තා .. 


ඒත් වාහනේ කිසිම තැනක නතර නොකර පුදුම වේගෙකින් ගියා.. නැන්දා සැරින් සැරෙ මගෙ දිහා බලලා හිනා උනා..


දැන් මට හිනා වෙන්න සිහියක් නෑ.. මගෙ මුළු ඇගම ගිණි ගන්නවා වගෙ.. හරකා ති /රි සනා උනත් ඌ දගලවා ම //ර//න්න ගෙනියද්දි මනුස්සයෙක් වෙච්ච මට කරන්න ඕනි දෙයක්වත් හිතා ගන්න බෑ...


" බඩගිනි හාමූ කඩේකින් නවත්තන්නකො.."


" තව ටිකකින් නුවර .. නුවරින්ම කාලා කෑම කරන් යන්.."


දැන් වෙලාව රෑ අටට කිට්ටු ඇති.. මට ඕනී උනේ කොහෙට හරි පැනලා ගිහින් ජිවිතේ බේර ගන්න... 


කන්න වාහනේ නතර කරෙ ලොකුම ලොකු හෝටලේක.. මම නැන්දා දිහා බලලා


" නැන්දා අනෙ මට වමනෙ යන්න වගෙ"


නැන්දා මූණ අකුලගෙන


" අර අර පැත්තට ගිහින් දාන්න.. හාමූ ඇතුලට යන්න මම එන්නම්.."


ඒ කියපු ගමන් මම නැන්දා පෙන්නපු දිහාවට දිව්වා.. මට වමනෙ දාන්න කිසිම උවමනාවක් තිබුනෙ නෑ.. ඒත් මට ඕනී උනෙ පැන ගන්න .. ඒ නිසාම කකුල් දෙකට වඳින ගමන් පුළුවන් උපරිම වේගෙන් දිව්වා... 


යන්නෙ කෙහෙද ඉන්නෙ කොහෙද කියලා නොදැන කළුවර පාර දිගේ මම ගොඩක් දුර දිව්වා.. මගෙ පස්සෙන් නැන්දා කෙලින්ම එයි කියලා හිතුන නිසාම මම පාරවල් වලින් හැරි හැරී දිව්වා..


එහෙම දුවලා මුළු ඇගම දාඩියෙන් තෙමිලා නිසාම මම පාර අයිනෙ වාඩි උනා.. බඩගින්න මහන්සිය ඔක්කොම එක්ක මගෙ ඔළුව පිපිරෙන්න තරම් රිදුනා...


මහන්සිය නිසාම වෙන්න ඇති මට වමනෙ ගියා.. කට සෝදන්නවත් වතුර ටිකක් නැති නිසාම මම ඉස්සරහට ඇවිදන් ගියා. 


අපෙ පැත්තට වඩා මේ පැත්ත ගොඩක් සීතලයි .. දාඩිය වේලෙන්න කලින්ම මට ගොඩක් සීතල දැනුනා..


අම්මා මට කරපු දේ එක්ක තරහින් මම බිම වාඩි වෙලා ඇඩුවා.. 


නොදන්න පලාතක මම අතරමං වෙලා.. මම යන්නෙ කෙහෙද මම මොනාද කරන්නෙ.. 


ඔය දේවල් හිතන ගමන් මට පාර අයිනෙම නින්ද ගිහින් තිබුනා.. මම ඇහැරුනෙ කවුරු හරි කෙනෙක් මට පාරක් ගහපු නිසයි..


මගෙ වටෙ හිටියෙ කො/ල්/ලො හතර දෙනෙක්.. ටයි කෝට් දාලා හිටිය ඔක්කොම හිටියෙ කෙලින් හිටගෙන ඉන්න බැරි තරමට බීලා...


හිතට දැනුනෙ බයක්.. නැගිටලා දුවන්න ඕනි උනත් මගෙ ඇඟට ඒ තරම් ශක්තියක් නෑ..


🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱


" මහේශ්වරී පැය හතරක් ඒ කෙ/ල්/ලව හෙව්වා.. ආයෙ කොහෙ හොයන්නද බස් එකෙ නැගලා ගමට යන්න ඇති.."


මහේශ්වරී කේන්තියෙන් 


" කොහොමද හාමූ යන්නෙ කෝ සල්ලි බෑග් එක පවා මෙතන..."


" විකාර කියවන්න එපා ගෑ/ණියෙ.. උ/බේ වැඩ මට තිත්ත වෙලා..වාහනෙන් බැහැලා හොයන් ව රෙ න් මම යනවා ගෙදර 


මහේශ්වරී අඬන ගමන්


" අනේ හාමූ.."


" හුනේ හාමූ නෙමෙයි දැන් යන්නෙ වලව්වට මම.."


බුලන්කුලම ඉන්නෙ උපරිම කේන්තියෙන් කියලා දන්න මහේශ්වරී නිහඬ උනා.. ඒත් මෙත්මව කොහොම හරි හොයාගෙන මේ කරපු වැඩේට රිටන් එක දෙනවා කියලා මහේශ්වරී හිතා ගත්තා ..


🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱


රෑ සප්පායම් වෙලා ඉන්න සරත් මාලතීගෙ ගෙදර ආවේ නිදහස සමරන්න හිතාගෙනමයි..


ඒත් මාලතී අහස දිහා බලාගෙන හූල්ලන විදිය දැක්කාම සරත්ගෙ හිත උනත් උණු උනා


"මොකෑ බ ං මේ?"


" කෙ/ල්/ල නැතුව හරි පාළුයි සරත් මට.. ;ඒකී කාලද දන්නෙ නෑ.."


" වලව්වට ගිහින් සැප මෙට්ටෙක නිදි ඇති ..උ ඹ බොරුවට හූල්ලන්න ඕනී නෑ..."


" හිතට මහ අමුතු බයක් දැනෙනවා සරත්... "


" විකාර දොඩවන්න එපා..අනිද්දා දිහාට ටැලිෆෝන් කෝල් එකක් දෙමු අර අංකෙට නෝනගෙ.."


" හෙට ගමු සරත්..."


" ගමු ගමු දැන් දොර වහන් බුදිය ගන්.. මමත් යනවා අපෙ ගෙදර දිහාට.."


මාලතීට සරත්ට ඉන්න කියන්න හිතුනත් සරත්ට පවුල් ජිවිතයක් තියනවා කියලා දන්න නිසාම නිහඬව දොර වහ ගත්තා 


🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱


" කොහෙද යන්නෙ ත මු සෙ? ඇයි පාරෙ නිදි?"


එක කො/ල්/ලෙක් මගෙන් අහද්දි මට ඉබේටම ඇඩුනා..


" මේ මොකෝ.. අපි බැන්නෙ නෑනෙ? නැද්ද බ/ං ?"


" ඒකනෙ.. කෝ අම්මා? අතරමං වෙලාද ඉන්නෙ?"


මම මුකුත්ම නොකියා කෑ ගහලා ඇඩුවා.. බීපූ මිනිස්සුන්ට මොනා තේරුම් කරන්නද? 


" අපෝ අපි යන්නම්..වාහනේ එද්දි ඔයාව දැක්කෙ .. අපි හිතුවෙ වාහනේකට හප්පලා දාලා ගිහින් කියලා.. කොහෙද යන්නෙ ඔයා?"


මම දන්නෙ නෑ කියන්න ඔළුව හෙල්ලුවා.. හිතන තරම් බො /න හැම මනුස්සයාම නරක නැ..ඒත් මම කාවද විශ්වාස කරන්න ඔනී? 


මට දැනුනෙ උගුර දැවිල්ල එක්ක ආයෙ වමනෙ යනවා.. මට වමනෙ ගියෙ *ලේ පාටට. 


" මචං මොනා උනත් ලොකු කේස් එකක්.. හොස්පිටල් ගෙනියමුද?"


" ඔව් දා ගනින්.. මගෙ දැනුම එක්ක ළමයා බය වෙලා ඉන්නෙ.. "


ඒ අපූ අයගෙන් කෙනෙක් මාව අරන් ගිහින් වාහනේට දැම්මා දුවන්න උනත් පණ තියෙන්න ඕනි නිසාම මම වතුර ඉල්ලුවා.. 


ලොකු වතුර බෝතලෙන් කට සෝදලා වතුර ඇති වෙන්න බිව්වා...


මේ ඉන්න අයගෙන් මට කරදරයක් නෑ කියලා හිතුනා.. මගෙ ගෙදරට යන්න මට උවමනාවක් නෑ.. ඒ නිසාම මම ගමට යන විදිය දන්නෙ නෑ වගෙ ඉන්න තීරණය කරා..


" ඔයා කෙහෙද ?"


හිතුවා වගේම ඒ ප්‍රශ්නය ඇහුවම මම ඔළුව හෙල්ලුවා..


" කොහොමද මෙහෙ ආවේ?"


මේ ටිකේම උන දේවල් හැම දේම සරත් මාමා මංගල කිංකිණි වල තිබ්බ කසාදෙ කිව්ව එක නැන්දා මාමා ආව එක වාහනේදි මට ඇහුන එක ඔක්කොම මම කිව්වා..


කට්ටියම නිහඬව අහන් ඉදලා


" අම්මො මට වෙ රි බැස්සා බ ං.කවුද මෙයාව ගේන්න ඇත්තෙ? ඒක නෙමෙයි වයස කීයද?"


" විසි දෙකයි.."


" මරු මම අපි හිතුවෙ පහලවක් වගෙ කියලා.."


මට මං ගැනම දුක හිතුනා.. කන්න අඩු නිසාම මගෙ හම කටු වලට ඇලිලා.. තාත්තා ඉන්න කාලෙ මම මහතයි සාමාන්‍යයෙන් ..ඒක හිතින් හිතද්දි පවා මට ඉකි ගැහිලා ඇඩුනා..


" ඔයාව පොලිසියට එක්කන් යන්නම්.. එහෙදි වෙච්ච දේවල් කියන්න.."


තව කෙනෙක් මැදට පැනලා


" පොඩ්ඩක් ඉදහන්කො.. අපි දන්න කෙනෙක්ද දන්නෙ නෑනෙ.. ඒ අපූ අය නමක් කිව්වෙ නැද්ද නංගි..කොයි වගේද ඒ මිනිස්සු?"


" ගෑ/ණු කෙනා තලඑලලු කෙනෙක්.. පිරිමි කෙනා ගොඩක් සුදුයි.. ගෑ/ණු කෙනාගෙ නම .. ම්ම් මට හරියටම මතක නෑනෙ.."


" හිමින් මතක් කරන්න.."


" ආ මහේශ්වරී .."


ඒ හිටිය හතර දෙනාගෙන ඇස් පුදුම විදියට ලොකු උනා...


" ඇ ඇයි ඔයාලා එයාලව දන්නවද අයියෙ?"


" න් නෑ නෑ එහෙම දෙයක් නෑ.."


" අපි පොලිසියට යනවද අයියෙ?"


" ම් ඕ ඔව් යං. හදීර් වාහනෙ ගනින්කො.. කුයින්ස් එක ගාවග යමන්කො ඉක්මනින් ...කේශික සංසාරට ටෙක්ස් එකක් දාහම් ශනික.."


🌱🌱🌱🌱🌱🌱🌱🌱


මතුවට ...



Report Page