ප්‍රෙහෙලිකා [episode 20]

ප්‍රෙහෙලිකා [episode 20]

~🌷පියූ🌷~



ප්‍රෙහෙලිකා





පෙර කොටසට





විසිවන ඉඟිය






කොහොම හරි අභී වැඩේට කැමති උනා... මම කීවෙ මේ චිත්‍රෙ අඳින්න ...... 🤣




කැන්වස් එපා... මගෙ ළඟ ඩ්‍රෝවින්ග් පේපර්ස් තියෙනව ...ඒව ගන්නම්....




එතකොට මේක 😒




ඒක පරිස්සමෙන් තියා ගන්නව 😂💔






ඒයි මම නෝට් කරන් හිටියෙ...ඔයා මහ කැත හිනාවක් දානව ඊයෙ ඉඳන්...😖




මේ ඔයාට ඇත්තටම මතක නැද්ද ඒ කොරිඩෝවෙ වැටිල හිටිය විදිහ😁😂




ඉල්ලෙ 🥲 නිනෛවිල් ඉල්ලෙ




😂 හොඳයි




හරි හරි බලනව ඇවිත් හුස්මක් ගන්න වෙලාවක් නෑ...තමුසෙ නම් මහ ඇනයක් ගෞරි ....දැන් කාව ද ඔය අඳින්නෙ....






කියන විදිහට අඳින්නකො....ඒක වැඩක් නෑනෙ 😒😒




පන්ඩිතකම නම් තියෙනව කියන්න ඉතින් ....


..ඔන්න අභී මම කියන විස්තර වලට චිත්‍රෙ අඳින්න පටන් ගත්ත.... මම එයාගෙ ළඟින් වාඩි වෙලා හිටිය...ඒ තියුණු ඇස්.... බැල්ම දිහා මං බලන් හිටියෙ වශී වෙලා වගේ.... මෙයාව දැක්ක ම මෙහෙම නිර්මාණාත්මක හැකියා තියෙනව කියල හිතන්න බෑනෙ.... හොස්ස ළඟින් මැස්ස ගියොත් හොස්සයි මැස්සයි දෙකම ලෙප්ට් ...😒 ඒත් බලන් යද්දි මේ කලාබර ආසියෙක්නෙ...😂♣️ ගැම්මක් තමා සන්කුට්ටො....








ඒයිය්ය්ය් මොන ලෝකෙද ඉන්නෙ .....කියනව ඉක්මනට 🙂 මෙහෙම ද...





ම්ම්ම්ම් අභී ඔයිට වඩා ටිකක් පළල් නලලක්..... ඕඕඕ අන්න හරි ඔහොම.......



ඇස්?



ම්ම්ම්ම් ලස්සන ජීවයකින් පිරුණු තියුණු ,දිලිසෙන ඇස්.....හරියටමම්ම්ම්ම්ම්ම් ඔයාගෙ වගේ 😳 ඕඕඕ ඔයාගෙ වගේ....



මොකක්....😐



ඕඕඕඕ...



හ්ම්ම්ම්ම්



මේ චිත්‍රෙ ටිකෙන් ටික සම්පූර්ණ වෙද්දි මට කියාගන්න බැරි සතුටක් ආවෙ..... 



ඇයි අභී නහය කට අඳින් නැතුව කොන්ඩෙ අඳින්නෙ...😒



🙂 තමුසෙ අඳිනව ද... මං මගේ ක්‍රමේට අඳින්න ද....



😒 දන් නැති නිසානෙ ඇහුවෙ ...ඕකට තරහ ගන්න ඕනෙ නෑනෙ .. හරි හරි ඕන විදිහකට අඳින්න 😒



කොන්ඩෙ මෙහෙම අභී...මෙහෙම බෙල්ල ළඟට මම මගේ කොණ්ඩය සකසමින් පෙන්නුවෙමි.....



ගෞරි ඔය වතුර එක දෙන්නකො බොන්න..... අභී කීවෙ භූමිකාගෙ මූනෙ 90%ක්ම සම්පූර්ණ කරන ගමන්...කට විතරයි අඳින්න තිබ්බෙ.... මම ඒ මූන දෙස ඉතා ඕනෑකමින් බලා සිටියෙමි .... වාව්... 



ගෞරි ලිප්ස්? 



😳 ආ? නී එන්න සොල්ලඩා? 😒



😂💔 ඕයි මම කිව්වෙ චිත්‍රෙ...😖ඉක්මනට කියනව...



ම්ම්ම්ම් පිරුණු ලස්සන තොල්... ලා හිනාවක්..... etc...මම විස්තර කළෙමි....



අභී අභී යෙන්නච්ච අභී මොකද මේ ... මොකක් හරි ප්‍රශ්නයක් ද... මම ඇහුවෙ වෙව්ලන අතින් පැන්සලත් අල්ලන් ඇසුත් ලොකු කරන් මගෙ දිහා බලන් ඉන්න අභිමාන්ගෙන්.... ඒ ගිනි ගහන ඇස් වලට මම බය උන් නෑ කිව්වොත් ඒක ලොකු බොරුවක් ......



අභී ඇයි මේ....



ඔහු ක්ෂණයකින් ඒ සිතුවම කැබලිවලට ඉරා දැම්මේය....අභී අනේ එපා...මගෙ චිත්‍රෙ අභී එපා ප්ලීස්ස්ස්ස් එපා ....අය්යෝ වේනාම් අභී.... වේනාම්....😭😭😭😭





කට වහනවාආආආආආ.... උමතුවෙන් මෙන් කෑ ගැසූ අභිමාන් මේසය මත තිබූ වතුර වීදුරුව පොලොවෙ ගැසූ අතර ගෞරි ඒ දෙස තුශ්නිම්භූත වී බලා සිටියා ය....


යනව එලියට ...මගෙ දෑහට නොපෙනී යනව ඕයි එලියට ....😡😡 යනවාආආආආආ...





අභී ඔයාට මේ මොන යකෙක් වැහිලද.....ඇයි මේ 😭😭





අයිසෙ ගෙට් අවූඌඌඌට්...😡





ගෞරි අභිමාන්ගෙ ස්වභාවය දන්නා නිසාත් ගින්නකට වතුර මිස පුලුන් නොදැමිය යුතු නිසාත් ඔහුගේ කාමරයෙන් පිටව ගියේ සිදුවූ දේ තේරුම් ගන්න උත්සාහ කරන ගමන් ය....



ඇයි මෙයා ඒ චිත්‍රෙ ඉරුවෙ...එකපාරටම මොකද උනේ.... මට මේ මොකුත් තේරෙන් නෑ.....ඇය ඩ්‍රෙසින් ටේබල් එක ළඟ වාඩි වී කැඩපත දෙස බලාගෙන ඇයටම කියා ගත්තා ය....











අභිමාන් දෑත් මත හිස තබාගෙන ගැඹුරු කල්පනාවක සිටි අතර නැවත බිම පුරා විසිරුණු සිතුවම් කොටස් ඇඳ මත තබා එකතු කලේය..... ඒ භූමිකාගෙ මුහුණේ කම්මුල් මතට වැටුණු අභිමාන්ගෙ කඳුල ඇගේ සිනාව පිටුපස තිබූ මහා වේදනාව මනාවට සටහන් කලේය..... 



ඇයි මේ දේවල් මේ විදිහට වෙන්නෙ.....ඇයි මටම මෙහෙම වෙන්නෙ..... අභිමාන් ඒ දෙස බලා මිමිනුවේය ......



ටිකකින් සන්සුන් වූ ඔහු ඔරලෝසුවේ රාත්‍රී නවය සටහන් වී තිබෙනු දුටු අතර ගෞරිගෙ කාමරයට ගියේ ඇය බෙහෙත් බීවද කියා බැලීමට ය.....





ඔහු අගුල් නොදැමූ දොරෙන් ඇතුල් වූ අතර ගෞරි ජනේලයෙන් ඉවත බලාගෙන සිටි නිසාත් වෙන කල්පනාවක සිටි නිසාත් අභිමාන්ව නොදුටුවා ය.....



ඈ වෙත ගිය අභිමාන් ගෞරිගෙ බඳ වටා දෑත් යවමින් ඈව වැළඳ ගත් අතර එයින් තිගැස්සුනු ඇය ඔහු දෙස බැලීය.... 



මොකද ඇසුත් ලොකු කරන් ආ.... බය ද...



ඇය කිසිත් නොකියා ම නැවත ජනේලයෙන් නුවරෙලියෙ කළුවර අහස මත කලාතුරකින් සටහන් වූ තරු එකක් දෙකක් දෙස බලා සිටියා ය....



ගෞරි ඔයා දන්නව ද එදා ඔයාව මුලින් ම දැක්ක දවසෙ අම්මයි දේශිකයි එකතු වෙලා මට මැරි කරන්න හොඳ කෙල්ලන්ගෙ ෆොටෝස් පෙන්න පෙන්න හිටියෙ....🤣 ඒ උනාට මගෙ හිත ගියේම එහා ටේබල් එකේ හිටපු පිස්සු මළ හෝන්තුවට..... ඒත් එදා හිතුන් නෑ ආයෙ මුන ගැහෙයි කියල..... කොහොම හරි දේශික නිසා ආයෙම අපි මීට් උනා.... 

ඒත් කසාදයක් ? නෑ කොහොමත් නෑ....අනික් මිනිස්සුන්ට පිටින් පේන ලස්සන මගෙ ජීවිතේ නෑ ගෞරි ..... සල්ලි දේපළ එක්කම මට මගෙ ජීවිතේ මරනෙත් ලියවිලා තියෙනව .....මට ආදරේ කරන මිනිස්සුන්ට වඩා ඉන්නෙ මාව මරන්න බලන් ඉන්න මිනිස්සු ගෞරි ..... ඉතින් ඒ ජීවිතේ අස්සට ඔයා වගේ නිදහස් සැහැල්ලුවෙන් ජීවත් වෙන කෙනෙක් දාගෙන එයාට දුක් දෙන්න මට ඕන උන් නෑ ..... ඒකයි එදා කීවෙ මේකට අකමැති වෙන්න කියල ...... ඒකයි ඔයාගෙන් ඈත් වෙලා ජීවත් උනේ.....ඒත් ඔයා දවසින් දවස මට ළං වෙනව ගෞරි .... මෙච්චර ඉවසීමක් මම කවදාවත් දැකල නෑ.... අභිමාන් ඈව වැළඳ ගෙනම කියාගෙන ගියේය.... 



ගෞරි කඳුළු පුරවන් මෙය අසා සිටියාය ...... සැබැවින්ම ගෞරි අභිමාන්ට ආදරේ කලා වුවද විවාහයට හේතුව භූමිකා ය.... ඇයට දැනුනෙ තමන් ලොකු වංචාවක් කලා වැනි හැඟීමකි..... 



ගෞරි දැන් මට ඔයාගෙන් තවත් ඈත් වෙලා ඉන්න බෑ..... මාවම රවට්ට ගන්න බෑ.... 



අභී.. මොනවද මේ කියන්නෙ ....🥹



මේ බලන්න මැනික.... අභිමාන් ඇගේ බලාපොරොත්තුවලින් දිලිසෙන ඇස් දිහා බලන් කතා කළේ ය.....



ම්ම්ම්



මම ඔයාට ගොඩාආආආක් ආදරෙයි ගෞරි .....මටත් නොදැනිම මම ඔයාට ආදරේ කරන්න පටන් අරන්..... ගෞරි කාලයක් තිස්සෙ අහන්න බලන් හිටපු වචන ටික අභිමාන්ගෙන් ඇහෙද්දි ඇයට දැනුනෙ කියාගන්න බැරි සතුටක්...... මුලු ලෝකෙම තමන්ට අයිති උනා වගේ හැඟීමක්..... 



කියන්න මට ආදරෙයි නේද ගෞරි ..... මට සමාවෙන්න ඔයා මං නිසා ගොඩක් දුක් වින්ද... තව ඉස්සරහටත් මොනව වෙයිද කියල මම දන් නෑ ගෞරි ..... 



අභී මොන දේ උනත් මම ඔයා එක්ක ඉන්නව අභී..... මම මේ දවස එනකන් මාසයක් තිස්සෙ බලන් හිටිය..... 🥹 ඒ කාලෙ මට නිකන් කල්පයක් වගේ..... මමත් ඔයාට ගොඩාආආආක් ආදරෙයි අභී...ගොඩාආආආක් .....




අභිමාන් ගෞරිගෙ දෙතොල් සිප ගැනීමට සැරසුනත් ඔහුගෙ ෆෝන් එකට දේශිකගෙන් ආ ඇමතුව සුන්දර මංගල රාත්‍රියක් පිළිබඳ ගෞරිගෙ බලාපොරොත්තු පොළොවට ම සමතලා කර දැමීය......



ඒ ඇමතුමෙන් පසු අභිමාන් හොඳට ම කලබල වී සිටියේ ය...



අභිමාන් මොකද්ද ප්‍රශ්නෙ ..

?





ඉක්මනට ලෑස්ති වෙන්න....ඔයාට අත්‍යාවශ්‍ය ම දේවල් ටික අරන්.... ටික කාලෙකට ඔයා මෙහෙන් යන්න ඕනෙ ගෞරි ......ඉක්මන් කරන්න....



අභී මේ මොකද වෙන්නෙ... මට තේරෙන් නෑ .... කොහෙ යන්නද... 





ගෞරි ප්‍රශ්න අහන් නැතුව කියන දේ කරන්න ...හරි අප්....ප්ලීස්



මම මගෙ ට්‍රැවලින් බෑග් එක රෙඩි කරගත් අතර අමතක නොකර ප්‍රෙහෙලිකාවයි අනිත් දේවල් ටිකයිත් එයට දමා ගත්තෙමි....මේ සිදුවන දේ කුමක් වුවත් මෙයට මුහුණ දිය යුතු ය.....





අභී දැන්වත් කියන්න ප්ලීස් .... 



ගෞරි ඔයාව එක්කන් යන්න දේශික එයි දැන් ..... එයා එක්කන් යන තැන පරිස්සමෙන් ඉන්න පුලුවන් ඔයාට..... හොස්ට්පිට්ල් යන්න ඕනෙ නෑ ...ඒ ගැන මම බලා ගන්නම් ඕකේ..... ආ මේ ෆෝන් එක ගන්න .... පාස්වර්ඩ් එක ඔයාගෙ බර්ත් ඩේ එක..... මගෙ නම්බර් එකක් සේව් කරල ති‍යෙනව....ඔයාගෙ ෆෝන් එකෙන් මට කතා කරන්න එපා.... මේ ෆෝන් එක පාවිච්චි කරන්න .... බට් මම කතා කරනකන් මේකෙන් කෝල් ගන්නත් එපා මට....



මේ සිදුවන දේ මට මෙරිගො රවුන්ඩ් එකක යනවා හා සමාන හැඟීමක් මෙන්ම හිස කරකවිල්ලක් ගෙනත් දුනි....



අහිමාන් එතකොට ඔයා එන් නැද්ද ....



නෑ...



කොච්චර කාලෙකට ද මම මෙහෙම හැන්ගෙන්න ඕනෙ.... 😭 ඇයි මේ...





සතියක්... මාසයක් ...අවුරුද්දක් වෙන්නත් පුලුවන් .....



මොකක්... හේතුව ...?



🙂 මම නිසා ඔයාට කරදරයක් වෙන්න දෙන්න බෑ ගෞරි .... ඇති...ආයෙ කිසිම දෙයක් අහන්න එපා... දැන් දේශිත එයි...කියමින් අභිමාන් මගෙ බෙල්ලෙ තිබුනු ශෝල් එක මගෙ මුහුණ වැසෙන සේ දැමුවේය....



පරිස්සමෙන් ඉන්න.... හරි ද.... ඔයාට මොකුත් උනොත් මට කවදාකවත් සමාවක් ලැබෙන් නැති වෙයි.....අභිමාන් කීවෙ මගෙ නලල සිප ගන්න ගමන්.....ඉක්මනින් ම මේ දේවල් විසඳන්නම් .... 





ඔයත් පරිස්සමෙන් අභී.....මගෙ හුස්ම ටික තියෙන්නෙ මෙතන...කියමින් ඇය අභිමාන්ගෙ පපුව මත අතක් තැබුවාය.... මේ පපුව ගැහෙනකන් මගෙ හුස්ම ටික තියෙයි..... ඒ හුස්ම පරිස්සම් කරන්න අභී...මම විශ්වාස කරනව ඔයාව අභිමාන්...ගොඩාආආආක් විශ්වාස කරනවා......



ඒත් සමඟම දේශික පැමිනියේ ය....වෙනද දකින සෙල්ලක්කාර විනෝදකාමී දේශික නොව අද මා දුටුවේ වෙනම ම අයෙකි.....මහා වගකීමක් පැටවුනා සේ හැඟීමක් ඔහු කෙරෙන් දිස් විය...... 



අයිය බය වෙන්න එපා....මම මෙයාව පරිස්සමෙන් ඇරලන්නම්... යමු නෑනො....


~මතු සම්බන්ධයි~






😁 ඔයාලට මාන්දමිකයි වගේ හැඟීමක් එනවද ළමයි......😂😂 මේ මොකත වෙන්නෙ...ප්‍රෙහෙලිකාව ? පුරවමු පුරවමු ඉක්මනට ම...




ආ තව දෙයක්...එපිසෝඩ් 19 තමා වැඩි ම කමෙන්ට් තිබ්බ එපිය.... ගොඩාආආආක් සතුටුයි 🥹 100+ තිබ්බ..... විවුස් එක්ක බැලුවම ඒක ලොකු ගානක්.... ඉතින් ගොඩක් ස්තූතියි මේ කතාවත් එක්ක ඉන්නවට..... 😁😁 ඉතින් අද ඊට වඩා කමෙන්ට් වැඩි උනොත් බෝනස් එකක් දෙනව.... 🌚 අනිවාරෙන් .... ශුවර් & ශොට් දෙනවාමයි....






මම




~🌷පියූ🌷~


Report Page