ප්‍රෙහෙලිකා [ episode 34]
~🌷පියූ🌷~ප්‍රෙහෙලිකා
තිස් හතරවන ඉඟිය
හයවන ඉඟිය
එක අකුරයි...එක හිස් කොටුවයි...
මෝරනු නොදී තෙවන දල්ල කඩපු අතේ...
වියලී තැලී පොඩිවී ගිය රතට රතේ....
මත්කර රසෙන් විඩා නිවා උන්ගෙ ගතේ....
රොඩු වී පස් වීලු උන් කනිසමට හතේ.....
මම ඒක දෙතුන් වතාවක් කියෙව්ව.... ම්ම්ම්ම් මම අහල තියෙනව තුන්වෙනි දල්ල නෙලන්නෙ තේ ගස්වලින් කියල..... අනිත් පද ටිකෙනුයි....මේ කවියෙ එලිවැට වෙන "තේ" කියන ශබ්දෙනුයි ඒක තහවුරු වෙනව..... උත්තරේ තේ....
ඒත් එක්කම මගෙ මතකෙට ආවෙ භූමිකාගෙ සොහොනට ටිකක් උඩින් පෙනුන ගජ්නායකලට අයිති වහල දාපු ටී ෆැක්ට්‍රි එක .....
අහ් මේ කවියෙ ව්‍යංගාර්තයක් තියෙනව කියල මට තේරුනා ඉක්මනට ම..... බලන්න
" මෝරනු නොදී තෙවෙනි දල්ල කඩපු අතේ"
මේ කියන්නෙ ලා බාල අයි මීන් නව යොවුන් වයසෙ වගේ ඉන්න කෙල්ලෙක් නේද... අනික කොච්චර කොල තිබ්බත් තේ ගහෙන් නෙලන්නෙ තුන්වෙනි දල්ල .... හොඳ ම ඒක නිසා ඒ.... අහ් ඒ කියන්නෙ ගොඩ දෙනෙක් අතරින් තේරුනු අවුරුදු 15..16 වුණු පිරිසිදු කෙල්ලෙක්....
( #ඒ කියන්නෙ මේ හැමදාම ලයිෆ් බෝයි ගාල නාන විශබීජ 99.9%ක් විනාස වුණු කෙල්ලෙක් නෙවෙයි හරි ද....)
වර්ජන්ට් කෙනෙක්.....
" වියලී තැලී පොඩිවී ගිය රතට රතේ...
මත්කර රසෙන් විඩා නිවා උන්ගෙ ගතේ...
රොඩු වී පස් වීලු උන් කනිසමට හතේ....."
ම්ම්ම් ඒ කියන්නෙ අහ් ඒ ගර්ල්ව රේප් කරල මරල වැලලුව කියලද.... 😖😖 ඒත් මොකද්ද මේ හතේ කනිසම ගැන කියල තියෙන්නෙ ...... මේ ටී ෆැක්ට්‍රි එක ගැන නම් කියන්නෙ .... අම්මගෙන් විස්තරයක් දැනගන්න බැරි වෙන එකක් නෑ....ඒත් මේ මහ රෑ කෝල් කරන්න බෑනෙ ...උදේ වෙනකන් ඉන්න වෙනව....
දෙය්යනේ මේ මනුස්සය තාම නෑනෙ .. 😐 කෝල් එකක් දුන්න නම් හොන ගහනව ද... 🥲 වෙලාව පාන්දර පහත් පහු වෙලා....😡 මගෙ ඇතුලාන්ත යක්ශනිය අවදි වෙලා හිටියත් ඒත් එක්කම හිතේ ලොකු බයකුත් දලු දාල තිබ්බ..... මේ රෑ හදිස්සියෙ කොහෙද ගියේ....අනික පිස්ටල් එකත් අරන්....
අයියෝ තයවු සෙයිද කඩවුලේ ඉවරෛක් කාක්ක වෙනුම්....[ අනේ දෙවියනේ එයාව ආරක්ෂා කරන්න ]
මම සාලයේ සෝෆා එක මත වාඩි වී අභිමාන් එනතුරු බලා සිටි අතර යන්තමින් ඇස් පියවීගෙන එද්දි ම ගැස්සී ඇහැරුනේ ෆෝන් එක රින්ග් වෙන සද්දෙට.....
අහ් දේශික...මේ වෙලාවෙ....සිතුවිලි දහස් ගානක් ඔලුවෙ හොල්මන් කරද්දි මම කෝල් එක ආන්ස්වර් කලා....
හෙ..ලෝ..
අහ් නෑනො ....ඔයා නිදාගෙන ද හිටියෙ ...
🥲😐 නෑ නෑ කියන්න
"මම ගේ ළඟ ඉන්නෙ වාහනේ ගන්න ගේට් එක ඕපන් කරන්නකො...."
" ආ... එතකොට අභිමාන් ? "
"ඉක්මනට ගේට් එක අරිනවකො ඇවිත් "
🌷🌷🌷🌷🌷🌷
" අහ් අභී මේ මොකද අභී මේ.....🥺 ...." ක්ශනයකින් මගෙ මුලු ඇඟම පණ නැති උනා වගේ දැනුනෙ අභිමාන් ව දැක්කම...
" සොල්ලුන්ග අභී.... මේ කොහොමද මෙහෙම උනේ.... ඔයාගෙ ශර්ට් එකේ මෙච්චර ලේ?"
එන්න මෙතනින් වාඩි වෙන්න...මම කීවෙ අභිමාන්ව වත්තන් කරන් සෝෆා එක ළඟට යන ගමන්....
"අහ් නෑ නෑ ගෞ..රි කල..බල වෙ..න්න එ..පා... බෙහෙත් දාගෙන නෙ ආ .වෙ . රූම් එකට යමු....."
" හ්ම්ම්.. එන්න...හරි... පරිස්සමෙන් ..... අහ් හරි වාඩිවෙන්නකො .... අභී මේ ශර්ට් එකේ මෙච්චර ලේ ගෑවුනේ කොහොමද .....
මම අභිමාන්ගෙ ශර්ට් එකේ බටන්ස් එකින් එක ගැලවූ අතර..
" මේ මොකද මේ කියන්න ප්ලීස් ...දේශික ඔයාවත් කියන්න ....." මම කෑ ගැසුවෙ අභිමාන්ගෙ පපුවට පහලින් තිබ්බ වෙලුම හින්ද...
"සොල්ලුන්ග අභී.... සොල්ලුන්ග .... "
"පි...හි...පාරක් " අභිමාන් මගෙ ඇස් මඟ අරිමින් පිලිතුරු දුන්න ....
"😳 මොකක්....."
"අහ් නෑනො මැහුම් දාන්න තරම් ගැඹුරට කැපිල නෑ කීව...බෙහෙත් දාගෙනනෙ ආවෙ මෙන්න බොන්න දීපු බෙහෙත්...."
දේශික කීවෙ සාක්කුවෙන් ඇදල ගත්ත බෙහෙත් කවර ටික මගෙ අතේ තියන ගමන්....
"අහ් ගෞරි අඬන්න දෙයක් නෑනෙ... මම ගෙදර ආවනෙ....."
"හ්ම්ම් මම කිසිම දෙයක් දැනගන්න ඕනෙ නෑ? "
ඒකනෙ ඔයාල කියන්නෙ එහෙමනෙ....
" පොඩි ෆයිට් එකක් ගියා ගෞරි.....ඩ්‍රයිව් කරන් එන්න අමාරු නිසා මල්ලිට කෝල් කරා...හොටෙල් එකේනෙ හිටියෙ...ආව ඉක්මනට ....."
"හ්ම්ම් ...(පුදුමයි සිහියෙන් හිටපු එක ...)
ටිකකින් අභිමාන්ගෙ තාත්ත ආව ....ගොඩක් තරහින් හිටියෙ.....
"අභිමාන් උඹෙ හිතුවක්කාර වැඩවල සීමාවක් තියා ගනින්.... මම එපා කියපු දෙයක් ගැන ඇයි මේ තරම් හොයන්නෙ උඹ ? "
" කවුරුත් හොයන් නැත්තම් මං හරි හොයන්න ම වෙන්වනෙ"
අභිමාන් අමාරුවෙන් ඇඳේ වාඩිවෙන ගමන් එයාගෙ අර කින්ඩි හිනාව දාල තාත්තට කීව.... මම කවදාවත් එයා තාත්තට ඔහොම කතා කරනව දැකල නෑ... මේ පුතාල දෙන්නම තාත්තට ගොඩක් ගරු කරනව....
ඒ නිසා ම මමත් ඇස් ලොකු කරන් දේශික දිහා බැලුවෙ ඊළඟට වෙන්න යන දේ හිතාගන්න බැරුව.... ඒත් ඒ මනුස්සයගෙනුත් ප්‍රතිචාර ඉල්ලෙ...🙂
" මැරුණු උන් මැරිල ඉවරයි ...ජීවත් වෙලා ඉන්න උන් රැකෙන්න ඕනෙ කියල උඹට තේරෙන් නැද්ද ....?උඹට මොනව හරි උනානම් අර ගෙදර ඉන්න අම්ම පපුව පැලිල මැරිල යයි....අවුරුදු විසි ගානක් උස් මහත් කරල හැදුවෙ එක එකාගෙන් මැරුම් කන්ටද ඕයි"
"තාත්ත මම කරන්නෙ මගෙ රාජකාරිය .... අනික ඔයාටත් ඕන උනානෙ මාව ඒ.එස් පී කෙනෙක් කරන්න..."
" යකෝ මමත් අවුරුදු තිස් ගානක් ඔය රස්සාවෙ හිටිය... ඒත් වෙලාව එනකන් ඉවසන්න පුලුවන් වෙන්න ඕනෙ... හරි තීරණේ හරි වෙලාවට ගන්න පුලුවන් වෙන්න ඕනෙ...."
" මිනීමැරුමක් සුයිසයිඩ් එකක් කියල වහල දාපු එක ද මහ ලොකු හරි තීරනේ? " අභිමාන් තරහින් දත්මිටි කකා ඇහුව.....
" මම හිටපු තැන උඹ හිටිය නම්..උඹ කරන්නෙත් ඒක...දරුවෙක් ඉන්න කාලෙක තේරෙයි මේ තාත්තා එදා එහෙම කරේ ඇයි කියල...ඒ නිසා උඹ භූමිකාගෙ මරණෙ යටගියාව හාරන එක නවත්තපන් අභිමාන් ☝️ඒ වගේම තමුසෙගෙ නෝනටත් කියපන් ඕනෙ නැති දේවල් හාර අවුස්සල මේ පවුල විනාස කරන්න එපා කියල"
ඒ කතාව මට ද පිහියෙන් ඇන්නා සේ දැනුන අතර තාත්තා මේ කියන්නෙ අම්මගෙයි දේශිකගෙයි ඩී එන් ඒ ටෙස්ට් කරපු එක ගැන කියල මට තේරුනා.....
"එයාගෙ වැරැද්දක් නෑ තාත්තා...අනික මම මේ කේස් එක ආයෙම ක්ලෝස් කරන් නෑ.." අභිමාන් ස්ථීර හඬින් දැඩිව කිව්ව.....
" අයිය මේක ක්ලෝස් කරත් කීයටවත් මම මගෙ අම්මවයි නංගිවයි මරපු එකාව අත අරින්නෙ නෑ තාත්තා "
හැමෝව ම පුදුම කරල දේශික එහෙම කීයද්දි තාත්තා මගෙ දිහා මහ කලකිරීමකින් වගේ බැලුවෙ මම ඒ ගැන දේශිකට කියන්න ඇති කියල හිතල වෙන්න ඕනෙ....
මමත් පුදුම වී සිටි අතර හිස දෙපසට සොලවමින් තාත්තට ප්‍රතිචාර දක්වලා අභිමාන් දිහා බැලුව ......
" ඔව්...මමයි කීවෙ... මූ පොඩි එකෙක් නෙවෙයිනෙ ..ඕක හන්ගන්න..."
"උඹල ඕන දෙයක් කරගනින්... මම හිත හදා ගන්නම් මට ඉන්නෙ අවුරුදු 16 පොඩි කෙල්ලක් විතරයි කියල හිතල... " කියල තරහින් කියපු තාත්ත මගෙ මූනවත් බලන් නැතුව ගියා....
" ඔය තරහ නිව්නම ඕක ශේප්..ගනන් ගන්න එපා නැනො...😉" දේශික ඔහේ ඇඟට පතට නොදැනී කියල දැම්ම.....ඒත් අභිමාන් නම් හිටියෙ අව්ලින් කියල තේරුන මට....
" අභී දැන් ටිකක් රෙස්ට් කරන්න....හිතන්න එපා ඒ ගැන... "
"රෙස්ට් කර කර ඉන්න වෙලාවක් නෑ ගෞරි .... මේ ප්‍රශ්නෙ ඉක්මනට විසඳමු....අපි තුන්දෙනා ම එකතු වෙලා" අභිමාන් කීවෙ දේශික දිහා බලන ගමන්.....
" හෝව් හෝව් තුන් දෙනා නෙවේ හතර දෙනා" දේශික එහෙම කිව්වම අභිමාන් කන්ෆියුස් වෙලා මගෙ දිහා බැලූ අතර...😳
මමත් මගෙ කුස දෙස ඉතා හැඟීම්බරව බැලුවෙ
දෙන්න තුන් දෙනා වෙන්න යන මඟුලක් නිසා නෙවෙයි ...ඊයෙ රෑ හතේ ඉඳන් බඩගින්නෙ නිසා...🙂 බැඳල මාස එක හමාරෙන් ළමයි හදන්න පිස්සුය......🥲
"ආ පයිත්තියමා ? හතරක් වට්"
" මට විනාඩි දහයක් දෙන්නකො...😁 එක්කන් එන්න්ම්... එතකන් නෑනො අර ඔයාගෙ රස ම රස මසාල ටී ලෑස්ති කරන්නකො.... " කියල සින්න් ගාල ගියා මූ... ( සද්දෙ වෙනස් වෙන්න පුලුවන් හැබැයි )
කිව්ව වගේ ටිකකින්..... අපෙ ඉස්සරහ දොර ළඟ දේශික එක්ක පෙනී සිටියෙ... සුන්දර තරුනියක්.... දෙව්ලොවින් ආවාආආදෝඕඕඕ....සතුට ගෙන වැඩියාආදෝඕඕඕඕ.... 🥲 මිත්තනියගෙ වස්ත්‍රෙ ...
"ලතික උඹ 😳?" වික්සිප්ත උන්ග බුන්ග අල්ට්‍ර ප්‍රෝ මැක්ස්....
" 😐 සොරි බන් උඹට කියන්න බැරි උනා... දැන් කියන්නම් හැමදේම ....."
"මොකක් උඹ දේශිකව දන්නෙ කොහොමද ...."
"🤣අම්මෝ නෑනේ ඕව කතා කරමු ..හුස්මක් ගන්නවත් දෙනවකො....අනාගත නෑනට "
🙄 ඔව් හරි ඇත්තවශයෙන් ම මට මේ කිසිවක් තේරෙන් නැත... හරි ඒ කියන්නෙ මේ මගෙ නෑන....මේ අරෝහරා අමධ්‍යප වෙන්න හේතුව මෙයා ද ඒ කියන්නෙ ....වෙන්න පුලුවන් ඕකිගෙ කට ගැන දන්නවනෙ.....
අපි හැමෝම තේ බිබී අපෙ බෙඩ් රූම් එකේ හිටියෙ අභිමාන්ට පඩිපෙළ බැහැගෙන ආයෙම ලීවින්ග් රූම් එකට එන්න අමාරු නිසා....
"කියපන් දැන්වත් 😒"
ලතික හඬ අවදි කරන්න පටන් ගත්ත....
" එදා ඔයයි අභිමානුයි ගියාට පස්සෙ බංගලාවේ අනිත් හැමෝමත් කොහෙදෝ ගියා...මායි මංගලික ඇන්ටියි විතරයි හිටියෙ.... ඉතින් මම මංගලික ඇන්ටිටත් කොලේ වහල මිස්ටර් ගජනායකගෙ ඔෆිස් රූම් එකට රින්ගුවෙ බන්ගලෝව් එක ගැන විස්තර හොයන්න තිබ්බ ආසාවට...."
"මම කීව උඹට එපා කියල 😡 මම පස්සෙ හොයල දෙන්නම් කීවනෙ " මම කෑ ගැසූ අතර ලතික සුපිරිවිකී සිනාව දැම්මෙ මාව තවත් තරහ ගස්සල.....
" අහපන්කො ඉතින්... මම ඒකෙ තිබ්බ ලොග් බුක් ටික බල බල ඕන ඒව ලිය ලිය හිටියෙ මගෙ රිසර්ච් එකට.... ෆෝන් එකත් නෑනෙ ඉතින්....😒 "
" ඒයි එක අන්ශකයක් හරි ඔලුව පිටිපස්සට හැරෙව්වොත් කුඩු වෙන්න වෙඩි තියනව " කවුදෝ මගෙ ඔලුව පිටිපස්සෙ ඉඳන් කෑ ගැහුව.. ...
මගෙ ඔලුවට පිස්තෝලයක් තියල තියෙන්නෙ කියලත් මට දැනුන නිසාම මම හැරුන් නෑ....දාහකට ගහන්න කට තිබ්බට ඒ වෙලාවට බයයි... අපෙ අම්මට ඉන්නෙත් මම විතරයි අනික....
" යුවර් නේම්...? "
" ල..ති..ක... "
" අයි මීන් ෆුල් නේම් 😡?"
" ලතිකා ගංගාධරී රත්නායක "
" සෝ කැන් යූ කිස් මී ස්වීට් හාර්ට්...."
ඔන්න ඕක ඇහුනම තමා මගෙ රතු කට්ට පැන්නෙ....
"වට් ද හෙල් යූ ආර් ඩුයින්... " පිස්තෝල මඟුල් අමතක කරල මම හැරුනෙ දෙන්න හොඳ කම්මුල් පාරක්.....
" අ..හ්..දේ..ශි...ක...." ඔව් දේශික තමා හිටියෙ පිස්තෝලෙ වගේ ඇඟිලි දෙකක් මගෙ ඔලුවට අමෝරන්.....ඒ වෙලාවෙ තමා මතක් උනේ මම මේ ගෙදර වැඩකාරි විදිහට ඉන්නෙ... මම අකුරක්වත් බැරි ලතික කියල...🥲💔
" ඔහ් හෝ මැඩම් ඔයාට අකුරු බෑ.... ඉන්ග්ලිශ් ෆැරග්‍රාප් පිටින් බ්‍රිෆ් කරනව නේද.... යකෝ බනින්නෙත් කඩ්ඩෙන් ..... 🥲😂 කියනව,මොනවද මෙහෙ කරන හොර වැඩේ"
" නෑ මේ මං මේ...."
" මම තමුසෙ දැක්ක දවසෙම හිතුව තමුසෙ ඔය කියන විදිහෙ අහින්සක දුප්පත් මෝඩ කෙල්ලෙක් නෙවෙයි කිය්ල....දැන් ඇත්ත කීවෙ නැත්තම් පොලිසියට අල්ලල දෙනව... හැබැයි මෙහෙම නම් ප්‍රශ්න කරන එකක් නෑ චූටි..."
" අනේ නෑ...ප්ලීස් එපා..... මම මෙහෙන් හෙටම යන්න ඉන්නෙ.... ප්ලීස් ...."
මට හැමදේම කියන්න උනා බන්.....ඒත් මෙයා පොරොන්දු උනා කාටවත් කියන් නෑ කියල.... පස්සෙ ඉතින්න්න් අපි.... මැසේජ් කරා....🙈 මීට් උනා ...... හී හී....
"🥲හ් ම්ම්ම්ම් හරි හරි මයි කන්ග්‍රැජුලේශන් ලතිකෝ...මගෙ නෑන පොඩ්ඩ.."
" නංගි මේ මුගෙ බීම නවත්තපු එක නම් ලොකු දෙයක්...." අභිමාන් කීවෙ හිනාවෙවී.....
කොහොම හරි සුහද සාකච්ඡාව අවසානයෙ අපි ආව අභිමාන්ගෙ ඔෆිස් රූම් එකට.....😒 මට ආයෙත් අර ප්‍රෙහෙලිකා සීන් එහෙම දේශිකට පැහැදිලි කරන්න උනා.....
" අභී ඊළඟ ඉඟියෙ උත්තරේ තේ කියන එක... මට හිතෙන්නෙ ටී ෆැක්ට්‍රි එක සම්බන්ධ දෙයක් තියෙනව ....ගර්ල් කෙනෙක්ව රේප් කරපු සිද්ධියක් හරි මොකක් හරි......" මම ප්‍රෙහෙලිකාව පැහැදිලි කරමින් කීව....
" අහ් ඒක භූමිකා දැනගත්ත නිසා ද දන් නෑ එහෙනම් සුසන්ත භූමිකාව මැරුවෙ..." එහෙම කීවෙ ලතික...
" ඔව් වෙන්න පුලුවන් නංගි .."
"අභිමාන් ...අපෙ අම්ම කීවනෙ සුසන්තගෙ කටහඬ අඳුර ගත්ත කියල..... ඉතින් ඒක සාක්ශියක් කරගෙන ඇරස්ට් කරන්න බැරිද? "
" බෑ ගෞරි ..... ඒක ප්‍රබල සාක්ශියක් වෙන් නෑ..... ඒත් මිනිහම පාපොච්චාරණයක් කරොත් ..... අයි මීන් වොයිස් රෙකෝඩ් එකක් වගේ..... ෆින්ගර් ප්‍රින්ට් තරමටම වොයිස් එකත් හොඳ සාක්ශියක් ....." අභිමාන් කීවෙ පුටුවට බර වෙලා කල්පනා කරන ගමන්...
" ඒත් කොයි මිනිහ ද තමන් කරපු වැරදි පිලිගන්නෙ... හැබැයි ඇරෙස්ට් කරල දෙක තුනක් ඇන්න නම් වමාරයි..." දේශික කීවෙ දත් මිටි කන ගමන්....
" එහෙම මිනිසුන්ව හේතුවක් නැතුව කූඩුවෙ දාන්න බෑ බන් 🥲 අනික එහෙම උනොත් වැඩේ වන වෙනව....."
" අභිමාන් සයිකොලොජිකලි ගත්තහම මනුස්සයෙක්ගෙ තරහ ඇවිස්සුවොත්...එයාට උපහාසයෙන් කීවොත් නිකන් මේ ප්‍රතිවාදියා මානසික ව වට්ටනව වගේ එකක් කරොත් එයා පාපොච්චාරණය කරන්න සම්භාවිතාවක් තියෙනව ..." නිකන් " උඹ මං ගැන දන් නෑ මම මෙහෙම කරා අරෙහෙම කරා වගේ" මම පැහැදිලි කලා...
"ම්ම්ම් ඒක හොඳ අදහසක් ගෞරි ....ඒත් ඔයා ඒකට කැමති ද.... "අභිමාන් සැකෙන් වගේ මගෙන් ඇහුව......
" අනිවාරෙන් 😏 මම එයාගෙ දුව කියල දැනගත්තම.... කොහොම දැනෙයි ද....."
"හරි එහෙනම් අද රෑ මිනිහට කෝල් කරමු.... ඊට පස්සෙ හෙට මීට් වෙන්න ඕනෙ කියමු...ඉතිරි ප්ලෑන් එක රෑ ක්ලියර් කරගමු.."
🌷🌷🌷🌷🌷🌷
" සුසන්තගෙ පුතා එහෙමත් නැත්තම් මදාරගෙ අයිය... විශ්ව වීරවර්ධන ..... "
"මිනිහ රටනෙ අයිය ඉන්නෙ" බාධා කලේ දේශික
" නෑ මම උට වීඩියෝ කෝල් එකක් ගත්ත එදා බිස්නස් වැඩකට කියල.... මිනිහගෙ පිටිපස්සෙ තිබ්බ ඔරලෝසුවේ වෙලාව ලංකාවෙ වෙලාවමයි...🤣 මෝඩය ඕකට ඒක මීටර් උන් නෑ.... කොරිය ඉන්නව නම් එහෙම වෙන්න බෑනෙ....🙂
මේ තියෙනව ස්ක්‍රීන්ශොට් එක....
එය සැබෑවකි ....ඒ ස්ක්‍රීන්ශොට් එක ඇරන් තිබූ වෙලාවත් එහි තිබූ විශ්වගෙ වෝල් ක්ලොක් එකේ වෙලාවත් එකක් බව සූම් කරල බැලුවම තේරුන.....ලතිකාත් අභිමාන්ගෙ ෆෝන් එකට එබුන අතර...
" පොඩ්ඩක් ඉන්න අහ් අභිමාන් අයිය මෙයා බන්ගලාවට දෙපාරක් විතර ඇවිත් තියෙනව ..... මම හිතුවෙ බිස්නස් වැඩ වලට එන කෙනෙක් කියල...."
" අහ් හොඳට ම ශුවර් ද නංගි....මොකද මම එහෙ හැම වෙලාවෙම ආවෙ ගියේ මූ කොයි විදිහකින් හරි මාට්ටු වෙයි කියල..... එදා ගෞරි බය වුන වෙලාවෙත් කිව්වනෙ කවුරු හරි හිටිය බදාගත්ත කිය කිය..... ඒ මූ තමා අනිවාරෙන් එහෙනම්. අපරාදෙ එදා අල්ලගන්න තිබ්බ මූව....."
" අහ් අභී ඔව් මම කිව්වනෙ කවුරුහරි හිටිය කියල.... ශී ඒ මිනිහ මාව හග් කරා... ඔහ් හව් ඩිස්ගස්ටින්...."
" අභිමාන් අයිය හැබැයි එයා ආව එක වෙලාවකවත් මිස්ටර් ගජනායක හිටියෙ නෑ...අනික ඒ මනුස්සය මහ කුකුලෙක්...මට කීව දැලි කුණු අතගාන් නැතුව කරන්න පුලුවන් රස්සා තියෙනව ඕන තරම් ඕන් නම් හොයල දෙන්නම් කියල...තව කිව්ව...ඒව කියන්න බෑ අයිය.....ලතික කීවෙ අපෙ ඇස් මඟ අරිමින්...."
"ඒත් ඇයි අභී එයාව හොයන්නෙ "
" මිනිහ මදාරගෙ සැලෝන් එකේ වැඩට කෙල්ලො ගන්න මුවාවෙන් පොඩි කෙල්ලන්ව හැට පැනපු නාකින්ට විකුනව.... පො$&& තිරිසනා .... ඕකව ෆලෝ කරා අපි මාස ගානක්.... ඊයෙ අතටම අහු උනත් පැනගත්ත මිනිහ.....උගෙ ගැන්සියෙ එකෙක් තමා මට පිහියෙන් ඇන්නෙ.... ඒත් පොර අනිවාරෙන් ඉන්නෙ මේ ස්ඳතැන්න සීමාවෙ....හැන්ගිලා ඇති වල් පරය කොහෙ හරි ගුබ්බෑයමක.... අපි මෙහෙන් එලියට යන වාහන චෙක් කරන්න දාල තියෙන්නෙ...."
"හරි අයිය දැන් මොකද අපි කරන්න ඕනෙ? ඔයාට ඔහොම කොහෙවත් යන්නත් අමාරුයිනෙ....රෙස්ට් කරන්න " එහෙම කීවෙ දේශික ...ඒ කතාව ඇත්ත ....අභිමාන් හිතේ හයියට දත කාගෙන හිටියට එයාගෙ තුවාලෙ ගොඩක් රිදෙනව කියල මූනෙන් ම පේනව......
දේශික උඹ ගිහින් ඉක්මනට ගජනායක අන්කල්ව බන්ගලාවෙන් එලියට ගනින් මොනව හරි කරල...... ආරක්ෂාව හොඳ තැනකට එක්කන් යන්න...මම නම් කියන්නෙ නුවර අපෙ ගෙදර එක්කන් යන්න.... ගිහින් බෙහෙත් ඇරන් දෙන්න.... මදාරල දෙන්නෙ වැරදි බෙහෙත්..... ඒ මනුස්සයව මරා ගන්න .....
ඒත් අනිවාරෙන් විශ්ව දන්නවනෙ මම ඌව ෆලෝ කරනව කියල.... ඕක දැන් කියයි අනිවාරෙන් සුසන්ත .....උන් සත්තු වගේ ....ඒ හින්ද අම්මලට පරිස්සමෙන් ඉන්න කියන්න මේ දවස් දෙක තුන ..... ගෞරි ඔයත් අම්මලටයි අක්කටයි කියන්න ...මම අපේ අය ව කැශුවල් දාල ඉන්නෙ ඒ සයිඩ් එකේ... බය වෙන්න දෙයක් නෑ
කොහෙවත් යන්න එපා කියන්න......
ලතික පුලුවන් නම් මීට අවුරුදු ගාආආආනකට කලින් පබ්ලිශින් එක නවත්තල දාපු පිනිමුතු නිව්ස් පේපර් එකේ ඔව්නර් ගැන විස්තර හොයාගන්න බලන්න ....
දේශිකයි ලතිකයි පිටත් උනා... ලතික නම් උඩින්ම ඩියුටිය භාර ගත්ත .... ගැලපෙන අය හමු වෙනවා ඒක ලොවේ සොබාව...😂❤️ මැචින් කපල්....
" ම්ම්ම්ම් ඕකේ ඒ එස් පී අභිමාන් ජයබාහු .... දැන් උදේට කෑම කාල බෙහෙත් බීල.... බැන්ඩේජ් එක චේන්ජ් කරමු නේද..... "
"හ්ම්ම් ... තාත්තා කියපු දේවල් හිතන්න එපා ගෞරි ...."
" නෑ අභී අපෙ දෙමව්පියො හැමවෙලේම උත්සාහ කරන්නෙ අපිව ආරක්ෂා කරන්න ....පස්සෙ තාත්තට කතා කරමු අපි....."
"ගෞරි ..."
"ම්ම්ම්ම්"
"අයි ලව් යූ සෝ මච් මැනික.."
"අයි ලව් යූ ටූ...." මම කීවෙ අභිමාන්ගෙ නලල සිප ගන්න ගමන්....ඉක්මනට හොඳ වෙයි අභී.....
🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
අභිමාන් ඇයි පිනිමුතු පේපර් එකේ ඔව්නර් ගැන විස්තර ?
මේකයි ගෞරි .... භූමිකා ආන්ටි මැරේජ් එකෙන් පස්සෙ කනෙක්ශන් තියාගත්ත එකම කෙනා මේ ඕනර් මම හිතන විදිහට ...... සමහර විට ගජනායක අන්කල් ඒ ගැන වැරදි වැටහීමක් ඇති කරගන්න ඇති......
එදා සොහොනට ආව අයගෙ ඔයා වීඩියෝ කරපු වීඩියෝ එකේ ඉන්න හැමෝම මම දන්නව..... බිස්නස් පාර්ට්නර්ස්ල..... ඒත් එක්කනෙක් විතරක් දන් නෑ.... ම්ම්ම් කෝ ඉන්න... මේ ඉන්නෙ...මෙයා.... මම හිතන්නෙ මේ තමා පිනිමුතු නිව්ස් පේපර් එකේ ඔව්නර්.... එහෙම නැත්තම් මේන් ඕතර්...."
" අහ් වෙන්න පුලුවන් අභී..... ලතික විස්තර හොයා ගයි අනිවාරෙන් ....තනියම මේ ප්‍රශ්නෙට මූන දෙනවට වඩා කණ්ඩායමක් විදිහට මේකට ෆේස් කරද්දි ලොකු හයියක් නේද අභී එක.."
"ඔව් ...අනිවාරෙන් ගෞරි ....දේශික සෙල්ලක්කාරයි ෆන් එකේ ඉන්න බලන්නෙ....ඒත් මට ඕන දේකට බොක්කෙන්ම සපෝට් කරනව... ලතික නිසා හරි උගෙ ජීවිතේ පිළිවෙළක් වෙන එක ගැන සතුටුයි....
ගෞරි ප්‍රෙහෙලිකාව අරන් එන්නකො.... ඒක ඉක්මනට විසඳගත්තනම් අපිට ලේසියි.....ටී ෆැක්ට්‍රි එක ගැන තියෙන අවුල ලිහෙයි සමහරවිට ඊළඟ හින්ට් එකෙන්...." අභිමාන් කීවෙ ඇඳ වියලට හේත්තු වෙලා කල්පනා කරන ගමන්...... සමහරවිට අපෙ ජීවිතත් අර සාමාන්‍ය රටාවෙම තිබුන නම් බෝරින් වෙයි....කොහොම හරි මම මේ අවධානම් වැඩි ජීවිතේට හුරු වෙලා තිබ්බ දැන්.....
"ම්ම්ම් මොකද අභී ප්‍රෙහෙලිකා ව කන්න ද හදන්නෙ..... 😐"
" නෑ ගෞරි මට මේ ප්‍රෙහෙලිකා ස්ට්‍රක්චර් එක හුරුයි වගේ.... ඒ කියන්නෙ මේ හැඩේ....අනේ මන්ද....මොක්ද්දෝ හුරු ගතියක් තියෙනව ....අහ් ඕනෙ නෑ ඊළඟ හින්ට් එකට යමුකො...."
මම කවි අතිරේකෙ අභිමාන්ට ඇසෙන සේ කියෙව්වෙමි
අංක හත
ප
හ
ල
ට
එංගලන්ත රටේ හිටපු ක්‍රීඩක පිරිසක්...
පෝලිමකට හිටගත්තලු නැතේ පිළිවෙළක් ....
අංක දහතුනලු මුලින්ම මැදින් අංක එකත්.....
අන්තිමේට හිටගත්තලු අංක දාසයත්.....
පුහුණු කරු ඇවිත් බැලුවලු නෑනෙ පිළිවෙළක්....
මුලු පෝලිම කනපිට දා හදපි පිළිවෙළක්......
~ මතු සම්බන්ධයි~
❤️ සතියක් කීවෙ බොරුවට 🙈😂 එහෙම කරන් නෑ.... හරි ඔන්න මගෙ කතාවෙන් ඔයාලයි මමයි හම්බෙන අන්තිම දවස් දෙක තුන මේ...🌷❤️ ඉතින් තව මොනව කියන්නද.... හැමදාම වගේ ගොඩක් ආදරෙයි ....කතාව එක්ක ඉන්න ඔයාල හැමෝටම ......අන්තිම දවස් තුන... කමෙන්ට් බොක්ස් එක ඔයාලට භාරයි.... 🥹 ඊළඟ එපිසෝඩ් එකෙන් හම්බෙමු..... ඉඟිය.... අයි කිව්.... ඉලක්කන් ටික ෆෝකස් කරන්න.... 😉
මම
~🌷පියූ🌷~