⋆⁺₊⋆☽⋆ නිල් පාට ආදරය ⋆☾⋆⁺₊⋆
╰𝔰𝔦𝔩𝔢𝔫𝔱 𝔱𝔬𝔫𝔢 ╮![](https://telegra.ph/file/13e7dc88ec00fa5b79885.png)
ආදරය,
අමුම අමු යථාර්ථයක්.දෙන්නෙක් දෙගෙඩියාවෙන් අත් අල්ලං ඉන්න එක පළවෙනිම හමුවීම්වලදි දැනෙන අපහසුකාරී බව,නිකංම නිකං කටහඩක් අහන්න තමංගෙ නින්ද කැපකරන එක,ඒ හැම අවස්ථාවකදිම ත ටිකක් වෙලා ඉන්න හිතෙන එක,එයා එක්ක ඉන්න ඕනාවට අනිත් අයට කියන බොරු කන්දරාව,අවසානෙට ඇස් වලින් කඩන් වැටෙන සමුගැනීමෙ කදුළු..මේකද ආදරය ?
දන්නෙ නැහැ.ඒත් අපි බලමු.
"පළවෙනි ගමනද"
එයා මගෙන් ඇහුවෙ ෆ්ලයිට් එක ටේක් ඕෆ් කරන වෙලේ මම සීට් එක කැඩෙන තරමට ඒකට හේත්තු වෙලා කලවට අත් දෙක තද කරං වේගෙන් හුස්ම උඩ පහල ගනිද්දි .මං යාන්තමට ඇහැක් ඇරලා මගේ මිනුමෙ හැටියට අංශක 5ක් 6ක් ඔලුව එයාගෙ පැත්තට හරවල උඩ පහල වැනුවෙ ඔව් කියන්න.එතකොටයි මං දැක්කෙ මගේ එයා පැත්තෙ හිටිය කෙනාව.
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නිල් ඇස් ඇත්තෙක්.ඒ ඇස්වල නිල් පාට දැක්ක හැටියෙම මං මගේ ඇස් ඒ ඇස්වලින් අයිං කරගත්තා.මාත් එක්ක කතා කරන්නෙ කවුරු උනත් ඒ අදාල කෙනා එක්ක ඇස්වල ඝට්ටනය මගාරින්න මං පුරුදු වෙලා හිටියා.පැය 11ක ගුවන් ගමන් ගත උනේ කිසිදු විශේශත්වයක් නැතුව.
"මේඝා"මගේ අයියගෙ කටහඩින් මං උඩ විසිඋනා.මං පිටිපස්ස හැරිලා බලද්දි අයියයි මගේ නෑනන්ඩියි එයාලගෙ බබයි මං එනකම් බලන් ඉන්නවා.ඒ නිල් ඇස් වටපිට බලලා හෙව්වත් මට හම්බ උනේ නෑ ගෙදර ගිය ගමන් මම කරේ දින පොත අරගෙන 'සමහර දේවල් මෙහෙමයි කියලා විස්තර කරන්න බැ හරියට ඒ බැල්ම වගේ' මෙහෙම ලිව්වා .දැනුයි මගේ හිතට නිදහසක් දැනෙන්නෙ.
සතියක් හෙමින් ගෙවිලා ගියා.ඊලගට මට යෙදිලා තිබුනෙ අපේ සිත්තම් ප්‍රදර්ශනය තියෙන හොටෙල් එකට යන්න ඒකෙ සම්පූර්න වගකීම මට පැවරිලා තිබුන නිසා දවසකට කලින්ම එහෙ ගිහිං නවතින්න මට සිද්ද උනා.
මගේ හෝටල් කාමරය පවා හරිම සන්සුන් නිවුනු හැගීමක් දනවන එකක් උනා.
අපේ සිතුවම් සංගමයෙ අලුත්ම ප්‍රදර්ශන මාලාවෙ පලමු අදියරමේ හෝටලයේ සූදානම් කරලා තිබුනා.පලමු ප්‍රදර්ශනයෙන් අනතුරුව තවත් ප්‍රදර්ශන 5ක් විවිධ ප්‍රදේශ වල අපි සූදානම් කරලා තිබුනා.සංගමයේ අනෙකුත් සාමාජිකයන් සහ සංවිධායකවරුන් හමුවීම සූදානම් කරපු ඒ හෝටලයේම පහත මාලයේ තිබුනු කාමරයට ඇවිදගෙන ගියා.එතකොටත් ඒ රැස්වීම පටන්ගෙන තිබුනෙ.ටික වෙලාවකින් එතනට සමාව අයදිමින් ආවෙ දේහ දාරි සිරුරක් තිබූ ඉතා උස අයෙක්.යාබද අසුනෙන් ඉදගත්ත ඔහුව මං දැක්කෙ එවිටයි.
"නිල් ඇස්"හපොයි ඒක ටිකක් සද්දෙන් කියවුනා වගේ.ඔහුත් ඇස් වලින් ඇහුවෙ මොකක්ද කියලා.මං හිස දෙපසට හෙලෙව්වෙ කිසිවක් නැ කියන්න.
එයා මම දැකපු අතිශයින්ම කඩවසම් පිරිමියා උනා.ඝන රැවුල..අකීකරු හිසකෙස්..සෘජු තියුනු නාසය.හමදේටම වඩා ඉමක් නැති තරමට ගැඹුරු අහස වගේ නිල් ඇස්..
එයා දැකාපුගමන්ම මම දැනගත්තා ගුප්ත අදුරු මායාවක් වගේ පිරිමියෙක්..රහස් වලින් පිරුණු සංකීර්න,අසීරු බෙහෙවින් හුදෙකලා ආත්මයක් ගත කරන්නෙක්
එයාගෙ නම සෘතුක අහස්වර ඒක දැනග්ත්තෙ මම එයා රැස්වීමෙදි කරපු කෙටි හැදින්වීමෙදි.
කාමරේ සදලුතලයෙ අත්වැටට බර දීලා ලොකු හුස්මක් ගත්තා.රාත්‍රී වාතශ්‍රය නිල් පැහැ හිමකිරමක් තරම් දියවෙනසුලු සහ සිසිල් උනා.නිල් පාට ලිලී මල් සුවදකින් මුලු ලෝකයම දැවටුනා.මුලු ලෝකයම නින්දක ගිලිලා නිද්‍රාශීලීව හුස්ම ගත්තා එක් අයෙක් ඇරෙන්න..
අර නිල් ඇස් වල අයිතිකාරයා හෝටලේ කෙලවරක බංකුවක වාඩිවෙලා හුදෙකලා අසහ දිහා බලාගෙන හිටියා අදරත් එක්ක මුසු උන එයාව පෙනුනෙ මේ දැන් අහසින් වැටුන බලවත් දිවයමය ආත්මයක් විදියට.
මම එයා ලගට ගිහිං බංකුවේ අනිත් කෙලවර වාඩි උනා.මං ලගට ආව බවක් දැනුනත් එයා බැල්මකින් හෝ ඒ බවක් ඇගෙව්වෙ නැ.එයාගෙ සම්පූර්න අවධානය යොමු වෙලා තිබුනෙ අහසට.එයාගෙ බෙල්ලෙ මොකක්දෝ රන් පැහැයමක් දිලිසුනා.ඒ පූර්ණ හදක් හැඩැති පෙන්ඩනයක් සහිත රන් මාලය්ක් බව මම දැක්කා.දෙතොල් තදකරගත්තු මම පොලොවට හිනා උනා.
"හායි මම මේඝා.ඔයා කලින් මාව දකින්න ඇති"
ඔහුගෙන් පිලිතුරක් නැති තැන මම මගේ බැල්ම වටපිටාවට විසිකලා.
සද රැස් තීරු ගස් අතරින් පහලට ගලනව.ඒ මැද්දෙන් කණාමැදිරියෝ පහන් අරන් මගදෙපස පිරික්සනවා.නිල් පැහැ තණකොල ඇනෙන සුලු උනත් පෑගෙන විට සුවපහසු උනා.
මම ආයෙත් එයාගෙන් ඇහුවා"මොනාද ඔච්චර උවමනාවෙන් බලන්නෙ"මෙවර නම් ඔහුගෙ බැල්ම මා වෙත වුනා.
"රෑ අහස"
ඉතින් මමත් අහස දිහා බලා ගත්තා.
නිල් පාට වලාකුළු පාවෙලා ගිහින් අහසේ වැදෙමින් ආයෙමත් විසිවුනා.වටකුරු සද මී පැණි රන්වන් පාටින් දිලිසුනා.උල් කහ දියමන්ති කැට වලට පරිවර්තනය වෙලා තිබුනු තරු සිහින් හඩින් එකිනෙකා වෙනුවෙන් ගී ගැයුවා.ඒක බොහොම සන්සුන් වගේම සෞමය රාත්‍රියක් උනා.නිල් පැහැ මින්ට් රසයක් මගේ කටට දැනුනා.
පලවෙනු වතාවට එයාගෙ හිනාව මම දැක්කා.වචනාර්ථයෙන්ම ඒක මායාකාරී වශීවන සුළු හිනාවක්.
"නිදිමත නැද්ද"එයා ඒක ඇහුවෙ මගෙන්ද අහසෙන්ද කියලා වෙන්කරගන්න බැරි උනත් මම හිස දෙපසට සැලුවා.
"ජපන් මිනිස්සු කියනවා ඔයාට රෑට නිදාගන්න බැරි නම් ඒ ඔයා වෙන කෙනෙක්ගෙ හීනයක ඇහැරිලා ඉන්න නිසා කියලා"
එයාගෙ වචන බොහොම ගැඹුරු සහ හිස් උනා.මගේ හාසයයේ හැගීම් නිල් පැහැ ගිනිදැල්ලකින් ඇවිලී අලු බවට පත් උනා.ආයෙමත් අපි අතර හිස්තැනක් උනා.නිල් පාට ලිලී මල් සුවද අනන්තය තෙක්ම විහිදුනා.
"මේ වලාකුළු වලට එහා තියෙන්නෙත් අහස"මගේසිහින් හඩට එයා එයාගෙ තියුණු නිල් ඇස් වල බැල්ම මා දිහාට විසිකලා.
"නිල් පාට පැහැදිලි අහසක්..වහින්නෙ නැඨ්හි අකුනු ගහන්නෙ නැති,තරු පිරුණු අහසක්"
එයාගෙ මූනෙ ආය්මත් පෙනෙන නොපෙනෙනෙඅ තරමෙ හිනාවක් ඇදිලා මැකිලා ගියා.ඊට පස්සෙ අපි එකිනෙකා හොදින් දැන හදුනාගන්නට කැමති ආත්මයන් බවට පත් උනා.
ඊලග දවස අප ඉතාම කර්‍යබහුල උනා.එදා සන්ද්‍යායාමයේ කැලෑවට ගොස් අපේ සිත්තම් ගොඩනගන්නට සූදානම් වී සිටියදී එතැනට ආවෙ ඔහුයි.
"කොහේ හරි යන්නද"
කැලෑව අදුරු උනත් මට බියකරු බවක් දැනෙනේ නැ.සමහරවිට ඒකට හේතු වෙන්න ඇත්තෙ අදුරු කැලෑවට වඩා භයානක පිරිමියෙක් මාත් සමගම පියවර තැබීම නැතිනම් මම හරිත පැහැයට කැමති වීම..
සියවස් ගනනක රහස් දන්නා විසල් තුරු ගොමු මැදින් අපි එක ලගින් ගමන් කලා.ඔහු ලගින් හැමවෙලේම දැනෙන මිහිලි ලිලී මල් සුවද දැන් කැලැවෙ ආත්මයට මුසු වෙමින් තිබුනා.අපේ පයට පෑගෙන වියලි කොල නැවුම් දරදඩු උස් ස්වරයක් නැගුවා.මමත් ඒ අදුරු මායාවෙ පිරිමියාත් නිශ්ශබ්දතාවයෙන් එතිලා හුස්ම ගත්තා.
අපි අපේ වැඩ ටික ඉවර කරලා යද්දි රාත්‍රී අහසත් ඇවිදින් එක පාරටම ඇද හැලුන වර්ශාව නිසා අනපේක්ශිත විදියට අපිට මූන දෙන්න උනා.ලග තිබුන හෙවනක් යටට මාවත් ඇදගෙන ඔහු යන්න උනා.ඒක වැස්සෙ පාලනයට නතුවුනු රාත්‍රියක් උනා.ඒත් ඒ වැස්සත් ලෝකයේ කාටත් රහසින් අහස විසින් පාලයන කරා.
ඔහු නිශ්චලව දෑත් බැදගෙන අහසින් කාන්දු වන වලාකුළු දිහා බලාගෙන හිටියා එයාගෙ නිල් ඇස් ගුප්ත උනා.එයාගෙ මුහුණට හස මාලයට හද එලිය වැටෙමින් තිබුනා.රන්වන් කුඩා හද මාලය පවා අකුණු එලියට තාරකාවක් මෙන් දිලිසුනා.
නැවුම් ලිලී සුවද මගේ ඇස් වල එතෙමින් වා තලයට මුසු උනා.කළු කෝපි කෝප්පයක් තරම්ම උණුසුම් වගේම සන්සුන් භාවයක් ඒ සුවදේ මිදිලා තිබුනා.
"වැස්සට ආසයිද"මගේ කටහඩට එයා මම දිහාට හැරිලා ඔලුව වැනුවා.
"ඔයා දන්නවද අහසට අධිපති ඊජීප්තු දෙවගන කවුද කියලා"කිසිත් නොකියා මම ඔලුව වැනුවා.
"නට්..එයා විවාහ උනේ පොලොවට අධිපති 'ගේබ්' කියන දෙවියා එක්ක.ඒ විවාහයට සූර්‍ය දෙවියා 'රා' අකමැති උන නිසා නට් ගැබ් ගත්තහම අවුරුද්දෙ කිසිම මාසයක දරුවන් ලැබීම නට්ට තහනම් කලා.ඒත්'තෝත්'කියන දෙවියට ඕනි උනා අහසට උදව් කරන්න ඉතින් තොත් හද එක්ක දාම් ක්‍රිඩා කලා.දිනුම විදියට එයාට ලැබුනා දින පහක් නිර්මානය කරන්න තරම් හද එලිය.ඒ දින පහේදි අහසට දරුවන් ලබන්න පුළුවන් උනා."
මොකක්දෝ දුක්බර සීතල හැගීමක මාව ගිලුනා මට ඕන උනා එයාගෙ අතින් අල්ලන්න්න ඒත් මම පසුබට උනා.ආයෙම එයා එයාගෙ කටහඩ අවධි කලා.
"අන්තිමට හැමදාම අහසට අහිමි උන දේ ඔයා දන්නවද? කාලය..අහසට හැමදාම ඇතිතරම් කාලයක් තිබ්බෙ නැ"
අතත්‍ය සංකීර්න හැගීම් මේ මොහොතට බර වැඩී කියලා මම දැනගෙන හිටියා..එත් අතීත මඩගොහොරුවක මිදිලා ඉන්න පුද්ගලයින්ට සදාකාලයටම අතීතයේම නැවතුනා.ඉතිම් මම මවා ගත්තු හිනාවකින් ඔලුව ඇල කරා.
දින සති ගෙවිලා මාස 4ක් ගියා.එයයි මමයි ගොඩක් තැන් වල ඇවිද්දා ගොඩක් දේවල් කතා කරා හැබැයි පෞද්ගලික දේවල් ඇරෙන්න එයා ඒ දේවල් ගැන කතා කිරීම නිහඩවම ප්‍රතික්ශේප කරා.
අසීමාන්තික රහස් වලින් හෙබී ගුප්ත අදුරු ඉන්ද්‍රජාලික පිරිමියාට මම ප්‍රේම කරන්න පටන් අරගෙන තිබුනා.ඒත් එයා මම කිසිම දෙයක් නොදන්න පිරිමියෙක් උනා.අර මායාකාරී හැගීම ඇරෙන්න..
එයා ටික ටික මාව මගාරින්න පරන් අරගෙන කෝල්ස් මැසේජ් වලට රිප්ලයි නැ දත් මිටි කාගෙන ඉවසන්න බැරිම තැන මම එයාව හොයාගෙන ගියා.එයාගෙ ඒ සුවිසල් මැදුරෙහි දොර විවර කරලයි තිබුනෙ..හිමින් හිමින් ඇතුලට අඩි තිබ්බ මට ඇහුනෙ කහින හඩක්.අදුරු මායාවක් වගේ ගුප්ත පිරිමියා දරුණූ විදියට කහින්න පටන් ගත්තා.බොහොම තදින් උදරය මිරික ගත්ත ඔහු වේදනාත්මක කෙදිරියක් පිටකරමින් දනගහා ගත්තා.
ඔහු ලගට දුවගෙන ගිය මම ඔහුව මට වාරු කරගත්තා.එයාගෙ කටින් පිටෞනු රුධිරයෙන් මගේ සුදු කමිසය තෙත් උනා.
ඒ අහසේ රහස හෙලි කරගැනීම ගැන මම මටම වෛරකරගත්තා.
ගනන් කල නොහැකි හැගීම් සමුදායක් දරාගත්තු එක ගැඹුරු බැල්මකින් එයා මම දිහා බලාගෙන හිටියා.ඒ බැල්ම අතිශය භයානක අයුරින් මැරෙන සුලු උනා.
මමත් පිලිතුරු හැගීම් සිනහමවකින් එයාගෙ අත තවත් තදින් අල්ලාගත්තා.සියවස් ගානක් යනතෙක්ම.ලෝකයේ අවසානය තෙක්ම ඒ අත අතාරින උවමනාවක් උනේ නැ.
ලිලී මල් සුවදැති රාත්‍රිය කිසිදා නිම නොවන අමරණීය එකක් උනා.
හී කොහොමද ඒ නිල් පාට හැගීම ඔන්න මගේ තවත් හිතළුවක් මේක තමයි මගේ අවසාන හිතළුව ඒලෙවල් නිසා කතා නිසදැස් ලියන එක නතර කරන්න හිතුවා ඉතිම් අවසාන එක පොඩ්ඩක් දිග උනා.කම්මැලි හිතෙන්නත් ඇති නේ.මෙච්චර කල් පාට පාට හැගීම් එක්ක ෆැන්ටසියක හිර උන යාලුවෝ හැමෝටම ආදරෙයි .දම් පාට, කොල පාට, කහ පාට හැගීම් ඔයාලා කියවන්න ඇති කියලා හිතනවා මගේ
╰𝔰𝔦𝔩𝔢𝔫𝔱 𝔱𝔬𝔫𝔢 ╮