නෙගටිව් - 01 වන කොටස - 🏳️‍🌈GOLDEN GANG🏳️‍🌈STORY TELLER 🎪🧩

නෙගටිව් - 01 වන කොටස - 🏳️‍🌈GOLDEN GANG🏳️‍🌈STORY TELLER 🎪🧩



STORY TELLER 🏳️‍🌈GOLDEN GANG🏳️‍🌈 SL

#පළමු_කොටස 



ජිවිතේ කියන්නේ මල් වට්ටියක දලා අපිට දෙවියො දෙන දෙයක් නෙවෙයි.

ඒක මම උපන් දා ඉදලා ඉගෙන ගත්ත දෙවල් අතරේ උඩින්ම තියන දෙයක්.

ඒත් ජිවිතේ කියන්නේ වටින දෙයක් කියලා මට මගේ වයසත් එක්ක මම සමාජේ එක්ක ගැටෙද්දි මම තෙරුම් ගත්තා. මට ඕනේ උනෙ ලොකු මිනිහෙක් වෙන්න, සල්ලි හම්බකරන්න, හරි විදිහකට.. අම්මා කියලා දුන්න හැමදේමත් එක්ක මම සමාජෙන්ම ඉගෙන ගත්ත දේවල් එක්ක මට ඕනේ උනේ සමාජේ තවත් එක දුප්පත් කොල්ලෙක් වෙන්න නෙවෙයි..


"මල්ලි මොකද්ද කිව්ව කම්පැනි එකේ නම.."


"ලොට්‍රේන් ප්‍රයිවට් ලිමිඩට්..."


"කොළඹ කීයෙද.."


"කොළඹ 03.."


"කොල්ලා එඩ්‍රස් එකේ හැටියට නම් තැන මෙතන..."


" ඒත් එහෙම කම්පැනි එකක් පේන්න නෑනේ, අපි තව ටිකක් ඉස්සරහට යං..."


"ප්‍රෙට්‍රල් තියනව, මට අවුලක් නෑ.. ඒත් උදේ පාන්දර ගත්ත හයර් එක නිසා මල්ලිගෙ හොදට කිව්වෙ... කන්ටැක්ස් නම්බර් එකක් නැද්ද.."


"නෑ අයියෙ.."


"මෙහෙම කරහං මල්ලි.. මම මෙහෙ නෙවෙයි. එහෙම කියලා මට උබව අද දවසෙම උනත් උඹ එක්ක වටේ අදින්න පුලුවන්. බලපන් නම්බර් ප්ලේට් එක.. Sp. මමත් උබ වගේ ජොබ් එකක් නැතුව මේ කොළඹට ඇවිත් හයර් දුවන එකෙක් මට උඹව මරන් කන්න ඔන්නෑ.. උබ Wp නම්බර් ප්ලේට් එකක් තියන වීල් එකකින් පොඩ්ඩක් අත දලා අහලා නැගපං කොල්ලො... කම්පැනි එකේ නම නම් හොදට හුරුයි.. ඒත් තැනක් මීටර් නෑ.. කොළඹ එකෙක් නම් අනිව දන්නව ඇති.."


"ඒක හරි, තැන්ක්ස් අයියෙ.. මාව ඉස්සර හොල්ට් එකෙක් දාන්න..."


මම මීටර් එක බලල පන්සීයේ කොලයක් පර්ස් එකෙක් ඇදලා අරං වීල් එකේ අයියගෙ අතේ තිබ්බේ මීටරේ බලලා.. අයියා ආපහු දුන්න ඉතුරු සල්ලි වලින් මම රුපියල් සීයවිතරක් අර ගත්තේ ඒ මනුස්සයගේ වචන වලට වෙන දෙන්න දෙයක් නොතිබ්බ නිසා..


"නෑ හරි.. අයියේ. ඕක තියා ගන්න.."


"මල්ලි wp එකක නැගපන්. නගින්න කලින් එඩ්‍රස් එක පෙන්නලා, දන්නවද අහල නැගපන්.. නැත්තම් ඉන්ටවිව් එකට උබට ලේට් වෙයි.."


"ම්.. හරි අයියේ.."


"එහෙනම් ඕල්ද බෙස්ට්. අපි ගියා..."


තැන්ක්ස් කරන්නත් කලින් ඒ මනුස්සයා යන්න ගියේ මගෙන් තවත් මොකුත්ම බලා පොරොත්තු නොවුන නිසා වෙන්න ඇති.. කොළඹ කියන්නේ සංකීර්ණ මිනිස්සුන්ගෙන් පිරුණ තැනක් බව මම දැන ගත්තේ කොළඹට ආව දවසෙමයි.. ඒ කියන්නේ මීට අවුරුදු දෙකකට කලින්.

පහුගිය අවුරුදු දෙකට මම කොළඹ ගැන යම්තාක් දුරට පදම් වෙලා හිටියා.

ගල්ටික් කාරයො, පොක් පොකට් කාරයො, කුඩු ගන්ජා කාරයො, සල්ලි ඇති උන්, නැති උන්, මැද පන්ති වල මිනිස්සු ගොඩාක් දුරට මම ඒ ඒ තරාතිරම් වල මිනිස්සුන්ගේ සාමාන්‍යය දැනගෙන ඉදියා.. ඒ වගේම මේ වගේ ඉදලා හිටලා හම්බෙන ජොබ්ස් වලටම ඇවිත් කොළඹ ජිවත් වෙන ප්‍රතිපත්තියක් විදිහට තමන්ගෙ කම, තවත් එක මිනිහෙක් කියලා ජිවත් වෙන සරළ මිනිස්සුත් නැතුවම නෙවෙයි...


මම ඒ අයියා කිව්ව විදිහට wp නම්බර් ප්ලේට් එකක් බලලා මැදි වයසෙ කෙනෙක්ම බලලා තව වීල් එකකට අත දැනෙමේ අත් දිග ෂර්ට් එක වැලමිට ගාවින් අල්ලලා පොඩ්ඩක් උස්සලා අතේ ඔරලෝසුවෙන් වෙලාව බලන ගමන්. ඉන්ටවිව් එකට තව පැය බාගෙකටත් වඩා තියනව. වෙලාවට කලින් ආවේ..


ඒ වීල් එකේ මීටරෙත් රුපියල් 76 ක් කියලා සදහන් වෙද්දි නතර කලා මම කල්පනාවෙන් මිදිලා බහින්න කලින් බැලුවේ වට පිටාව..

ලොකූ බෝර්ඩ් එකක මගේ අතේ තිබ්බ මම ම පත්තරේ බලලා ලියා ගත්ත කොල කෑල්ලේ තිබ්බ නම ම ලොකූවට බොර්ඩ් එකේම ඉස්සහරහට නෙරලා මතු කරපු අකුරු වලින් ගහලා තිබ්බා...


"මල්ලි බහිනවද.. මේක තමා තැන..."


"අහ් හරි සොරි අයියේ.."


මම සල්ලි දීලා පාර මාරුවෙලා ඇවිත් ගේට් එකෙන් ඇතුලට ආව. ඇදුම ගානට හදාගෙන පෝන් එක අරන් මූණ පොඩ්ඩක් බලා ගත්තේ කාටවත් නොපෙනෙන තැනකට ගිහින්. ගානට හැමදේම තිබ්බ නිසා මම ෆයිල් එකත් අරගෙන විදුරු වලින් දලා තිබ්බ ප්‍රධාන දොරෙන් ඇතුලට ගියා..


ඉස්කොලේ කලේ අධ්‍යාපන චාරිකාවකට කියලා මම ගියේ මතක විදිහට 7 වසරෙදි. ඊටපස්සෙ මම කිසිම අධ්‍යාපන චාරිකාවක්වත් කොහෙවත් ගිහින් නැහැ.. මට මතක් උනේ ඒ ගිය ට්‍රිප් එකේදි ගියපු නුවර එළිය. හැමෝම ජර්සි අරන් ගිහින් තිබුනත් මට ජර්සියක් තිබ්බෙ නෑ. ඒ නිසා නුවර එළියේ සීතල මට හොදටම දැනුනා.. නුවර එළිය තරම්ම නොවුනත් ඒ සීතල මතක් වෙන ගානට ඔෆිස් එක ඇතෙලේ එයාකන්ඩිෂන් එක මගේ ඇඟට දැනුනා..


මම යන්න ඔනේ කොහේටද කිසිම වැටහීමක් තිබුනෙ නෑ. ඉන්ටවිව් එකට ආව කිසිම කේනෙක් පේන්නත් නෑ. මම ආපහු නම මතක් කරලා ඉස්සරහම පේන්නම තිබ්බ නම දිහා බැලුවා.. ලයිට්ස් දාලා කම්ෆනි එකේ නම දිලිසි දිලිසි තිබ්බා. මේක තමා තැන.. ඒත්,

වම් පැත්තට වෙන්න ටේබල් එකක් තිබුනා. එතනම උඩ ඉදන් දං වැලක් දලා එල්ලපු බෝර්ඩ් කෑල්ලක් තිබුනා.. ඒ " විමසීම් අංශය.." මම ගියෙ එතනට.


"උඩට යන්න. HR ඩිපාට්මනට් එක තියෙන්නෙ උඩ..."


එතන ඉඳපු කෙනා හොද ලස්සන පෙනුමක් තිබ්බ තමා.. ඒත් කිසිම ගානක් නැතුව උත්තර දීපු ගෑණි එක්ක මට ඇති උනේ හොද පැහැදීමක් නෙවෙයි. පෙනුම තිබ්බ පලියට මොකට ඒ වගේ උන් දානවද මන්දා එතනට. මට එහෙම හිතුනේ කිව්ව විදිහට උඩට ගියාට එකපාරටම හොයා ගන්න බැරි උන නිසා.. උඩට යන්න කිව්වට මොකො පඩිපෙල නැගලා බැලුමව අගහරු ලෝකෙට ගියා වගේ.. එපාර්ට්මන් බෙදලා බෙදලා විදුරු වලින් කවක් කරලා යන්න අතක් හොයා ගන්න බැරුව මම ඒ විදුරු කාමර අස්සෙ අතරමං උනා වගේ දැනුනා.. මට තව කෙනෙක්ගෙන් අහන්න උනේ බැරිම තැන..


"ඉන්ටවිව් එකටද..."


"ඔව් සර්.."


" ඔයා ඇවිත් තියෙන්නෙ 2nd floor. පහලට යන්න. පහලට ගිහින්..."


"පහල ඉදන් තමා ආවේ.."


"හරි down floor එකට යන්න එපා... 1sr floor එකට යන්න. ඒ කියන්න. මේකට යට තට්ටුවෙ. ගිහින් දකුණට හැරෙන්න.. හැරිලා ටිකක් ඉස්සරහට ගියාම තියනව HR ඩිපාට්මනට් එක.."


"අහ් තැන්ක්යූ සර්.."


"ඉට්ස් ඕකේ.. වෙල්කම්.."


මම කිව්ව ඒ මනුස්සයා කියපු විදිහට ඒ තැනට ගියා. මම වගේම තව කීප දෙනෙක් ඉන්ටවිව් එකට ඇවිත් තිබුනා..

මමත් අන්තිමට ගිහින් වාඩි වෙද්දි හැමොම බැලුවේ උන්ගේ අවස්තාව උදුර ගන්න ආපු තව එකෙක් විදිහට. මම බිම බලාගෙන ඉදියා වෙන කරන්න දෙයක් නැති කමට... ඒත් එක්කම ඩිපාර්මන් එකේ දොර ඇරලා කෙල්ලෙක් එලියට ආවා. ඒකිනම් ආවේ ටිකක් සතුටෙන් වගේ. මටත් හිතුනා එහෙම එලියට එද්දි එන්න තිබ්බ නම් හොදයි කියලා..


"අලුතින් ආව අය ඉන්නවද.."


ඒ කෙල්ල එලියට ආව ගමන් ඊලගට ඉදපු කෙනාව ඇතුලට ගන්න ගමන් සාරියක් ඇදපු වැඩි වයසක් නැති කෙනෙක් ඇහුවා. මම නැගිට්ටේ මම ආවේ අලුතින් නිසා.. මම නැගිටල ඒ මිස් ලගට ගියා..


"C.V එක ඇතුලට දුන්නේ නෑනේ..."


"නෑ මිස්.."


"අතේ තියන් ඉදියම හරිද... කෝ ඒක දෙන්න..."


මම මගේ විස්තර, සුදුසු කම් දාපු A4 කොළයක් තරම් උන මගේ C.V එක ෆයිල් එකෙන් අරන් මිස් අතෙන් තිබ්බා. ඒකත් අරගෙන මිස් ඇතුලට ගියා..

මම ආපහු හැරිලා ඉන්න තැනට එද්දි එතන ඉදපු කෙල්ලො දෙතුන් දෙනෙක් අමුතු විදිහට හිනා වෙවි ඉදියා. මට ලැජ්ජවක් දැනුනත් මම ඒක ගනන් නොගෙන ඇවිත් ඉඳ ගත්තා.

දෙවියෙක් මේතාක් කල් මට පිහිට නොවුන එක ඇත්ත,ඒත් කට ආවේ අනේ දෙවියනේ මේකෙන් මාව පාස් කරලා දෙන්න කියලා විතරයි.. මට මතක් උනේ මගෙ අම්මව.. ඒ මනුස්සයා මැරිලා යන්න කලින් මට මගේ යුතුකම් ටික වත් කර ගන්න ලැබුනොත් මට ඒ ඇති හොදටම. මට එච්චරයි ඕනේ උනේ...

මම ෆයිල් එකේ ඉරි ඇඳ ඇඳ ඉන්න අතරෙ එකා දෙන්න ඉන්ටවිව් කාමරේට ගත්තා. මට කලින් තිබ්බ පුටු එක එක හිස් වෙද්දි හිතට දැනුන චකිතය හිස් උන පුටු වල ඉද ගත්තා...


"ටේක් අ සීට්.."


"තැන්ක් යූ සර්.."


"වට්ස් යුවර් නේම්..."


"ගුඩ් මෝනිර්නින් සර්, අයෑම් මහීම අභීමාන් වික්‍රමසිංහ..."


" ගුඩ්මෝර්නින්, ඕකේ අභිමාන්, හැව් යූ හර්ඩ් ඔෆ් දිස් කම්පනි බිෆේ..?"


ඉන්ටවිව් බෝඩ් එකේ ඉදියේ සර්ලා දෙන්නයි.. මං එක්ක කතා කලේ එක්කෙනෙක් උනාට මම දෙන්නටම ගුඩ් මෝර්නින් කියලා ඉදගෙන අහපු හැම දේකටම යාන්තමට වචන ගලපලා මම උත්තර දුන්නා... ඇත්තට මම ඒ කම්පණි එක ගැන මීට කලින් ලොකූවට දැනගෙන ඉදියේ නෑ... ඒ ප්‍රශ්නයට ඇර අනිත් හැමදෙකටම මම උත්තර දුන්නා.. වෙන තැන් වල මම රස්සා කලා උනත් මේ වගේ ඉන්ටවිව් එකකට ෆේස් කරන්න තරම් ඒ කිසිම තැනක් වැදගත් උනේ නෑ. මම මීට කලින් වැඩ කරලා තිබුන තැන් වලින් ලෙටර් එකක් විදිහට මං අතේ තිබුනේ නුගේගොඩ කාර්ගිල්ස් එකේන් ලැබුන ලෙටර් එක විතරයි.. මගේ CV එකත් එක්ක මම දුන්න මගේ ඩීටේල්ස් ගැන HR එකට ලොකූ පැහැදීමක් නොතිබ්බ බව ඒ මූණු වලින් පෙනුනා... ඉන්ටවිව් එකෙන් තොර ගත්ත අයගෙ CV වෙන්න ඇති එක පැත්තක තිබුනා.. මගේ CV එක කීප සැරයක්ම බලලා ඒ ගොඩෙන් නොතියා මං එක්ක කතා නොකරපු, අපේ කතාව අහන් ඉදපු සර්ට දුන්නා.. ඒ සර් ඉන්නෙ ෆේල් වෙන අයගෙ හිත හදලා යවන්න වෙන්න ඇති. මට හිතුනේ එහෙම...


මම ලොකූවට ඉගෙන ගත්ත එකෙක් නෙවෙයි.. A/L වලට කොමස් කරලා තිබ්බත් මට තිබුනේ සාමාන්‍ය සාමර්ථ 02ක් එක්ක පාස් සාමාර්ථයක් විතරයි.. ඒ නිසාම වෙන්න ඇති ඉන්ටවිව් බෝර්ඩ් එකේ මම කතා කරන එක අහගෙන ඉදපු අනිත් සර් මගේ ඩීටේල්ස් ටික අතර අරන් මගේ දිහා බලලා සිංහලෙන් කතා කලේ. මම ඒ පැත්තට හැරුනා..


"අභීමාන්.. අපි බලන කන්ඩිෂන් එක්ක බලද්දි ඔයාට මේ ඉන්ටවිව් එක පාස් වෙන්න අමාරුයි.. නමුත් අවශ්‍යතාවයක් ආවොත් අපි දැනුවත් කිරීමක් කරන්නම්.."


ඇස් වලට දැනුනේ දැවිල්ලක්.. ඒ උණපු කඳුළු තද කරන් ඉදපු නිසාම වෙන්න ඇති.. දැන් ආයෙමත් බොඩිමට ගිහින් මොනාද කරන්නේ, අතේ තියන සල්ලි ටිකත් දවසින් දවස පාරේ වහන වලටම ඉවර වෙනවා.. මට දැනුනේ මං ගැනම ආත්මානුකම්පාවක්. ඒ වගේම මට මගේ ජොබ් එක නැති උන ක ගැන ලොකූ කලකිරීමක්...


මම මේ තරම් පිලිගැනීමක් නැත්ත මීට මාස දෙකකට කලින් වැඩකලේ කොළඹ පිලිගත්ත, ලොකූ ලොකූ සල්ලි කාරයේ ඇවිත් සල්ලි ඔහේ විසි කරන ක්ලබ් එකක.. නමින් Colombo City Red Club විදිහට කොළඹ ඉහල පන්ති වල මිනිස්සුන්ගේ සමීපතම තැනක් විදිහට ඒ ක්ලබ් එක ප්‍රසිද්ද වෙලා තිබුනා. මගේ වියදම් වලට ගැලපෙන ගානක් මාසේට ලැබෙන නිසා මම ආසාවෙන් කල ඒ රස්සාව නැති උනේ මම නොහිතපු විදිහට...


********************************


" ඔහ්, ශිට්. ෆූල්... කාන්ට් යු සී..."


"අල්ලලා දාපන් මංචන්.."


"නෑ බං.. මූ හිතලමයි කලේ..."


ඒ ඇස් වල තිබ්බෙ ක්ලබ් එකට වඩා රතු එලියක්.. බීලා මදිවට ඒ ඇස් තවත් ලොකු කරලා බලද්දි චූ යන සයිස් එකක් තිබුනේ. මොකද ක්ලබ් එකට එන අය අතරෙත් එක එක බෙදීම් තිබුනා. සමහරු අවශ්‍ය දේවල් තම තමන්ම අරන් බුක්ති විදලා ඒ අයගේ මානසික මට්ටම අනුව සතුටු වෙලා ගියා තවත් සමහරු අපි වගේ අය ලව්වා ලගටම ගෙන්න ගෙන කන බොන දේවල් කලා..

එහෙම බලද්දි මුන් අනිත් අයට වඩා සල්ලි වලින් උසස් බව පෙන්නපු උන් ටිකක්.. හැමදේම ලගට ගෙන්න කෑවෙ බිව්වෙ ඒ උසස් කම පෙන්නන වෙන්න ඇති... කොහොම උනත් ඒවගේ උන් නිසා මාසෙ පඩියට අමතරව, අමතර ගානක් අපිට ගොඩක් වෙලාවට ලැබුනා.. ඉතින් වැඩ කරන අපිත් ගොඩක් ටච් එකේ ඉදියේ ඒ වගේ අය ගැන තමා...


හැමදාම වගේ නැතත් සතියට කීප සැරයක්ම එන මේ මූණු සෙට් එක මට මතක තිබුනත් හැමදාම සව් කරන්න මටම ලැබෙන්නෙ නෑ. ඒ වෙලාවට ෆ්‍රී ඉන්න කෙනෙක් තමා ඒ අවශ්‍ය දේවල් කරන්නේ.. මට මතක විදිහට එ මිනිස්සු ටිකට මම සව් කලේ දෙපාරක් විතර..

මම ග්ලාස් ටික හිස් ට්‍රේ එකක තියාගෙන අරං ගියා ඒයාලා බීලා ඉවර උන නිසා.. කොහොම හරි එදා ඒ සිද්දිය උන වෙලාවේ උන්ගේන් එකෙක් හිතාමතාම මගේ පැත්තට එක පාරටම කකුලක් දික් කල නිසා මම වැටෙන්න ගියත් වැටුනේ නෑ... ඒත් අතේ තිබ්බ ට්‍රේ එකේ බීලා ඉවර උන ග්ලාස් එකක් උන්ගේ එකෙක්ගේ ඇගට වැටිලා ග්ලාස් එකේ ඉතිරි උන වයින් පොඩ්ඩක් ඇගට හැලුනා.. ඌ නිකං ඒ වෙලාවෙ දඟලලා කෑ ගැහුවේ උන් බීපු වයින් නෙවෙයි වෙන මක්කදෝ ටිකක් මගෙ අතින් හැලිච්ච ගානට.. හැලිලා නෙවෙයි මම හලපු ගානට...


"ටිෂූ ටිකක් අරන් එනව බලන් ඉන්නේ.."


එතම හැමදේම බලං ඉදපු තව එකෙක් කියනව ඇහුනා. මොනා උනත් ක්ලබ් එකේ සර් අපිට දීපු ඇඩ්වයිස් මතක් උන නිසාම මම ට්‍රේ එක එහෙම්ම තියලා ටිෂූ බන්ඩලයක්ම අරන් ආපහු ආවා. එද්දි උන් එකිනෙකාට හිනා වෙවී ඉදලා මම එද්දිම ආපහු හිටපු මූඩ් එකටම ආව. මට දැනුනේ තරහක්... මුන්ට ඕනේ අපි වගෙ උන් උන්ගෙ බයිට් එක කර ගන්න..

ගොඩක් උන් මෙකට ඇවිත් බිලා බිලා කොල්ලොද කෙල්ලොද උන්ට ඕනෙ දේ කරගෙන යනව.. එක අතකින් මිහිපිට අපායක් ක්ලබ් එකක් කියන්නේ..


"වයිප් මයි ෂර්ට්..."


ඒ ඇස් වලින් කන්න වගේ මන් දිහා බලද්දි මම බැලුවේ උහේ ඇඟ දිහා. සල්ලි වලට කෝකත් යටයි... මට ඕනේ නම් තිබුනා කෑ ගහන්න. උන්ට ඕන හු#තක් කර ගන්න කියලා මගෙ පාඩුවේ ඉන්න... ඒත් එහෙම කරන්න බැරි හෙතු කීපයක් තිබ්බා. ආපු තරහට දත් ටික විකාගෙනම මම ටිෂූ කොල දෙකක් අරන් උගේ ෂර්ට් එක පිස්ස්සේ ඔක්කොම උන් හිනා වෙද්දි මයි. තව එකෙක් අතිත් විදුරු ටිකේ ඉතුරු උන වයින් ටික තව ග්ලාස් එකකට පොඩ්ඩ පොඩ්ඩ බේරලා එකතු කරේ මම ඌ පෙන්නපු තැන් පිහද්දියි. . මම පිහලා ඉවර උන ගමන් අරූ එකතු කරපු වයින් ටික කලින් එකාගෙම කලිසමේ බල්ක් එකට හැලුවා...


"අඩෝ..."


"පිහපං ඔය ටිකත්..."


උන් තවත් හයියෙන් හිනා උනේ.. ක්ලබ් එක හෙල්ලෙන්නම. උන්ට කරන්න බැරි දෙයන් නැති බව පෙන්නන්නම. වටේ ඉදපු කීඔඅ දෙනෙන් ඒ ටේබල් එක දිහා බැලුවත් ආයෙ තප්පරෙන් දෙකෙන් හිටපු ලෝක වලටම ගියේ ක්ලබ් එකක ඒ වගෙ දෙයක් සමන්‍ය දෙයක් නිසාත්, උන්ට අනුන්ගෙ දෙවල් වැඩක් නැති නිසාත් වෙන්න ඇති.. එකි නෙකා අත් වලට ගහ ගන්න ගමන් හිනා වෙද්දි යටි පතුල්‍ වල ඉදන් දැනුනේ කේන්තියක්..


මගෙ බල්ලවත් පිහියි ඒව නම්. මම අතේ තිබ්බ ටිෂූ කොල දෙක අතේම ගුලි කරගෙන ට්‍රේ එකත් අරන් එන්න ආවා..

මොන මොනවදෝ කියනව ඇහුනත් මම ගානකට නොගෙන එන්න ආව..

ටික වෙලාවකින් අපේ සර් එතනට ගිහින් මොන මොනවදෝ කතා කර කර ඉදියා.. ඒත් සර් මගෙන් උන හැම දේම රෑ වෙලා ඇහුවත්. මට ඒ ගැන කිසිදෙයක් අමුතුවෙන් කිව්වෙ නෑ... සර් මං ගැන හොදට දන්නව.


ඒත් එදයින් පස්සෙ මම දැනගෙන ඉදියේ නෑ මට ඒ ජොබ් එක නැති වෙන්න යන බවක්... කොහොම උනත් මට ඒ ජොබ් එක නැති උනේ උන් නිසා. මම ඒ ජොබ් එකෙන් ගොඩක් සල්ලි හම්බ කලා. ගොඩක් මිනිස්සුන්ට දුන්න සර්විස් එක නිසා හිතේ සතුටට මිනිස්සු අපිට සල්ලි දීලා ගියා. සමහර අය බිව්වම ලගට අඩහලා විස්තර අහලා ඔනෙම වෙලාවක කතා කරන්න කියලා එයාලගේ විසිටින් කාර්ඩ් පවා දිලා ගියා.. ඒත් අපි ඒවට කෝල් ගන්නේ නැහැ. මොකද ඒ බිව්වයින් පස්සෙ විතරක් නිසා.. එහෙම කතා කරනව නම් ආයෙ කතා කරන්න ඔනේ ඌ බීලා ඉන්න දවසකම තමා...


කොහොම උනත් මම අම්මගෙ බෙහෙත් ටික ගානට වෙලාවට අරන් දුන්නේ, අම්මව මහන්සි නොකර බස් වල එක්ක නොගිහින් වහන වල දාගෙන ක්ලිනික් එක්ක ගියෙ, එක්ක ආවේ ඒ සල්ලි වලින්.. ඒත් මට දැන් ඒ ජොබ් එක නෑ, වෙන රස්සාවකුත් නෑ.. ජොබ් එකෙන් අයින් කරද්දි පොඩි ගානක් සර් අතට දීලා මාව අස්කල නිසා මේ ගානින් හරි ඉන්නව... ඒත් අම්මගෙ ලබන මාසේ බෙහෙත් ටික ගන්න බේත් තුන්ඩුව මතක් වෙද්දි.. අම්මව පාරෙ බස් වල එක්ක යන්න වෙනවා නේද කියලා මතක් වෙද්දි මට ක්ලබ් එක් රස්සාව නැති කරපු උන් ගැන දැනුනේ තරහක්. උන්ට විසි කරන්න ,පුච්චලා දාන්න සල්ලි තිබ්බත් උන් කවදාවත් අපි වගෙ මිනිස්සු ගැන.. අපි වගෙ මිනිස්සුන්ට ඒ රස්සාවත් නැති උනාම ජිවත් වෙන්න වෙන විදිහ ගැන උන් කවදාවත් හිතුවෙ නෑ...


***********************************


"අභීමාන්ට ඇහුනද.. දැන් යන්න.. අපි ඕනේ කරන ඩීටෙල්ස් ගත්තා.. අවශ්‍ය උනොත් අපි පස්සෙ දැනුම් දෙන්නම්.."


හිතින් ක්ලබ් එකේ ඉදපු මම ආපහු ඉන්ටවිව් කමරේට ආවේ ඒ සර් කතා කරනව ඇහුනහමයි..


' මේ ජොබ් එක නැතුව වෙන මොනාම හරි ජොබ් එකක් වත් නැද්ද සර්... ටික දවසකට...'


මගේ කටට ආව ඒ වචන ටික මම පිට නොකර මම මගේ ඩීටෙල්ස් ෆයිල් එකත් අරන් ඉන්ටවිව් කාමරෙන් එලියට එන්න නැගිට්ටා. එලියට එන දොරේ ගහලා තිබුනේ

'නොනැවතී ඉදිරියටම යන්න..' කියලා. මම එලියට ආවේ හිතේ තිබ්බ මහ මෙරක් ප්‍රශ්න ටික මැද්දට ඒ වචන ටිකත් එකතු කර ගන්න ගමන්..


හිතුව වගේම මට සතුටින් එලියට එන්න ලැබුනෙ නැහැ. පස්සෙ දැනුම් දෙන්නම් කියපු තැන් වලින් තවමත් කෝල් එකක් නෑවිත් තිබුන නිසාම මම දැන ගත්තා මේ ඉන්ටවිව් එකෙනුත් මට පස්සට කොල් එකක් නොගන්න බව...

මම ඉන්ටවිව් එකට ෆේස් කලේ අන්තිම එකා විදිහට, මගෙන් පස්සෙ කවුරුවත් ඉදියෙ නෑ. මං වෙලාසන ඇවිත් තිබුනා නම් මට චාන්ස් එකක් ලැබෙන්න තිබුනා.. සමහර විට අන්තිමට ෆේස් කරපු උන් කැපෙන්න ඇත්තේ පුරප්පාඩු සම්පූර්ණ නිසා වෙන්න ඇති...


මම ඇතුලට යන්න කලින් ඉදගෙන ඉදපු පුටුවෙම වාඩි වුනේ ඉස්සරහට මොකද කරන්නෙ කියලා හිතේ සැලැස්මක් ඇද ගන්න..

සමන්‍යෙන් බෝඩිම් කමරේට ගියාම මට මතකෙට එක්කෙ අම්මව.. ගෙදර ප්‍රශ්න ගැන.. වෙන දෙයක් ඔලුවට එන්නෙ නැහැ.. ඒත් මේ එයාකන්ඩිෂන් එකත් එක්ක එන ඔෆිෂියල් අදහස් වටිනව කියලා හිතුන නිසයි මම ටිකක් ඉදගත්තේ... මට ඕනේ උනේ තාවකාලිකව හරි රස්සාවක්. මොකද අතේ තියන සල්ලි ටික ඉවර උනාම කන බොන එක කෙසේ වෙතත් අම්මගෙ බෙහෙත් තුන්ඩුවට සල්ලි නැති වෙන නිසයි.

මාර ආන්ඩු මේවත් වෙලාවකට.. ලෙඩෙත් දන්නව.. ඩොක්ටර්ස්ලත් ඉන්නව. බෙහෙතුත් තියනවා.. ඉස්පිරිතාලෙ නෑ.. ඒව ෆාමසි වලින් ගන්න ඔනේ.. දුප්පත් කම ඉහවහා යද්දි මම කලේ කරන්න දෙයක් නැතුව ආන්ඩුවට බැනපු එක...


මම ඔහේ බිම බලාගෙන බොඩිනෙන් එද්දි මූණ පේන තරමට පොලිෂ් කරපු සපත්තු දෙකේ එකතු වෙලා තිබ්බ දූවිලි දිහා බලාගෙන කල්ප්නා කරලා බැරිම තැන නැගිට්ටේ බොඩිමට එන්න හිතාගෙන... තරප්පු පෙලිය බැහැලා down floor එකට එද්දි මගේ ඇස් වලට දැකපු දෙයින් මම හිතුවෙ නෑ මගේ ජිවිතේ මේ තරම්ම වෙනස් කරයි කියලා...


------------------------------------------------------------------


"සුදු පුතා.. උබට බෑ රත්තරම් මේක කරන්න, මාව ඉස්පිරිතාලෙ කට ගිහින් දාපං.."


"අම්මට පිස්සුද, කෝ අත දෙන්න.."


"උබ හම්බ කරනව මම විනාස කරනව මොකද බං පුතෙ මේකෙ තෙරුම.."


"කෝ අනිත් අත දෙන්න.."


මම අම්මව ඇන්ඳුවෙ බෙහෙත් ගන්න යන්න.. අම්මට තනියම වැඩ කර ගන්න පුළුවන් උනත් උදේ පාන්දර තවත් පරක්කු උනොත් ක්ලොනික් එකේ පොලිම දික් වෙලා දවසම අම්මාට ඉස්පිරිතාලෙ කට්ට කන්න වෙන නිසා මම අම්මට ඉක්මනින් ඇන්ඳෙව්වා..

ඒත් අම්මාගෙ කටේ තිබ්බෙම එයා විහින් හිතින් විදවන වචන වෙන්න ඇති.. ඒත් මට අම්මව කවදාවත් එහෙම දැනිලා නෑ..


"අනෙ අම්මේ ඇති දැන් ඕක, විකාර දොඩවන්නෙප. කෝ නැගිටින්න යමු.."


මම අම්මවත් දාගෙන ක්ලිනික් එක්ක ගියා.. අපි යද්දිත් ෆෝලිම. ඉක්මනින් ගිහින් කවුන්ටර් එක ලගින් අම්මගෙ ක්ලිනික් පොත තියලා නම්බර් එකකර ගත්තා..

අම්ම ඉන්ද ගත්ත තැනින් හිටගෙන මම ඉදියෙ වඩි වෙන්න ඉඩක් නොතිබ්බ නිසා. අම්මා මං ආවම වඩි වෙන්න තැනක් හොයද්දි මම අම්මගෙ ඔලුව මගෙ බඩට හේත්තු කර ගත්තේ වඩි වෙන්න ඕනේ නෑ කියල කටින් කියන්න බැරි කමට...


ඒත් එක්කම මට කෝල් එකක් ආව..

ඒ ඔෆිස් එකෙන්...


"අභිමාන්... තිවේකා කතා කරන්නේ.."


"අහ් ඔව්.. කියන්න.."


"ඔයාට සර්ගෙ කමරේට එන්න කිව්ව..."


"මම අද වැඩ නැහැ.. මම ඕෆ් එකක් ගත්තා.."


"අහ් එහෙමද, සර් දන්නේ නෑ මම හිතන්නේ ඔයා ඕෆ් බව.. හරි මම බලන්නම්කො."


"හරි, පොඩ්ඩක් බලන්න.. තැන්ස් තිවේකා.."


මම එමජන්සි ඕෆ් එකක්නේ ගත්තේ ප්‍රශ්නයක් වෙන්න විදිහක් නෑ.. මොනව උනත් එතන වැඩ කරන එක මගේ හිතට මහා බරක්.. ඉකනින්ම වෙන ජොබ් එකක් හොයා ගන්න ඔනේ කියන අදහස තව තවත් හිත ඇතුලේ සනාත කර ගත්තා..


---- මතු සම්බන්ධයි ---- 

සකුන් විරාජ් එදිරිමාන්න





Report Page