දෑස මානයේ...

දෑස මානයේ...

Yenu 💕





(Register Code- 001721)

කතෘ අවසරයකින් තොරව උපුටා ගැනිම තහනම්...!

දෑස මානයේ...❤️🍃

පලමු දිගහැරුම..



මේ ගෙවෙන්නේ ජීවිතේ ලස්සනම වගේම ආසම කාලේ කිව්වොත් මං හරි..අලුත් පන්තියක අලුතින්ම ඉගනගන්න කොහොමත් ආස හිතෙනවනේ...

හැබැයි ඉතින් පොත් ,පාඩම් විතරයි අලුත්..

පරණ යාලුවො ,පරණ ගුරුවරු ඒ විදිහමයි

මං චේත්‍යා ප්‍රභාශි.මේ ගෙවෙන්නෙ එකොලහ වසරෙ පලවෙනි දවස.මාසෙකට විතර පස්සෙ තමා ඉස්කෝලට ආවේ..



"චේති ගුඩ් මෝනින්.."

ගේට්ටුවෙන් ඇතුල් වෙද්දිම දුවගෙන ආවේ මගෙ එක්කම ඉන්න යාලුවා..එයා පැහැසි දිව්‍යා.



"ගුඩ් මෝනින්..

මොකෝ අද කලින් ඇවිත්"

හත හමාරට ලංවෙලා ඉස්කෝල් එන එකී අද කලින්ම ඇවිත් නිසයි මං එහෙම ඇහුවේ..



"සංකල්ප අයියා එක්ක ඊයේ මැසේජ් කරා..එයා කීවා උදේම එන්න කියලා ලමයි එන්න කලින් කතා කරන්න..ඒත් ටිකක් පරක්කු වුනා..දැන් ලමයි ඇවිත්නේ...අන්න පන්තිය ගාවට ඇවිත් පුප්පලා ගියා.."



පැහැසි කියවගෙන ගියෙ නඩු කියනව වගේ..මට හිනා ගියේ කල්ප අයියගේ මූන මතක් වෙලා..එයා පැහැසි එක්ක තරහ වුනාම ඔරවන්නෙ අපිටත් එක්ක.

" ඒ කියන්නෙ රෑ මැසේජ් කරාද ඔයාලා..පරිස්සෙමෙන් පැහැසි..අහුවුණොත් ගෙදරින් ෆෝන් එකත් හංගයි ඊටපස්සේ.."



මං කිව්වෙ ඔක්කොම හිතේ දේවල් පැත්තකින් තියලා...

නිතිනු සංකල්ප කියන්නේ මගෙ ඇස් අතරින් අතාරින්න බැරිම රූපයක්..හුගක් ලස්සන ඒ වගේම ආඩම්බර කොල්ලෙක්..තලෙලු පාට මූන..කූරු කූරු කොණ්ඩෙ ඒ ආඩම්බරකම වැඩි කරනව..ශිෂ්‍ය නායක මණ්ඩලෙන් කොච්චර කොණ්ඩෙ පාත් කරත් එයා ඒක හදන්නේ ලස්සනට බම්ප් කරලා වගේ උඩට පීරලා..ඉස්කෝලෙ එන්නේ අටටත් ලං වෙලා.කලින් එනව කියන්නේ ඒක වැදගත් හේතුවක්..A/L අංශයේ හින්ද වැඩිය ප්‍රශ්නයක් නැ ඉතිම්.ඒ වගේම එයා පැහැසිගේ ආදරේ..



මං ඉස්කෝලෙට ආවෙ දහයෙ මුල් වාරේ...එයාව ඉස්සල්ලාම දැක්කේ අයියලා ටිකක් එක්ක ඔෆිස් එක ඉස්සරහ දණ ගහගෙන ඉන්නකොට..ටිකක් කල් යනකම්ම මං ඒ රූපෙ පස්සෙ හිටියේ.ඉස්කෝලෙ වලියකදි අනිවාර්යයෙන් මූලිකත්වය එයාගෙන් ලැබෙන නිසා ඉස්කෝලෙ දඩබ්බර කොල්ලෙක් විදිහට ජනප්‍රියයි..ඒ වගේම ඉගනගන්න හුගක් දක්ෂ කොල්ලෙක්. .එයාගෙ විස්තර හොයාගන්න මහන්සි වෙන අතරේ මං දවසක් දැනගත්තා එයයි පැහැසි ආදරේ කරනව කියලා...

එදායින් පස්සෙ මං එයා ගැන දැනගන්න තියෙන ආසාවටද මන්දා මං පැහැසිගේ හොදම යාලුවා වුනා...

ඒත් තව වෙනකම් ඒ ආඩම්බරකාරය මං එක්ක වචන දහයක්වත් කතා කරල නැතුව ඇති...



" එහෙම අවුලක් නෑ..අම්මි ෆෝන් එක දෙන්නේ එලාම් තියාගන්න..එයා රෑට නැගිටල එන්නෑනේ..ඉතින් ෂේප්"



මං කල්පනාවෙන් මිදුනේ පැහැසිගේ සද්දෙට.. .

හුම් හුම් යමු පන්තියට...මං එහෙම කිව්වේ ඒ දෙන්නගෙ දේවල් එයාලා බලාගනි කියලා හිතලා...



❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️

 මං කොහොමත් දන්නවා ඔය වසවර්තිය අද මේ පැත්තේ එන්නෑ කියලා..ඒ හින්දම තමයි මං කැමති නැත්තේ පැහැසි කල්ප අයියා එක්ක තරහ වෙනවට..ඒකෙන් වෙන්නේ දවසම මටත් එයාව බලන්න වෙන්නැති එක..



" චේති ..මොකො උඹ මූණත් එක්ක අවුල්.."

තරු මං ගාවට ඇවිත් ඇහුවේ මං මූඩ් ගහන් හිටපු නිසාම වෙන්නැති..



" කම්මැලි ඕයි..මේ සිංහල මිස්ටත් අදම නිවාඩු ගන්න ඕනි වුනානේ..මේ පන්තිය අස්සේ කම්මැලි කමේ ඉන්න එපා වෙනවා බන්.."

මං එහෙම කිව්වෙ ඇත්තටම හිස් පීරියඩ් එකේදි කම්මැලි හිතුන නිසා..

වෙනදට හයවෙනි පීරියඩ් එක වෙනකොට කල්ප අයියව දෙතුන් පාරක් දැකල..අද ආවෙම නෑ මේ පැත්තේ.මේ නිවාඩු මාසෙටම දැක්කේ දෙතුන් පාරයි..මට හිතුනෙම එයාලගෙ පන්ති පැත්තෙ ගිහින් පොඩ්ඩක් මූණ බලලා එන්න..ඒත් ඉතින් ඔය හරියෙන් ගියත් ඇති ටීචර්ස්ලා කතාවක් හදන්න..පැහැසිටත් යන්න උවමනාවක් නැද්ද කොහෙද..නැත්නම් යාලුවො එක්ක කයිය ගගහ ඉන්නෙ නෑනේ..



" ඒ චේති..අනෝකා මිස් කීවා රැස්වීම් ශාලාවේ තියෙන පොත් ටිකක් ගේන්න කියලා..අනේ මං එක්ක යමන්කෝ..තනියෙන් යන්න බෑ.."



ඔන්න ඉතින් මට දෙවියො දුන්න චාන්ස් එක..මෙච්චර වෙලා හිත හිත හිටියේ A/L සෙක්ෂන් එක පැත්තෙ යන්න හේතුවක් නෙහ්..



" යන්කෝ.."මාත් පැනපු ගමන් කැමති වුනේ එයාව බලන්න යන්න තිබ්බ හදිස්සියට..පන්තිය ගාවින් එබී එබී බල බල ගියාට එයාගෙ යාලුවෙක්වත් පන්තිය ගාව හිටියේ නෑ..



" මොනවද උඹ බල බල යන්නේ..මගෙ ගාවින් හිටපු තරූගේ සද්දෙට තමා මට මතක් වුනේ තව වටේ පිටේ මිනිස්සු ඉන්නව කියලා..



" අහ්..මේ මං කල්ප අයියා කෝ කියලා බැලුවේ ..පැහැසි තරහ වෙලා කියලා නහයෙන් අඩනවා ඒකයි.."

මං කීවේ තරූට හිනාවෙලා..



" හාකෝ..මං එහෙම හිතාගන්නම්කෝ..හැබැයි ඉතින් මමනම් දකිනවා උඹ කල්ප අයියා දිහා බලන් භාවනා කරනවා..උඹ බලෙන්නෙ ඌට පැහැසිව සෙට් කරන්න හදන්නේ..ඌ ඉන්නෙත් ගැලවෙන්න බැරුව.."



ඔව් ඉතින් ඒකනම් මාත් ඉහ මුදුනෙන් පිළිගන්නවා..කොහොමත් කල්ප අයියා දැන් පැහැසිට වැඩිය කැමති නෑ..ඔය දැන් කතා කරන්න එන්න කියන්නෙත් ඕක නවත්වන්න කියලා මං දන්නවා..ඉතින් එයා වෙන කෙල්ලෙක් යාලු කරගනී කියලා බයට තමා මන් එයාව කොහොමහරි තියාගන්න කියලා පැහැසිට කියන්නේ ..ඒ වගේ ආඩම්බරකාර කොල්ලෙක්ට කවුද අකැමැති ... 



" එහෙම නෑ එයා පැහැසිට කැමති ඇති..ඒකනේ එයාගේ මූණටම කැමති නෑ කියන්නේ නැත්තේ.."

මං කිව්වෙ තරුෂිටත් එක්ක ඔරවලා බලලා..



" උඹ ඔය වෙලාවකට පැහැසි වගේ මැසේජ් කරන එක එහෙම නවත්වපන් චේත්‍යා..ඌට නිකම්හරි තේරුණොත් ඒක..ඒක දන්නෙ ඔයයි මායි විහාරායි විතරයි තමා.ඒත් නිකම්හරි තේරුණොත් එහෙම..උඹ ඌට කැමති නම් කෙලින් කියහන්..උඹේ සිතුවිලි තේරුම් ගන්න ඌට හිත් කියවන්න පුලුවන් කමක් නෑනෙ...



තරු මට දිගින් දිගටම කියන්නේ ඕක තමා..ඒත් දෙයියනේ මං කොහොමද හොදම යාලුවගේ කොල්ලට ආදරෙයි කියන්නේ..ඒක මොන ආත්මාර්ථකාමීකමක්ද කියලා අනික් අය හිතයි..ක්ලාස් දවසට පැහැසි මැසේජ් කරන්නේ මගේ ෆොන් එකෙන්..ඉතින් ඒකි ගෙදර ගියාමත් මං මැසේජ් දෙක තුනක් දානවා..අර කතාවක් තියේනේ ආදරෙයි කැස්සයි හංගන්න බෑ කියලා..



" ආය දාන්නැතුව ඉන්නම්..මං එහෙම කිව්වේ හුස්මක් අතාරින ගමන්..

කතා කර කර දේශන ශාලාව ලගට එනකලුත් ඇවිත් ..



" මොනවද පොත්.."

මං තරූගෙන් ඇහුවේ ශාලාවට ඇතුල් වෙන ගමන්..ඒක ඇතුලෙන් ලස්සන සින්දු ටිකකුයි,මේසවලට තාල දාන සද්දෙකුයිත් ඇහෙනව..ෂුවර් එකටම වසවර්තියො ටිකක් සින්දු කියනවා ඇති..



" දැන්ද අහන්න මතක්වුනේ..අර මදිවෙච්ච ඉංග්‍රීසි පොත් ටිකක් තියෙන්නේ ..."

තරූ මට කීවේ නෝක්කාඩු හඩකිනි..



අනේ දෙයියනේ..ගුරු මේසෙ උඩම ඉදගෙන මාර්කපෙන් එකකුත් මයික් එක වගේ තියන් කල්ප අයියා සින්දු කියන්නේ..අනික් යාලුවො ටික ඒකට තාල අල්ලනවා..

මං තරූ දිහා බලද්දි ඒකි ඇහැක් ගහලා කියනවා පොත් ටික අර අරයා ගාව..ගිහින් කුමාරයගෙන් ඉල්ලගෙන වරෙන්ලු..එතකොට තමා මාත් දැක්කේ ගෙනියන්න ඕනි පොත් ටික උඩ කල්ප අයියා අතකුත් නවන් තියාගෙන ඉන්නවා කියලා...



❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️



"ඒ මේ පීරියඩ් දෙකක් හිස්..මොකො කියන්නෙ බජව්වක් අල්ලමුද...අද නම් උඹෙන් සින්දුවක් ඕනිමයි.."

අනුහසා ඇහුවේ මං ගාවට එන ගමන්..මේ පාප මිත්‍රයෝ තමා මාව වැරදි දේවල්වලට පොළඹවන්නේ..ටීචර් කෙනෙක්වත් දැක්කොත් මමනේ අහුවෙන්නේ සින්දු කිව්වට..



" බෑ බන් එහා එකෙ පුෂ්පා මිස් ඉන්නවා..අපි යමන් උඩ හෝල් එකට එකේ සද්දෙ එලියට ඇහෙන්නෑනේ..."

ශාමින්දයා කිව්වේ මාර්කපෙන් දෙකකුත් ගන්න ගමන්...

පැය භාගයක් විතර ගෙවිලා ගියේ දේශන ශාලාවේ එක එකාගේ සින්දු එක්ක..මාත් දෙක තුනක් අතරින් පතර කියලා දැම්මා.. 



" අඩෝ තව එකක් බන්..උඹ ලස්සනට කියනවනේ..."

ශාමින්දයා කීවේ මාර්කපෙන් එකත් දික් කරන ගමන්..

" මේක විතරයි..ආය නම් බෑ..මං කීවේ ඒකත් ගන්න ගමන්..



සුලගේ ලෙලෙනා මල් සේ දග පා

අප පාසල් ගිය කාලයේ..

යහලුවො අද නැත වෙන අය එහි ඇත

කාලය මැව් වෙනසක අරුමේ..//



ලොකු පන්තියේ අය පොඩි පන්තියෙ අය

හැම දෙන එක පංතිය විලසේ..

අප පොත්වල දුටු රජවරු සිටුවරු

වෙන්නයි කවුරුත් සිත් මැව්වේ...



සුළගේ ලෙලෙනා...



සාමලා අමරලා පොත් තුල තව ඇත

එන එන අය යා යාලුවෙතේ..//

අපේම පාසල අපේම මව විය

එ දාවස් අපහට නැත ආයේ..



( ගායනය= පාලිත අබේවික්‍රම)



මගෙ සින්දුවෙ තාලෙට කොල්ලො ටික ඩෙස්වලට තට්ටු කර කර හිටිය නිසා හෝල් එකේ දොර ඇරෙනවා කාටවත් ඇහුනේ නෑ..

නිකමට වගේ ඉස්සරහ බලනකොට දැක්කේ පැහැසිගේ යාලුවො දෙන්නෙක් කට ඇරන් බලාගෙන ඉන්නවා..අනේ මන්දා මේ කෙල්ලොත් කොල්ලො දැකලා නෑ වගේ..අනිකි අර චේත්‍යා...ඕකි තමා පැහැසිට ලව් කරන්න උගන්වන්නේ..

මං හිතින් බැන බැන මං දිහා බලන් මොනවහරි කතා වෙන කෙල්ලො දෙන්නා දිහා ඇස් කොනින් බැලුවේ ..



අඩෝ කල්පයා ..සින්දුව කියපන්

පැහැසි නෙමේ ආවේ..අනික ඒ සල්වාර් කෙල්ලට උඹ කැමතිත් නෑලුනේ...



කොල්ලො ටික මං දිහයි මං බලන් හිටපු දිහයි බලලා කෑගැහුවේ මං අතින් එකපාරට සින්දුව නැවතුණු හින්දා වෙන්නැති ..ක්‍රිස්තියන් හින්දා පැහැසි නිතරම අදින්නේ සල්වාර්..මුන් ටික ඒකිට කියන්නේ සල්වාර් කෙල්ල කියලා..

 

කෑගහපු එකාටත් ඔරවන ගමන් මං

 අරුන් දෙන්නව දැක්කෙ නෑ වගේ ආය සින්දුව කියන්න හැදුවේ..

කොහෙද ඒකටත් මැදින් පැනලා අනුහසා කෑගහන්න ගත්තා..



" ඒ චේත්‍යා නංගි ..මොකො මේක ඇතුලේ..අනික උඹලා දෙන්නා මොනවා කියන්නද ඔච්චර ඇඹරෙන්නෙ..හැබැයි ඉතින් සල්වාර් කෙල්ල ගැනනම් පණිවිඩ එපා පුතෝ..මූ ඒකිව අතෑරලා හුගක් කල්.."



" නෑ..මේ..පොත් ගෙනියන්න ආවේ..පණිවිඩයක් නෙමේ..අර..පොත් ටික ඕනි.."

මුල ටික බිම බලාන අන්තිම ටික මං වැලමිට තියාන හිටපු තැනට අත දික් කරන ගමන් ඒකි කිව්වේ පටලව පටලව..



" අනේ මන්දා මේ කෙල්ලන්ගෙත් තියෙන්නේ පුදුම කැටයම්...."



❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️

නැවත හමුවෙමු


කතාව ගැන මොකක් හරි කියන් යන් ලමයි.. 


දිගටම කතාව ඕනිද 🌝






Report Page