දෙලොවක් අතර

දෙලොවක් අතර

Ishanka



(කොටස් කිහිපයකින් යුතු කෙටි කතාවකි )


01 කොටස


සිංදුවක් කියමින් මම ගමන් කළේ නිවස බලාය. නිවසට ඇත්තේ තව කෙටි දුරකි. මම A/ L ලියා ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් ඉන්න අයෙකි. නම විහඟ ආදිත්‍යයි.


" අම්මේ.. " යැයි මහ හඬින් කෑගසාගෙන නිවසට ගොඩ වූ මම ඉක්මනට දිවූයෙ අම්මාව සොයාය. 


" මොකො අද කලින්ම " මා දුටු විගස අම්මා ඇසුවාය.


" අද කෝස් එක කලින් ඉවර වුණා. අම්මා.. තේ එකක් හදලා දෙන්නකෝ"


" හ්ම්ම්.. ඉන්න ටිකක් " 


අම්මා තේ එකක් සාදා දුන් පසු මම එයද රැගෙන ආවෙ කාමරය වෙතටය.


" ගෙදර ගියාද? " දුරකථන තිරයෙ දිස් වූ එම කෙටි පණිවිඩය මගේ හොඳම යෙහෙළියගෙනි. ඇය නමින් අදීෂාය.


" ආ.. ඔව් බන් දැන් ආවෙ " පිළිතුරු යවා මා මඳක් කල්පනා කරන්න ගත්තේ ඇය ගැනය.


අවුරුදු ගණනක සිට අප යහළුවන්‍ ය. ඒත් මට දැන් ඇයව මතක් වන විට මහා දුකක් සිතට දැනේ. හේතුව කුමක්දැයි මටම වටහාගත නොහැකිය. 


මම A/L කාලයේ එක කෙල්ලෙක්ට කැමැත්තෙන් හිටියා. ඇගේ නම සත්මිය. අදීෂාට මේ ගැන සඟවා සිටියත් ඇය කෙසේ හෝ එය දැනගෙන මගෙන්ම එය ගැන විමසුවාය. 


කෙසේ හෝ එදා මම කැමැත්තෙන් සිටි කෙල්ල අද මගේ GFය. ඇයත් හරිම හොඳ කෙනෙකි. නමුත් මා සෑමවිටම කැමති ඇය සමඟ සිටීමට වඩා අදීෂා සමඟ සිටීමටය. 


අදීෂා ළඟදි මට කිසිම වෙහෙසක් නැතුව මට ඕනම ආකරයකට සිටීමට හැකිය. ඕනෑම දෙයක් ඇයට පැවසීමට හැකිය. ඒත් මම සත්මි ඉදිරියේ වෙනත් චරිතයකි. මම ඇය අසළදී ඕනවට වඩා සිතන කෙනෙකි.


මනෝ ලෝකයෙන් මිදුණේ නැවත වරක් දුරකථනයට ආ කෙටි පණිවිඩය නිසාය. නැවතද අදීෂාය.


" හෙට මාත් එක්ක ගමනක් යන්න එන්න පුලුවන්ද? ඔයාට කරදරයක් නැත්තම් විතරක්" 


" අවුලක් නෑ බන්. එන්නම් එන්නම් කීයට වගේද එන්න ඕනෙ "


" 9ට වගේ ටවුන් එනවකො "


" හ්ම්ම්.. ඇයි උබේ අර යාලු එළදෙන්නු එන් නැද්ද හෙට "


" එයාලට හෙට ක්ලාස් එකක්ලු බන්.. එන්න පුලුවන් නේද? තනියම යන්න බෑ වගේ.. ඒකයි "


" කොහෙද දැන් යන්නෙ ? සෙහස්වත් එක්කන් එන්නද මං "


" ඌ ආවත් එකයි නැතත් එකයි. තමුසෙ එනවකො. ආහ්.. ඔයාගෙ කෙල්ල අවුලක් වෙයිද බන් "



"නැ නැ එහෙම අවුලක් නැ "


එක්වරම දුරකථන තිරයේ දිස් වූයේ ඇමතුමකි.. ඕහ්.. සත්මි..


" හෙලෝ බබා "


" හෙලෝ ඇයි ඔන්ලයින් ඉඳලත් මැසේජ් එකක් නැත්තෙ ?"


" මේ.. යාලුවෙක් එක්ක මම පොඩි කතාවක හිටියෙ සුදූ.. "


" හ්ම්ම්.. මේ.. හෙට අපි meet වෙමුද?"


" හෙට? ම්ම්ම් කීයට වගේද?"


" මම හෙට අර කිව්ව කෝස් එක බලන්න යනවා. අනේ එනවද ඔයා?" 


" මාර වැඩේ නෙ.. මම මේ සෙහස් එක්ක ගමනක් යන්න කතා උනා. ඌට මොකක්ද දැන් කියන බොරුව"


" හ්ම්ම්.. හරි අවුලක් නැ. ඔයා යන්න එහෙනම්. මම තව යාලුවෙක් එක්ක යන්නෙත්. ඔයාට පුලුවන් උනොත් එන්න බලන්න හරිද ?"


" හා හරි සුදූ.. මේ අම්මා එනවා මේ පැත්තට. මම තියන්නම් ඈ"


අම්මා එක්වරම ඇවිත් කාමරයට එබුණේ මම කුමක් කරන්නෙදැයි බැලීමටය.


" ආව වෙලාවෙ ඉඳන් ෆෝන් එකේමයි. බත් ටිකක් කාල ඉන්නවා දැන් "


" හා හා අම්මේ "



පසුදින මා ගියේ අදීෂා හමුවීමට සෙහස් සමඟය. සෙහස්ද දැන් මාස ගණනක සිට අදීෂා ගැන කියවයි. මූටද අනංගයා විද ඇති හැඩයි. ඒත් අදීෂා නම් මේ ගැන කිසිවක් නොදනී.. ඇය දැනගතහොත් මුට කැමතිවේදැයි මට පොඩි බියක්ද ඇත.



" දෙන්නා වෙලාවටම ආවා නේද ?" ඇය සිනහමුසු මුවඟින් අපව පිළිගත්තාය.


" කොහෙද බන් යන්න තියෙන්නෙ ?" මා ඇසුවේය.


" වැඩ ගොඩක් තියෙනවා හලෝ.. මට මේ ඇඳුමක් ගන්න යන්න ඕනෙ. තව අක්කිට පොත් වගයක් ගේන්න කිව්වා. තව මට බෑග් එකක් ගන්නත් ඕනෙ "


"යකො.. ෂොපින් කරන්න යන්නද මේ එන්න කිව්වෙ. ආ.. කමක් නෑ මැණිකේ.. කොල්ලෙක් හොයාගන්නෙත් නැතුව උබ මටම වද දියන්කෝ " විහිලුවට මා එසේ කීවත් ඇයට කොල්ලෙක් නැති එකට බොහො සතුටකින් සිටියෙ.


" ඇත්තටම වදයක්ද ?"


" අනේ ඌට වදයක් වෙන්න ඇති.. මට නම් වදයක් නෙවේ අදී" පැණි හිනාවක් දමමින් සෙහස් කීවේය.


අදී.. අනේ මේකා ඒ පාර නමත් කෙටි කරලා කියන්න එනවා. ගහන්න හිතෙනවා මැරෙන්න මූට. කෙළින්ම අදීෂා කියන්න බැරිද? අදී... අදී ගාන්නෙ.


බස් එකකට නැගගත් අපි ඉක්මනින් අපිට අවශ්‍ය තැනින් බැස ගත්තෙමු. බසයේදීද සෙහස් ඉක්මනින් අදීෂා ළඟ හිඳගත්තේ 

" මං ඉඳගත්තට කමක් නැ නේද මැඩම් " කියාගෙනය. 


කොහොම හරි අපි බෑගයක් ගන්නට මුලින්ම ගියෙමු. 


" අදී.. මේ මේක ලස්සනයි නේද?" සෙහස් බෑගයක් පෙන්වා කීවේය.


" අනේ නෑ ඒකෙ හැටි බලන්නකො අනේ. මේ මේ මේක හොඳ නැද්ද ?" මම කීවේ වෙනත් බෑගයක් පෙන්වාය.


කෙසේ හෝ අදීෂා තෝරාගත්තේද මගේ තේරීමය. ඒ ගැන මට පොඩි සතුටක් හිතට ආවේය.


" ගස් බල්ලෝ.. මොකො බන් උබට වෙලා තියෙන්නෙ. අද උබෙ මූනත් අමුතුයි " සෙහස් හෙමින් එසේ ඇසුවේ අදීෂා මුදල් ගෙවීමට ගිය පසුය.


" නැ බන්.. මේකයි. අද සත්මි ඇහුවා එයා එක්ක යන්න එන්න පුලුවන්ද කියලත්. මම මුලින්ම අදීෂා එක්ක එන්න නෙ හිතලා තිබ්බේ. ඒත් ඉතින් මම ඒකිට කිව්වෙ උබ එක්ක ගමනක් යන්න කතා වුණා කියල "


" එහෙමද ? උබට එයා එක්ක යන්න නෙ තිබුණෙ "


"බෑ නෙ අදීෂා පව් නෙ "


" ඉතින් මම එනව නෙ එහෙනම් එයා එක්ක "


අනේ පලයන් බන් .උබ එක්ක තනියම ඒකිව එවලා ඒකි කැමති වුණොත් එහෙම. මට එසේ සිතුණත් එය පැවසූයේ නැත. 


අදීෂා එක්වරම මා ළඟට පැමිණ,


" අනේ මේක අල්ලගන්නකො" එසේ කියා එක් බෑගයක් මට දුන්නාය.


එවිටම මා එක්වරම දුටු රුවෙන් පුදුම විය..


ස.. සත්මි..


මීළඟ කොටසෙන් නැවත හමුවෙමු 😇


✍️𝓑𝔂 𝓐𝓶𝓪𝓵𝓲

Report Page