දඩාස්(keti katha)

දඩාස්(keti katha)

Shaviruni Nawarathne


එයා හරිම සන්සුන් පාටයි.මගේ එහා පැත්තෙ පුටුවට වෙලා වාඩිවෙලා ඉන්නෙ හුඟාක් ලොකු ඉවසිලිවන්ත පෙනුමක් මූණේ තියාගෙන.


එයා කළු පාට රැවුල් ගස්වලට ඇන්නම ඔලුව හරවලා බැලුවත් එයා මට මොනවත් කියන්නෑ.එයා පුලුවන් උපරිමේටම ඉවසනවා.


ඒත් එයාගේ අයිතිකාරයා ඇයි එහෙම නැත්තෙ.උපරිමේට තියා තත්පරයක්වත් ඉවසන්නෙ නැත්තෙ ඇයි.


මෙයා මෙයාගේ අයිතිකාරයා වගේ නෙවෙයි.මෙයාගෙ ලොකුකම.


ඒත් මේ වෙලාවේ නම් එයාගෙත් ලොකුකම.මගෙත් එක්ක රණ්ඩු වෙලා ගිහින් දඩාස් ගාලා දොරවහගෙන දැන් පැය දෙකකටත් වැඩී.මමත් මෙතෙන්ට වෙලා පූස්ව අවුස්ස අවුස්ස බලන් ඉන්නෙ එයා එනකම්..කීයට හරි එයිනෙ.


මෙච්චරටම පුංචි දේවල්වලටත් එයා රණ්ඩු වෙන්නෙ ඇයි කියල මට තේරෙන්නෑ.මන් එයාගේ සපත්තු දෙක විසික්කරා කියලා තරහ වුණේ.ඒත් මන් ඒ දෙක විසික්කරා නෙවෙයි.මට ඒක වේලෙන්න දාලා අරන් තියන්න අමතක වුණා.අමතක වෙනව නම් නොකර ඉන්නලු.එයා කරගන්නම්ලු.


අන්තිමට පොඩි වලියක්.පරණ දේවලුත් ඇද ඇද.


හුඟක් රණ්ඩු ඉවර වෙන්නෙ එයා දඩාස් ගාලා දොර වහගත්තම.


ඒ දඩාස් සද්දෙ ඇහෙන්නැති සතියක් අපෙ ගෙදර නෑ.


අපේ පූස් දැන් ඒ සද්දෙට භයවෙලා ගැස්සෙන්නෙත් නෑ.මටත් පූස් වගේ ඉන්න පුලුවන්නම්..එයාට ඕන දෙයක් කියන්න දීලා ඉවසන් අහන් ඉන්න පුලුවන්නම්.ඔය දඩාස් සද්දෙ අවුරුද්දකට පාරක්වත් ඇහෙන එකක් නෑ.


මගෙ කට වැඩි නිසයි ඔච්චර රණ්ඩු කියල අම්මා හැමවෙලේම කිව්වත් මට පිළිගන්න හිතෙන්නෙම නෑ ඒක.


පූසෙක් උනානම් හොඳයි.


කවුරු තරහ වුණත් රණ්ඩු වුණත් එයාගේ කෑම ටික ලැබිල ඔලුව අත ගානව නම් එයාට ඒ ඇති.දැන් මගෙ ළඟට වෙලා පුරු පුරු ගගා ඉන්නෙ කිසිම කරදරයක් නැති හරි ශෝක් දවසක් කියන්න වගේ.


එයාට නින්දත් යනව...මැටි පූසා.


අපි දෙන්නගෙන් එක්කෙනෙක් හරි මේ වගේ උනානම්..කියල හිතෙන වාර ගොඩයි.


ඒත් මන් බලන් ඉන්නෙ එයා ඉවසනකම්.


එයා බලන් ඉන්නෙ මන් ඉවසනකම්.


මිනිස්සුන්ගෙ හැටිලු ඒක..අනිකා කරනකම් බලන් ඉන්න එක..


දැන් නම් බලන් ඉන්නත් කම්මැලි..කෑවෙත් නෑ තාම දවල්ට..මේ මනුස්සයගෙ සපත්තු දෙක හන්ද..


මගෙ ළඟ වාඩිවෙලා සන්සුන් ගතියෙන් හිටපු පූස් එක පාරට නැගිටල,මගෙ අතත් හූරගෙන දුවගෙන ගියා කුස්සියට..කුස්සියෙන් දඩ දඩස් ගාල සද්දයක් ඇහුණා.


මන් කුස්සියට දුවගෙන යනකොට වීරයා කැරපොත්තෙක් කටේ ගහගෙන බලාගෙන ඉන්නවා.


මට පිටිපස්සෙන් දුවගෙන එන තව අඩි සද්දෙකුත් ඇහෙනවා.


වෙලාවට අපි දෙන්නගෙන් කවුරුත් පූසෙක් වගේ නොවුණේ.


මන් දන්නව එයා හැරෙනකොටත්.එයත් දන්නව.


ඒත් මේ පූස් තඩිය කරන්න යන දෙයක් කියන්න කාටවත් බෑ.මේ හුරතල් වෙවී හිටිය.ඊට පස්සෙ ඊට වඩා දෙයක් දැක්ක ගමන් දුවගෙන ගියා.


අපි දෙන්න එහෙම නොවුණේ වෙලාවට.


රණ්ඩු වෙවී ඉන්න එකත් හොඳයි.


නැත්තම් ඉවසගෙන ඉඳල,අපිටත් රිද්දල යනකම්ම දන්නෑ..


එයා මගේ පූස් නියපොත්තට හීරිච්ච අත ඇදල අරන් බලනකොට මන් හිතාගත්ත.



...................................................................



එයා තමයි ගැළපෙනම කෙනා.


නැද්ද..පූසෙක්ට පූසෙක් හරියයි..


ඒත් කොච්චරවත් එල්ලෙන්න බලන් ඉන්න උන්ට හරියන්නෙ ඒවගෙම කටු අතු තමා.😅


නැත්තම් හැමදම පූසට හීරෙනව..


කියනවනෙ ඉවසගෙන ඉන්න උන් තමා භයානකම කියල..😅


පූසොත් එහෙමනේ.


අපේ පූසා දැනගත්තොත් මන් මෙහෙව් එකක් ලිව්ව කියල ආයේ මොන මඟුලක් ඉල්ලගන්නවත් මගෙ ළඟ පුටුවෙන් වාඩි වෙන එකක් නෑ.


එයා හරි සෝක් අප්පහ්..මාරෙට ඉවසනව..😁


බායි..පූසට ඇනල බලන්න..ඉවසනවද කියල..😅


(ටකු ටුකුස්,දඩාස් ඕව තමා ටික ටික මොංගල් වීගෙන යනකොට කතාවල නම් වෙන්නෙ)


.....


-කතා අච්චාරුව -



Report Page