තොල් සායම් 💋💄 Episode 30

තොල් සායම් 💋💄 Episode 30


තිස්වෙනි හාදුව 

 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷 



💋පෙර කොටසට 💋







" අවීශ .....ඩොක්ටර් අවීශ කාරියවසම් ......" තරුනය හුඩි ජැකට් එකේ හිස්වැස්ම ඉවත් කරමින් ඔහුට පැවසුවා..........







"මොකටද මාව හොයන් ආවෙ" 







" උඹෙයි මගෙයි දෙන්නගෙම දඩයම එකක් නිසා " අවීශ බොහොම පැහැදිලි ව කිව්වෙ .....දේව්ගෙ තියුනු ඇස් මොහොතකට සැලෙද්දි ......







අද එතැන් සිට .........





" උඹ කොහොමද මගෙ දඩයම ගැන ඒ තරම් විශ්වාසෙන් කතා කරන්නෙ........."





දේව් ඇහුවෙ තමන්ගෙ ඇනෙක්ස් එකේ රවුම් මේසෙ තමන්ට මුහුනලා වාඩි වෙලා ඉන්න අවීශගෙන් ...........







" සකලසූරිය ....සෞඛ්‍ය ඇමති දුනෙත් සකලසූරිය ......." අවීශ පැහැදිලි ව කීවෙ දේව් දිහා එක එල්ලේ බලාගෙන .......





දේව් නිරුත්තරව ඔහු දිහා බැලුවෙ හිත ඇතුලෙ තර්ක ගොඩනඟමින් ............





" මම උඹෙන් අහන් නෑ ඌ එක්ක තියෙන ඇරියස් එක ගැන.....ඒත් උඹට වගේම මටත් සනීපෙට නින්ද යන්නෙ ඕකයි ඕකගෙ ගැන්සියයි මකබාවපු දවසට...... ඉතින් අපිට පුලුවන් එකතු වෙලා දඩයම් කරන්න......" අවීශ කීවෙ පුටුවට බර වෙන ගමන්..........



" මම හරි නම් උඹ තමා ළඟකදි එහෙ මෙහෙ හුවමාරු  වෙන අකුරු වල අයිතිකාරය ......උඹ නේද අරගලේකට අර අදින්නෙ........."  දේව්ගෙ උකුසු ඇස් අවීශගෙ ගෙල පලඳනාව වෙත යොමුවෙලා තිබුන..........



" ඔව් තව මාස කීපෙකින් අරගලේ අවසාන ප්‍රතිපලේ හැමෝටම බලාගන්න පුලුවන් වෙයි....මමයි අකුරු අරගලේ නායකය ......." අවීශගෙ ස්ථීර ස්වරය දේව්ගෙ කන් ඇතුලෙ රැව් පිලිරැව් දුන්න .............

එක මොහොතක්වත් නොසිතාම දේව් තමන්ගෙ අසුනින් නැගිටලා ඔහු වෙත අත දිගු කරා.........





" නයිස් ටු මීට් යූ ඩොක්ටර් අවීශ කාරියවසම් ......"





" නයිස් ටු මීට් යූ ටූ  Asp දේව් විජයමුනි "



ඔවුන්ගේ කතා බහ රාජකාරියමය ස්වරූපයකින් ඉදිරියට ඇදුන..........





" දේව් මගෙ ටීම් එකේ අපි හතක් හිටිය....... ඒත් මගෙ දකුණු අත වගේ හිටපු එකාව ඔය සකලසූරිය කියන සක්කිලි බල්ල අමු අමුවෙ මරල දැම්ම.....ඌ මගෙ ටීම් එක සී සී කඩ විසිරුවා .......අපිව ලෝක සිතියමේ ගව් ගානක් ඈතක හැංගුව......තව....තව....ඌ මගෙ ජීවිතේ වටිනම දේ මට නැති කලා........."



අවීශගෙ කටහඬ වෙව්ලුවා ........ඒ ඇස් පුපුරු ගහද්දි අත් මිට මෙලවිලා තිබුන............





අවීශගෙ වෙව්ලන අත ඔහුගෙ සාක්කුවට යැවූ ඔහු......එයින් පිටතට ගත් යමක් දේව්ගෙ මේසෙ මත තිබ්බ....... නිල් පාට ක්‍රිස්ටල් අල්ලපු චේන් එක දිස්නෙ දෙද්දි දේව් ප්‍රශ්නාර්ත බැල්මකින් ඔහු දිහා බැලුව ........



ඌ මරල දැම්මෙ මෙන්න මේ නිල් මාලෙ අයිතිකාරය යව....... මගෙ මුලු ටීම් එකම සකලසූරියගෙන් පලිගන්න බලන් ඉන්නෙ...... ඉතින් උඹ තමා මේකෙ ඊළඟ අයිතිකාරය වෙන්න සුදුසු ම කෙනා.........







මේක ඉල්ලීමක් වුල්ෆ් හන්ටර්......මගෙ ටීම් එකට එකතු වෙයන් ......අපිට වගේම උඹටත් සාධාරණ හේතුවක් ඇති උගෙන් පලිගන්න......"







" තියෙනව ඔය කඩප්පුලි හු$& නිසා මම මැරි මැරි උපදිනව අවීශ .........දේව් කීවෙ නිල් පැහැ මාලය ඔහුගෙ අත් අතරට අරන් ඇස් මානෙට ඔසවන ගමන්...........





" එකඟද........." අවීශ නැවත ඔහුගෙන් ඇහුව .........





" අනිවාර්යයෙන්ම එකඟයි......"





🖤💙🖤💙🖤💙🖤💙🖤💙🖤💙





ගැඹුරු හුස්මක් පිට කරපු දේව් ආයෙම ප්ලාස්ටික් පුටුවට වාරු උනේ........ රෝහලේ බෙහෙත් සැර ඔහුගෙ පරණ මතක තව තවත් පාරද්දි ..............



🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷



කුමුදු මල් සුවඳ  මුසු   හුළං රැල්ලක් ඇවිත් බැල්කනියට වෙලා නුවර අහස දිහා බලාගෙන ඉන්න දෙව්ලිගෙ  කොන්ඩ කැරලිත් මූන මත විසුරුවා ගියේ ඇය අතීත භයානක මතක අතර පෙරළි කරමින් ඉද්දි...........



කාල වර්ණ  බැල්ලකගෙ බිරුමක් ඇගෙ කන් ඇතුලෙ දෝංකාර දෙද්දි ........



දෑස් පමණක් ම විවර වූ තනි කලු ඇඳුමකින් සැරසුණු උසැති රුවක් ඇය මනසට නඟා ගන්න උත්සාහ කලා........



ඉක්මන් අඩි සද්දයක්.........මුලු ශාලාව පුරාම පැතිරුන පුස් ගඳක්.............





ඇගෙ චිත්ත රූප එයට සීමා වෙද්දි  ඒ වෙව්ලන දෑත් බැල්කනියේ ගරාදි වැට මත තදින් තෙරපුනේ ඇය ඊටත් වඩා තදින් දෑස්  පියාගද්දි...........







" දෙව්ලි රහසක් කියන්නද ......ඊළඟ ආර්ටිකල් එකට ලෑස්ති වෙන්න.....හිස්තැන පිරවිලා තියෙයි......."





අවීශගෙ වචන ඇයව තව තවත් අවුල් කරා......

🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤





කලු රිදී තිරරෙදි දැමූ රිදී පාට රේඩියම් තරු දිලිසෙන තම කාමරය තුළ ප්‍රභාවත් ඇස් ඇති තරුණයා පුටුවට හේත්තු වෙලා රිදී පෑනෙන් මේසෙට තට්ටු කරමින් හිටිය.........





නෝවා නොනවත්වාම ඔහු ළඟට වෙලා බිරුවෙ ඔහුගෙ මේසය මත තිබෙන තොල් සායම් බහාලුම දිහාට තම තියුණු ඇස් යොමු කරගෙන........





අකුරු අරගල සඟරාවෙ මීළඟ පිටපතේ සියලු ආර්ටිකල් ටික අවීශගෙ තහවුරු කිරීමේ අත්සන සමඟ සූදානම් වෙලා තිබුන .....එනමුත් ධනුද්ධරගෙ ආර්ටිකල් එක තවමත් ඒ අතර තිබුනෙ නෑ.........

අතීතයට ............





"ඉන්න නෝවා අපි යමු........" අවීශ කීවෙ තම කාල වර්ණ මුව ආවරණය ඒ ප්‍රභාවත් දෑස් පමණක් ඉතිරි වන සේ හිස පිටුපසට කර ගැටගසා ගන්න ගමන්............





ජනශුන්‍ය පාලු වීදියෙ මධ්‍යයම රාත්‍රිය උදා වූ යාමෙ උසැති තරුණ රුව කාල වර්ණ බැල්ල සමඟ ඉක්මන් ගමනින් ඉදිරියට ඇදුන............





කෑලි කැපිය හැකි අඳුරක් වටපිටාවේ රජ කරද්දි ........ පාර දෙපස කුනු උන සත්ව මල සිරුරු වලින් වහනය වන ගන්ධය වගේම නිලමැසි සේනාවන්ගෙ ආක්‍රමණ ඔවුන්ගේ ගමන දුශ්කර කෙරුව..........





බූට් සපත්තු පැළඳූ පාද කුනු කානු අතරින් හැල්මේ ඇදෙද්දි ඔහුගෙ හිත ඇතුලෙ ප්‍රශ්න කෝටි ගානක් හොල්මන් කරා...... ඉනේ සැඟවූ කිනිස්සත් නෝවත් ඇරුනු කොට වෙන කිසිවෙක් ඔහුගෙ තනි මැකුවෙ නෑ.............



ඉක්මනින් අවීශගෙ මඟ අවුරපු බැල්ල බිරුමක් දෙකක් සමඟ ඔහුව ඇඳුමෙන් අදිමින් එක්කන් ගියේ උසට වැවුන කටු පඳුරු ගොන්න අතරින් පේන පරණ පුස්තකාල ගොඩනැගිල්ල වෙත....... අවීශගෙ පාද අගුලු වැටුන ගානටම ගල් උනා......ඔහුට ඕනෙ උනේ නෑ මේ පුස්තකාලය තුලට අඩියක්වත් තියන්න .......ඒ පරන පොත් සුවඳ පවා ඔහුව ඇවිලුව..........







ඒත් තොල් සායමේ හිමිකාරිට කරදරයක් බව ඔහුට දැනෙද්දි ඔහු ඒ දෙසට ගමන් කරේ ඔහුගෙ ලෙදර් ජැකට් එකත් හූරගෙනම කටු ලන්ද ඔහුව ආක්‍රමණය කරද්දි .........





එකවරම  මහා හඬින් උල ලේනියක් ඇඬලුවේ මූසල අසුබ පනිවිඩයක තානම අල්ලන්න වගේ.............





ඒත් එක්කම අවීශ පුස්තකාලයෙ ව්ශාල ලී දොර තල්ලු කරේ එයින් නැගුණ ක්‍රීස් හඬ ඔහුගෙ කන් අගුලු වට්ටද්දි................



අත් පළඳනාවෙ ඌ ටෝච් එකෙන් නිකුත් ඌ මඳ ආලෝකය තුලින් ඔහුගෙ ඇස ගැටුන දේ ඔහුව උලුවස්සට වාරු කෙරෙව්වෙ ක්ශනයකින් ...........



අවීශව පසෙකලා ඉක්මන් උන නෝව විසල් දොරින් පහළට තිබුන පඩි කිහිපය බැස එහි පුස්තකාලාධිපතිගෙ දිරාගිය මේසය අසල බිම ගෝනි රෙද්දෙන් ඔතල තිබූ තරුනියගෙ ආවරණය නොවුන  හිසේ  හිසකෙස් තම කටින් තදින් අල්වාගෙන සිරුර බිම දිගේම ඇදගෙන පඩි කීපය වෙත ළං කරා.........



අවීශගෙ බොර වුන ඇස් යොමු උනේ  ගෝනි රෙද්දෙන් ඔතල තිබුන තරුනියගෙ සිරුරෙ මුහුණ වෙත.......





🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤





රිදී පෑන ඇඟිලි මත තදින් තෙරපෙද්දි අවීශ වෙව්ලන අතින් කාල වර්ණ සටහන් පොතේ පළමු පිටුව පෙරලුව.....





පපුව මැද්දට හී හිසක්

පිටකොටුවෙ ඔය අඳුරු මුල්ලක පැතිරුනා කෙඳිරිල්ල........

කාත් කවුරුත් හිටියෙ නෑ එහි අහන්නට වැලපිල්ල.......

නාට්ටාමිගෙ ගෝනි රෙද්දෙන් ඔතල ඒ හෙලුවැල්ල........

විසිකරපු පලියට හිතුවාද තොපි හිමිවෙයි කියා ගැලවිල්ල......?




ඔහුගෙ රිදී අකුරු තවත් දිලිසුනේ ඒ ඇස්වලින් වැටුන පිරිමි කඳුල ඒ තරම්ම බර නිසා වෙන්න ඇති............



ඔහු වෙව්ලන අතින් අනෙක් පිටුව පෙරලුව..........



🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤





ඇස ගැටුන රුවේ කම්මුල් ලේ පුරල.....ඒ තොල් පැලිල තිබුන....ඇය නිසොල්මන් ......හුස්මක්වත් ගන්න පාටක් තිබුන් නෑ......ඒත්....ඒත් එකවරම එක් අතක් හෙමි හෙමින් එසෙව්ව ඇය........





ජීවිතේ පළවෙනි පාරට අවීශ මේ තරම් හදවත  කම්පනය කරපු දසුනක් දැක්කෙ...... ඔහුට තේරුන මේ සිද්ද වෙලා තියෙන දේ .....තමන්ගෙ වෙව්ලන පාද ඔසවමින් ඔහු දුවන් ගියා ඇය ළඟට ....... ඒත් එක්කම ඒ එසවුන අත කඩාගෙන වැටුනෙ........ ඒ පිරුන කම්මුල් මත තිබුන කඳුලු කැට පවා ගල්  වෙද්දි ...............





අවීශ ඉබේටම ඇය ළඟ දණ ගැස්සුනා ............





පපුව මැද්දට හී හිසක්

කාත් කවුරුත් හිටියෙ නෑ ඔය අඳුරු වීදියෙ මේ කොනේ........

බැල්ලියෙක් උඩු බිරුව පුස් ගඳ පිරුනු ශාලාවක වනේ.......

පුස් ගඳට එක් උන ලේ පිලී ගඳ නහය අද්දර පාවුනේ....

ගෝනි රෙද්දෙන් ඔතපු හෙලුවක මූන විතරක් දිස් උනේ........





නළල කොනකින් ගලපු දා බිඳු පිරුනු කම්මුල් තෙත් කලේ......

පැලුනු දෙතොලග හිනා කඳුළක් හොයා ගන්නට බැරි උනේ........

මනි මේකලාවක හැඩය ගත් ලේ සලකුණක් ගෝනියෙ කොනේ........

අහෝ දෙවියනෙ උනු උනේ හෙම නැද්ද තොගෙ පඬු ආසනේ.........




ඔහු තමන්ගෙ ම අකුරු වලට වෛර කරේ ඒ ඇස් ඇවිලෙද්දි ...........





බරැති සුසුමක් වා තලේට මුසු කරපු ඔහු කාල වර්ණ සටහන් පොතේ හිස් පිටුවක් පෙරලගත්තෙ......... අද උදේ දෙව්ලි දීපු කවිය එහි මුදුනින්ම පිටපත් කරන ගමන්........





පපුව මැද්දට හී හිසක්





වැහෙන්නට පෙර ක්‍රීස් හඬකින් කෙනෙක් දොර මත අත තියා....

උදව් ඉල්ලපු බැල්ල සමඟින් ඇවිද ඒ වෙත ආ නියා......

කාල වර්නෙන් සැරසි උස රුව දෑස් පමණක් හැර තියා.......

මතක එපමනි නම් කෙලෙස ඔහු ...

තතු කියනු ගලපා ලියා....?


අවීශ වචන ගලපමින් ලියන්න පටන් ගත්ත ....... දෙව්ලි තාමත් ස්වේතගෙ නිවසෙ  බැල්කනියට වෙලා බලන් ඉන්නව........ අර හැංගුන තරු රටාව පායනකන්............



අන්න අන්න එක පෝලිමට තියෙන තරු තුනක්....... වලා පටලයක් අස්සෙන් මතු උනේ දෙව්ලිගෙ ඇසුත් ඒ තරු තරම්ම දිලිසෙද්දි ............ ඒ ඔරායන්ගෙ බඳ පටිය නේද.........? ඇගෙ තොල් මිමිනුවා............







අවීශගෙ රිදී තීන්ත කාල වර්ණ පිටු මත තැවරෙන්න පටන් ගත්ත .............




අතීතයට........





අවීශ තරුණියගෙ සිරුර ළඟ දණ ගහන් ඇයව උරහිස් වලින් අල්ලලා හෙල්ලුවෙ ඒ සිරුර අයිස් කැටයක් තරමට ම සීතල වේගෙන එද්දි .........





" ඔයා කවුරු උනත් මැරෙන්න අයිතියක් නෑ ඔයාට...... නැඟිටිනව ....නැඟිටලා ඇස් ඇරල බලනවාආආආ........" ඔහු වෙව්ලන ස්වරයෙන් ගිගිරුව.......





යන්තම් අවුරුදු 20ක් වෙන ඔහුට ඒ කාලෙ මහා වෛද්‍ය දැනුමක් තිබුන් නෑ....... ඔහු සීරුවට තමන්ගෙ දබරගිල්ල ඇගෙ නාස්පුඩු වලට කිට්ටු කරා....... තත්පර .....විනාඩි ගතවුනත්........එකම එක හුස්ම රැල්ලක්වත් ඒ ඔහුගෙ වෙව්ලන දබරගිල්ල මත තැවරුන් නෑ.....ඒ මේ නාඳුනන හිතවතිය මරු තුරුලෙ සැතපිලා වග පිලිගන්න තරම් ඔහුගෙ හිත ඔහුට ඉඩ දුන් නෑ...... මේ වෙලාවෙ කල යුතු හොඳම දේ හොඳ ම දේ ඔහු මෙනෙහි කරන්න පටන් ගත්ත ........ ඇයව බේර ගන්න ඕනෙ....... පුලුවන් තරම් ඉක්මනට ......





ඔහු වේගෙන් හුස්ම ගත්ත ...... නමුත් පුලුවන් තරම් සන්සුන් වෙන්න උත්සාහ කරා......





" නෝවා කවුද එන්නෙ කියල බලපන්....... මොකෙක් ආවත් කීතු කීතු කරපන් නෝවා..... "



ඔහු දත් කාමින් බැල්ල වෙත පැහැදිලි අණ ලබාදෙද්දි.........



පුහුණු බැල්ලක ඌ නෝවා ගෙරවිල්ලක් සමඟ ආපසු හැරිල පුස්තකාල දොරින් පිටමං උනා..........



ඒ නොසෙල්වුනු තනට යටින් ගැහෙන හදවත පණ ගන්වනව හැර ඔහුට අන් විකල්පයක් තිබුන් නෑ..ඔවු තාමත් තොල් සායමේ හිමිකාරි ජීවිත සටන අත හැරල නෑ .......





ඔහු අත් ඇඟිලි දෙදරුම් කද්දි.....ඇයව ආවරණය කර තිබූ ගෝනි කඩමාල්ල හෙමින් හෙමින් ඉවත් කලා ...... බලෙන්ම පූද්දපු නෙළුම් තුඩු තැලිල පොඩිවෙලා ලේ පුරල .......දෙයියනේ මේ පුංචි කෙල්ලට මේ තරම් දුකක්.....ඔහුගෙ හදවත කෑ ගැහුව.......ඒ කාල හදවත නන්නාඳුනන හිතවතී වෙනුවෙන් ඉකි ගගහ කෑ ගැහුව..........







ඔහුගෙ ඇස් කඳුලු පටලෙකින් වැහෙද්දී ........ ඒ ගෝනි රෙද්ද ඇගෙ ඉණ තෙක්ම පහත් කල ඔහු තම දෑත් එකිනෙක අතුල්ලමින් ලොකු හුස්මක් පාත දැම්ම........ පලවෙනි පාරට තමන් ජීවිතයක් බේර ගන්න උත්සාහ කරනව.....වෛද්‍ය කියන කොටස තම නම ඉස්සරහට වැටෙන්න කලින්ම.....





ඔහු පරිස්සමට ඇගෙ නාභියෙ ඉඳන් වියතක් ඉහළට ඇගෙ පපුව මැදට සලකුන තැබුව.........



පපු අස්ථිය කෙලවර වන සීමාව අඟලක් පමණ වමට බරවෙන්න......... ඔහු ඔහු ගැන විශ්වාස කරමින් ශරීරයේ මුලු ශක්තියම යොදවලා ......CPR දෙන්න පටන් ගත්ත ...... තමන්ගෙ වැලමිටවත් නොනැවෙන සේ රෝගියාගෙ පපුවෙ උසින් 1/3ක් පහලට වෙන තෙරපුමක්........ විනාඩියක් තුල තෙරපුම් වාර සීයක්වත්....... ඔහු උපරිම ශක්තියෙන් තෙරපුම් වාර තිහක් දුන්න........





ඒ ඇගෙ මලානික හිස මඳක් පිටුපසට කල ඔහු අපුල චකිතය හැමදේම අමතක කරල......මේ කෙල්ලගෙ පපුව පිරෙන්න ම කෘත්‍රිම සංවාතන දෙකක් ලබා දුන්න........ආයෙමත් පපු තෙරපුම් 30ක්........විනාඩි කිහිපෙකින් ඔහුට තේරුනා නැවතත් ඇගෙ මොලේට වගේම ශරීරෙ ඉතිරි කොටස්වලට ලේ ගමනාගමන ක්‍රියාත්මක වෙන බව.............ඒ ඇස් සතුටු කඳුලු වලින් පිරුන.....ඒත් ඒත් දැන් මේ කෙලි පොඩිත්ත ඇරන් මේ අපායෙන් එලියට යන්න ඕනෙ.....



එතකොට ම අවීශට ඇහුනෙ නෝවගෙ බිරිල්ල........... කටහඬවල් කීපයක් ........







" වේරගොඩ ....කෝ කෙල්ල......."





" ඒකි දැනටමත් මැරිල ඇමතිතුමා ......"





" ගිනි තියල අලු කරල දාපන්....." මහා වියරුවෙන් එලිබැස්ස හිනාවෙ අයිතිකාරය සකලසූරිය වග අඳුනගන්න අවීශට අපහසු උන් නෑ..........





" රණවීර බොඩිඑක අරන් වරෙන්......" එහෙම කීවෙ වේරගොඩ .............







තවත් කල හැකි දෙයක් නෑ........ අනිවාරෙන් ම තමන් පැනගන්න ඕනි බව අවීශගෙ මොලේට තේරුන......... මේ කටු ලන්දෙ සීතලෙ තවත් මේ කෙල්ලව රිද්දන්න බැරි නිසාම තම බ්ලැක් කලර් ලෙදර් ජැකට් එක ගලවපු ඔහු......වයස තරම්වත් නොමේරු මේ කෙලි පොඩිත්ත ඒ තුල පරිස්සමෙන් ඔතාගෙන හරිහට වඩා ගත්ත .........





ඔහු පුස්තකාල ඉදිරි දොරෙන් නොයා ශාලාව හරහ රාක්ක අතරින් ඉදිරියට වේගෙන් ඇදුන ......ඊතලයක් තරම්ම වේගෙන් ඇදුන........ මඳ අඳුරෙ වුව මේ අත් හැර දැමූ පුස්තකාලයෙ හැම අස්සක් මුල්ලක්ම ඔහුට හුරුයි........ අන්තිමේ පුස්තකාලය කෙලවර තිබුන පිටුපස කුඩා දොර ඔහුගෙ ශක්තිමත් පා පහර හමුවෙ විවෘත උනේ....... ආගන්තුක වියරු කටහඬවල් ළඟ ළඟ ම ඇහෙද්දී .........





අවීශ තරුණියත් වත්තන් කරන් කුනු කානු....... කපුටන් විසින් ඇද දැමූ මලකුනු පිරුනු ජරා වීධීයෙ උපරිම වේගෙන් දිව්ව..............





" අන්න අරක පැනගන්නව.....කෙල්ලත් අරන් "



සකලසූරියගෙ ගෝලයෝ අවීශ පස්සෙ පන්නන්න ගත්තේ නෝව එකෙකු දෙන්නෙකු කීතු කරමින් වෙඩි පහරවල් වලින් බේරි බේරි තම හාම්පුතාට මඟ සලස්වද්දි............





අතැර දාපු කඩවීදි මුඩුක්කු පෝලිම අතරෙ මුවා වෙවී මුවා වෙවී අවීශ දිව්වෙ අතේ ගුලි උන කෙල්ල හීන් කෙඳිරිල්ලක් නඟමින් ජීවන සටනෙ යෙදිල ඉද්දි ...............







ඒත් නොසිතූ විදිහට කොහෙන්දො ආපු උන්ඩයක් අවීශගෙ වම් උරහිස පසාරු කරන් ගියේ.......ඒ ප්‍රභාවත් ඇස් එක්වරම නිවිල යන්න තරම් වේදනාවක් ඔහුගෙ සිරුර පුරා පැතිරෙද්දි ......



ඒත් අත් අරින්න පුලුවන් ද.....කාල හදවත ඒ තරම්ම දුර්වල නෑ......ඔහුගෙ හුස්මෙ අයිතිය තිබුනෙ ඔහු ළඟම පමණයි.........





ඒ උරහිසෙන් බහින උණු රතු රුධිරය පුංචි කෙල්ල ආවරණය කල ලෙදර් ජැකට්ටුව තෙමාගෙන යද්දී ........ඔහු නොනවත්වාම මෘග රැලෙන් බේරෙමින් දිව්ව........අන්තිමට අන්තිමට අත් ඇරල දාපු කඩ කාමරයක් ඇතුලට වැදුන ඔහු.....එහි කෙලවරක සැඟවී ඉන්දවුනේ......... ඇස් නිලංකාර වේගෙන එද්දි ....... ඒ කාමරේ තුල තිබුනෙ මහ දරා ගන්න අමාරු ලොමුදැහැ ගැන්වෙන ලේ පිලී ගඳක්........





අවීශට ඇහුන කන් හීතල වෙන වෙඩිල්ලක්..... ඉන් මොහොතකට පසු නෝවගෙ ශෝකී උඩුබිරිල්ලක්.....ඇය නිහඬ උනා.....නෝව නිහඬ උනා........අවීශගෙ ඇස්වලින් කඳුලු ඔහේ ගලද්දි නෝව නිහඬ උන බව ඔහුට තේරුන..........








වර්තමානය........



අඳුරු මතක.....වසර නවයක් භූගත මතක එකින් එක ඉලිප්පෙද්දි අවීශ සිවිලිමෙහි වූ රිදී රේඩියම් තරු වලින් ඇස් ඉවතට ගෙන තේජාන්විත බැල්ල දෙස මහා ස්නේහයෙන් බලන් හිටිය .........





" මම හිතුවෙ එදා උඹ මට නැති උනා කියල නෝවා......." ඔහු කීවෙ තාමත් ඉඳහිටක ඇදුම් දෙන වම් උරහිස දකුණතින් පිරිමදිමින් .............



🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷





වර්තමාන සෞඛ්‍යය ඇමති දුනෙත් සකලසූරිය තම කාර්‍යාල කාමරය තුල ගුගුරමින් එහෙ මෙහෙ ඇවිද්දෙ.......





 වේරගොඩ වගේම හැඩි දැඩි ස්ත්‍රිය ස්ටෙලා ඇස් බිමට හරවන් දෑත් පිටුපසට බැඳන් බයාදු ලීලාවෙන් කාර්‍යාලෙ හිටගෙන ඉද්දි ........





" කොහොමද හු$** ඒකි ජීවත් වෙන්නෙ...... මමමයි උන්ව මරල දැම්මෙ.....ඒ කොල්ල වගේ අරකිත් මැරුන යකෝ.....කොහොමද එහෙම වෙන්නෙ ප%*" ඔහු මොරගෑවෙ මේසය මත තිබුන ෆයිල් මිටිය සී සී කඩ විසුරුවමින්..........





වේගෙන් හුස්ම ඉහළ පහළ දැම්ම සකලසූරිය වසර නවයක අතීතෙ තමන්ගෙ වීරකම් මෙනෙහි කරන්න පටන් ගත්ත ..............





අතීතයට .........





" ඌ හැංගුන ඇමතිතුමා .....අපෙ ඇස්වලට වැලි ගහල හැංගුනා....... ඒත් උට තුවාලයි....අනිවාරෙන් එලියට එන්න ඕනෙ මිනිහ....නැත්නම් කොහොමත් මැරෙනව........" වේරගොඩ දනිස් වලට අත් තියන් හති අරිමින් කීවෙ මුඩුක්කු පෝලිමේ හතර අත සෝදිසි කරන ගමන්........







" ඕකුන්ට ගැලවෙන්ට දෙන්න බෑ වේරගොඩ...... කොහෙන් හරි හොයපන්.... අර මූන වහන් සෙල්ලම් දාන වල් පරයව මගෙ මේ අත් දෙකින් ම ඉවර වෙන්න ඕනෙ වේරගොඩ ......ඕක තමා ඩෙඩ් මිරර්..... ලීෆ්ලට් බෙදා බෙද මිනිස්සු අවුලන්නෙ ඕක......බල්ලෙක් වගේ මරල දානව ඕකව මම......" 





අඩ හෝරාවක්ම හාවක් හූවක් නැති වීදිය සකලසූරියගෙ ගෝලයෝ නොනවත්වාම පීරුව..........



එකවරම වේරගොඩගෙ ඇස ගැටුනෙ කලුපාට ලෙදර් ජැකට් එකෙන් ඔතපු පොදියකුත් වාරු කරන් අමාරුවෙන් අඩි තියන කාල වර්ණ ඇඳුමෙන් සැරසුන උසැති රුව.............





" ඇමතිතුමා අන්න මිනිහ.......අල්ලපන් ඕකව රණවීර ........" 





ඒ හඬින් කලබල උන තරුනය උපරිම ශක්තිය යොදවලා නැවත වීදියෙ ඇතුල් පැත්තට දුවන්න පටන් ගත්ත .......... 





සකලසූරිය ඔහුට ගැලවීමක් දෙන්න තරම් කාරුණික උන් නෑ........ කොහොම හරි වීදිය ඇතුලෙ ඒ වෙද්දිත් ගිනි පුපුරු ගගහ ඇවිලෙන පරණ මුද්‍රණාලය ළඟදි සකලසූරියගෙ ගෝලයන්ට පුලුවන් උනා තරුනයව කොටු කරගන්න........





අනෙක් උන් ඔහුව වට කරද්දි සකලසූරිය ඔහු ළඟට හිමින් හිමින් ඇවිදන් ආවෙ වියරු හිනාවක් මුලු පලාතෙම පතුරමින්.............





" උඹ තමා එහෙනම් හැංගි හැංගි ඇරගන්න හදන කඩප්පුලියා ..... තෝ ඔය පොඩි වේසිගෙ මිනිය අරන් ගිහින් තම්බලා කන්නද හු$&* " ඔහු හිනාවෙවී ම ඇහුවෙ නිරාවරණය වෙලා තිබුන තරුන ප්‍රභාවත් ඇස් ඇවිලෙද්දි ......



" නෑ මේ කෙල්ලගෙ ආත්මෙටවත් සැනසීමක් දියව්.... තොපි මහ තිරිසන්නු බල්ලො......තොපි අවජාතක ස%** හැත්ත ........මේ කෙල්ලගෙ සාපෙන්ම තොපි එකා එකා වැලලෙයි පරයෝ.....අතක් තියන් නෑ එකෙක් මේ මිනියට........" ගුගුරපු තරුනයා.....ඇවිලෙන ෆැක්ට්‍රි එකට අතෙහි වූ කාල වර්ණ පොදිය ක්ශනයකින් විසි කලේ.......කඩාවැටුන ඇවිලෙන බාල්ක ලීයක් ඒ සිරුර වහගද්දි .........



සකලසූරියට වගේම ගෝලයන්ටත් හිතාගන්න බැරි උනා මොකද උනේ කියල..........





ඒ ඇස් ගිනිපුපුරු මවමින් ඇවිලෙද්දි සකලසූරිය තව ටිකක් තරුනයට ළං උනේ පිස්තෝලෙ අමෝරාගෙන......





ඒත් ඒ තරුන ඇස් දෙකේ අංශුමාත්‍ර බයක් තිබුන් නෑ.......





" උඹ බයගුල්ලෙක් සකලසූරිය ....පීචං පොන්$*-ක්" තරුනයා මොර ගෑවෙ උජාරුවෙන් ........





" ඔන්න උඹ හොයපු ඩෙඩ් මිරර්.... තෝ මං හින්ද අර අහිංසක කෙල්ලෙක්ගෙ ජීවිතේ විනාශ කලා හු$& " තරුනයා කෑ ගැහුවෙ සකලසූරියගෙ කොලර් එකෙන් තදින් අල්ලගෙන.........





ඒත් එතන උගෙ උදව්වට සෑහෙන පිරිසක් ඉද්දි තරුනයාගෙ ආත්ම විශ්වාසෙ විතරක් මදි උනා උන් එක්ක හැප්පෙන්න .......... වේරගොඩ වගේම රණවීර තරුනයගෙ අත්වලින් අල්ල ගත්තෙ ස්ටෙලා ඔහුගෙ හිස පිටුපසට පිස්තෝලෙ තියද්දි ...........





" උඹ පරලොව යන්න ලෑස්ති වෙයන්.....අරකි එක්කම ........"  සකලසූරිය කීවෙ ඔහුගෙ පපුවට ම පිස්තෝලෙ ඉලක්ක කරමින්........





" උඹ අද මාව මරයි.....හෙට මේ වෙනුවෙන් කතා කරන තව උන්ව මරයි.....ඒත් මේ සටන නවතින් නෑ බල්ලෝ.........ඉතින් මරපන්........තොපි ඕනෙ නෑ මට මුක්කු ගහන්න......." හිනාවුන ඔහු පඬරැල වගේ වේරගොඩ වගේම රණවීරත් තල්ලු කරේ .... සකලසූරිය ළඟට තව ටිකක් කිට්ටු වෙන ගමන්........







" මරපන් " ඔහු ස්ථාවර හඬින් කීව.......





සකලසූරිය අතින් පිස්ටල් එක එකපිට ක්‍රියාත්මක උනේ බුලට් කීපයක්ම තරුනයගෙ පපුව පසාරු කරගෙන යද්දී ......ඔහු ඇද වැටුන......පපුව මත වෙඩි සලකුණු සමඟ ඔහු ඇද වැටුන...... බියගුල්ලෙක් වගේ නෙවෙයි වීරයෙක් වගේ......තරුනයා අවසන් හුස්ම මේ මිහිමතට මුසු කලා..........





වර්තමානය





"එදා උන් දෙන්නම මං ඉස්සරහ මැරුනෙ.....අර ගින්නෙ ඇවිලුනේ .....කොහොමද  ඒ කෙල්ල ජීවත් වෙන්නෙ......" එතකොට මේ ධනුද්ධර කියන එකා කවුද .........මෙච්චර දවසක් ඌ ලීවෙ පන තියන කෙල්ලෙක් ගැනද......ජීවමාන සාක්ශියක් ගැනද........මම හිතුවෙ ඌ ලියන්නෙ මැරුන කෙල්ල ගැන කියල.......





යකෝ අවුරුදු නවයක් ගියා.... මම මේ ගැන අමතක කරේ උන් එලොව යැව්වම ප්‍රශ්න ඉවරයි කියල හිතපු නිසා..........."





සකලසූරිය පිස්සුවෙන් වගේ කෑ ගැහුව.......පවු කරද්දි හරි මිහිරි ඇති......ඒත් කර්ම ගින්න ඇවිලෙන කොට අයිතිවාසිකම් නොකිය මාරු වෙන්න බෑ......මොකද කර්මෙට ඇඩ්‍රස් වරදින් නෑ......උන් ඇවිලෙනව......පව්කාරයො ගන්න හුස්මක් ගානෙ ඇවිලෙනව...........





🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷





අවීශ පුටුවෙන් නැඟිටලා බැල්කනි එකට ඇවිදන් ආව......

නුවර අහස වගේම මාතලේ අහසත් ටිකක් පාලුවෙලා තිබුන........





ඔහු දැක්ක ඈත පායන් එන එක පෝලිමේ තරු තුන .......... ඔරායන්ගෙ බඳ පටිය......අවීශගෙ තොල් අතරෙ මලානික හිනාවක් ඇඳුන........





ඔහු දැනන් හිටියෙ නෑ.....තමන්ගෙ පතොක් මලත් තාම අවදියෙන් අහසෙ තරු පීරනව කියල.........





" එදා ඇත්තටම මොකද උනේ  ........"



අවීශ තමන්ට ම මුමුනගත්තෙ දුකක් වේදනාවක් මුසු උනත් ගෞරවාන්විත හැඟීමක් ඒ වචන ඇතුලෙ ගැබ් වෙද්දි ............





🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤





" එදා ඇත්තටම මොකද උනේ "



සකලසූරිය කෑ ගැහුවෙ තම කාර්‍යාලෙ ජනේලෙන් පිටත කෑලි කපන ගනදුර බලාගෙන ........





🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷





දේව් අප්පච්චිගෙ ඇඳ ළඟින් නැඟිටලා වාට්ටුවෙ කොරිඩෝව හරහා පිටතට ආව.......එහි කනුවකට හේත්තු උන ඔහු අතොරක් නැතිව පේන අහස දිහා බැලුව..........





" කවුද ඒ ඇස්වල අයිතිකාරය ....... ස්තූතියක්වත් කරන්න බැරි උන.......



එදා ඇත්තටම මොකද උනේ? " දේව් මිමිනුවා ...........





💙💙💙💙💙💙💙💙💙💙💙





දෙව්ලිගෙ ඇස් තාමත් තරු අතරෙ........ඒ අතැඟිලි අතර කාල වර්ණ පෙන්ඩන්ට් එකක් තෙරපිලා තිබුන..........





" කවුද ඒ.....එදා ඇත්තටම මොකද උනේ .......? " ඇගෙ තොල් මිමිනුවා ............



~ මතු සම්බන්ධයි~ 







😌 එදා ඇත්තටම මොකද උනේ?





ඔන්න ඉතින් දැන් කතාව ඇදන් යන වැඩේ සෑහෙන දුශ්කර කටයුත්තක් ළමයි🥲😂 ඉතින් ඉල්ලීමක් ......





ආයෙ රියැක්ට් ප්‍රමාණය 150+ සීමාවට ගෙනත් මගෙ කතාවට සුදුසු වටිනාකම දෙන්න ළමයි ...❤️🌷🥰 ආදරෙයිනෙ මං 😌🖤 



අදහසක් කියාගෙන යන්නෝ 😁🌷❤️ කමෙන්ට් බොක්ස් එක භාරයි ඔන්න.......







මම 





~🌷පියූ🌷~

Report Page