තොල් සායම් 💋💄 Episode 19
දහනව වන හාදුව

🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
" යමු නෝවා" අවීශ කීවෙ රටා මැවුන කඳුකර අහස දෙස බලමින් .....අවීශගෙ ඇස ගැටුනෙ අඳුරු වලාවක් වහගන්න හදන ඔරායන් තරු රටාව........ ගැඹුරු හුස්මක් වා තලයට මුසු කරපු ඔහු නෝව සමඟ ඉදිරියට ඇදුන........
එතැන් සිට.......
මධ්‍යයම රාත්‍රිය යන්තම් පහු උනේ කඳුකර සඳ වලා රොදකින් මුවා කරගන්න ගමන්.... ........
ඉඳහිටක ජබුඃ හඬින් පිමි දෙක තුනක් පනින පුංචි කාෆ් ෆිශ් කෙනෙක්.......
ඈත කොනක හැංගිලා ඉන්න කෝලම්කාර රැහැයියෙක් ......
හීනි කෙඳිරියක් එක්ක ජීවිතේ සැඳෑ සමය ගෙවන කාල වර්ණ බැල්ලක්.....
හැරුනු කොට සිමෙන්ති බංකුවේ වාඩිවෙලා එක් අතකින් ගිටාරයක් ගෙන අනෙක් අතින් බියර් කෑනයක් තොල ගාන තරුනයෙකුට බාධා කරන්න වෙනකෙක් හිටියෙ නෑ............
බොත්තම් කිහිපයක් ම මුදාලු සුදු පාට කමිසය නිසාම කඳුකර සීතල සුලං රැල්ලට පුලුවන් උනා ඒ ඔහුගෙ නිරුවත් පපුව මතට පහර පිට පහර එල්ල කරන්න........
ඒත් ඒ පපුව යට ගැහෙන හදවත මේ වෙද්දිත් කවිකාරයක් පිහිතුඩින් සටහන් කළ කවියක් නිසාම ලේ ගලමින් තිබුනා..........
ඈස්වලින් පේන්නෙ හදවතේ ප්‍රතිබිම්බය නම්.....අවීශගෙ ඒ ප්‍රභාවත් ඇස් රත් පැහැ වීම පුදුමයක් නෙවෙයි........
බියර් කෑන් එක බංකුවේ පසෙකින් තිබ්බ ඔහු කමිස සාක්කුවෙන් හතරට නැමූ කලු පාට කඩදාසියක් අතට ගත්ත.....
පොකුණ මතින් වැටුණු නිල් සුදු ආලෝක ධාරාවෙන් එහි වූ පුංචි මුතූ අකුරු රිදී පාටින් දිලිසුනා ....... අවීශගෙ අත වෙව්ලද්දි .....එහි වූ වචන ඔහුගෙ ඔලුව ඇතුලෙ දෝංකාර දෙන්න පටන් ගත්ත........
"පිලී ගඳ නැතුවාද කටරොලු කැකුල් මුගුරින් තලද්දී ......"
" හිවල් කටවල් වැමෑරූ ඒ හපය ගෝනියෙ එතෙත්දී ........."
" මොකද ඒ කතාව ධනුද්ධරටත් වඩා හොඳට මං දන්න නිසා...."
අවීශට සාරි රැලි අතැගිලි වලින් පොඩිකරමින් පුංචි දේටත් කලබල උන දෙව්ලිව මැවී මැවී පේන්න ගත්තෙ.....
ඇගෙ පැහැදිලි ස්ථීර ස්වරය මනසෙ රැව් පිලිරැව් දෙද්දි...........
ඔහු නැවත බියර් කෑන් එකත් අතට අරන්.....නලලත් රැලි කරන් ඇස් තදින් පියාගෙන මැකී ගිය රූපයක්.....මැකී යන සිද්ධියක් නැවත නැවත මනසට ගන්න උත්සාහ කලා........
" හේයි නෝවා මොකෝ මේ සද්දෙ .....තාම අවුරුද්දයි....කටේ සද්දෙ ....."
" කොහෙද නෝවා මේ මහ රෑ මාව ඇඳන් යන්න හදන්නෙ..... අතාරිනව නෝව මට පාඩම් කරන්න දෙනවකො වද නොදී.....මට උඹ එක්ක සෙල්ලම් කර කර ඉන්න බෑ යකෝ...." පුංචි නෝවගෙ කන් අගුල් වට්ටන බිරිල්ල අවීශගෙ කන් ඇතුලෙ තාමත් ඇහෙද්දී ..........
තහරෙන් දුකින් රතු වුන ඇස් ගිනිගද්දි ඔහු ඉබාගාතෙ බෙන්ච් එකෙන් නැඟිට්ට.......ඔහුගෙ වම් අතේ ඇති ගිටාරය මත ඒ ඇඟිලි මහා වේදනාවකින් වෛරෙකින් තෙරපුනා......
" කොහොමද එහෙම උනේ යකෝ...නෑ ඒක වෙන්න බෑ....කීයටවත් බෑ......"
ඔහු මහ හඬින් ගිගිරුවෙ අතේ ඌ බියර් කෑන් එක තරහෙන් පොලොවෙ ගහන ගමන්............
පිස්සුවෙන් වගේ දත් මිටි කකා පය මානෙ තිබුන මල් පෝච්චි කීපෙකට කුඩු වෙන්න පයින් ගහපු අවීශ අන්තිමේ වේගෙන් හුස්ම ඉහළ පහළ දමමින්.....
ඔහුගෙ පොකුනෙ වූ සිමෙන්ති කණ්ඩිය මත වාඩි උනා.....වාඩි උනා නෙවෙයි ඉන්දවුනා........
ගිටාර් එකත් කන්ඩියට හේත්තු කරල ඔහු හිසකෙස් ඇද ගනිමින් දෑත් අතර මූන හොවා ගත්තෙ පිරිම් කඳුලු ඒ තරම්ම වටින නිසා ද.......... පුංචි කාෆ් ෆිශ් කෙනෙක්ටවත් පෙන්නන්න අකමැති වෙන තරමට ම රහස් හැංගුන නිසා ද ........
ඔහුගෙ නිරුවත් පපුව මත දිලිසෙන කාල වර්ණ පෙන්ඩන්ට් එක තව තවත් දිලිසුනේ .......
එහි තැවරුන දූවිලි බිඳක් හරි තිබුන නම් හේදුන නිසා වෙන්න ඇති සමහරවිට ..........
පපු දැවෙනකොට ගස් ගල් වගේ ඉවසන්න බැරිම තැන ඔය කොයි වීරයත් අඬනව ඇති.....හැබැයි හැමෝටම රහසින්.......
🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
නින්ද අහලකවත් නැතිකොට දෙව්ලි හිටියෙ විවෘත උන ජනෙල් පියන් අතරින් එලිය බලාගෙන ......කෑලි කපන අඳුරක් රජ කරපු එලිය බලාගෙන..........ජනේලයේ ග්‍රිල් තදින් මිට මොලවගත් ඇය ඒ ග්‍රිල් මත කම්මුලක් හේත්තු කරගත්තෙ අඳුර මඟ ඇරල ඩ්‍රෙසින් ටේබල් එකේ කන්නාඩිය වෙත ඇස් හැරවෙද්දි.......
ඇය දැක්ක කඳුලු බෝල පිරුන ඇස්වලින් තමන් දිහාම බලන් ඉන්න තමන්ගෙ රූපෙ........
" මට සමා....වෙන්න " ඇය තොල් මැතිරුවා ඒ රූපෙට.......ඔයාව පරිස්සම් නොකලට .....හිතුවක්කාර උනාට මට සමා....වෙන්න ...."
ඇය ඉකිගසමින් කීවෙ ඒ කණ්නාඩිය දිහාට වෙව්ලන අත දික් කරන ගමන්..........
" තෝ අද වුන දේ කිසි කෙනෙකුට කියන්ට බෑ....... කට පුක වහන් හිටියොත් යහතින් ඉන්ට පුලුවන් වෙයි.....
නැත්තම් තෝ වගේම තොගෙ ලේ ගෑවුන එකෙක්වත් ඉතුරු වෙන්නෙ නැති වෙයි......."
ඇමති සකලසූරියගෙ රලු හඬ දෙව්ලිට ජීවමානෙන් ඇහෙද්දී ඇය බිත්තිය දිගේ පහළට රූටල බිම වාඩි උනා....... දනිස් වටා දෑත් බදාගත් ඇය ඒ අතර මූන හන්ගන් අඬන්න ගත්තෙ අයියටවත් අප්පච්චීටවත් මේ ඉකිය තවත් ඇහෙන්න ඕනි නෑ කියල හිතපු නිසා.......
ටික වෙලාවකින් හිස ඔසවා බලපු ඇය මූනට වැටුන කෙස් රොදවල් ගැන නොතකාම ගවුම් සාක්කුවෙන් එලියට ගත්තෙ රිදී පෑනක්......... පිහිතුඩක් වගේම අකුරු අරගලේ නායකගේ හිතට කිඳා බැස්සවූ රිදී පෑන...... ඇය හැඬුම් අතරින් හිනාවෙවීම ඒ පෑන දිහා බලන් හිටිය......
" දෙව්ලි තනියම යන්න ඕනි නෑ...මට පුලුවන් ඔයාව එක්කන් යන්න "
ඒ හිත් ඇද බැඳ ගන්න තරුනයගෙ වචන ඇගේ මනසෙ හොල්මන් කරේ ඇගෙ ඇස්වලින් නොනවත්වාම කඳුලු ගලන් එද්දි .......
🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
" බොහොම ස්තූතියි ඩොක්ටර් ...මම හිතන්නෙ මට තව ගොඩක් දුර තනියම යන්න පුලුවන් ........" ඒ හැඩකාරිගෙ පැහැදිලි ස්ථීර වචන හරඹය අවීශ ව රිද්දද්දි ඔහු ගැඹුරු හුස්මක් පිටකරේ නැවත සන්සුන් වෙන්න උත්සාහ කරන ගමන්........
තේජාන්විත ගමනින් ඔහු වෙත ඇවිදන් ආ නෝවා අවීශ අසල දිගා වී ඔහුගෙ ඔඩොක්කුවෙ හිස තියාගත්ත...
" උඹ මාත් එක්ක තරහ ද නෝවා " ඔහු ඇහුවෙ මලානික හිනාවක් එක්ක.....
නෝවා හීන් කෙඳිරියක් ගෑවෙ ඒ ප්‍රශ්නෙට සුදුසු පිලිතුරක් ඇය ළඟ නොතිබුණ නිසා වෙන්න ඇති........
බිත්තියට වාරු වෙවී නැඟිටපු දෙව්ලි කන්නාඩි මේසෙ දිහාට ඇවිදන් ගියා......එහි වූ ලොකර් එකේ ජුවලරි බොක්ස් එකෙන් ඇය එලියට ගත්තෙ කර පටියක ස්ටීල් ටැග් එකක්... මස් කටුවක හැඩය ගත් එහි
" NoVa" ලෙස කැටයම් කර තිබුන.....
එය රැඳුණු අත වෙව්ලුම් කද්දි...... දෙව්ලිට ඇහුනෙ මහා බිරුමක්........ රෞද්‍ර බිරුමක්...... ඔලුව ඇතුලෙ කැකෑරෙන බැල්ලකගෙ බිරුමක්......
ඇය අත්වලින් කන් වහන් කපා දාපු කෙහෙල් කඳ වගේ ඇඳ අසල බිම ඉන්දවුනා .......... ඒ ඇස් වල කඳුල් වැල් ගලන් එද්දි ඒ මුවින් නම් හීන් ඉකියක්වත් පිටවුන් නෑ.........
අවීශ නැවත අර කඩදාසිය තම සාක්කුවට දාගත්ත....... මඳ සිනාවක් සමඟ නෝවගෙ හිස අතගාමින් සිටි ඔහු නැවත ගිටාරය ගත්තෙ හැමදාම ඔහුගෙ නිවීම තිබ්බෙ මේ කාලවර්ණ ගිටාරයෙ තත් අතර නිසා...........
අඳුරේ ගිලී තනිවීලා මෙසේ
නාඩන් ඉතින් සොඳුරී මගේ......
නොසිතා සිතා අතීතේ එදා
බිඳුනාට මණිමේඛලා......
පිලිගන්නෙ මා නුඹ සීතාව සේ
හද මන්දිරේ සරසලා..........


ගංඟා තරංගා පරදන්නෙපා
ඔය දෑස කඳුලින් තෙමා........
පාවී ගියාවේ අතීතේ කතා
සැඩ මාරුතේ රැලි හමා.......
නළලේ නුඹේ ඇන්ද තිලකේ පවා......
කියාවී මගේ ප්රාර්ථනා...
ප්රේමේ නුරා වසන්තේ ගෙනා
පින්සාර ළඳ නුඹ නිසා...
පිලිගන්නෙ මා නුඹ සීතාව සේ
හද මන්දිරේ සරසලා...

ඔය දෑසෙ පා ඒ මනබන්දනා
පෙම්වන්ත සුරතල් සිනා...
සැනසෙන්න මාගේ ළයේ සැතපිලා
නව සඳ දිහා බල බලා......
භවයෙන් භවේ එන්න මතු ඉපදෙනා.........
සංසාර පතිනිය වෙලා...
....
ප්රේමේ නුරා වසන්තේ ගෙනා
පින්සාර ළඳ නුඹ නිසා......
පිලිගන්නෙ මා නුඹ සීතාව සේ
හද මන්දිරේ සරසලා...



ප්රේමේ නුරා වසන්තේ ගෙනා
පින්සාර ළඳ නුඹ නිසා....
පිලිගන්නෙ මා නුඹ සීතාව සේ
හද මන්දිරේ සරසලා..........
~ මතු සම්බන්ධයි~
පැටලුම් හැම එකක්ම ඔයාල නොහිතන විදිහට ලිහ්න්නම් ළමයි....මාව විශ්වාස කරල දිගටම කතාව එක්ක එකතු වෙලා ඉන්න.....🥰❤️🌷
Song-- නුරා වසන්තෙ by Nadeemal Perera
අදහසක් කියාගෙන යන්නෝ 🌷❤️
මම
~🌷පියූ🌷~