තමන්ගෙම කියල VPN server එකක් ලේසියෙන් හදාගමු!

තමන්ගෙම කියල VPN server එකක් ලේසියෙන් හදාගමු!

KENWAY


මේ tutorial එකෙන් මම කියාදෙන්න යන්නෙ Jigsaw - Outline VPN server එක අපේ VPS එකක install කරගන්න හැටි. Outline VPN කියන්නෙ ShadowSocks protocol එක base කරගෙන Jigsaw කියන company එකෙන් කරපු open-source project එකක්. Jigsaw කියන්නෙ Google company එක අයිති alphabet company එකටම අයිති company එකක්. ඒ නිසා මේක කොහොමත් trust කරන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව. මේක cross-platform නිසා ඕන device එකක කිසි ප්‍රශ්නයක් නැතුව use කරන්න පුළුවන්. ;)

අනිත් දේ තමයි මේ ShadowSocks වැඩ කරන්නෙ Socks5 proxy වලට ගොඩක් සමාන විදියකට හැබැයි ඊට වඩා Outline VPN එක Secure.

facebook එකේ ගොඩක් අය කතාවෙලා තිබ්බ gov එකෙන් VPN port block කරල කියල :3 ඇත්තටම ලංකාවෙ gov එකෙන් port block කිරීමක් නෙවේ කරල තිබුනෙ DNS වලින් Social media ip resolve වෙන එක block කරපු එක. මේ System එකෙන් China වල Great Firewall එක පවා කිසි ගින්නක් නැතුව bypass කරල Internet Surf කරන්න පුළුවන්. ඉතින් කොහොම block කලත් බයවෙන්න කිසිම හේතුවක් නෑ. ;)

වැඩේට ඕන කරන්නෙ මොනවද?

මම tutorial එක හදන්නෙ Windows OS එකෙන් නිසා Putty tool එක use කරනව ඒත් Linux / macOS / Windows 10 userලට Putty ඕන වෙන්නෙ නෑ, කෙලින්ම terminal or CMD එකෙන් VPS එකට SSH කරන්න පුළුවන් නිසා.

දැන් එතකොට VPS එකක් ගන්නෙ කොහොමද?

VPS එකක් buy කරනවනම් ගොඩක් trusted service තියෙනව vps buy කරන්න.

  • DigitalOcean
  • OVH
  • Vultr

ඊට අමතරව ඔයාලට පුළුවන් GCP/AWS/Azure වගේ cloud service එකක linux vm එකක් deploy කරලත් මේ වැඩේට use කරන්න.

දැන් කොහොමද අපි හදාගත්ත VPS එකේ VPN server එකක් හදාගන්නෙ?

මුලින් අපේ VPS එකට SSH connection එකක් හදාගන්න ඕන. කලින් කිව්වත් වගේ මෙතනදි මම Putty use කරන්නෙ මම Windows OS එක use කරන නිසා. linux අයට terminal එකෙන් SSH කලහැකි.

Putty - VPS SSH

ඊට පස්සෙ අපි VPS එකට Docker install කරගන්න ඕන. ඒකට පහල command එක run කරන්න vps එකේ.

curl -sS https://get.docker.com/ | sh


Docker Install

දැන් තමා හොදම හරිය ;) පහල command එකෙන් VPN server එක අපේ VPS එකේ install කරගන්න පුළුවන්.

sudo bash -c "$(wget -qO- https://raw.githubusercontent.com/Jigsaw-Code/outline-server/master/src/server_manager/install_scripts/install_server.sh)"


Outline VPN Server Install

VPN server එක install වෙලා ඉවර උනාට පස්සෙ ලැබෙන API url එක Copy කරගන්න. පහල image එකේ මම select කරල තියෙන්නෙ මට ලැබුන output එක.


Output එක Copy කරගන්න

ඊට පස්සෙ Outline Manager install කරල Open කරගන්න. ඒකෙ Set up Outline anywhere කියන එක click කරන්න.

Server Set up Screen

පස්සෙ පහල box එකට අපි කලින් copy කරගත්ත output එක paste කරල Done කියන button එක click කරන්න.


අපේ වැඩෙන් 99% ඉවරයි. දැන් ඔයාට පුළුවන් මෙතනින් ඔයාගෙ Server එකේ name change කරන්න. යාළුවොත් එක්ක share කරගන්නවනම් අලුත් access keys add කරන්න වගේ ගොඩක් දේවල්.


server rename | issue new access keys

උඩ gif එකේ වගේ අපිට පුළුවන් අපේ VPN server එකට අලුත් access keys issue කරන්න ඒව rename කරන්න වගේම යාළුවො එක්ක share කරගන්නත්.

දැන් කොහොමද අපි හදාගත්ත VPN එක use කරන්නෙ.

දැන් අපි install කරගන්න ඕන Outline Client එක. ඊට පස්සෙ Outline manager එකේ my access key කියන එක ඉස්සරහ pc icon එක click කරල ඔයාගෙ access key එක copy කරගෙන Outline Client එක open කරගන්න. Outline client එකට VPN Server key එක add කරගෙන Connect වෙන්න පුළුවන්. ආයෙ පාරක් VPN එකට connect වෙන්න Outline manager open කර කර ඉන්න ඕන නෑ. කෙලින්ම Outline Client එක හරහාම Connect වෙන්න පුළුවන්.


get Outline access key

Copy කරගත්ත Key එක Outline Client එක Open කරද්දිම සාමාන්‍යයෙන් detect කරගන්නව. add Server click කරන්න. ඊට පස්සෙ Connect දෙන්න විතරයි ඕන. ;)


Connect to VPN

ඔයා අලුතෙන් යාලුවෙක්ට එහෙම Outline manager එකෙන් add new keys හරහා issue කරන keys Outline manager එක හරහාම rename කරන්න වගේම key එක ඉස්සරහ තියෙන share icon එක click කරල access key එකේ invite link එක අපිට copy කරගන්න පුළුවන්. ඊට පස්සෙ ඒක යාලුවොත් එක්ක share කරගන්න පුළුවන්. මේ invite link එකට ගියාට පස්සෙ Outline එකට connect වෙන හැටි විස්තර ඔක්කොම බලාගන්න පුළුවන්.

එහෙම නැත්තන් invite link එකට පහලින් කෙලින්ම access key එකත් දීල තියෙනව. අපි මේක select කරල copy (ctrl+c) කරගෙන access key එක යාලුවොත් එක්ක share කරගන්නත් පුළුවන්. යාලුවට Outline manager ඕන වෙන්නෙ නෑ Outline Client එක + ඔයාගෙ key එක තියෙනවනම් ඇති ඔයා හදපු VPN Server එකට connect වෙන්න. ;)


access keys

වැඩේ කරගෙන යද්දි නොතේරෙන තැනක් හරි ප්‍රශ්නයක් හරි තියෙනවනම් comment එකක් දාන්න. :) ♥ note එක copy කරනවනම් credit එක දෙන්න ;) වැඩ ගොඩක් තියාගෙන මේක ලිව්වෙ. එහෙනම් බුකීවාසී ජනතාවට ජය!! :3


Telegram channel & group

~Life of Kenway




Report Page