කලු කෙල්ල😶🖤
Dinithi prasanjana 🤓🌸ඒත් දවසක්...........🥺❤️ එයා එක්ක කතා කරන්න හැදුවේ හැමදාම වගේ...🙈💕
ඒත් එකපාරම අම්මා කාමරේට ආපු නිසා
" ඇයි අම්මේ..... "
"නෑ.. දෝණි මට ටිකක් කතා කරන්න පුළුවන්ද...."
" ආ ඉන්න අම්මේ...."
මම ඉක්මන්ට රශ් මැනිකට පස්සේ කෝල් එකක් ගන්නම් කියලා මැසේජ් දැම්මා... නැත්නම් කෝල් ගනී එක දිගට.....
පෝන් එකත් ඕෆ් කරලා බැල්කනියට ගියා...
" අම්මේ.... මොනා ගැනද කතා කරන්න තියනවා කිව්වේ.... "මම අම්මා දිහා බලන් එහෙම ඇහුවා
" දෝණි... දැන් ඔයාගේ වයසත් හරි 25ක් කියන්නේ ගෑනු ලමයෙක් බදින වයස.... කව්රුහරි කැමති ලමයෙක් ඉන්නවානම් අපිට කියන්න...." අම්මා එහෙම කියද්දි මම හිතාගත්තා අම්මට රශ් ගැන කියනවා කියලා..
"ඔව් අම්මා මම ආදරේ කරන කෙනක් ඉන්නවා ..."
" කව්ද දරුවෝ ..."
" අම්මේ එයා රශ් ... එයාලාගේ තාත්තා පොඩි කඩයක් කරනවා.... එයානම් දැන් කම්පැනි එකක ජොබ් එකක් කරන්නේ....."
"එහෙමද.... "
"අනෙ අම්මා ඔයාලා එයාට කැමති නේද..."
" බලමු දෝණි... මම කැමති කියන්නේ තාත්තා කෝමත් කැමතී නේ.... ඒත් මේකට තව කෙනෙක් කැමති වෙන්න ඕනේ එයා අකමැති උනොත් මෙක වෙන්නේ නෑ...". අම්මා එහෙම කියද්දි සතුටක් එක්ක එකතු උන දුකෙන් මගේ හිත රිදෙන්න ගත්තා...
" ඒත් අම්මා.... "
"එහෙම තමා වෙන්නේ... ඒ ගැන එච්චරයි කතා කරන්න තියෙන්නේ..."
" අනේ අම්මා..."
" කෑම කන්න එන්න ...." එහෙම කියලා අම්මා පහලට ගියා....
තව කාගෙන්ද අවසර ගන්න ඕනේ... මම ඒක කල්පනා කරන ගමන් එයාට කෝල් එකක් ගත්තා...
"මැනික.... මොකද අනේ පෝන් ඕෆ් කරලා..."
" අනේ අම්මා කතා කලා.. ඒකයි සොලී..."
" ආ ඒකට කමක් නෑ... අම්මා මොකෝ කියන්නේ..."
" ඒක නෙමේ මට ඔයාට කියන්න දෙයක් තියේ..... මම අම්මට ඔයා ගැන කිව්වා අද ඒත් එයාලා කැමතීලු තව කාගෙනද අහන්න ඕනීලු..... එයා අකමැති උනොත් මේක වෙන්නේ නෑලු.."
" ඇ... ඒ මොකකද ඒ කතාව.."
". අනේ මන්දා... "
"මැනික අහන්න අද මම ඔහේ එන්න හැදුවේ.. තාත්තා එක්ක මටත් ඔයාට කියනන් වැදගත් දෙයක් තියේ ඒ මොකක්ද ඒක ආවාම කියන්නම්...."
" අනී දැන් කියන්නකෝ ....."
ඒක මෙහෙම් කියන්න බෑ මැනික.... මම ආවාම කියන්නම්.... හැබැයි තරහා වෙන්න බෑ... මේක පොඩි බොරුවක් ඒක විසදන්න එන්නේ.... මම ඔයා එක්ක යාලු උන අවුරුදු 5ටම කියපු එකම බොරුව ඒක මැනික මට සමාවෙන්න..."
" අනේ...... "
"කෝ අඩනවාද... "
"නෑ .... "
මම එන්නම් මැනික අම්මට කියන්නකෝ දැන් එනෝ.... "
"දැන් එනවාද... "
"ඕ.... "
"හා පරිස්සමෙන් එන්න හොදද... "
"හා මැනික... "මම කෝල් එක කට් කරලා පහලට ආවා...
" අම්මා..... "
"ඕ.... මම කුස්සියේ... "
"අම්මේ මේ... මේ... "
"මොකෝ මේ.මේ ගාන්නේ.. "
"නෑ... මේ... අම්මේ එයාලා මෙහේ එනෝලු" දැන්... "
!කව්ද ලමයෝ ....."
" මේ... රශ්ලා මම අම්මට කිව්වේ.... "
"මේ දැන් එනවාද... "
"ඔව් අම්මේ... "මම බිම බලන් කිව්වා
"මොනාත් ලෑස්ති කලෙත් නෑ ... "
"අම්මා මොනාහරි හදන්නකෝ.... මම ඉක්මන්ට ගේ අස් කරලා ඇදුමක් දාන් එන්නම්... "
"හා එහෙනම් ඉක්මන්ට ...."
"හා ... "
මම ඉක්මන්ට ගේ අතුගාලා එහෙම ගේ අස් කරලා දැම්මා ඉක්මන්ට.....
මල් වාස් එකේ මල් ටික මැලවිලා ගිහින් මම ටක් ගලා වත්තට දුවලා ගිහින් අලුත පිපුන රතු රෝස පොකුර කඩාගෙන ඇවිත් වාස් එකට දාලා වතුර ටිකක් ඉස්සා නැතනම් ආයේ මැලවෙයි .....
මම ඉක්මන්ට කාමරේට දුවලා නලා එහෙම ඇවිත් කල්පනා කලේ මොකක්ද අදින්නේ කියලා...... ගවුමක් අදිනවා ....ඒත් මොකක්ද අදින්නේ.... කල්පනා කර කර ඉද්දි දැක්කේ මෙරුන් පාටට හුරු ගවුම ඒකේ සුදුපාටට හුරු මල් වැටුන ගවුමක් ඉක්මන්ට ඒක දාගෙන කොන්ඩ කඩලා දාලා සූටි මෙරුන් පාර කට්ටක් ගහගත්තා දැන් හරි..... ආ ඕඩිකලෝන්... හී ඒකේ ඉතින් මම බෝතලේම හලාගන්න ඇති😁
මම ඒ ගමන්ම සුදු කොල්ලටත් ගත්තා....
එන ගමන්ද දන්නෑ හැබැයි කමක් නෑ කතා කරලා බලන්න ඕනී...
"හෙලෝ..මහත්තයෝ එන ගමන්ද ඉන්නේ...."
" ඔව් මැනික... මේ ලග ඉන්නේ තා චුට්ටෙන් ඔහේ... "
"හා ඒනම් පරිස්සමෙන් එන්නකෝ..."
" හා මැනික..."
"ඉක්මන්ට එන්නම්..."
" හා බුදු සරණයි... "මම කෝල් එක කට් කරලා පහලට දිව්වා....
දැන් ලගලු ඉන්නේ මට ඉවසිල්ලක් නෑ ඒත් සුට්ටක් ලැජ්ජත් වගේ🙈😁
"අම්මේ එයාලා එනවාලු දැන් ලගලු... "
"හරි හරි මමත් ඇදුමක් දාගත්තා.... පිලිවෙලට ඉන්න එපැයි අන්න තාත්තාත් මග බලන් ඉන්නේ බෑනා එනකන්.... "😉
ටික වෙලාවකින් එයාලා ආවා
ඒත්.........😶