කඳුළු කතාවක්...

කඳුළු කතාවක්...


( සත්‍ය කතාවක් ඇසුරිනි.. )


මුහුද..



මං පුංචි කාලේ ඉදන් හරිම ආස කරපු තැනක්..


මෙතනට ඇවිත් ක්ෂිතිජය දිහා බලාගෙන ඉඳලා ඇති අපමණ තරම්..


මෙතන ඉඳලා මුහුද දිහා බලාගෙන කල්පනා කරලා ඇති ඕනි තරම්..


හිතට සැනසීම ගෙනාපු තවත් එක් තැනක් තමයි මුහුද කියන්නේ..


ඒ තරම්ම මං මුහුදට හරිම ආදරේ කලා..


ඒත්...


අද ඒ සැනසීම ගෙනාපු මුහුදම මගේ සැනසීම උදුරගත්තා..


මං වැඩිපුරම ආදරේ කරපු ඒ මුහුදට මං අද හුගක් වෛර කරනවා..


මීට මාසයකට වගේ ඉහතදී..


නොසිතූ දවසක නොසිතූ මොහොතක නොසිතූ විදියට..


පෙරලුනු මගේ ජීවිතේ ඒ අඳුරු පිටුව...


මට තාමත් හීනයක් වගේ...


අයියේ..


තාමත් ඔයා අපෙන් දුර ඈතකට ආයේ නොඑන්නම යන්නම ගියා කියලා හිත පිලිගන්නෙම නෑ..


ඔයා දන්නවද..


අම්මා තාත්තා මම...


රැයක් දවාලක් නැතිව..


ඔයා එනකම් මග බලන් ඉන්නේ කවදාවත් ඉටු නොවෙන බලාපොරොත්තුවක් එක්ක..


ඒත්..


අපි කොච්චර ඔයාට කතා කළත්..


ඔයා ආයේ එන්නේ නැහැ නේද..


දන්නවද අයියේ...


අම්මා..


අම්මා එදා ඉදන් තාමත් හරියට උගුරෙන් පල්ලෙහාට බත් කටක් දාගත්තේ නැහැ..


අම්මා මැරි මැරි ඉපදෙනවා ඇති අයියේ..


ඔයා අපි හැමෝම එක්ක හිටියේ අවුරුදු 22 ක් වුනාට..


ඔයා අම්ම එක්ක විතරක් අවුරුදු 23 ක් හිටියා..


ඇස් දෙක වගේ රැකගත්තු අම්මගේ රත්තරන් පුතා..


අද එයාගෙන් හුගක් ඈතයි කියලා දැනෙද්දි..


ඒ පපුව පිච්චිලා යනවා ඇති අයියේ..


එතකොට තාත්තා..


අයියේ ඔයා දවසක් මට කිව්වා නේද..


පිරිමි ගැහැනු තරම් ආදරේ පෙන්වන්නේ නැ කියලා..


තාත්තගේ ඇස්වල කදුලු හරිම කලාතුරකින් දකින්න ලැබෙන්නේ කියලා..


මං දැක්කා අයියේ මං දැක්කා..


ඔව් අයියේ තාත්තා එදා උහුලගන්නම බැරි තැන..


එයාගේ දුක්ගින්න කදුලු විදියට දිය කරලා දැම්මා..


ඒ පිරිමි කදුලු හරිම උණුසුම් අයියේ...


එදා ඇඩුවයින් පස්සේ ඒ ඇස්වල කදුලු ඉනුවේ නෑ අයියේ..


ඒත් මං දන්නවා..


ඒ පිරිමි හදවත හොදටෝම අඩනවා ඇති..


අපි කාටත් රහසේ..


අයියා මට දවසක් කියලා දුන්නා මතකද..


ගැහැනු තරම් පිරිමින්ට දරාගන්න බැහැ කියලා..


ඒක ඇත්ත නේද..


අර අම්මා හැමදාම රෑට රෑට ඉකි ගගහා අඩන්නේ...


දරාගන්න බැරිම තැන නේද අයියේ..


අනේ මගේ අයියේ..


තමන් අවුරුදු 22ක් තිස්සේ..


නැහැ මට වැරදුනා..


අවුරුදු 23ක් තිස්සේ..


ඔයා අම්මගේ බඩට ආපු දවසේ පටන්..


ආදරයෙන් හදා වඩා ගත්තු දරුවා..


මේ තරම් ඉක්මනට එයාගෙන් දුර ඈතකට යයි කියලා..


එයා කවදාවත් හීනෙකින්වත් හිතන්න නැතිව ඇති අයියේ..


අනේ අයියේ..


මට හරිම පාලුයි..


මට හිටියේ ඔයා විතරමයි අයියේ..


රණ්ඩු වෙන්න යාළු වෙන්න ගහගන්න බැනගන්න..


හැමදේටම මේ නංගිට අයියව ඕනි වුනා..


අනේ ඇයි අයියේ මාව තනිකරලා යන්න ගියේ..


අනේ ඔයාට දැනෙනවා නේද අයියේ..


ඔයා..ඔයා බලාගෙන නේද ඉන්නේ..


ඔයාගේ නංගිට ඔයා නැතිව ඉන්න බෑ අයියේ..


ඔයා ඉද්දි මේ ගෙදර තිබුනු සිරියාව..


ඔයා ඉද්දි මේ ගෙදර තිබුනු සතුට..


ඔයා ඉද්දි මේ ගෙදර තිබුනු පිං පාට..


අනේ ඒක කොහෙදෝ අතුරුදහන් වෙලා අයියේ...


ඔයා අපෙන් දුරට ගියපු දවසේ ඉදන්..


මේ ගෙදර හිනා හඬක් ඇහුනෙම නැති තරම්..


දන්නවද ඔයා..


මිනිස්සු කියනවා රටට වටින පුතෙක් ලක් අම්ම⁣ට අහිමි වුනාලු..


ඔයා අද හිටියනම් ඒ වගේ වර්ණනා ඇහෙද්දි හුගක් සතුටු වෙයි නේද..


අවාසනාවට අද ඔයා නැහැ අයියේ..


ඇත්ත අයියේ..


අවුරුදු 22 ක් වුනු තරුණ කොල්ලෙක්ගෙන් සමාජය බලාපොරොත්තු නොවුණු..


පුදුමාකාර හැදියාවක් සංවරකමක් ඔයාට තිබුනේ..


ආගමට දහමට මහ ගොඩක් ඇලුම් කරපු..


පන්සල එක්ක හරිම ළඟින් හුගක් ලැදිව කටයුතු කරපු..


ඒ තරම් පින් රැස් කරපු..


පුලුවන් තරම් මිනිස්සුන්ට උදවු කරපු..


අම්මාව රැජිනක් වගේ බලාගත්තු..


ඔයාටම..


ඇයි ඔයාටම දෛවය මෙහෙම කුරිරු වුනේ..


ඇයි ඔයා වගේ හොද මිනිස්සුන්ටම මෙහෙම වෙන්නේ..


අයියේ..


හැම නංගියෙක්ම පතන්නේ ඔයා වගේ අයියා කෙනෙක්..


හැම අම්මෙක්ම පතන්නේ ඔයා වගේ රත්තරන් පුතෙක්..


හැම තාත්තෙක්ම පතන්නේ ඔයා වගේ රටට වැඩදායි දරුවෙක්..


ඉතින් අපි වාසනාවන්තයි අයියේ ඔයාව ලබන්න..


ඒත්..


ඊට වඩා සිය දහස් ගුණයක් අවාසනාවන්තද අකා⁣ලයෙ ඔයාව මෙහෙම අහිමි කරගන්න..


ඔයා ඉතිරි කරලා ගියපු සුන්දර මතකයන් තමයි අපිව මෙහෙම ජීවත් කරවන්නේ..


ඔය හිනාව..



කිසිම අව්‍යාජ බවක් නොතිබුණු ඔයාගේ හිනාව..


අදටත් අපි හැමෝම ඉස්සරහ මැවි මැවී පේන්නේ..


ඔයා ඉතිරි කරලා ගියපු ඔයා එක්ක අපි එකතු කරගත්තු මතක එක්කමයි..


මතක් වෙන මතක් වෙන ගානේ..


අපේ ඇස්වල කදුලු අලුත් වෙද්දි..


හිතට හැඟෙන්නේ එකම එක සිතිවිල්ලයි..


ඒ මතකයන් මතකයක්ම කරලා..


අපි හැමෝවම අඩවලා..


ඔයා යන්නම ගිහින් දුර ඈතකට..


මං දන්නේ මෙච්චරයි අයියේ..


ඔයාගේ මතකයන් අපි හැමෝවම ජීවත් කරවනවා..


ඒ හා සමානවම..


අපේ හිත්වල දුක් ගින්න සැරින් සැරේ අවුලනවා..


මගේ රත්තරන් අයියේ..


උපදින හැම භවයකම..


අම්මගේ රත්තරන් පුතා විදියට..


තාත්තගේ ගෞරවය වුනු පුතා විදියට..


මේ නංගිගේ එක කුසන් උපන් අයියා විදියට..


අපි අතරම ආයෙමත් ඉපදෙන්න..




කිසිදු ආත්මෙක මෙවන් අකල් මරණයක්නම් සිදු නොවේවා...!!!



* * * * * * * * * ** * * * * * * * * * * * * * * * * * *



මේක සත්‍ය කතාවක් පාදක කරගෙනයි ලිව්වේ..
මේ වෙද්දි මේ සිදුවීම වෙලා මාසයකටත් වඩා ගෙවිලා ගියත්..
අයියගේ ආදරණියන්ට ඒ කාලය කල්ප ගානක වගේ..
තාමත් එයාලා අයියගේ මතකයන් එක්ක ජීවත් වෙන්නේ..
ඉතින් මං ඒ කදුලු කතාව මේ විදියට අකුරු කලේ අහිංසක ඉල්ලිමකට..
ඉල්ලපු මේ ඉල්ලිමට මං සාධාරණයක් කරා කියලා හිතනවා..




* * * * * * * * * * * * * * * * * * * * ** * * * * * * * * * * * * * * * * * * * * * * * *


මේ නිව්ස් එක ගැන youtube එකේ comment sections වල කමෙන්ට් දැක්කම මිනිස්සු ගැන ඇති වුනේ කලකිරීමක්..
හරියම කිසිම දෙයක් නොදැන මිනිස්සුන්ට දොස් කියන්න යන්නෙපා..




ඉතින් මේ කදුලු කතාව අහලා ලියන මට මගේ කදුලු පාලනය කරගන්න බැරි වුනා..ඒ දුක ඒ වේදනාව මෙතෙකැයි කියන්න බැහැ..


ඉතින් අද මේ සිදුවිම නිසා විදවන අයගේ වේදනාව ඔයාලට දැනෙනවනම් පුංචි ඉල්ලිමක් කරන්නම්.


මට මේ කතාවට කමෙන්ට් නෙමෙයි ඕනි..


ඒ අහිංසක අයියා වෙනුවෙන් ප්‍රාර්ථනාවක් එකතු කරන්න..


මේ සිදුවිම නිසා විදවන හැමෝගෙම හිත් වලට සැනසීම ගෙන්න කියන පතන්න..



පරිස්සමෙන් ඉන්න❤️❤️❤️ 

මම මහීෂා 🎀

Report Page