දිගු කාලීන මතකයට, Spaced Repetition with Leitner System!
✍️Miracle girlඅපි විභාගයක් ලං වෙද්දි ඔන්න, පාඩම් කරන්න පටන් ගන්නවා. හැබැයි මතක හිටින්නේ නැති එක ප්‍රශ්ණයක්!
ඒකට හේතුව හා පිළියම කියන දෙකම තමා උඩ රූපයේ තියෙන්නෙ 👆
💭 ඔයා යම් දෙයක් මුලින්ම ඉගෙන ගද්දි ඒක ඔයාගේ මතකයේ ඒ අවස්ථාවේදී හොඳින් තැන්පත් වෙලා තියෙනවා.
හැබැයි ටිකෙන් ටික කාලයත් එක්ක ඒ ඉගෙන ගත්ත දේ ඔයාගේ මතකයෙන් ඉවත් වෙනවා. ඔන්න එතකොට විභාගය ලං වෙලා ඒ හැමදේම මතක් කරන්න යද්දි ඔයාට මතක නෑ!
💭 ඒ ප්‍රශ්නෙට විසඳුමක් තමයි මේ Spaced Repetition කියන්නෙ.
මේකෙදී වෙන්නෙ අපි පාඩම් කරගත්ත දේවල් සම්මත කාලවලදී මතක් කරගැනීමක්. මේක මනෝවිද්‍යාත්මක ක්‍රමවේදයක්.
විභාගයක් ලං වෙද්දි එක දවසින් පාඩම් කරලා මතක තියාගන්න හදන දේවල් , ඉගෙනගත්ත වෙලාවේ ඉදන් ඔයාටත් නොදැනීම පොඩි පොඩි කොටස්වලට බෙදලා මතක තියාගන්න එක තමා මේකෙදි වෙන්නෙ.
📌️💭 ඉතින් මේ Spaced Repetition එක කරන්නෙ කොහොමද?🧐
මේ Spaced Repetition එකේ තියෙන්නෙ ඇත්තටම අදියර දෙකක්.
📍Review / නැවත අධ්‍යනය කිරීම
📍Recall / නැවත මතක් කරගැනීම.
ඔයා යම් පාඩමක් ඉගෙනගත්ත වෙලාවේදී, විනාඩි 5 -10ක් හෝ ඔයාට කැමති වෙලාවක් අරගෙන ඒ කරපු පාඩමේ සටහන් ටික නැවත බලන්න. ඊටපස්සේ ඔන්න ඒ සටහන් ටික පැත්තකින් තියලා ඒ ටික ඔයා මනසින් මතක් කරන්න උත්සහ කරන්න.
ඊටපස්සෙ ආයෙත් දවසකට විතර පසුව , දවස් තුනකට පසුව, සතියකට පසුව , සති කීපයකට පසුව , මාසෙකට පසුව වගේ පොඩි පොඩි කොටස්වලින් ආපහු ඒක නැවත නැවත මතක් කරන්න.
ඔන්න එතකොට ඔයාට පහසුවෙන්ම ඒ දේවල් දිගු කාලීනවම මතක තියාගන්න පුලුවන්.
මේ ක්‍රමය ඔයාට තවත් පහසු කරගන්න පුලුවන් Flash Cards භාවිත කරලා.
ඒ ක්‍රමයට තමා අපි කියන්නේ Leitner System කියලා
📌️💭 මොකක්ද මේ LEITNER SYSTEM ? 🧐
මේක ඇත්තටම Box Method එකක්.
💬📍 මුලින්ම ඔයා කරන්න ඕනි ඔයා පාඩම් කරගත්ත දේවල්වලින් ප්‍රශ්න කීපයක් හදාගෙන ඒ ප්‍රශ්න Flash cards කීපයක ලියන්න. මේක වඩාත් ඵලදායීව කරන්න නම් ඔයාට පුලුවන් Past Papersවල ප්‍රශ්නත් ඒ විදිහට Flash Cards කීපයක ලියන්න.
💬📍ඊටපස්සෙ පොඩි පෙට්ටි 5ක් හදාගන්න.
💬📍 ඒ පෙට්ටිවල 1 , 2 , 3 , 4 , 5 කියලා අංක ලියාගන්න.
💬📍ඊටපස්සේ එහෙම අංක ලියාගත්ත පෙට්ටිවල අංක පිළිවලට මේ විදිහට ලියන්න.👇
අංක 1 පෙට්ටිය - දවසකට සැරයක්
අංක 2 පෙට්ටිය - දවස් තුනකට සැරයක්
අංක 3 පෙට්ටිය - සතියකට සැරයක්
අංක 4 පෙට්ටිය - මාසයකට සැරයක්
අංක 5 පෙට්ටිය - මාස හයකට සැරයක්
( මේ ලියලා තියෙන කාලවලින් පෙන්නනේ ඔයා ඒ Flah Cards නැවත බලන්න ඕනි කාලය. ඔයාට ඕනි නම් මේ කාලසීමාව වෙනස් කරලා ඔයා කැමති කාලයක් දාගන්න පුලුවන්)
💬📍 දැන් අර ඔයා ප්‍රශ්න ලියාගත්ත Flash Cards ඔක්කොම අංක 1 පෙට්ටියට / පලවෙනි අංකය ලියාගත්ත පෙට්ටියට දාන්න.
💬📍 ඊටපස්සෙ ඔන්න ඔයා ඒ පලවෙනි අංකය තියන පෙට්ටියෙන් Flash Card එකක් අරගෙන ඒ Flash Card එකේ තියෙන ප්‍රශ්ණයට පොත් බලන්නෙ නැතුව මතකයෙන් උත්තර ලියන්න.
💬📍උත්තර ලිව්වට පස්සේ ඒ Flash Card එක අංක 2 පෙට්ටියට දාන්න.
( ඔයාට ඒ ප්‍රශ්ණයට උත්තර ලියන්න බැරි වුනා නම් ඒ Flash Card එක අංක 1 පෙට්ටියටම දාලා ඒ ප්‍රශ්නයට අදාළ කොටස් නැවත පාඩම් කරලා උත්තර ලියන්න.)
💬📍 ඔන්න දවසකට සැරයක් ඔයා අංක 1 පෙට්ටියේ තියෙන Flash Cards අරගෙන ඒවට උත්තර ලියලා ඒවා අංක 2 පෙට්ටියට දාන්න ඕනි.
💬📍 දවස් තුනකට එක පාරක් අංක 2 පෙට්ටියේ තියෙන Flash Cards ඇරගෙන ඒවට උත්තර ලිව්වම ඔයා අංක 3 පෙට්ටියට දාන්න ඕනි. ඒ විදිහට අංක 3 පෙට්ටියට දාපු Flash Cards වලට සතියකට සැරයක් උත්තර ලියලා අංක 4 පෙට්ටියට දාන්න. මෙන්න මේ විදිහට අනිත් පෙට්ටිවල තියෙන ඒවත් ඒ විදිහට උත්තර ලියලා ඊළඟ පෙට්ටියට මාරු කරන්න.
💬📍 එතකොට ඒ විදිහට උත්තර ලියලා අංක 5 පෙට්ටියට එකතු වෙන Flash Cardsවලට මොකද කරන්නෙ?
අංක 5 පෙට්ටියේ Flash Card වලට ඔයාට උත්තර ලියන්න පුලුවන් වුනා නම් ඒවා ඔයා වෙනත් තැනක තියාගන්න. (ඒකටත් පොඩි box එකක් භාවිතා කරන්න )
ඔයාට යම් ප්‍රශ්නයකට හරියට උත්තර ලියන්න බැරිවුණා නම් ඒ Flash Card එක ආපහු පලවෙනි පෙට්ටියට දාන්න.
මං කියපු පියවරයන් එකක් හරි අපහැදිලි නම් පහළ රුපය බලන්න. 👇
ඉතින් මේ ක්‍රමය ඔයාට Game එකක් වගේ ආසාවෙන් කරගෙන යන්න පුලුවන් වගේම ඕනිම දෙයක් අමතක නොකර දිගු කාලයක් මතක තියාගන්නත් පුලුවන්!
ඔයාටත් පාඩම් කරපු දේවල් ඉක්මනින් අමතක වෙනවනම්, ව්භාගයට සාර්ථකව මුහුණ දෙන්න ඕනි නම් මේ ක්‍රමය කරලා බලන්න. ☺️
ඉතින් මේ ආර්ටිකල් එක ඔයාලට වැදගත් වුනාද කියලත් Comment කරන්න.
By Miracle girl✍️
@seeyourmiracle💕