ඔව්. මට Cancer එකක්

ඔව්. මට Cancer එකක්

short story



පාන්දර 3 ට විතර තනියම සිංදුවක් දාගෙන ඒකට ඇහුම්කන් දීගෙන ඇදට හේත්තු වෙලා ඉන්නකොට එකපාරට ම මට දැනුනා මගේ නහය තෙත ගතියක්.මට ආව සුපුරුදු හැඟීමත් එකක් මං දුවලා ගිහින් bathroom එකේ කණ්නාඩියෙන් මම දිහා ම බැලුවා.


ඔව් මගේ නහයෙන් ලේ එනවා.


මේක මට දැන් පුරුදුයි.


​ මේ මං මේ ලෝ​කයේ ඉන්න අන්තාම සති දෙක.මට cancer එකක්.ඔව්. ඒක හොඳ කරන්න බෑ. 4 වෙනි stage එක.


කාටවත් ම මම cancer එක ගැන කියන්න ගියේ නෑ.කිසිම treatment එකක් කරන්න ගියෙත් නෑ.​ මොක ද මම පොඩි කාලේ ඉඳලාම ගොඩක් තනිවෙච්ච කෙනෙක්.මට කියලා මෙලෝ දෙයක් නෑ.


මගේ අම්මයි තාත්තායි මට අවුරුදු 2 දී accident එකකින් නැති වෙලා.මට කියලා එයාලගේ photo එකක්වත් නෑ.මට එයාලා ගැන කිසිම මතකයක් නෑ.අඩුම ගානේ එයාලාගේ මූනවල්වත් බලන්න මම පින් කරලා නෑ.


මම ඒ කාලෙ ඉඳන් ම මේ ළමා නිවාසයේ තමයි ජීවත් වුනේ.මේ ලමා නිවාසයේ අයින් වුනේ ගිය මාසේ.මම beach එකට ගොඩක් ළඟින් බෝඩිමක් ගත්තා.ළමා නිවාසයේ ඉඳපු කවුරුත් මට ඒ තරම් කැමැති නෑ මොක ද මම කා එක්කවත් කතා කරන්න අකමැති නිසා.කවුරුත් මාව අරන් හදා ගන්න කැමතිත් නෑ.


මම කාත් එක්කවත් කතා නොකර මගේ පාඩුවේ ඉඳිය කෙනෙක් හැම තිස්සෙම.


​ මොනව වුනත් මට කිසි ම දුකක් නෑ.මොක ද මේ ලෝකේ මට ආරක්ෂා කරගන්න කියලා කිසිම දෙයක් නෑ.


මම හැමදාම හවසට beach එකට ගිහින් එතන තිබ්බ bench එකකට ගිහින් වාඩිවෙලා හවස් වෙනකන් ම ඔහේ ඉන්නවා.


​ මොක ද ඒක තමයි මට තිබ්බ එක ම සතුට වගේ ම සැනසීම.


එක දවසක් මම වාඩි වෙලා ඉන්නකොට මම දැක්කා ගොඩක් ඈතින් මම වගේම කෙනෙක් bench එකක වාඩිවෙලා ඉන්නවා.එයත් මං වගේ ගැහැනු ලමයෙක්.


මම ගිහින් එයත් එක්ක කතා කලා.


එයත් මට ගොඩක් සමානයි.


එයාටත් cancer එකක්.

එයත් කාටවත් ම කියලා නෑ.


අපි දෙන්නාගේ තිබ්බ එක ම වෙනස තමයි.එයාට ලොකු පවුලක් තියෙන එක.


ඒත් එයා මම වගේ නෙමෙයි එයාට පවුලක් තියෙන එක ගැන දුක් වෙනවා ඇයි එයා එයාට මේ තරම් ආදරය කරන පවුලකට කොහොම ද කියන්නේ එයා අද හෝ හෙට මැරෙන්නයි යන්නේ කියලා.ඒ බැඳීම් කොච්චර ලොකු ද ?


​ කොහොමහරි ඔයා ජීවත් වෙන අන්තිම ටිකේ සතුටින් ඉන්න කියලා එයාට කියලා මම ආවා.


හැබැයි මට අන්තිමේදි මං ගැන ම සතුටු හිතුනා.


​ මොකද?.....


මේ ලෝකේ මං ගැන හිත හිතා අඩාගෙන හොයන්නවත් දුක් වෙන්නවත් කවුරුත් නැති හින්දා.


ඔව්..


මම හරිම නිදහස්


හරියට එහෙ මෙහෙ පියාඹන සමනල්ලු රෑනක් වගේ .......



* * *


written by,

Millicent🦋




🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋

Report Page