එහෙම කාලෙකුත් තිබ්බා .... story by sachini Rathnayaka
SachiniShort story ... ✍️
සුදු ගවුම ඇදන් ඉස්කෝලේ ට ගියපු කාලේ තරම් නිදහස් කාලයක් ආයි ජීවිතේ ට එන් නෑ..
සදුදා ඉදන් සිකුරාදා වෙනකන් උදේම නැගිටලා දත් මැදලා මූණත් සෝදන්න එපැයි.. ඒම කරලා සුදු ගවුම ඇදන් ඉස්කෝලේ යන එක කියන්නේ ඒ කාලේ නම ඇහුවත් ඔලුව රිදෙනවා ...
මම නම් ඉස්කෝලේ ගියේ අම්මගේ කීමට...
සමහර දවස් වලට එයාටත් එපාවෙලා... මට ඇහෙනවා අප්පචි එක්ක කියනව...
සෙනේ මේ ළමය හදන්න බෑ ඉස්කෝලේ යන්නෙත් නෑ හරක් බානක් අරන් දෙමු කුඹුරක් වත් කොටන්න... නැත්නම් කසාදයක් කරලා දෙන්න හරි ඉගෙන ගෙන තියෙන්න එපැයි
ඔන්න ඕමයි ඉස්සර අම්මා මට කිව්වේ..
එදා අවුරුදු ගනකට කලින් ...
සැට් එකත් එක්ක පීරියඩ් කට් කරදී , ටොයිලට් ගිහින් පරක්කු වෙලා පීරියඩ් එකට එද්දි, ලයිබ්රී පීරියඩ් එකේ බෝලයක් උස්සන් පිට්ටනියට යද්දී , කම්මැලි පීරියඩ් වල නිදගද්දී, එකෙක් පාවලා දෙන් නැතිව හැම එකාම දඩුවම් විදපු බැනුම් අහද්දි........ නෝට් නොලියා පස්සේ ලියන්න ඉඩ තියද්දි , ගෙදර වැඩ නොකර පන්තිය ක් ඉස්සරහ දන ගහද්දි...
උබලා චුට්ටක් වත් හිතුවේ නෑනේද...
කවදා හරි මේ මතක මතකයක් විතර ක් වෙලා හිතේ තැන්පත් වෙයි කියලා .
එදා o/l ලියලා දෙමළ දවසේ ගෙදර යද්දි හිතුවද මේ අපේ අන්තිම දවස කියලා , එදා කෑගහගෙන හිනා වෙලා ගෙදර ගිය අපි හිතුවේ නෑ මේ අපි හම්බෙන අන්තිම දවස කියලා ...
A/l වලට කට්ටිය සී සීකඩ යද්දි යාලුවො වෙන් උනේ එක එක සබ්ජෙක්ට් කරද්දි... එක එක ඉස්කෝලේ වලට යද්දි.. සමහරු ජොබ් වල හිර වෙද්දි, ඒ කාලේ අපි කරපු පිස්සු වැඩ මතකන් විතරක්ම උනා....
අපේ නම්බර් වට්සැප් කන්ටෑක් එකක් වෙද්දි අපිට අපිවම මගඇරුනා.. අපේ ගෘප් එක 11 D - U N I T E D වෙද්දි එක මැසේජ් එකක් වත් නැතිව ග්රෝප් එක වේලුනා.. සැරින් සැරේට ගිහින් කට්ටියගේ ලාස්ට් සීන් බලද්දි අපි අපේ වැඩවලම හිර උනා..
එදා ඒ සුදු ගවුම් සුදු කලිසම් පිටින් දැක්ක යාලුවො අද සල්වාර්, සාරි වලින් දකිද්දි ඇත්තමයි කදුලක් ඉනුවා..
එද නිදහසේ විහිලුවක් කියලා ඕපයක් දාලා පිස්සෝ වගේ හැසිරුනු හැම කෙනෙක්ම අද වැදගත් පෙනුමට ඇවිත්...
එදා යූටියුබ් එකෙන් ක්‍රම හොයන් සුදු වෙන්න දගලපු උන් අද ඇත්තටම සුදු වෙලා ලස්සන වෙලා.. මේ එදා හිටපු උන්ද කියලා හිතෙනවා....
එදා මගේ හොදම යාලුවන්ව වට කරන් පච හලපු, ඕප ලියෙව්ව මාත් සාරියක් ඇදන් ඒ යාලුවා න්ගේ අතේ එල්ලිලා හෝල් එක ඇතුලට යනකොට....
හෝල් එකේ බිත්තියේ ලොකුවට ගහලා.
2K2... o/l set (E.M) Get to Gether ..... කියලා
හිනා වෙලා ඇතුලට ආපු අපේ ඇස්වලට කදුලු උනන්න මහ වෙලාවක් ගියේ නෑ...
එදා ගෙදරින් දෙන සල්ලි වලින් කාල ඇදලා හිටිය අපි අද සල්ලි හොයන්න හීන පස්සේ හබා යනව..
හැමෝම බීසි වෙද්දි තමන්ගේ වැඩත් එක්ක, අමාරුවෙන් හැමෝටම පුළුවන් දවසක් හොයන් ආයෙත් ගමට ඇවිත් ගෙට් එකට යනවා කියන්නේ පුංචි කාලේ ට්‍රිප් එකක් යන්න හීන මවනවා වගේ වැඩක්....
හැමෝම වෙනස් වෙලා.. එදා වගේ වෙනසක් නැතිව කරන්නේ හැමෝම වටකරන් ආගිය තොරතුරු කතා කරන එක...
හැම මූනකම හිනාවක්...
විඩාබර දවස් වලට පස්සේ හැම හිතක්ම නිදහස් වෙලා....
ආයෙත් මුන් එක්ක සෙට් වෙන්නෙ අවුරුද්දකින්... අතරින් පතර් එකෙක් දෙකක් සෙට් වෙයි ඒත් හැමෝම නෑ....
මේ මතක වකට මම හරි ආදරෙයි ...
මාව ජීවත් කරන්න ඒ මතක වලට පුළුවන් ...
A/l වලට වඩා මට දැනුනේ O/l ...
ඉතින් මම තාමත් ආදරෙයි ... 🥺❤
....................
දවසක ආයේ අපි හමුවෙලා ...
තනිවෙමු පුරුදු තැන්වලඑදා...
මොහොතක් නිදහසේ සැනසිලා....
ජීවිතේ ........
එකපාරක් අහන්න... හැම මතකයක්ම ගලා එයි නිතැතින්ම....
මතකයන් හිත පාරවයි...
වසන්තේ කොහෙදෝ ගිහින් ...
ජීවිතේ තැනක නැවතිලා....
මැකීයයි පියසටහන් පාසලෙන්...
කදුලු අතරෙන් හිනාවක් එයි, ඔයාට තිබ්බේ සුන්දර ළමාකාලයක් කියලා ....
MCC.... 🍭🥀
............
ලියද්දි ඇඩුනා.... මේ සින්දු දෙක අහන්න , මගේ ජීවිතේ පොඩ්ඩක් ඇහුනත් ඇඩෙන සින්දු දෙකක්..
ඔයාලටත් ඇති ලස්සන පාසල් කාලයක්... මේක අවස්ථාවක් මතක් කරන්න ඒ මතක , අපි කතා කරමු........ ✍️