ආඩම්බර දඟකාරී 24

ආඩම්බර දඟකාරී 24

Chathu hiru

නැන්දා කවදාවත් නැතුව මගේ යාලුවො ගැන හොයන්න නං හොඳකට වෙන්න බැ. ටිකක් විතර පරිස්සමෙන් ඉන්න වෙයි. සෂිනි call කරලා කිව්වා අද හවස ඒ තුන්දෙනා එනවා කියලා. විහාත් සෙලීනා එක්ක එනවා කිව්වා. අර හිරුනි අපේ ගෙදර නවත්තලා ගියේ හවස ඇවිල්ලා එක්කගෙන යන්නං කියලා.

මං දවල්ටත් කාලා කාමරේට ගිහිල්ලා හිටියෙ යාලුවො එනකං අම්මා කුස්සියේ ඉඳන් කෑගහනවා පහලට එන්න කියලා. මං ඉතින් සිංදුවකුත් කියන ගමන් පහලට ගියා.

අඳුරේ පෑරෙන නෙත් කවුළු..

යලි තිගැස්සි ඔය දෑස සොයනවා..

කොහෙද මගෙ පන සැඟව දුර යන්නේ..

විසඳුමක් නැ ගැටලුවක් පමනි ඇත්තේ…

උතුරා ගලනා කඳුලැල් වැස්සෙ..

පෙම් පැතුම් තිබෙනවා…

මං කියාගෙන ආපු සිංදුව නැවතුනේ සඳලිගෙ සද්දෙට.

ඒයි… අපි මෙතන ඉන්නවා.

ඔයාලා ඇවිල්ලා ගොඩක් වෙලාද…

නැ දැන් ආවෙ.. ලෙඩවෙලා ගෙදර ඉන්න එක හරි ජොලි නේද…

ඔව් අනේ.. හරි ජොලි. වෙන නැත්නං.

මං ගිහිල්ලා පුටුවකින් වාඩි උනා. මගේ ඉස්සරහා වාඩිවෙලා හිටපු කෙනා දැක්කම මගේ ඇස් දෙක ලොකු වෙලා කටත් බාගෙට ඇරුනා. අකී එනවා කියලා කිව්වෙ නෑනෙ. අම්මා කට්ටියටම තේ හදලා ගෙනත් දුන්නා. හිරුනි අකී දිහා බලාගෙන කෙල හලනවා. මං කුස්සියට ගියේ තේ බීපු කෝප්පෙ හෝදන්න. මං curtain එක අතරෙන් දැක්කා හිරුනි අකී එක්ක හිනා වෙවී කතා කරනවා.

ඇත්තමයි මට එන කේන්තිය. මේකිටත් කොල්ලෙක් පේන්න බැ හැට හතර මායම් ටික දානවා. සාක්කුවේ තිබ්බ phone එක අරගෙන අකීට msg එකක් දැම්මා.

කුස්සියට එන්න. මේ දැන්. ඔය ඔයා එක්ක කියවන සක්කරවට්ටම වඩම්මගෙන එන්නැ.

Msg එක send වෙලා ටික වෙලාවකින් එනවා හික් මීයා වගේ.

මොකද වෙලා තියෙන්නෙ ආ…

ඇයි.. මොකද උනේ…

අර නැට්ටිච්චි එක්ක මොනවද කියවන්න තියෙන්නෙ

අපි ඉතින් විස්තර ටිකක් කතා කරා.

ආයෙමත් කතා කරන්න එපා.

ඔයා කොහොමද එහෙම මට එපා කියන්නෙ…

හරි එහෙනං තව ටිකක් ඇඟේ ඇලි ඇලි කතා කරනවා. හැබැයි ආයෙමත් මාත් එක්ක කතා කරන්න එපා.

මොකද කේන්ති ගිහිල්ලා..

නැ මට කේන්ති ගිහිල්ලා නැ.

නැත්තෙ නැ. කේන්ති ගිහිල්ලා තමයි.

කතා කරන්න එපා මාත් එක්ක. ගිහිල්ලා අරයත් එක්කම කතා කරන්න.

හරි අයෙමත් කතා කරන්නෙ නැ. දැන් ඇයි මට කතා කරන්න එපා කියන්නෙ..

මං ආස නැ මගේ යාලුවො ඒ වගේ නරක ලමයි එක්ක කතා කරනවට.

දැන් මං එයා හොඳයිද නරකයිද කියලා දන්නවද…

ඒවුනාට මං දන්නවා. දන්න නිසා තමයි එපා කියන්නෙ.

මං අත් දෙක බැඳගෙන අහක බලාගෙන කිව්වා.

I’m soo sorry. දැන්වත් හරිද..

ආයෙමත් එයා එක්ක කතා කරන්න එපා. එහෙම උනොත් මං ඔයාට හොඳ වැඩක් කරනවා. ඔයාගෙ තත්වෙට ගැලපෙන මිනිස්සු එක්ක ඉන්න පුරුදු වෙන්න. ගැලපෙන්නෙ නැති අය ආශ්‍රය කරලා තත්වෙ නැති කරගන්නෙ නැතුව. මං කියන්න තියන දේවල් කියලා ඉවරයි. දැන් යන්න පුලුවන්. 😏

මං එහෙම කියලා අයෙමත් සාලෙට ආවා. මං ඇවිල්ලා ටිකකින් අකීත් සාලෙට ආවා. කට්ටියම ගියාට පස්සෙ මං කාමරේට ආවා. හිරුනිට එක කොල්ලෙක් තියාගෙන පාඩුවේ ඉන්න බැරි හැටි.

පහුවදා හවස මං විහාගෙ ගෙදර ගියා. විහාගෙ මල්ලිට පාඩම් ටිකක් කියලා දීලා ඉවර වෙනකොට හතත් පහු වෙලා. විහාගෙ මල්ලි මාත් එක්ක ගෙදර ලඟටම ඇවිල්ලා තමයි ගෙදර ගියෙ. මං බැල්කනියට වෙලා හඳ දිහා බලාගෙන හිටියා.

මට මතක් උනේ අයියා දවසක් අහපු දෙයක්. එතකොට මං exam ඉවර වෙලා ගෙදර හිටියෙ. Exam ඉවර වෙලා සතියක්වත් ගියේ නැ.

චූටී… මං දෙයක් අහන්න හොඳට හිතලා මට උත්තරයක් දෙන්න පුලුවන්ද…

මොකද්ද…

වැරදිලා හරි අවුරුදු විස්සක් වෙන්නත් කලින් ඔයාට proposal එකක් ආවොත් මොකද කරන්නෙ…

Reject කරනවා.

ඇයි එහෙම කරන්නෙ…

මං කැමති නැ. මට මේ නිදහසේ ඉන්න විදිය හොඳයි. මං දන්නැ මට medicine කරන්න පුලුවන් වෙයිද බැරි වෙයිද කියලනං. හැබැයි මං අතඅරින්නෙත් නැ.

හැබැයි ඊට පස්සෙ අයියා කියපු දේට නම් ඇඟ සීතල වෙලා ගියා.

Report Page