අහම්බෙන් වගේ හම්වුනේ (කෙටි කතාවකි)
𝓢𝓪𝓽𝓱𝓼𝓪𝓻𝓪𝓷𝓲
👩අඩෝ මේ මන් යනෝ පරිස්ස්මින් පලයන්..
👧හරි බන් ගිහින් මැසේජ් එකක් දාපන්
👩බායි බායි
මුලටම කියන්නම්කෝ මන් සත්සරණි වනිගසේකර..තාම ඕලේවල්ක රන්නේ. මැත්ස් ක්ලාස් ඇරිල ස්ටෑන්ඩ් ගියේ මගේ හොදම යාලුවා සනුකි එක්ක... මන් පාර පැන්ලා අනිත් පෑත්තට ගියේ එක්ස්ප්‍රස් බස් එකක් යන්න හිතාගෙන ගෝඨාභය මාමීව මතක් උනේ කලර් ලයිට් වැඩ නැති උනාම.. තාම සූටියි ඉතින් තනියම පාර පැනලා පුරුදූ නෑනේ..හේ හේ මන් එච්චර සෝශබල් කේනෙක් නෙවෙයි..ගමේ ක්ලාස් වලට තනියම ගිහිල්ලම නැති තරම්.. ආහ් කියන්න බැරි උනා මම ස්කෝලේ යන්නේ ගාල්ලේ උනාට ගෙවල් තියෙන්නේ ටිකක් දුර
බස් හෝල්ට් එකට යනකොටම දැක්කේ ස්කූල් යුනිෆෝම් ඉන්න තව බෝයි කේනෙක්ව.. අන්කල්ල ගොඩක් හෝල්ට් එකේ ඉදිය නිසා මන් එ බෝයි ඉන්න හරියට ගියා. පොඩ්ඩක් රබර් ඇහැ දාලා බැලුවේ අර බෝයි දිහා.. මගේ ස්කූල් එකේම බෝයිස් ස්කූල් එකේ. ඇස් වැහෙන්න කැප් එකකුත් දාලා.. අහින්සකයෙක් වගේ ඉදියේ නම්.. කලිනුත් දවස් තුන හතරක්ම ඒ බෝයිව දැකල තිබුනා මම.. අයියා කෙනෙක් වගේ පෙනුමෙන් නම්..
එතකොටම බස් එකක් ආවා මන් නැග්ගට පස්සේ මගේ ශීට් එකට පස්සේ ශීට් ඒකෙන් ඒ අයිය වාඩි උන..හොද මනෝපාරක් ගහන්න හදන්කොටම මතක් උනේ අම්මා ක්ලාස් ඇරුනම සර්ට කියල කෝල් එකක් ගන්න කිව්වා නේද කියල... දෙලෝ රත් උනා කෝල් එකක් ගන්න බැරි උනොත් ගෙදර ගිහින් හොද දේශනයක් අහගන්න පුලුවන්
ඔන්න ඔයි වෙලාවේ මගේ ටිකිරී මොලේට ආවා සුපිරි අයිඩිය එකක්
👩ඔයා ලග ෆෝන් එකක් තියෙනවද
මන් පිටිපස්ස හැරිලා අර අයිය ගෙන් ඇහුවා එයා කන්ෆියුස්ඩ් සුන්ගා බුන්ගා වගේ ඇස් දෙකත් ලොකු කරන්. ඇහෙන්නේ නැතුව ඇති කියල ආයිමත් ඇහුවා
👩ෆෝන් එකක් තියෙනවද
🧑නෑනේ
🧑කෝල් එකක් ගන්නද..?
👩ඔව්
මගේ එහා පැත්තේ ඉදිය අක්කව පෙන්නුවේ එයාගෙන් ගන්න කියන්න වගේ.. ම්න් ඉතින් ඇස් වලින් ඕන නෑ කියලා ඉස්සරහ හැරුනා..වොයිස් එක නම් මරූ එක වචනෙන් හිත සලිත සලිත වී....සී මෝ
නොදන්න බෝයි කෙනෙක් එක්ක කතා කරපු ෆස්ට් ටයිම් මේ.. කොච්චර වදුරූ ලුක් එකත් තිබ්බාත් මන් ඩීසන් පිට ඉන්නේ.. ඒ අයියගේ තිබ්බේ අමුතුම ලුක් එකක් උසයි තලෙලුයි ඇස් වැහෙන්න දාලා තිබුන කැප් එක නිසා හැන්ඩි ලුක් එක තවත් වැඩි වෙලා පෙනුනා.
අනේ මන්දා වෙන අය වගේ නෙවෙයි මට එයාව ස්පෙශල් වගේ දැනුනා..ඒක අමුතුම ෆීලින් එකක්..එයා බහිනකන්ම රබර් අයි දාගෙන සැරින් සැරේට බල බල ඉදියේ
ගෙදර ගිහින් වොශ් එකක් දාගෙන ෆෝන් එක ගත්තේ සනුකිට කෝල් එකක් ගන්න
👩හෙලෝ සනූ
👧ආහ් සත් ගෙදර ගියේ දැන් ද
👩ඔව් බන් ටිකකට කලින් ආවේ
👧හාම් හාම් මොකෝ කරන්නේ දැන්
👩අහපන්කෝ අද මාර සීන් එකක් නේ උනේ
👧කියාම් කියාම් කොල්ලෙක්වත් සෙට් උනාද උබට
👩පල පල ඒම දෙයක් නෙවෙයි
👧එහෙනම් කියපන්කෝ
👩අර බන් මන් උබට දවසක් කිව්වේ මන් යන බස් එකේ ඇස් ලස්සන අයියා කෙනෙක්ව දැක්ක කියල
👧මතකයි මතකයි ඉතින් මොකෝ උනේ එයාට
👩මන් ක්ලාස් ඇරිල යනකොට එයත් හෝල්ට් එකේ ඉදියා බන්..
👧අඩෝ සිරා
👩ඔව් ඔව් බන් සිරා අම්ම කිව්වනේ කෝල් එකක් ගන්න කියලා ක්ලාස් ඇරුනම. බස් එකට නැග්ගම මතක් උනේමන් එපාර එයාගෙන් කෝල් එකක් ඉල්ලුවා.
👧අම්මෝ යකෝ උබ මේ විහගටත් (මගේ ක්‍රශ් කලින් එක) ලොකු සීන් දාන එකේ ඒ අයිය එක්ක කතා කරා කියන එක ශුවරුත් නෑ බන්
👩අනේ මන්දා බන් මටත් හිතාගන්න බෑ..
👧ආව් ආව් මල්සර විදලා වගේ
👩අහගන්න එප ආහ්
👧නෑ නෑ බන් ඇත්තටම කියන්නේ විහග ගැන ඇරෙන්න උබ වෙන කිසිම කොල්ලෙක් ගැන මෙහෙම කියලා නෑ..
👩ඒක තමා බන් ආයේ නම් කාටවත් ඇඩික්ට් වෙන්නෙ නෑ බන්.. උබ දැක්කා නේ මන් ඒ කාලේ
👧ඔව් බන් කෝමත් එක්සෑම් ඉවර වෙනකන් ඕවට පැටලෙන්න එපා.අනික ඔයි ලස්සන අයියලට වටේම කෙල්ලෝ ඉන්නවා.
👩ම්ම් ඔව් ඉතින් මට ආදරයක් නෙවෙයි බන් අමුතු ෆීලින් එකක්.. තේරුම් ගන්න බෑ
👧විකාර හිතන්නේ නැතුව පාඩම් කරපන් ගිහින්
👩හාම් හාම් බායි ගුට් නයිට්
👧ගුඩ් නයිට්
කොහොමින් කොහොමින් හරි සතියක් ගෙවිලා ගියේ හරි ඉක්ම්නට එදත් මන් මැත්ස් ක්ලාස් ගිහින් එනකොට අයිය හෝල්ට් එකේ ඉදියා. මට ඉබේටම එයාට අත වැනුනා..
හයියෝ ශික් සෙකන්ඩ් උනා නේ දැන් ඉතින් කතා කරන්නම වෙනවා
👩ඔයාට ක්ලාස්ද
ඔව් ඔයාටත් ක්ලාස් නේ
👩ඔව් අප්පා
එදා කෝල් එකක් ගත්තද
👩නෑ ගන්න උන්නෑ
එහෙමද ඔයාගේ නම මොකක්ද
👩සත්සරනි ඔයා
අනුත්තර
👩ඔයා ඒලෙවෙල්..?
ඕඕ ඔයා
👩මන් ඕලෙවල්
මොකා කොටයි නේ යකොව් මන් හිතුවේ 8 විතර ඇති කියලා
👩මන් කොට නෑ හරියේ
මොනා කරන්නද ප්රෙන්ස් හැමෝම කියන්නේ කොට කොට කියලා (උස යන්න විදියක් දන්න අය කියන් යන්න) ඕම කතා කර කර ඉන්නකොට කවුදෝ මගේ අන්වර්තනාමය කියලා අමතනවා ඇහුන පිටි පස්ස හැරිල බැලුවම දැක්කේ ඔශානය මගේ පැත්තට එනවා
කන ඇහෙන්නෙ නැද්ද කොටෝ
👩මොකෝ
කොටා මොකෝ මේ වෙලාවේ
👩ක්ලාස් ගියා ඔයා කොහෙද මේ
කොල්ලෝ එක්ක ගෝල් ෆෝට් යන්න ආවේ බන්
👩එහෙමෙයි මේ කන්න මොනාහරි
යි බන් උබ මෙහෙම
👩මේ උබේ දේපල අරකිග්එත් දේපල අර්න් දියන් ඒක නිසා (අරකි සනුකිට එයාගේ තමයි ඔශාන්)
ඉක්මනට කොල්ලෙක් සෙට් කරගනින්කෝ මට වද නොදී
👩අරන් එනෝකෝ ගිහින්
ඔශානයගෙන් 50ක මුරුක්කු පැකට් එකක්ට විද්ද..අනුත්තර අයියත් හිනා වෙවී බලන් ඉන්නවා.. බස් එකට නැගලා මායි අනුත්තර අයියයි එක ශීට් එකේ වාඩි උනේ මුරුක්කු එක කන්න ඕන නිසා..
හැමදාම තනියමද යන්නේ
👩ඕඕ
හවසට මේම යන්න බය නැද්ද
👩පොඩ්ඩක් විතර
මන් ඒනම් ඉන්නම්කෝ එනකන්
දැන් මන් ක්ලාස් ඇරිල එනකන් එයා ඉන්නවා.. ස්කෝලේ ඇරිල යන්නෙත් අයියා එක්ක.. මාස ගාන්ක් ගෙවිලා ගියේ හරි ලස්සනට.. අයියගේ එක්සෑම් එකත් එක්ක එයා ගොඩක් බිසී උනා.. මන් එක්ක යන්නවත් උනේ නෑ මොකද එයා අන්තිම දවස් ටිකේ ස්කෝලේ ආවේ නැති නිසා....එයාගේ නම්බර් එකත් වැඩ නෑ.. අහන්න කියලා එයාගේ යලුවොත් ස්කෝලේ ආවේ නෑ.. මාත් එක්සෑම් නිසා බිසී උන නිසා ඒ ගැන හොයන්න වෙලාවක් තිබුනේ නෑ.. හැම රෑකම මතක් වෙන්නේ ඒ ඇස්.. කොහේ කොහොම හොදින් ඉන්නවද කියලවත් දන්නේ නෑ.. හැමදාම් ස්කෝලේ යන්නේ අද හරි අයියව හම් බෙයි කියලා බලාපොරොත්තුවෙන් ඒත් එයා ආයේ ආවේ නෑ
වසරකට පසු
මන් ඕලෙවල් කරලා දැන් බයෝ සයන්ස් වලින් ඒලෙවෙල් කරනවා.. අයියාත් බයෝ කරපු නිසා මන් ගොඩක් ආසවෙන් ඉදියේ බයෝ කරන්න.. තාමත් මන් අයියගේ මතක එක්ක ජීවත් වෙන්නේ.. අනුත්තර ඒ නම ඇහෙන වාරයක් වාරයක් ගානේ ඒ ඇස් මතක් වෙනවා.. කවදමහරි එයා එයි කියන බලාපොරොත්තුවෙන් අදටත් මන් ජීවත් වෙනවා..
_______________🌸_______________
හායි ලමයි අමතක වෙලත් ඇති නේහ් මාව
හුග දවස්කින් කතාවක් ලිව්වේ නැති නිසා තමා මේ සිදුවීම එක්ක කතාව ලිව්වේ.. ක්ලාස් ඇරිල එනකොට උනදෙයක්.. මන් කෝල් එකක් ඉල්ලපූ අයියා ඔයාට මේ කතාව කියවන්න හම්බුනොත් අවුල් යන්න එපා නිකමට ලිවේ..
කමෙන්ට් 500+ක් තිබුනොත් සතියක් ඇතුලත දෙවෙනි කොටස්ක් හරි රිප්ලයි ස්ටෝරි එකක් හරි අනිවාරෙන් දෙනවා..
ඇත්තම කිව්වොත් ප්රෙන්ස් මගේ කතා වලා අවසානේ සතුටුදායක විදියට ලියන්න හිතෙන්නෙම නෑ අප්පා.. අෆෙයා එක කඩල බිදලා කුඩු කරල තමා පස්ස බලන්නේ හේ හේ
කට්ටිය පරිස්සමින් ඉන්න..
තව කතාවකින් ඉක්මනටම හම්බෙමූ
මම සත්♥️⚡️🌍