අරලිය..🌼 ( රෝස පොහොට්ටු 🥀 2 )

අරලිය..🌼 ( රෝස පොහොට්ටු 🥀 2 )




( කොටස් හතරක කෙටි කතාවකි )



3 කොටස


🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼


පෙර කොටස

https://telegra.ph/අරලය--රස-පහටට--2-12-23



පහුවදා උදේ පාන්දරම මන් උයන්න ගත්තා ...
උදේ කිව්වට ඉතින් ටිකක් පරක්කු වෙලා ...

අරලිය උදේම ලොකු වැඩක් පටන් අරන්..

කාර් එක හෝදනවා...

කොච්චර වැඩ තිබ්බත් කාර් එක හේදුවෙ නැත්නම් එයාට නින්ද යන්නෙ නෑ...


කෑම ලැහැස්ති කරලා මන් මිදුලට ගියා....
අනේ මන් දන්නෑ මෙයා මේ කාර් එක වොශ් කරන විදිහට කාර් එක දියවෙයිද කියලත් සැකයි...

ඒ තරමට හේදිල්ල....

" අද ඔෆිස් යන්නෙ නැද්ද අරලිය ...."

' අද බැ සුදු බබා...අද මගෙ වයිෆ්ව හෝදනවනෙ....'

(ඒ පාර මේ පිස්සා මොනවද කියන්නෙ මේ...)


" මාව හෝදන්න ඔයා නිවාඩු දාගෙන ගෙදර ඉන්න ඕනි නෑ...මන් හැමදාම වොශ් දානවා....."

( ඒ පාර හිනා වෙනවා....අර පිස්සු වැටෙන හිනාව...)

' හැබැයි ඔයාව හෝදන්නත් බැරිකමක් නෑ සුදු බබා...මොකද කියන්නෙ ඉතින් '


" විකාර නොකිය එන්න අරලිය ...කෑම මේසෙට ඇරියා මන්...."

( ආපහු හැරිලා මන් යන්න හදද්දි මෙන්න මගෙ පිටිපස්සෙන් හීතලක්....
මොනවා හරි ගලනවා වගේ...


ර්....


මෝඩයා ..


වතුර ගහනවා....)


" එපා මෝඩයො..."


' බලෙන්ම හරි නාවන්න කියලා මට නිර්වානයා කිව්වා...'


( කොහොමත් තෙමිලනෙ...තෙමීගෙනම ගිහින් මන් වතුර බටේම එයාට ඇල්ලුවා ...
එයාට ගානක් නෑ...කොන්ඩෙත් ගස ගස හිනාවෙ....)


" ඇද්ද නා ගත්තා...."


' ඔයා නෑව්වොත් තව ඉන්නම් සුදු බබා...'

" කිව්වහම යන්...ආයෙ උදේ පාන්දරම බාගෙට තෙමිලා අසනීප වෙයි...."


( එහෙම කියලා අරලියවත් ඇදගෙනම මන් යන්න හැදුවේ ...

ඒත් යන්න කලින් එයා මගෙ ඉනවටේ අත දාන් මගෙ පිටට හේත්තු උනා...)


' මේක හරි ලස්සන දෙයක් සුදු බබා...බැදලා ආදරේ කරන එක...බදින්න කලින් හැමෝටම ආදරේ කරන්න පුලුවන් හැබැයි බැන්දට පස්සෙ ඒ විදිහට ම ආදරේ කරන්න මිනිස්සුන්ට බෑ...ඒ අතින් මන් ලකී සුදු බබා...බැදලා ආදරේ කරනවා...'

" ඔයාට දැන් ඇති කියලා හිතෙන්නෙ නැද්ද අරලිය "

' මොකටද?'


" මට අවස්ථාව දුන්නා...මෙච්චර කාලයක් ඔහොම බලන් ඉදලා ඇති වෙලා නැද්ද "


' කවදාවත් හිතෙන එකක් නෑ සුදු බබා...මට ඔයාව විශ්වාසයි...'

" දවසක එපා උනොත් ....එහෙම උනොත් ...."

' එහෙම උනොත් ඔයා මාව වෙන කෙනෙක්ට අයිති වෙන්න දීලා අත අරිනවද?'

( මීට කලින් සත් හිරුව අහස්‍යාට දෙද්දි ඇති උන හැගීම ...

නෑ ඊට වඩා සිය ගුනයකින් හදවත හූරන හැගීමක් මට දැනුනා ..

නෑ...හිතන්නෙවත් කොහොමද එහෙම දෙයක් අරලිය ....
ඔයා මගෙනෙ...
ඒත් ඔයාට මගෙන් යන්න හිතුනොත් .....)


" එහෙම හිතුනොත් ඔයාට නිදහස දෙන්නම් අරලිය ...."

( එහෙම කියනවත් එක්ක මගෙ ඉනවටේ තිබ්බ අත් තව හිර උනා..

පිටට දැනෙන ඒ පපුවෙ ගැස්ම වැඩි වුනා...

එහෙම කිව්වට මන් කොහොමද ඔයාව දෙන්නෙ අරලිය ..
ඔයා මගෙ අරලියනෙ...)

' තාමත් ...තාමත් චුට්ටක්වත් දැනෙන්නෙ නැද්ද සුදු බබා...
ආ....

තාමත් නැද්ද ....මන් ඔයාට කොච්චර බැදිලද දැනෙන්නෙ නැද්ද ...ආදරේ කියනවට වඩා මන් ඔයාට බැදිලා ඉන්නෙ සුදු බබා...බැදිලා කියන්නෙ ආපහු ගැලවීමක් නෑ කියන එක....
විශ්වාස නැද්ද මාව...
ඇයි බැරි මාව ඔයා ගාවම තියා ගන්න සුදු බබා...ආදරේ කරන්න එපා මට ...ඒත් බැදෙන්න මට ...ගැලවිලා යන්න බැරි වෙන්නම බැදෙන්න බැරිද සුදු බබා...'


" මට විශ්වාසයි අරලිය ....ඒත් ...."


' මන් ඔයාට මගෙ ආදරේ හිස්තැනක් තිබ්බද ....
ඒත් කියලා කියන්නෙ....මාව දැනුනෙම නැද්ද '


" දැනුනා අරලිය ...දැනුනා...හැමෝටම වැඩියෙන් දැනුනා වගේම දැනෙනවා ...."


( එහෙම කිව්වා විතරයි පුලුටු කරන් හිටපු මූන ආයෙ දිලිසෙනවා ....
එක් වචනෙකට ඒ ඇස් දිලිසෙනවා ...ඉතින් ඇත්ත අරලිය ....මට දරා ගන්නම අමාරු ඔය කතා කරන ඇස්...මන් වෙනුවෙන් ම මැවෙන හිනාව...)


' එහෙනම් මාව බලා ගන්න...මන් කියන්නෙ මාව කාටවත් දෙන්න එපා...මන් කොහොමත් යන්නෙත් නෑනෙ සුදු බබා...ඒත් ඕනි නම් යන්න කියන්න එපා ....මට යන්න දෙන්නෙම නෑ කියන්න '


( පොඩි එකෙක් වගේ කියෝනවා....මන් දන්නෑ ...
කොහොමද හිතට දැනෙන දේවල් විස්තර කරන්නෙ...
කොහොමද අරලිය ඒවා වචන කරන්නෙ...)

සත් හිරු වෙනුවෙන් ලියවුණු හිතේ අන්තිම ඉඩත් අරලිය එයාගෙ නමට ලියා ගනිද්දි මේ නිර්වානිගෙ හිත අරලිය වෙනුවෙන් ම වෙන් වුනා දැනුනා...

මන් දන්නෑ ....කියන්නෙ කොහොමද ඒක කොච්චර නිදහස් හැගීමක් ද කියලා ....


මන් ආදරේ කරන කෙනා මට බැදිලා ඉන්නවා කියන හැගීම.....

ඉතින් දන්නවද ....


ලස්සනම ආදරේ ප්‍රථම ප්‍රේමය කියලා කොහෙදෝ තිබ්බා...
ඔව්...ඒක ලස්සනයි...
ඒත් සමහරුන්ට ඒක නොගැලපෙන්න පුලුවන් ....


එහෙව් මිනිස්සු හිතන්නෙම ආයෙ චාන්ස් එකක් ඕනි නෑ කියලා ....

මටත් ප්‍රථම ප්‍රේමය සුන්දර බව දැනුනා ...ඊට වඩා කාටත්ම ආදරේ කරන්න බෑ කියලා හිතුනා ...


නෑ...

එක දවසක් එනවා...


ඒ කාටත් වඩාම ඔයාට ආදරේ කරන්න ඕනි කියලා හිතෙන....
එදාට මුලු ලෝකෙටම පෙන්නන්න පුලුවන් ....මොන දේ උනත් මන් ආදරේ ඔයාට කියලා අරලිය .....


ඉතින් ඇයි මන් මේ චාන්ස් එක මිස් කර ගන්නෙ....

අපිට ආදරේ කරන අයට අපි ආදරේ කරන්නම ඕනි....
අපිව සතුටින් තියන අයව අපි සතුටින් තියන්නම ඕනි.......


( පිටට හේත්තු වෙලා ඉන්න අරලියගෙ උනුහුම වැඩියෙන් දැනෙද්දි ....
එයාගෙ හුස්ම මගෙ බෙල්ලෙ වදිද්දි ...
මට ඒක කියන්න හිතුනා ....)

" අරලිය ......"

' ම්ම්ම්ම්'


" අරලි නුවන්‍යා......."

' කව්ද සුදු බබා...යාලුවෙක් ද?'


" නෑ....ඔයාගෙ දුව......"

( ගැස්සුන පාරට ඇස් ලොකු කරගෙන බලන් ඉන්නවා....
කමක් නෑ...ලැජ්ජාව පැත්තක දාලා ඔන්න ඔහේ කියනවා...)


" නෑ...ඉතින් ...මන් කියන්නෙ...පලවෙනිම බබා ගෑනු ලමයෙක් උනොත් එහෙම දාමු නේද ?"

( ආයෙත් වෙන ලෝකෙක ඉන්නවා වගේ මන් දිහා බලන්...

ඒ තප්පරේම මන් දුවලා ගෙට යන්න ගියත්......
එයා මාව අල්ල ගත්තා ...
ආසම හිනාව ඒක තවත් ලස්සනට ඔය මූනෙ .....)


' අව්ස්සලා පැනලා යනවා කියන එක හිතන්නවත් එපා සුදු බබා.....'


( හිනා වීගෙනම මගෙ මෝඩ අරලියා මල කියෝනවා....)

මතක අමතක කරන්න බැරි තැන...ඒ මතක මටත් නොකියම අමතක කරපු මගෙ අරලිය


හුස්ම වැටෙන මොහොතෙ පමනක් නොව
හුස්ම හිර වන මොහොතෙත් ඉන්නවද නිර්වානි ගාවින්ම.....
හරියටම අද වගේම ...

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼


යුගාන් අරලිය මතක සටහන්.......


යුගාන් අරලිය ...

ඒක ටිකක් වෙනස් නමක්....


හැමෝම කිව්වෙ යුගාන් කියලා ...ඇත්තටම කිව්වොත් මන් අරලිය කියන කෑල්ල හංගලා තිබ්බෙ...
ඒක මලක්නෙ අප්පා..
හෙන චාටර් ....
ඉස්සර කොල්ලො ඔය නම කියලමයි මාව ආතල් එකට ගන්නෙ...
හැබැයි එදා හිතුනා නම් ඒ නම මට මෙච්චර වාසනාවක් ගේනවා කියලා ...එහෙනම් මන් මගෙ මෝඩ යාලුවන්ව වඩා ගන්නවා...


ඒ කොහොම උනත් මගෙ නමට හෙන කතන්දරයක් තියේ ....
ඒක ටිකක් සෙන්සිටිවි...

කැතයි කැතයි කිව්වට මන් ඒ නමට පට්ට ආදරෙයි ...


මගෙ පව්ලේ ඉන්නෙ අම්මයි මමයි තාත්තයි...
තව ඉතින් අම්මගෙයි තාත්තගෙයි නෑදෑයො නම් සෙට් එකක්ම ඉන්නවා...

නෑ මට චුට්ටක් වැරදුනා...


මගේ පව්ලේ ජීවතුන් අතර ඉන්නෙ අම්මා විතරයි ...

තාත්තා නැහැ ....

රිය අනතුරක් නිසා මන් අම්මගෙ බඩට ආපු ගමන් එයා ගිහින් ...

ඔව්...

මාව බලන්නෙවත් නැතුවම මගෙ තාත්තා යන්නම ගිහින් ....

ඉතින් තාත්තා යන්න ගියහම අම්මා නිතරම යනවලු තාත්තගේ සොහොනට...
සොහොන් කොතට අම්මා එයාගෙ කුස ලන් කරලා තාත්තගෙන් අහනවලු මන් දගලනවා දැනෙනවද කියලා ....

අම්මා කියන්නෙ තාත්තට මාව දැනෙන්න ඇතිලු....
මොකද සොහොන ලග අරලිය ගහෙන් අරලිය මලක් අම්මගෙ ඇගට හැමදාම තාත්තා වට්ටනවලු....


අරලිය වලට පුලුවන් ලු මිහිදන් කරලා හැන්ගුන ආදරේ හරි ලස්සනට එලියට ගේන්න ....

මැරෙන මොහොතෙත්...තනි රකින්න ....


ඉතින් ඒ විදිහට මන් යුගාන් අරලිය වුනා...

අපිට එහෙම ලොකුවට ආර්ථික ප්‍රශ්න තිබ්බෙ නෑ..

මොකද යන්න කලින් තාත්තා මට ජීවිතේ දීලා ගියේ...

අලුත් දෙයක් නොකරත්...තාත්තාගෙන් අත ඇරුනු බිස්නස් උඩටම ගේන එක තමයි මගෙ හීනෙ වුනේ....


කොහොමහරි ඉස්කෝලේ යන කාලේ එද්දි මට හම්බුනා එල ෆිට් එකක්...

නිර්වාන් ...

අම්මෝ...ඌ නම් මට ම කැපෙන එකා....

මන් එච්චර කේන්තිකාරයෙක් නෙවෙයි ...හැබැයි නිර්වානයා කුකුල් කේන්ති කාරයා...


අව්ල කියන්නෙ කිසිම ගතිගුනයක් ගැලපෙන්නේ නැති ඌම මගෙ යාලුවා උන එක....

ඒක අහම්බයක් කියන්න මන් කැමති නෑ...
මොකද ඒක අනිවාරෙන්ම සංසාරෙ පුරුද්දක්....

නිර්වාන්ට තිබ්බා නිධානයක් ....

ඌ නිකන් නිධානෙ රකින බහිරවයා වගේ....


නිර්වානි අහිංසා


නිර්වාන්ගෙ රෝස මල...නංගි කිව්වොත් වෙන මුකුත් ඕනි නෑ උට...
ඒ තරමට ආදරෙයි ...

හැබැයි ඌ යාලුවො ලේසියෙන් ගෙදරට වද්ද ගන්නෙ නෑ...
බැල්මකින් හරි එයාගෙ රෝස මල හොරකන් කරයි කියලා ඌ මාර ඇලට් එකේ හිටියේ ...

කොහොමහරි දවසක් ඌ මාව ගෙදර එක්කන් ගියා....

එදා තමයි මන් උගෙ ගෙදර ගියපු පලවෙනිමපාර....

එදා උගෙ ගෙදර යන ගමන් කඩෙන් ගත්ත මිනි චිප්ස් පැකට් එකකුත් කන ගමන් අපි ගියේ ....

ගෙදරට ගොඩ වැදුනා විතරයි කොහෙන්දෝ කඩන් පැන්න යක්ශනියක් පිටිපස්සෙ ඉදන්ම මගෙ අත හපා කෑවා....

දත් පාරත් හිට්ටා යකෝ...


හොදවැයින් දෙකක් කියන්න කට හදද්දිම මතක් උනා මන් ඉන්නෙ නිර්වානයගෙ ගෙදර කියලා ...

උපරිම ඉවසීමෙන් මන් බැලුවා කව්ද මාව හපපු පිස්සු පූසා කියලා ....

" තරහයි...තරහම තරහයි...අම්මා..අයියා මගෙ මිනි චිප්ස් ටික කකා ඇවිත් ...මට මුකුත් නෑ....."

ඕහ්...
කටේ සද්දෙ යකෝ....

පොඩි කෙල්ලෙක් ...ඩොන්කි කට් එක කපලා රිලවි වගේ...
ඒකට යකෝ කට...
උඩටත් නැති යටටත් නැති මඩ නා ගත්ත ගව්මක් ඇදගෙන කියෝනවා ...

ඒකි මාව දැක්කා විතරයි ආයෙ බය වුනා...


අනිවාරෙන්ම පැටලිලා ...මන් නිර්වාන් කියලා හිතල තමයි එහෙනම් මගෙ අත හපා කෑවෙ...

" අයියෝ සුදු බබා...ඔය අයියා මගෙ යාලුවා ...මෙන්න මේක ඔයාට ගෙනාවෙ ...."


එහෙම කියලා නිර්වාන් ගෙනාපු කඩචෝරු අර පොඩි කෙල්ලට දුන්නා...

ම්ම්...
සුදු බබා...ඒ කියන්නෙ නිර්වාන්ගෙ රෝස මල....


ලැජ්ජාවට මූනත් නරක් කරන් මන් දිහා බලන් ඉන්නවා ...


' හපපු එක නම් රිදුනා සුදු බබා....'


" මට සුදු බබා කියන්න එපා...."

එහෙම කියලා එයා මටත් රවලා ඇතුලට දිව්වා...

දිව්වට මන් දැක්කා..ආයෙත් ඇවිත් ජනේලෙ අස්සෙන් ඔලුව දානවා....

පොඩි කෙල්ලෙක්...ඒ විදිහට මට එයාව හම්බ උනා...එයාට මතක නැතුව ඇති ...


ඒත් මෙච්චරයි ...මට දැනුනා ....


මොකක්ද පුරුද්දක් දැනුනා ....


ඊටත් වඩා මට තිබ්බෙ තණ්හාවක්...


මටත් නංගි කෙනෙක් හිටියා නම් කියන හැගීම...


නිර්වාන් එයාගෙ රෝස මල බලා ගන්න විදිහ ...
එතකොට නිර්වානයෙ රෝස මල නිර්වාන් ගාව දැවටෙන විදිහ. .


ඩොන්කි කට් කපන් හිටපු නිර්වාන්ගෙ රෝස මල ගැන මොකක්දෝ මට දැනෙද්දිත් මන් දැනුනෙ නෑ වගේ හිටියා ...


කොහොමහරි එදා ආපහු මන් ගෙදර යද්දි දොර මුල්ලට වෙලා මට විරිත්තපු විදිහ තමයි ලස්සන හැබැයි ....

එදා ඉදන් නිර්වානුයි මායි රන්ඩු වෙන්නෙ කොතනද එතන ඉදන් මන් කියන්නෙ

" වැඩිය සද්දෙ දැම්මොත් උබේ රෝස මල මන් අරන් යනවා....."

එහෙම කිව්වහම නිර්වානයට මල...😅

ඒත් කාලයත් එක්ක මට ඒ රෝස මල අමතක වුනා....

OL / AL කරා...එතකොට ක්ලාස් වලයි අරවගෙයි මේවගෙයි බිසී වුනා...

ඒ අතර ඉතින් පොඩි පොඩි කෙල්ලො දාගන්න සීන් එහෙමත් තිබ්බා ඉතින් ...


ආතල් එකට මිසක් හැම එකටම රගන කෙල්ලෙක් බදින්න තරම් අමාරුවක් මට තිබ්බෙ නෑ...


පස්සෙ මන් රට ගියා...ප්‍රයිවට් ඩිග්‍රි එකක් කරන්න...එතන කාලයක් ඉද්දි තමයි මගෙ ජීවිතේ කනපිට හැරෙන සිදුවීම වුනේ...


එක කෝල් එකක්...


නිර්වාන් .....


" උබ ඉස්සර කියනවනෙ මගෙ රෝස මල අරන් යනවා කියලා .....ඉතින් අරන් පලයන් ...ඒකට උබ තරම් ගැලපෙන එකෙක් වෙන නෑ...."


ඩිම් වුනා යකෝ...

මරු මස්සිනා ....


සත් හිරු.....පොර කව්ද මන් දන්නෑ ....

ඉතින් නිර්වානයගෙ රෝස මල ප්‍රතික්ෂේප කරා කියන්නෙ නම් සෑහෙන්න බොන්න ඕනි ප්‍රශ්නයක් ...

ඉස්සර නිර්වානයා එක්ක උගෙ රෝස මල පස්සෙන් එන කොල්ලන්ට නෙලලා පරිස්සම් කරපු එක හොදයි හැබැයි ...

නොදැන හරි එහෙම කරාට වාසිය අද මටනෙ...

නිර්වානි සත් හිරුට කොච්චර ආදරේ කරාද ඒක මට වැඩක් උනේ නෑ...
නිර්වානිට මාත් එක්ක ගමනක් යන්න පුලුවන් නම් ඒකි මගේ වෙයි...ඊට කලින් ඉතින් කෙල්ලගෙ මූන බලන්න එපෑ....හත් ගව්වක මුහුදු පහු කරගෙන මන් ලංකාවට ආවා.....


ලංකාවට පය තිබ්බා විතරයි මතක් උනේ කෙනෙක්ව...

අම්මා ....

මෙච්චර කාලේ මගෙ ජීවිතේ වැඩි ඉඩක අයිතිකාරි ...


මන් මෙහෙම නිවුනු චරිතයක් කලේ එයා...


හැමදේටම නැට්ට පාගගෙන කෑ ගහලා මගෙ පර්සනලිටි එක පෙන්නන්න මන් ආස නෑ...

ඒක මගෙ තියරියෙ නෑ...

ඒක කියලා දුන්නෙ මගෙ අම්මා ..
ඉදලා හිටලා කේන්ති ගත්තට මන් කලහකාරී චරිතයක් නෙවෙයි.....
හැමදෙයක්ම ගැන අවබෝධයෙන් බැලුවොත් ....

මේක හරි සරල ජීවිතයක්...


සරල ජීවිතේ බොරුවට සංකීර්ණ කරගන්න මන් ආස නෑ....

ලංකාවට ආවහම මාව එක්කන් යන්න ඇවිත් තිබ්බෙ නිර්වානයා...


ඉතින් උගෙ අදහස එක්ක මන් තීරණයක් ගත්තා ....


ඉතින් අපි ගිහින්ම බලමුකෝ නිර්වාන්ගෙ රෝස මල...

අම්මා වෙනුවෙන් අරන් යන්න ෆ්‍රෙශ් ෆ්ලවර්ස් ගන්න යන ගමන් තමයි මන් රෝස මල දැක්කෙ...

එක ගලෙන් කුරුල්ලො දෙන්නයි...


අම්මට මලුයි...ලේලියි දෙන්නම බලන්නනෙ ඉතින් මන් යන්නෙ...

මල් එක්කම ඉදලා එයත් මලක් වගේ...

දැක්කා ...
දැක්කා කියන්නෙ ඉතින් ආයෙ නෑ පපුව කඩාගෙන ම වැදුනා ...


ඉස්සර මගෙ අත හපපු දොර අස්සෙ ඉදන් විරිත්තපු චූටි කෙල්ල දැන් ලොකුයි...


හිනා වුනොත් කොච්චර ලස්සනද සුදු බබා...

ඒත් ඉතින් ඒ හිනාව සත් හිරු වෙනුවෙන් ම සින්න කරපු නිසාද මූන මැලවිලා ...


මට ඕනි කරපු මල් මට වෙන කඩේකින් වුනත් ගන්න පුලුවන් ...
ඒත් මට ඕනි වුනා පොඩි මතකයක් වෙන්න ...
ඉතින් නිර්වාන්ගෙ රෝස මලගෙ කඩෙන්ම මට ඒ මල් ඕනි වුනා ....

මෙච්චරයි .පලමු බැල්මෙන්ම ආදරේ හිතෙන එක...


ඒක මහ ගොන් කන්සෙප්ට් එකක්...

ඔව්...


නිර්වානි ...


ඔයා හම්බෙනකන්ම මන් එහෙමයි හිතන් හිටියේ ....

ඉතින් හිමිවීමක් නැතුවම ඔච්චර ආදරේ දෙන්න පුලුවන් නම්...

අයිති කරගෙන කොච්චර ආදරේ දෙන්න පුලුවන්ද රෝස මල...

මන් හොයපු ආත්මාර්තකාමී ආදරේ මන් වෙන කොහෙන් හොයන්නද ....

දවසක පිස්සුවෙන් වගේ මට ආදරේ කරනකන් මගෙ ආදරේ අපි දෙන්නටම ඇති ...


ඉතින් මෙතනින් අපි පටන් ගමු.....


නිර්වාන්ගෙ චූටි රෝස මල....

ඉක්මන්ට ම ලැහැස්ති වෙන්න ...

අරලියගෙ අරලිය මල විතරක්ම වෙන්න ....

එතකොට ඔයා නිර්වාන්ගෙ රෝස මල නෙවෙයි ...

අරලියගෙ අරලිය මල....

හුස්ම වැටෙද්දි විතරක් නෙවෙයි ...ඒ හුස්ම නැවතෙද්දිත් ලගින්ම නවතින්න .....මොකද තනි වෙද්දි තමයි මට ඔයාව ඕනිම අරලිය ....





ටිකක් නෙවෙයි ...හොදට ම පරක්කු වුනා කතාව ...
ඉස්සෙල්ලම ඒකට සමාවෙන්න ...
නොහිතපු සිද්දීන් එක්ක කතාව පරක්කු වුනා....

අරලිය කියන්නෙ මන් ආසම චරිතයක් ...

මන් කිව්වනෙ...එයාව නපුරු කරන්න හැදුවට මැවෙන්නෙම මෙහෙම කෙනෙක් ...

ඉතින් ඒකට මන් ආසයි ...

අවසානයත් එක්ක ඉක්මනින් හමුවෙමු ....

මතක තියා ගන්න ...අනිවාර්යයෙන් ම තමන්ට ලැබෙන දෙවෙනි අවස්ථාව භාර ගන්න ....මොකද ආයෙත් කිසිම මොහොතක අවස්ථාවක් නොලැබෙන්න පුලුවන්


Report Page