අාදර දෙෙවය....🌹

අාදර දෙෙවය....🌹

N.N

  💕...දෙෙවය පුදුමාකාරයි...💕

    ❤️....අාදරයත් හරි පුදුමාකාරයි....❤️

    ❣... අාදර දෙෙවයේ පුදුමාකාර හමුවද මෙයත්.....❣

https://telegra.ph/%E0%B6%85%E0%B6%AF%E0%B6%BB-%E0%B6%AF%E0%B7%80%E0%B6%BA-03-04

(පෙර කොටසට)

______________________________________________

(පෙර කොටසින්)

ප්‍රාති දුවන්න එපා මැණික වැටෙයි ඔයාව..

 අභිෂේක් බීච් එකේ දුවගෙන යන ප්‍රාතිගෙ පස්සෙන් දුවන්නෙ මෙච්චර වෙලා නිඛිලගෙ අතින් අල්ලගෙන අාපු කෙල්ල අත අතහැරලා රැල්ල දිහාවට දුවන නිසයි.

_______________________________________________________

(9 කොටස)

රැල්ල පාගන ප්‍රාතිව පොඩ්ඩක් මුහුද දිහාට අැදිලා යන්න හදන කොටම ප්‍රාතිව අැදලා ගත්තෙ අභීයි.

  

  අවින්දායි දිව්‍යායි එක්ක අභීත් හවස බීච් අාවේ උදේ දිව්‍යා අභීට පොරොන්දු වුන විදියටයි.


 දිව්‍යා අභිට කන්න අයිස්ක්‍රීම් අරගෙන එන්න ගියේ අවින්දාටයි අභීටයි ඉන්න කියලයි.


දිව්‍ය ගිහින් විනාඩි 10කට විතර පස්සෙ එකපාරටම අභී අවින්දාගේ අත අතහැරලා දිව්වේ අවින්දාට හිතා ගන්න බැරි විදියටයි.

  

    අවින්දා අභීගේ පිටි පස්සෙන් දුවද්දී අයිස්ක්‍රීම් අරගෙන අැත එන දිව්‍යත් මේක දැක්කෙ එතකොටමයි.

 

   දිව්‍යත් දුවගෙන ගියේ බයවෙලයි.

  

  අභී අවින්දාගේ අතේ එල්ලිලා වටපිට බල බල ඉද්දී දැක්කෙ පොඩි ගෑණු ලමයෙක් තනියම රැල්ල පාගලා වැටෙන්න යන විදියයි.

  

  අභී අවින්දාගේ අත අතහැරලා දිව්වේ එ් පොඩි ගෑණු ලමයාව අල්ල ගන්නයි.

  

  අභිෂේක් දුවගෙන අැවිත් නැවතුනේ ප්‍රාතිව පොඩි පිරිමි ලමයෙක් අල්ල ගත්ත නිසයි.


අභිෂේක් එකපාරටම නතර වුන නිසා අභිෂේක්ගෙ පිටි පස්සෙන් දුවගෙන අාපු නිඛිල අභිෂේක්ගෙ අැගේ නොවැදී බේරුනේ බොහොම අමාරුවෙනුයි.


අභිෂේක් එ් එක්කම වගේ අඩියට දෙකට ගියේ ප්‍රාති ලගටයි.


ප්‍රාති


 අභී


මුහුදට අැදිලා වගේ යන්න හදනකොටම ප්‍රාතිව අල්ල ගත්ත එ් නන්නාදුනන පිරිමි ලමයා දිහා ප්‍රාති තමන්ට හිමි එ් නිල් අැස් වලින් බලන් හිටියෙ හිතා ගන්න බැරුවයි.


අභිත් ප්‍රාති දිහා බලන් හිටියේ මුණේ හිනාවකුත් රදවගෙනයි.

 

එතකොටම ලමායි දෙන්නම ගැස්සුනේ දෙපැත්තෙන් ඇහුන අභිෂේක්ගෙයි අවින්දාගෙයි හඩටයි


  තාත්තී 

 

අභිගෙ අත අතහැරලා ප්‍රාති දිව්වේ අභිෂේක් ලගටයි.


අභි අවින්දා ලගට ආවත් ආවින්දාගේ ඇස් තිබුනේ නිකිල ලගයි.


අභිෂේක් ප්‍රාති දිහා බලද්දී අභිෂෙක්ගේ පිටුපසින් ආපු නිකිලගේ ඇස් නැවතුනේ අවින්දා ලගයි.

 

අවින්දාගේ නලල දිගේ දහදිය බිදු බේරුනේ අතීතය යලි යලිත් ආවර්ජනය වෙද්දියි.


අභී


  හැමෝම ගැස්සුනේ ඒ හඩටයි.


ලොකු අභිෂේක් වගේම පොඩි අභිෂේක් දෙන්නම බැලුවේ ඒ හඩ ඇහුන දිහායි


අම්මි 


අභි දිව්වේ දිව්‍යා ලගටයි...


මොකක්ද ඒ කලේ? 


සො...රි අ...ම්මි

 

අභි හැමතිස්සෙම හැම වැරදි වැඩෙම කරලා සොරි කියන්න ලෑස්ති වෙන්න එපා.ඔයාට මොනා හරි වුනොත් කොහොමද මම ජිවත් වෙන්නේ..ආ කියන්න අභි මට.ඇයි මෙච්චර හිතුවක්කාර ....මම ගියේ පුංචිගේ අතින් අල්ලගෙනම ඉන්න කියලා  ඇයි අභි මෙහෙම.....


ඒක්ස්කිව්ස් මී


දිව්‍යා අභිට බනිද්දි අභිෂේක් එහෙම කිව්වේ හිත කොනක් හරි අමුතුවට අභිට බනිද්දි වගේම දිව්‍යාගේ ඇස් වල කදුලු වලට රිදෙද්දියි.


දිව්‍යා බැලුවේ අභිෂේක්ට උදේ සිද්ධිය එක්කම එකතු කරලා බනින්න කට අරින්න හැදුවත් නිකිලව දැකලා කටට ආපු හැමදේම ගිල ගත්තේ ජොබ් එක තමන්ට අනිවාර්යයෙන්ම ඕන නිසයි.

 

මේක ප්‍රාතිගේ වැරැද්ද.....ඒ නිසා...


ප්‍රාති කියන නම ඇහෙනකොටම දිව්‍යා ගැස්සුනේ ඒ නම හිමි කෙනාව අදුරු අතීතයක් සමග යලි මැවෙද්දීයි.

  

 එ්... එ්....ක..ට...කමක් නෑ


එහෙම කියපු දිව්‍යා අභීව එක අතකින් අල්ලගෙ අවින්දාව අනික් අතින් අල්ලගෙන එතනින් අාවේ තවත් එතන සිටිය නොහැකි නිසයි.


♾♾♾♾♾♾♾♾♾♾♾♾♾♾♾♾♾♾♾♾♾♾


නිඛිල තමන්ගෙ රෑම් එකට ගිහින් සෝෆා එකේ ඉදගෙන පෝන් එකෙන් දාගෙන සින්දුවක් අැහුවේ අැයව සිතෙහි මැවෙද්දීයි.


සොඳුරු සීතල යාමේ

ඔබට ළං වී රහසේ

උණුසුමේ හැංගීලා

පාවෙමුද ආකාසේ

දම් පාට හැන්දෑවේ

හිරු බසින මේ යාමේ

සුළගෙ අප දැවටීලා

පිය නගමු ළඟටම වී


හද ගැහෙන හැම වේලේ

ඔබවමයි මා පැතුවේ

හිම කන්දකින් සඟවා

ගන්න බෑ උණුසුම මේ

ඇස් පියන් මත දැවටී

යන්න එපා ඔබ වෙන්වී

ඔබ සුවඳ මා දිවියේ

හුස්ම සේ ඇත ළං වී


සොඳුරු සීතල යාමේ

ඔබට ළං වී රහසේ

උණුසුමේ හැංගීලා

පාවෙමුද ආකාසේ

දම් පාට හැන්දෑවේ

හිරු බසින මේ යාමේ

සුළගෙ අප දැවටීලා

පිය නගමු ළඟටම වී


අම්බරේ රං ඉර සේ

මගෙ ලොවේ පෑයූවේ

මල් සුවඳ පරදවනා

සුවඳ ඔබමයි මාගේ

තරු රෑන සේ දිලෙනා

ඔබෙ නෙතේ ආලෝකේ

ඔබයි මගේ සඳ කිඳුරී

දිවිය ඇති තෙක් මාගේ


දම් පාට හැන්දෑවේ

හිරු බසින මේ යාමේ

සුළගෙ අප දැවටීලා

පිය නගමු ළඟටම වී

සොඳුරු සීතල යාමේ

ඔබට ළං වී රහසේ

උණුසුමේ හැංගීලා

පාවෙමුද ආකාසේ


නෙතුවිලේ පායාලා

ඉන්න රන් තරුව සේ

සිත් හැගුම් පුබුදාලා

ළං වෙමුද මේ යාමේ

දේදුන්න වෙත පියඹා

පාට තවරා සිහිනේ

ඔබ මගේ මා ඔබගේ

ලියමු අපි අම්බරයේ


  අවුරුදු 5ක් නෙමේ 10ක් ගියත් මට උබව අදුර ගන්න බැරි කමක් නෑ බන්. ඔව් උබ තමයි එ් මීට අවුරුදු 5කට කලින් දෙවනි මනමාලියක් විදියට අැවිත් මගේ හිත හොල්ලපු එකම කෙල්ල. කාටත් නොකිව්වට පිස්සෙක් වගේ හිතින් අාදරේ කර කර උබව හෙව්වෙ මගේ හිත උබ ගත්ත නිසයි.. 

  

 පුතා


රෑම් එකේ දොර ලගින් මතු වුන රුව නිසා අද හවස බීච් එකේ හම්බවුන අවින්දා ගැන හිත හිත හිටපු නිඛිල ගැස්සුනේ එ් හඩටයි.


එන්න ලොකු තාත්තෙ...


______________________________________________________

ඊලග කොටසින් හමුවෙමු..💫

_____________________________________________________

අත් අකුරු අඩුපාඩු අැති එ්වට සමාවෙන්න🙏

_____________________________________________________

(අනේ කස්ටිය පොඩි උදවුවක් ඉල්ලන්නම් කරලා දෙන්න පුලුවන්ද? මගේ අත මේ බල්ලෙක් කෑවා.. පොඩ්ඩක් එක දිගට ටයිප් කරද්දී අමාරුයි.... එ්ක නිසයි මේ ටිකේ කතා කස්ටියට කියලා ටයිප් කරලා ඉල්ල ගන්නෙ.. අනේ ටිකක් නිදහසේ ඉන්න කවුලු හලි ඉන්නවනම් මට මේ පොඩ්ඩක් කතා ටයිප් කරන්න උදවු වෙන්න පුලුවන් මට inbox මැසේජ් එකක් දානවද? අනේ මට බනින්න එපා කස්ටිය.. පොඩි උදවුවක් එ්කයි.. අනේ මට බනින්න එපා හොදද?.. මට හිතුනා කතාව නවත්තන්නත් ඔයාලා එ්ත් කතාවට කැමති කියලා දන්න නිසා එහෙම කරන්නන්ත බෑ... අනේ... මට බනින්න එපා හොදද? එ් නිසා)

👆 ඊයේ පොඩි අසරණ භාවයක් නිසා උදවුවක් ඉල්ලුවා කට්ටියගෙන්. කවුරුත් උදවු කරන්න නැහැ. හැමදාම එකම කස්ටියට වද දෙන්න බැරි නිසයි මම පොඩි උදවුවකට මෙහෙම කෙනෙක්ව හෙව්වෙ.

එ්ත් කස්ටිය ඕන තරම් ඉන්නවා කියවලා කමෙන්ට් නොකර හොරෙන් පවා යන අය. 😔😔

ඊයේ අැත්තටම දුක හිතුනා ගොඩක්. මට බනින්න අැති සමහර අය. කමක් නෑ... ඔයාලාගෙන් මම අැහුවේ මේ මුලු කතාව ටයිප් කරගන්න නෙමේ.. කතාවෙන් කොටසක් එවන්න එ්ක ටයිප් කරගන්න නිදහසේ ටිකක් වෙලාවක් තියෙන කෙනෙක්.. හ්ම්.. සමහරවිට එහෙම අය නැතුව අැතිනේ. හැමෝමටම වෙලාවක් නැතුව අැති නේද? කමක් නෑ එ්කට. මම මට පුලුවන් විදියට කතාව දෙන්නම්.....😞


සමාවෙන්න ඔයාලගෙන් උදවුවක් ඉල්ලුවට 🙏🙏🙏

_____________________________________________________

කථාව හොදයි වගේ කියලා හිතෙනවනම් කමෙන්ට් එකක් හරි කොල පාට💚 හරි දාගෙන යන්න...💞

____________________________________________

කලින් කොටස කියවපු,කමෙන්ට්කරපු හැමෝටම බොහෝම ස්තූතියි.🙏

____________________________________________________

කස්ටිය පරිස්සමින් ඉන්න ඕන...🙏.

හැමෝටම බුදුසරණයි..🙏. දෙවි පිහිටයි.🙏

🔹🔸🔹🔸🔹🔸🔹🔸🔹🔸🔹🔸🔹🔸🔹🔸🔹🔸🔹🔸🔹🔸🔹

🚫කතෘගේ අවසරයකින් තොරව කථාව කොපි කිරීම වෙනත් ගෘප්වල හෝ කිසිදු සමාජ මාධ්‍යජාලයක පළ කිරීම සපුරා තහනම්🚫

_____________________

මම,

N.N

Report Page