අංගනා...
Dhanu🌸 14 කොටස🌸
කතාවෙන් කතාව අපි ඇතුලු වුණේ ඉහළම මහලේ කෙළවරේම තිබුණ තරමක් විශාල කාමරය තුළටය.කාමරට ඇතුලු වී කාමරය පුරා ඇස් යැවුවේ මහත් වූ පුදුමයෙනි.එදා මෙන්ම අදත් ඒ විදියටම මගේ කාමරේ හරි ලස්සනට තියෙනවා.
===========================================
හෙමින් හෙමින් කාමරයේ ඇස් යවමින් ඒ මේ අත බැලුවෙ... වසර ගනනාවකට පෙර මා මෙහි මගේ අම්මා තාත්තා සමග ගෙවූ කෙලි ලොල් ජීවිතය නැවතත් සිහියට නගාගෙනය.
කාලය කෙතරම් අපිව වෙනස් කලාද. රූපෙන් මා අද කෙතරම් වෙනස්ද. ජීවිතයෙන් දැන් මා කෙතරම් පරිණත වී ඇත්ද.එදා නිදි යහනේ මා දෙමාපියන් සමග සිනාසෙමින් ගෙවූ අපූරු දිවිය මතක් වෙද්දි හිතට දැනෙන අප්‍රමාණ සෙනෙහස , අහිමි වූ දෙමාපිය සෙවන හේතුවෙන් සිතෙහි ගුගුරමින් නැගෙන වේදනාව මුසු වූ හැගුම් සමුදායකින් මා හද වෙලා ගෙන ඇත.එදා මෙන් අදත් නිදි යහන සුපුරුදු සිනහව දල්වා මා දෙස බලා සිටියද, නැවත මට එවැනි කෙලි ලොල් ජීවිතයක් නොලැබෙනු ඇත.මන්ද මාගේ දෙමාපියන් මා හැර ගොස් ය.
මා කෙමෙන් පිය නැගුවේ මා කුඩා කල මාගේ මව මා නිදි කල තොටිල්ල වෙතයි. ඒ සා විශාල කාලයක් ගෙවුනද එක දුහුවිලි අංශුවක් වත් කාමරය පුරා නැති තරම්‍ය. ඒ තරමටම ඇහැක් මෙන් මෙතරම් කාලයක් කිසි කෙනෙකුගේ අනුදැනුමකින් තොරව මනාව ආරක්ෂා කොට ඇත.මන් සෙමින් අත තබා තොටිල්ල නැලවූයේ ඇත්තෙන්ම කුඩා බිලිදෙකු නිදි සුවය විදිමින් ඒ තුළ සිටින්නාක් මෙනි.ඒ තරමට හරි පරිස්සමින්.මුවගින් පිටවන සියුම් රිද්මයට මා කනට පමණක්ම වැකෙන සේ ගීයක් මුමුනන්ට වූයේ හද තුළ නග්නාවූ සැබෑම මවු සෙනෙහසිකිනි. මවක් නොවූවත් මා... මව නොමැති අඩුව දනී. බිලිදෙකු නොවූවත් මා බිලිදෙකුගේ කිරි සිනහව දනී.
සිහින නෙලුම් මල්....පොකුණු පුරා
මගෙ පුතුගෙ කිරි සිහිනේ...සුවද කලා
මගෙ ලොවම ඒ සිහිනෙන්..පහන් වෙලා
කිරි සුවද දෙයි මුවගේ...පවන් සලා
බලා හිදින්නම් මා..දිව රෑ පුතේ
මගෙ පුතු දිනෙන් දිනේ..ලොකු වෙන්නකෝ
සුලැගිල්ල පටලා... හෙට යන් පුතේ
ඇවිදින්නට මා හා...මිදුලේ වටේ
අම්මා කියූ නාමේ ..මට දුන් පුතේ
රාජිණියකී දැන් මා..පුතුගේ පිනෙන්
හැම මවුවරුන් සේ..අම්මා නුබේ...
සතුටින් ඉදී සිනහා පුතුගේ නමින්..
මෙතෙන් සගවා සිටි ඉකිය නවතාගත නොහැකිව මුවගින් පිට වූයේ කදුලැල් අවසරයකින් තොරවම දෝරෙ ගලායන විටදීමය.
"අම්මා....දූ ආවා..ඔයාගෙ ලූහි ආවා අම්මාහ්! මගෙ අම්මා මා දිහා බලන්ද ඉන්නේහ්..."
ඔහේ ගලා යන කදුලැලි නැහැ ඉඩක් දෙන්නෙම මගේ හිත හදාගන්නට. ආදරණීයන් සදාකල් නොවෙනස්ව අප අතරේ සිටී නම්...
"සාක්ශී .."
මා ඉක්මනින් කදුලැලි පිස දමා හිද වුන් තැනින් නැගිටුනේ අදිති කාමරේට පිවිසි බව ඇගේ හඩින් සනාථ කර ගත් නිසාවෙනි.
"ඔයාට දුකයි නේද?"
"හුම්ම්...ඒකට කමක් නැහැ."
මුහුන පුරා ආයාසයෙන් මවා ගත් සිනහවෙන් ඇයට පිළිතුරු දී මා කාමරයේ කොනක ඇති කවුලුව වෙත පියමැන්නේ දගකාර ගැහැනු ලමයෙක් මෙනි.
"ඔන්න මේ තියෙන්නෙ මගේ කාමරේ. ලස්සනයි නේද?"
දිගු සුසුමක් වා තලයට නිදහස් කරමින් මා අදිතිට පැවසුවේ කවුලුව වසා තිබූ තිරය ඉවතට අදිමිනි.එතෙක් තිබූ පාලු බව ක්ෂනයෙන් වියැකී ගියේ හිරු කුමරා කාමරයට පිවිසි නිසාය.
"ම්ම්ම්...සිරිල් අන්කල් ලස්සනට ගේ බලන් තියෙනවා වගේ නේද සාක්ෂි , බලන්නකෝ දූවිලි පොදක්වත් නැහැ නෙ "
"හුම්ම්..ඒ කාලෙත් එයාලා ඒ වගේමයි. එයාලත් අපේ පවුලෙ කොටසක් වගේ තමා. අපි හරි එකතුයි.එදා කාමරේ තිබුණ විදියටම තියෙනවා.අර මේසෙ විතරයි අර කොනට ගිහින් තියෙන්නෙ.ඒක තිබ්බේ මේ හරියෙ."
මා අත ඒ මේ යවමින් අදිතිට පෙන්නුවේ පුදුමාකාර සතුටකින්.කවුලුවෙන් එලියට බෙල්ල දාලා බැලුවෙ පහල පෙනෙන තේ වතු යාය.
"ඉස්සර මන් මෙතනට වෙලා බලන් ඉන්නවා හරිද.තාත්තා කොහෙ හරි ගිහින් ආපහු ගෙදර එනකල් මෙතන ඉන්නේ. තාත්තා වාහනේ ගේට් එක ඇතුලට දාපු ගමන් හූ කියාගෙන මන් දුවන් යන්නේ.ඒම දුවන්න ගිහින් පඩි පෙලෙන් වැටිලා ඔලුවත් පලන් හිටියා මන්"
අදිති ට මා රස කර කර කියන්නේ කුඩා අවදියේ මා හා බැදුණු රසවත් මතකයන් ය.
"එතකොට අර කාමරේ?"
අදිති අත යොමු කොට පෙන්වූයේ මගේ කාමරයට ඉදිරියෙන් තිබු තරමක් විශාල කාමරයයි.
"ම්ම්..ඒ අම්මගෙයි තාත්‍තාගෙයි කාමරේ"
කුඩා දරුවෙකු මෙන් මා ඒ දෙසට දිවගියේ අදිති මා දෙස පුදුම වී බලා සිටියදීය. ඇත්තෙන්ම ඒ මැරුණු අතීතය මට නැවත ගන්න හැකි නම්. ඇත්තෙන්ම ඒ මතක මුලු මන්දිරය පුරා මැවි මැවී දිස් වෙයි. මගේ කුලුදුල් සිනහව.. කාමරය පුරා ඒ හඩ තවමත් මට දොංකාර දෙයි.ඒ තරමටම අතීත මතකයන්වල මා ගිලී ඇත. මා ඒ දැහැනෙන් බිදුනේ පැමිණි දුරකථන ඇමතුම නිසාවෙනි.
"හලෝ..කියන්න රයන්"
"මැඩම් මේ දැන් ෂෙවිල් මහත්තයා ආපහු ගෙදර ආවා.හැබැයි මහත්තයා ටිකක් කේන්තියෙන් වගේ පේන්නෙ නම්"
"ආ...හරි රයන් ඔයා දිගටම එයා ගැන ඇහැ ගහන් ඉන්න.අපි පුලුවන් තරම් ඉක්මනට එන්නම්."
"ඕකේ මැඩම්.."
පියවි සිහිහියට නැවත පැමිණියේ රයන්ගේ ඇමතුම නිසාවෙනි.
"මොකෝ කියන්නේ?"
"ෂෙවිල් ගෙදර ගියාලු.හැබැයි රයන් කියපු විදියට නම් ටිකක් තරහෙන් වගේ ෂෙවිල් ඉන්නේ."
"ඒ මොකෝ..අපේ ගමන ගැන දැනගෙනවත්ද?"
"ඒක වෙන්න බැහැ.ශුවර් එකට මාන්නප්පෙරුමව හම්බෙලා උන මොකක් හරි දේකට වෙන්න ඕනෙ."
"හුම්ම්...මතකනෙ ඉස්සර කැම්පස් එකේ අනිත් කොල්ලො එක්ක එකතු වෙලා ඔය ඇමතිට පෙත්සම් හිටන් ගැහුවා."
"හුම්..ඒම තමා.ඒත් ෂෙවිල් මේවට ගෑවෙනවට මං ආස නැහැ.එයාට කරදර වෙන්න පුලුවන්.ඒ නිසාමයි මං මෙච්චර කාලයක් මේවා එයාගෙන් හංගන් ඉන්න හිතුවෙ."
"හුම්ම් ඔයා කියන දේ ඇත්‍ත සාක්ෂි ."
"මෙ අපි ඉක්මනට අපිට ඔනෙ දේවල් හොයාගමු. කෝමහරි අම්මාගෙ දේපල සම්බන්ධ ඩොකියුමන්ට්ස් ටික හොයාගන්න ඕනෙ.මට හොදටම විශ්වාසයි ඒවා මේ කාමරේ ඇති."
"ඒ කියන්නේ මේ අල්මාරියේනෙ තියෙන්න ඕනෙ නේද?"
"හුම්ම්..මාත් හිතනවා.අල්මාරියේ ඇති කියලා."
" ඒත් යතුරු කොහෙද?"
"ඒවා නම් සිරිල් අන්කල් ගාව ඇත්තේ. ගෙදර හැම යතුරක්ම එයා ගාව තමා තියෙන්නේ. අදිති ඔයා ගිහින් ඉල්ලන් එන්නකො."
"හුම්ම්..හරි"
අදිති පිටත්ව ගිය පසු මගෙ කල්පනාවට වැටුණේ ෂෙවිල් පිළිබදවය. ඇත්තෙන්ම ඔහු අපේ ගමන ගැන දැනගෙනවත්ද නැත්තම් මොකටද මාන්නප්පෙරුමව හම්බෙන්න ගියේ.කොහොමත් ඌ එක්ක ෂෙවිල් ඉස්සර ඉදන්ම තරහයි. එක්කො ආයෙත් ෂෙවිල් ඌ එක්ක පැටලිලාවත් ද, හිතේ ප්‍රශ්න ගොන්නකි. ඒ හැම ප්‍රශ්නයකටම විසදුම් ඇත්තේ ඔහු ළග පමණි.ලොකු කල්පනාවක ගිලී සිටි මා පියවි සිහියට ආවෙ අදිතිගේ කටහඩටය.
"ම්ම්ම්.... බර කල්පනාවක වගේ.... ආ මෙන්න."
"ම්ම්ම්..කෝ ගෙනාවද?"
"හුම්ම්.. "
"මෙතන යතුරු ගොඩයිනෙ.කොහොමද හරි යතුර හොයාගන්නේ.එක එක දාලා බලන්න තමා වෙන්නෙ."
අදිති අල්මාරිය අසලට ගොස් වඩාත් විමසිලිමත්ව අගුල දෙස බලා අතේ තිබූ යතුරු එක එක දෙස විපරමින් බලමින් එක් යතුරක් තෝරාගත්තේ ජයග්‍රහී සිනහවක් නංවමිනි.ඇත්තෙන්ම යතුරු තෝරා ඇයට හොද පල පුරුද්දක් ඇත. කාලයක් ගත වී ඇති නිසා යතුරු මල බැදී ගොස්ය. අමාරුවෙන් අල්මාරිය විවර කර ගත්තේ අදිති ගේ කෑගැසිල්ලත් සමගය. ඒ සතුටට.
අපි දෙදෙනා ඒ මේ අත අවුස්සමින් බැලුවේ අපට අවැසි දේ ඇති යැයි දැඩි බලාපොරොත්තුවෙන් වුවත් සියලු පැතුම් සුන් වී ගියේ අල්මාරිය තුල ඇදුම් ඇරෙන්නට වෙන කිසිවක් නොතිබූ නිසාවෙනි.
"දැන් මොකද කරන්නේ?"
"අනේ මන්ද අදිති.අම්මා වෙන කොහෙද මේවා තියන්නේ."
"ඔයාට අම්මා මොකුත් කියලා නැද්ද?"
"අනේ මන්ද.මන් මෙහෙ හිටපු කාලෙ නම් අම්මා ඔය අල්මාරියේ තමා හැම දේම තියන්නේ."
"එහෙනම්.කොහොමත් අම්මා ඕය දේවල් තියලා ඇත්තේ ඔයා දන්න තැනක.ඔයාට ශුවර් ද මේ දේපල ඔයගෙ නමට තියෙන්නෙ කියලා"
"හුම්ම්..ඔව් ලෝයර් එහෙම තමා කීවෙ."
"එහෙනම් ඔයා දන්න තැනකමයි ඇත්තේ සාක්ෂි "
"ඒත් කොහෙද?"
කිසිවක් සිතාගත නොහැකී මට.අද ආපු මේ ගමන ප්‍රතිඵලයකින් තොරවම හැරී යාමට සිදු වේවිද.කිසිවක් සිතාගත නොහැකිව මා ඇස් වසා ගත්තේ කුමක් හෝ සිහියට නැගේවි යන බලාපොරොත්තුවකිනි.
"අම්මේ...කොහෙද ඔයා ඒවා හැංගුවේ..."
මා දෑස් පියාගෙනම මුමුනන්නට වූයේ කිසිවක් සිතා ගත නොහැකි නිසාවෙනි. එක් වරම මා මතකයට පැමිණියේ මගේ කුඩා අවදියයි.
"අම්මා.....ඔන්න මං හැන්ගුවා... හා පුලුවන්නම් හොයන්න බලන්න..."
"ම්ම් කෝ... එනම් ඔන්න මං ඇස් ඇරියා.."
"හරී..... අම්මිට හොයන්න බෑමයි හූ...."
"හරි හරි ඉන්නකෝ...කෝ කියන්න ඕනෙ ඉතිම්.....ඔයා හොරකරනවානෙ. ළග නම් පැනි දුර නම් කිරි.කෝ කියන්න.."
"ම්ම්ම්.. පැණි."
"ම්ම් හොර බෑ ලූහී...එදත් හොර කරා"
"මේ පාර නම් හොර නෑ....හූ...."
"පැණිම පැණි පැණිම පැණි "
"දැන් කාමරේ හැම තැනම පැණි ද?"
"හික්ස්..ඕ..."
අම්මා හැමතැනම හොයනවා.පොඩි රෝස පාට කොන්ඩ කට්ටක්.පාපිස්ස යට කබඩ් එකේ හැම තැනම.
"අනේ ලූහි මට බැහැ ඔයා හොර කරනවානේ."
"නෑ....පැණිම පැණි පැණිම පැණි......හූ..."
අම්මා නැවතුනේ කන්නාඩි මේසය ඉදිරිපිටයි. කන්නාඩියෙන් පෙනෙන තම ප්‍රතිබිම්බය දෙස බලා නැවත මා දෙස නෙත් යොමු කලේ ජයග්‍රාහී මුහුණුවරකිනි.
"ලූහී......."
"අම්මා..."
"අහු වුනා නේද්? හී..."
අම්මා මා එතෙක් කොණ්ඩයේ රදවා තිබූ කටුව ගලවා අතට ගත් විගස මා සිය තුරුලට ගත්තේ මහත් වූ සෙනෙහසකිනි.
"මගෙ කපටිච්චි"
"හා..හ...දැන් අම්මා හංගන්න."
"ඔන්න හැබැයි බලන්න බෑ....කෝ ප්‍රොමිස් වෙන්න."
" හුම්ම්...ප්‍රොමිස් "
"හරි ඇස් පියාගන්නකො ලූ..."
විනාඩි ගානක් ගතවිය.මා ඇස් වසා සිටියත් අම්මාගෙ අඩි සද්දෙට කන් යොමා ගෙන සිටියේ අඩි සද්දයෙන් හංගන තැන ගැන නිගමනේකට පැමිණිමට සිතාය.
ම්ම්ම්..අඩි සද්දයක් වත් නෑනෙ.අම්මා කාමරේ නැත්ද.මා සෙමින් දෑත් ඇස් වලින් ඉවතට ගත්තේ කාමරය තුල සිදුවන්නේ කුමක්දැයි බැලීමටයි.
"ඒයි හොර කෙල්ල.බලනවා නේද?"
"මේ...නැ..කිසි සද්දයක් නෑනෙ ඉතින්. ඒකනෙ බැලුවෙ. මං හිතුවෙ අම්මා යන්න ඇති කියලා."
"හුම්ම්..හුම්..ඒනම් දැන් හොයන්නකො බලන්න."
"ඇ?"
"මොකෝ...හොයන්න ඉතිම්"
"හරි හරි මං ඉන්නකො හොයන්න"
වෙනදා මෙන් අඩි සද්දෙ අද ඇසුනෙ නැති නිසා මට කිසිවක් සිතෙන්නේ නැත.
"ඔන්න ලූහී ඔයා මට ප්‍රොමිස් වුනා ප්‍රි ස්කූල් එකේ වැඩ කරනවා කියලා.."
"හරී....පැරදුනොත්නේ...."
"පණ්ඩිත ආච්ච් ...හොයන්න."
"මෙතන"
"කිරි"
"මෙතන"
"කිරි...."
"කාමරේ විතරයි හරිද...අම්මි හොර කරොත් ලූහි වැඩ කරන්නෙ නැ නැ නෑමයි"
"හරී...."
කෙදිරි ගගා මා මුලු කාමරය පුරා ගියේ එතෙක් පිළිවලට තිබූ කාමරය අවුස්සමිනි. අවසානෙට මා නැවතුනේ මගෙ තොටිල්ල අසලය.
"පැණී..."
"හූ....ලූහි ළගටම ඇවිත්නේ...."
සතුටට උඩ පැනිමින් මා ඒ මේ අත බැලුවේ මහත් වූ උනන්දුවකිනි.විනාඩි කිහිපයක් ගෙවුණි.කිසිම හෝඩුවාවක් නැත.
"අනේ අම්මා...තොටිල්ලේ නැහැනේ..."
"පැණී...."
"අනේ..... මට බෑ........... හරී මන් පැරදී... ඉතින් කෝ දැන්"
මා අම්මා අසලට ගොස් ඇයව බදාගත්තේ නහයෙන් අඩන ගමන් ය.
"ම්ම්...ලූහී පැරදෙන්න හොද නෑනේ..."
"මට බෑ..."
"ඕම පැරදුනොත් නම් කවදාවත් දිනන්න බැහැ හොදද.."
"ඉතින් අම්මා පැණි කියන්නේ තොටිල්ල ගාවදි.ඒත් තොටිල්ලේ මොකුත් නැහැනේ..."
"ම්ම්ම්...ඔන්න අම්මා හොර කරේ නම් නැහැ."
"ඉතිම් ඒනම් හා පෙන්නන්න බලන්න."
"ම්හුහු.බැහැ.පුතාම හොයාගන්නකො හොදද.දන්නවද ලූහි ගොඩාක් වටින දේවල් අපි හැමෝටම පේන තැන්වල හන්ගන්නේ නැහැ."
"හරියට මන් අර මෝඩ ශාක්‍ය ගෙ පැන්සල මොන්ඩිසෝරියේ මල් පෝච්චිය අස්සෙ හැන්ගුවා වගේද? එයා තාමත් ඒක හොයනවා."
"හුම්ම්..ඒවගේ තමා. මගෙ ලූහිත් කවදහරි ඒක හොයාගන්නකෝ හොදද?"
"හුම්ම්...අම්මා...අපි අද පාර්ක් යන්ද?"
"පුදුම කපටි කෙල්ලෙක් තමා.ගිහින් වැඩ කරන්න දැන්.ඔයා ෆේයිල් වුණා නෙ ගේම් එකෙන්."
"හුම්ම්...හරි හරි...."
88888888888888888888888888888888888888
මා පියවි සිහියට පැමිණියේ අදිති මගෙ උරහිසට අත තැබූ විටයි.
"සාක්ෂි ?"
"ම්ම්ම්..."
හිද හුන් ඇදෙන් නැගිට නැවතත් මගෙ කාමරය වෙත පියනැගුවේ මහත් වූ පැතුම් ගොන්නක් හිතේ දරාගෙනය.මා නැවතුනේ නැවතත් තොටිල්ල ඉදිරිපිටය.ඇත්තෙන්ම එදයින් පසු මා කෙතෙක් තොටිල්ල දෙස බලා සිටියද කිසිවක් හමු නොවීය.වසර දහ අටකට පසු නැවතත් මා මවගේ ප්‍රහේලිකාවේ සිර වී බලා සිටි.
🌸 මතු සසම්බන්ධයි 🌸
===========================================
ඉවරයී.......දැන් ඉතින් කතාවෙ අවසාන කොටස් ටික යන්නේ ඈ....
සාක්ෂිට හොයාගන්න පුලුවන් වෙයි ද?
කමෙන්ට්ස් වලට තෑන්ක්ස් ආ.....❤
https://telegra.ph/%E0%B6%85%E0%B6%9C%E0%B6%B1-11-02
පෙර කොටස👆