🤭 අන්තඃපුරය 😁

🤭 අන්තඃපුරය 😁

Kochchiya





මීට අවුරුදු බර ගානටකට කලින්


 මේ මහා සිරි ලංකාද්වීපයේ 


ශඩ් පරමේෂ්වර නාරායන ශ්‍රී විභූති සර්වඥ පණිඩිත අති උත්තම  


පලමු වන කීර්ති ශ්‍රී රාජසිංහලම් දෙමලම් නම් මහා රාජෝත්තමයන් වහන්සේ රාජ්‍ය පාලනය කරන කල්හි,


එකල එතුමන් ගේ අග මෙහෙසිය ද


 එතුමන් ට නොදෙවෙනි මහා ප්‍රඥා සම්පත්තියකින් පමණක් නොව අති රූමත් බොදු ගොවි දැහැමි වටිනා ඉඩ කඩම් හිමි ඉන්දියන් සාගරයේ අමුතු ඇටය තරම් අති වටිනා දෑවැද්දක් හිමි ඈ නමින් ,  


කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්ඩිත සද්ද විද්ද පලඟ පතිරණ විද්‍යාවේදී ආචාර්ය මහාචාර්ය 

ජේෂ්ඨ කථිකාචාර්ය ඉන් ද රජවාසල 


දෙවන ශ්‍රි සාරා දේවියයි,


නොට් ඔන්ලි දැට් , 


මෙම මහා රජ තෙමේ හා රැජිණ විසින්

හෙලදිව රාජ්‍ය සිංහගිරි පර්වතයේ සිට දැහැමෙන් සෙමින් ටිකක් වේගෙන් රාජ්‍ය පාලනය කලහ,


ඉන් ඇඩිශන්


මොවුන්ට අර්ථයෙන් හා ධර්මයෙන් පමණක් නොව සෑම අයුරකින්ම උපස්ථාන කරන හෙල ද්වීපයේ අචාර්ය ප්‍රධානාචාර්ය ඩුවල් සිටිශන්


 කේවට්ට ශ්‍රි ප්‍රභාසංස්ලේෂ නම් පුරෝහිත තෙමේ වැඩ උන්හ,


දිනක් ,



______________________________________






"පුරෝහිත, මා අද දින මා ප්‍රිය දේවිය සමග මාගේ ජල උද්‍යානයේ සිරි නරඹීම පිණිස යා යුතුයි "


"එසේය දේවයන් වහන්ස, "


"මා එහි සිටම අද දින ස්නානය කරනවා, "


"එසේය දේවයන් වහන්ස,"


"එපමණක් නොවෙයි පුරෝහිත ප්‍රභාසංස්ලේෂ,

 මා අද සවස් යාමයේ ,


මාගේ මී මුත්තාගෙන් ලැබුණු දඬුමොනරයේ නැගී හිමාලයට ගොස් පැමිණිය යුතුයි "


"එසේය දේවයන් වහන්ස"




රජ: - (මේ මොන පිස්සෙක් ද යකෝ, කියන කියන හැම රෙද්දටම එසේය දේවයන් වහන්ස කියන්නේ,මටත් පිස්සුනේ මේ වගේ ගොබ්බයෙක් පුරෝහිත කර ගත්තනේ, දැන් ඉතින් බැද ගත්ත බෙරේ ගහන්න එපැයි, )



"පුරෝහිත ප්‍රභාසංස්ලේෂ, කිමෙක්ද නුබ සෑම විටම එසේය දේවයන් වහන්ස යැයි පවසන්නේ? "


"නැහැ රජතුමනි, නෝ ප්‍රොබ්ලම්"



පුරෝහිත :- (මාර මගුලක් නේ යකෝ මේක, හා කිව්වත් වැරදි, බෑ කිව්වත් වැරදි, මමත් හරියට ගිරේට අහු උන පුවක් ගෙඩිය වගේ, අනික මේ ගොබ්බ රජා ට තේරෙන්නේ නෑ නේ දඬු මොනරෙන් හිමාලෙට යන්නත් පෙට්‍රල් නෑ කියලා, පෙට්‍රල් ගේන්න ඩොලර් මට මවන්නද කියන්නේ ☹️)



_________________________________________________________





ජල උද්‍යානයේ සිට,



"දේවිය, බලන්න මාගේ රාජ්‍ය කෙතරම් ලස්සනද? "


"එසේය රජතුමනි, මා හට නම් දැනෙන්නේ මා දැන් සිටින්නේ දිව්‍යලෝකයේ කියායි, කොයි තරම් රමණීය දසුනක් ද 😊"


රජු ;- (මොකක්, යකෝ මට එච්චර ලස්සනක් පේන්නෙ නෑ නේ, මේකි කෙලින පච , කමක් නෑ , ඇත්ත වෙන්න ඇති )


____ රජු දේවියගේ ඔඩොක්කුවෙන් හිස තබාගෙන ජල මල් වල සිරි විදිමින් සිටී ______



"මාගේ රාජ්‍ය කොයි තරම් පරිපූර්ණ වායුවක් උවත් වැඩක් නැත, ඔබ ගේ සුන්දරත්වය ඒ සියල්ලටම වඩා අගනේය "



"ඔබ වහන්සේ මා හට විහිලු කරනවා නොවැ 😁"



"නැත දේවිය, මා මෙසේ ඔබ සමග සිටින විට මාගේ රාජ්‍යයේ සියලුම ප්‍රශ්න අමතක වී සැහැල්ලු වී යනවා , එය කෙතරම් බාග්‍යක් ද, 


අනික ඔබ නොදන්නවා යැ වෙනත් රජවරුන් මෙන් නොව මා හට සිටින්නේ නුබ පමණකි, නුබට සිටින්නේ මා පමණි  "


"එසේය රජතුමනි,මා එය හොදින් දනිමි, ඔබ වහන්සේ ගේ සතුට මාගේත් සතුටයි රජතුමනි"



රැජිණ :- (මේ රජා හිතන් ඉන්නේ මං බත් කන හරකෙක් කියලා, මං ඔක්කොම දන්නවා, මුගේ අන්තප්පුරේ ගැන හැම දෙයක් ම, ඒත් මූ තාම හිතන් ඉන්නේ මං මොකුත් නොදන්නවා කියලා, අනේ මෙහෙම හරකෙක් )



___රජු හ රැජිණ සිටින තැනට පුරෝහිත දුවගෙන එයි ____




පුරෝහිත :- "රැජිණියනි, රැජිණියනි,මහ රැජිණියනි, "



රජු :- "මොකද පුරෝහිත මේ කෑ ගසන්නේ කලබලයෙන්"




පුරෝ :- " රැජිණියනි, අන්තප්පුරේ ගැටුමක් "





රජු :-"මොකක්, මොන අන්අන්තප්පුරයක් ගැනද තෝ කියවන්නේ බොල, තට පිස්සු වැහිලාද? "


පුරෝ :- "එසේය රජතුමනි, මා ඔබ වහන්සේට විහිලුවක් කලේ"






"ආ, ඒකට කාරි නැහැ, එහෙනම් දේවිය ඔබ පිට වන්න, මා පුරෝහිත සමග පැමිනෙන්නම් මාලිගයට "





"හොදමයි රජතුමනි, "






"මොකක්ද පුරෝහිත තෝ කරපු බලු වැඩේ ඒ"


"ඇයි රජතුමනි, එහෙම එකක් කරේ නැහ් "


"නැත්තෙ මොකද ගෙම්බෝ, අර දේවිය ඉස්සරහ මගේ අන්තප්පුරයක් ගැන කිව්වෙ "


" නැහැ රජතුමනි , මා පැමිණියේ රැජිණ හමු වීමටයි,එසේ ගැටලුවක් නැත, "



"නැති විය නොහැක , අන්තප්පුරේ ගැටුමක් බව කීවේ කෙසේද? මා එහි යන විට ඔබ පමණයි රැගෙන යන්නේ,


නමුත් ගිය මාසයේ සිට ඔබ එහි ගියේ නැත,

එය කිසි සේත් ම විය නොහැක්කක්, මා හට ඔබ කෙරෙහි සැක උපදී"


"පස්වාන් හැට නම ලක්ෂයකට බුදු වන්න දේවයන් වහන්ස, ඔබ වහන්සේ මාව විශ්වාස කරන්න "


"නැත පුරෝහිත ප්‍රභාසංස්ලේෂ , තොප රාජ උදහසට ලක් වී ඇත, මා තෝව උල හිදුවා මරා දැමීමට නියෝග කරමි, 



රාජ පුරුෂයෙනි, මේකා ව අත්අඩංගුවට ගනු "



" අනේ රජතුමනි, මා ඔබ වහන්සේට ඇත්තම පවසන්නම්, මට සමා වෙන්න රජතුමනි, , මට සමා වෙන්න, පස්වාන් දහසකට බුදු වන්න රජතුමනි,


මා හට සමාව දෙන්න, "


"හ්ම්, කියමු බලන්න ඇත්ත එහෙනම් "


"අවසර රජතුමනි, ඔබ වහන්සේ මා හට සමාව දෙනවා නේද? වැරදි කිරීම මනුෂ්‍ය ගතියකි, සමාව දීම දේව ගතියකි , අනේ රජතුමනි 🙏 "


" හහ් හහ් හහ්, තෝ එවිට මා හට තවත් උපදෙස් දීමට පැම්නෙනවා ද? යකෝ මම දෙවියෙක් නොවේ, මා මනුෂ්‍යයෙක් , So සමාවක් දිය නොහැක, මාගේ තරහා වැඩි නොකර ඉක්මනින් ඇත්ත කියපිය "



" රජතුමනි, 

මා ඒ වේලෙහි පැවසුවේ

රැජිණගේ අන්තප්පුරයෙහි ගැටුමක් කියායි ,

 ගිය මාසය පුරාවට මම රැජිනගේ අන්තඃපුරයට රැජින සමගින් ගියෙමි. " 
















______ඔබට සිතන්නට බොහෝ දේ ඉතිරිව ඇත, END ____




$ යම් පුද්ගලයකුට, රටකට හෝ කිසිම කෙනෙකුට අපහාස කිරීම ට නොව හුදෙක් උපහාසය සදහා පමණක් මෙය ලියන ලද්දක් බව කරුණාවෙන් සලකන්න.



Copyright © Kochchiya https://t.me/kochchiya



Report Page