ජිං පප්පා 👱‍♀️

ජිං පප්පා 👱‍♀️

Kochchiya



"තේජා , ඔයාට මොනවද පුලුවන්?"


" ඒ කියන්නේ අයියේ🤔, තේරෙන්නේ නෑ "


"හැකියාවන් ගැන අහන්නේ, සිංදු කියන්න, චිත්‍ර අදින්න ඒ වගේ දේවල්"


"ආ .. ,මට පුලුවන් රහට උයන්න, ගොඩක් කෑම ජාති හදන්න, එතකොට සිංදු කියන්නත්, නටන්නත් පුලුවන්"


"ආය නැද්ද?"


"තියෙනවා , ගොඩක් දේවල්, මතක් වෙන්නේ නෑ නේ ඔහොම එක පාට්ටම අහද්දින්"


" හ්ම්ම් හ්ම්ම්ම්

ඉතින් තේජා, කවුද කීවේ ඔයාට රහට උයන්න පුලුවන් කියලා? 🤔"


" ඔයාමනේ කීවේ අයියොහ් "


" ඈ.., මම කීවේ නෑ නේ 🤨 "


" ඇයි ඔය හැමදාම ඉස්කෝලෙන් බත් කද්දින් රහයි රහයි කිය කිය කන්නේ? "


අප්පට සිරි කිව්වලු, ඇත්තටම ඒ තේජා ගේන බත් එක නම් රහයි තමයි, ඒත් කවුද දන්නෙ තේජා උයනවා කියලා


" ඒ ඔයා උයන ඒවාද? අම්මා උයන ඒවානේ අරං එන්නේ ඔයත් ☹️"


" නැහ්, මාලු උයන්නේ මං, අම්මා බත් විතරයි 😁"


" එතකොට ඔයාට බත් උයන්න බැරිද?🤔"


" බෑ, ඔයාට තමයි බත් උයන්න වෙන්නේ 😏"


" අපොයි 😬"


" ඇයි බෑද? 😁"


" පුලුවන් පුලුවන් "


"මගේ හොද . @_€€€€€ අයියා "



මදැයි කොලා, ඕකට තමයි කියන්නේ ඇදගෙන නානවා කියලා ☹️


" දැන් කියන්න කො, ඔයාට පුලුවන් දේවල් එහෙනම් 🤔"


මම නුසුදුසු ප්‍රශ්නයක් අහලා වැඩේ අමාරුවේ දා ගත්තාද මන්දා , ඉවරයි අද නම් මාව


"මට පුලුවන් රහට උයන ඒවා කන්න 🙃"


" එහෙමද?, බත් විතරක් තමයි ඔයාට කන්න වෙන්නේ "


" අවුලක් නෑ, අම්මාට කියනවා මට කවන්න කියලා, අම්මා කවද්දින් බත් විතරක් උනත් බඩ පිරෙනකම් කෑවහැකි 😊 "



" මං කියන්නම් කෝ, ඔයාට කවන්න එපා, මට කවන්න කියලා, ඊට පස්සෙ මම ඔක්කොම ටික කනවා ඉස්සෝරම"


" එතකොට මැණික මම?"


"ඔයාට නැහ්"


" ඔයා එතකොට ඉදියි ජිං පප්පා වගේ නේ 😁"


" ඔව් නේ☹️, එක්කෝ ඔයාම කන්න 🤨"


ගෑණු ලමයි ගොඩක් මහත් වෙනවට එයාලා කැමති නෑ,

අපි කැමතිත් නෑ තමයි ඉතින් 😁

So ඒක සෑහෙන්න වටිනවා මාව අසරණ උනු වෙලාවක 🙂



" තැන්ක්ස් සුදූ 🙂 "


" ඒ පාර මොකෝ සුදූ උනේ ? 🤔 "


කොහොමද අප්පා මේ අහන ප්‍රශ්න වලට උත්තර දෙන්නේ



" ඔයා සුදු නිසා නේ මැණික "


" හ්ම්ම් "

ඒකට නම් ශේප් වගේ



" අහන්නකෝ අයියේ? ඇයි ඔයා මට මෙච්චර ආදරේ කරන්නේ?"


මේවාට දෙන්න උත්තර නෑ නේ අඩේ, මාර සීන් එකක් තමයි වෙන්නේ, පුදුම ප්‍රශ්න නේ අප්පා මේ තේජා ටත් තියෙන්නෙ,


" ඔයා මට ආදරේ කරන හේතුව නිසාම තමයි, ඔයා කියන්නකො ඒ හේතුව "


ඒ පාර නම් මගේ පැත්තට තිබුන ප්‍රෙශර් එක එයාගේ පැත්තට දෙන්න පුලුවන් උනා,


" මම නේ අයියේ ඉස්සෙල්ල ඇහුවේ, ඒ නිසා ඔයා ඉස්සෝරම කියන්නකෝ හොද බබා වගෙ"



කෙලියා තාප්පෙට ,

" ඔයා ගොඩක් ලස්සනයි, ඒ වගේම හොදයි, අනික් හේතුව තමයි ඔයා Science කරන එක "


" Science කරන එක මොකක්ද සම්බන්දෙ? 🤔"


" මේකනේ නංගා 😁, Science ,Maths කරන කෙනෙක් කියන්නේ එයා ට ගොඩක් ලේසියෙන් ඕනම දෙයක් තේරුම් කරන්න පුලුවන් නේ , එතකොට කවදාවත් රණ්ඩු වෙන්න ඕන නෑ,

කතා කරලා දෙන්නාටම තේරුම් ගන්න පුලුවන් නේ ඕනම දෙයක්"



"ඒකත් ඇත්ත වගේ තමයි හැබැයි 🙃"


"මං කිව්වා නේ , දැන් කියන්න ඔයාඇයි මට කැමති කියලාත් ?"


බලම්මු මොනා කියයි ද දන්නේ නෑ 🤨,

එයා තරම් මම සුදුත් නෑ, ලස්සනකුත් නෑ නේ ☹️


" ඔයා බොරු කියන්නේ නෑ නේ, ඒකට තමයි මම ගොඩක් ම කැමති "

අඩෙහ්, ඒකහ්, මං හිතුවේ වෙන මොනා හරි කියයි කියලා,



" ඔයා දන්නවාද මං බොරු කියන්නේ නැත්තේ ඇයි කියලා ? "


"නැහැ, කියන්න බලන්න"


" බොරුවක් කිව්වහම ඒක ඉක්මනටම අහු වෙනවා , ඊට පස්සෙ ආය කවදාවත් මම කියන දෙයක් කවුරුවත් විශ්වාස කරන එකකුත් නැහැ,


අනිත් දේ තමයි, සතෙක් මරණවාටත් වඩා භයානකයි බොරු කියන එක , ඉස්සර නම් බොරු කියනවා මමත්, ඒත් දැන් අවුරුදු ගානක් ඒක නවත්තලා,


චූටි විහිලුවකට කීවොත් එහෙම එවෙලෙම කියනවා ඒක බොරුවක් කියලා, එතකොට ප්‍රශ්නයක් වෙන්නේ නෑ නේ "


"ඔයා හරි ඉතින් 😊, මමත් ඔයා නිසා තමයි බොරු කියන එක නැවැත්තුවේ "


" හොද ලමයා 🙂 "


" ඉතින් ඔයා කිව්වේ නෑ නේ ඔයාට මොනාද පුලුවන් කියලා , කියන්නකෝ "


"ඉස්පෙශල් මොකුත් බෑ ඉතින්, පීනන්න නම් පුලුවන්,

ආය ඉතින් මැත්ස් පුලුවන් නේ හලෝ, කොච්චර වටිනවාද ඒක

අනිත් ඒවත් චුට්ට චුට්ට පුලුවන් , ඔයා දන්නවානේ අර වෙබ්සයිට් ගැන ඉතින් "


" පීනන්න පුලුවන් කියලා මම දන්නෙ නෑනේ, ඒත් ඇයි එදා අර ට්‍රිප් එක දවසේ වැවෙන් නෑවේ නැත්තේ? සමහර අය ගියානේ"


" හ්ම්, මට මොනා හරි දෙයක් උනොත් එහෙම ඉතින් අම්මා ට දරා ගන්න බැරි වෙයි, ඔයාටත් එහෙමනේ, ඒ නිසා නොදන්න තැන් වල නාන්න යන්නේ නෑ 😊"


"අනිත් අය ගැන ගොඩාක් හිතනවා ඔයා නම් ,Love it 🙃 "


" ඔයා බත් කෑවාද තේජා? "


"ඔහ්, බඩ පිරෙනකම්ම කෑවා , ඔයා? "


"මමත් කෑවා, පිරිලා ඉතිරිලා ම යනකම් "


"එච්චර මොනාද කෑවේ අනේ, මටත් ඕන 🤔"


" සම්බෝලයි බතුයි, අම්මා කවපු නිසා ඔක්කොම කෑවේ "


"මෙච්චර ලොකු ලමයෙක් ට තාමත් අම්මා ද බත් කවන්නේ ? 🙃"


"හ්ම්, ආදරේ අඩුවක් වෙන්නේ නෑ නේ කවදාවත්,

මේ ඔයාටත් බත් කවන්න පුරුදු වෙන්න වෙයි ඇහ් 😁 "


" හ්ම්ම් "


" මං හිතුවේ බනියි කියලා, හ්ම්ම් කියන්නේ නැතුව "


"එහෙම නෑ, මට පුලුවන් නේ ඉතින් බත් කවන්න "

" මගෙ මැනික නෙ ඉතින්, "


"හොදට පාඩම් කරන්න අයියේ ඔයත් , එතකොට මේ සැරේ විබාගේ ලියලා කැම්පස් එකට යන්න පුලුවන් අපි දෙන්නාටම "


"ඔව් තේජා, මම ඒක කරනවා අනිවාර්යයෙන් ම , ඔයාත් පාඩම් කරන්න ඕන ඈ "


   "අහ්, ඔව් ඔව් බ්න්, අද ඇයි උබ ක්ලාස් ආවෙ නැත්තෙ? "


" තේජා ,🤔 "

                "එහෙමද? , අද ගොඩක් ඉගැන්නුවා බං, අපරාදේ කට් වෙච්ච එක නම් "



"හෙලෝ , හෙලෝ"


                "අහ්, මං නෝට් එක එවන්නම් කෝ , 

ඒක බලල තේරුම් ගන්න පුලුවන් වෙයි මං තියනවා එහෙනම් ඈ, සල්ලිත් ඉවර ඇති, බායි "




යම් දෙයක් සිදු වී ඇත. 🤔 




මැසේජ් එකක් එවලා තිබුනා පස්සේ




Copyright © Kochchiya https://t.me/kochchiya


Report Page