SOCIETY
හැඳින්වීම

ඉතින් ශ්රී ලංකා වාසියනි. කොහොමද දැන් රටේ තත්වෙ. ශනීපයි නේ. පොඩි වැඩක් කරමුද. සෙට් නං සෙට් වෙන්න, නැත්තං මුකුත් කියන්න එපා අයින් වෙන්න. මේකයි වැඩේ.
ශ්රී ලංකාව කියන්නෙ අපි හැමෝගෙම රටනෙ බං. සමහරවිට රට අතෑරල යන්න ආස ඇති නැත්තං මේකෙම ඉන්න ආස ඇති. මොනා උනත් රටට ආදරේ ඇතිනෙ පොඩ්ඩක් හරි නේ. එහෙනං බලමු.
මෙන්න මේකයි වැඩේ බං. ලංකාවෙ දැන් කාලෙ මෙහෙම ටයිප් කරල කිව්වොත් රට හදමු නැගිටිමු , වරෙන් ඔක්කොම එකතු වෙමු , මනුස්සකම් පෙරට ගමු වගේ ඒව උඹලම හිතපං උඹලට හිතෙන්නෙ මොකක්ද කියල. මූ නං ඕවර් ඇක්ටින් දඟලාන , අමෝ අමෝ කී බෝඩ් වීරයෙක් , අපිට කියන්න කලින් තෝ කරපංකො වගේ ඒවනෙ නේ.
සමාජය කියන ලිපි පෙලෙන් ඔයාලට දෙන්නෙත් අන්න ඒ වගේ දේවල් ටිකක්. සමාජය හදාගන්න ඕනි තැන් , අපිට වැරදුනු තැන් , ආපහු ගොඩ යන විදි ගැන. මම මේ කතා කරන්නෙ බං ලංකාවෙ අපේ සමාජය ගැන. ඉතින් මුලින්ම කියනව අපේ සමාජෙ හදන්න කී බෝඩ් එකෙන් නැතුව වෙන ක්රමයක් නෑ. මොකද අපි කාට හරි ගිහින් කිව්වොත් ඒක නිකංම වචන ටිකක් වම් කනෙන් ගිහිල්ල දකුණු කනෙන් ආව වගේ තියෙයි. අන්න ඒ නිසයි මෙහෙම විද්යුත් මාධයයෙන් ලිපි පෙලක් ලියන්න හිතුවෙ.
රට හදන්න ඕනෙ නං මුලින්ම අපි හැදෙන්න ඕනෙනෙ බං. හැම මගුලටම අර හරක් 225නාටම බැන්න කියල රටට සෙතක් නෑ. අපේ රට අපි හදාගමු. එහෙනං ලිපි පෙලකින් හම්බෙමු ඉස්සරහට.
හැමෝටම ජය වේවා...