paranoid personality disorder
ᴸᴵᵀᵀᴸᴱ ˢᴱᶜᴿᴱᵀ•එදිනෙදා ජීවිතය ගත කරද්දී යම් යම් අවස්ථාවන් වලදී අපට සැකමුසු අවස්ථා එන්න පුලුවන්. ඒක සාමාන්‍ය දෙයක්. යම් යම් දේවල් තහවුරු කරගන්න, ආරක්ෂා වෙන්න, වැනි දේවල් වලදී මේ සැකය කියන දෙය අපට ඇතිවෙන්න පුලුවන්. යම් යම් අවස්ථාවන් ගැන, පුද්ගලයන් ගැන යථාර්ථවාදී කරුණු සම්බන්ධව ඇතිවන සැකය හොඳ දෙයක්.
නමුත් නිතරම හැම කෙනා ගැනම, හැම දෙයක් ගැනම සැකයෙන් නම් හිතන්නේ, අන්න එතන ගැටලුවක් තිබෙනවා. ඒ කියන්නේ යථාර්ථවාදී නොවන ලෙස නිතර සැක සිතීම ගැටලුවක්.
මේ සම්බන්ධව තිබෙන personality disorder තත්ත්වය, paranoid personality disorder ලෙස හඳුන්වනවා.
අපි දැන් බලමු paranoid personality disorderහි ලක්ෂණ මොනවාද කියලා. එතකොට ඔයාලට ඒ ගැන හොඳින් තේරුම් ගන්න පුලුවන් වේවි.
⁃ අන් අයගේ සිත්වල සැඟවුණු අදහස් තිබෙන බව සිතීම
⁃ කිසිම සාක්ෂියක් නොමැති වුවද, අන් අය තමන්ට හානි කිරීමට, තමන්ගෙ සම්පත් ගැනීමට, තමන්ව රැවටීමට සිටින බව සිතීම
⁃ සතුරු චේතනාවෙන් අන් අයගේ හැසිරීම් අධ්‍යනය කිරීම
⁃ තමන් කියන දේවල් තමන්ට එරෙහිව භාවිතා කරයි ලෙස සිතීම
⁃ අන් අය විශ්වාස නොකිරීම
⁃ සුළු අතපසුවීමකට පවා සමාව දීමට අකමැති වීම
⁃ ඉක්මනින් තරහ ගැනීම
⁃ විවේචනය වලට අධික ලෙස සංවේදී බව
⁃ අන් අය සමඟ වැඩකටයුතු කිරීමට අපහසු වීම සහ සමාජමය වශයෙන් හුදකලා බව
⁃ බොහෝ විට කනස්සල්ලක් තිබීම, නමුත් පැහැදිලි හේතු නොමැති වීම
⁃ අන් අයට ඉක්මනින් කෝපයෙන් ප්‍රතිචාර දක්වනවා.
⁃ තමන් අවධානම් පරිසරයක කල් ගෙවන්නේ ලෙස සිතීම
ඒ විදිහ දේවල් තමන්ට හිතුණාට, එය වැරදි දෙයක් ලෙස ඔවුන් හිතන්නේ නැහැ. ඒවා තාර්කික දේවල් ලෙස තමයි හිතන්නේ.
paranoid personality disorder තිබෙන පුද්ගලයන් තරමක් මුරණ්ඩු ලෙස, නපුරු ලෙස බොහෝ විට හැසිරීමට ඉඩ තිබෙනවා. එවැනි අවස්ථාවක අන් අයද එයට නපුරු ප්‍රතිචාරයක් දුන්නොත්, තමන්ට මුලදී ඇතිව තිබූ සැකය ඔවුන් සනාථ කරගන්නවා.
මේ නිසාම ඔවුන් බොහෝ විට ව්‍යාකූල ලෙස තමයි ගත කරන්නේ.
Paranoid personality disorder තත්ත්වයට psychotherapy සහ අවශ්‍ය නම් තත්ත්වය අනුව medication භාවිතා කරන්න පුලුවන්.
වැදගත්ම දෙය තමයි මුල් කාලයේදීම නිසි ක්‍රියාමාර්ග වෙත යොමුවීම සිදුකරන එක. එතකොට බොහෝ යහපත් ප්‍රතිඵල ලබාගන්න පුලුවන්.
Avishka Sathsara Piyumal
